IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ඇසළ පෙරහරට වැස්ස හරස් වෙයි

පාසල් 250ක පමණ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පවත්වන ඇසළ මහා පෙරහර මීට ටික වේලාවකට පෙර කොල්ලුපිටිය මහානාම විද්‍යාලයය ඉදිරිපිටින් ආරම්භ විය.

ඒ සඳහා සිසුහු 15000කට අධික පිරිසක් සහභාගී වෙති.

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී මොහාන්ලාල් ග්‍රේරු මහත්වරු  ආරාධිතයෝ වූහ.

සංස්කෘතික අංගයක් ලෙස පෙරහරක් පැවැත්වීම හොඳ වැඩක් බවත්, බොහෝ පාසල්වල පාසල් මට්ටමින් එවැනි පෙරහර  පවත්වන බවත්, මෙතරම් සිසුන් පිරිසක් කොළඹට ගෙන්වා සිසුන් පීඩාවට පත් වන අයුරින් පෙරහරවල් පැවැත්වීම ගැන තම ගුරු සංගමය එකඟ නොවන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

මේ දිනවල වාර විභාගය පැවැත්වෙද්දී ඔවන් කොළඹට ගෙන්වා ඇති බවත්, වැස්ස නිසා සිසුන් පීඩාවට පත්ව ඇති බවත් ස්ටාලින් මහතා කිවේය.

මේ පෙරහරට වැස්සෙන් බාධා ඇති විය.

(ඡායාරූප සුරංජිත් පෙරේරා)



අදහස් (0)

ඇසළ පෙරහරට වැස්ස හරස් වෙයි

චන්දි Tuesday, 23 July 2013 01:54 AM

ඔව් බන්දුල පෙරේරා,මේ අපේ අය‍ට මොන තරම් හොද කළත් හොදක් කියන්නේ නැහැනේ. හරියට කකුළුවෝ වගේ නේද ?(නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 22 July 2013 05:20 PM

අපේ මිනිස්සුත් ඉතින් කවදද මොනවා කළත් ඒ කරන දේක හොදක් දැක්කේ? (නි)

:       0       0

දුරන්ග් අප්පුහාමි Monday, 22 July 2013 06:10 PM

ළමයින්ට විභාග තියන මේ දවස්වල මේ වගේ දේවල් කරන්න ඉස්සෙල්ලා දෙවරක් සිතා බැලුවා නම් නේද වඩා හොඳ? (නි)

:       0       0

මිළාන් Tuesday, 23 July 2013 12:34 PM

ළමයින්ව වැස්සට තෙමෙනවා. අධ්‍යාපනය අවුල් ජාලාවක්. වාර විභාග අත ලග නේද බලදාරීන්ට මොලේ නැද්ද?(නදී)

:       0       0

අප්පු Monday, 22 July 2013 06:22 PM

වෙලාවට වැස්ස එක හොදයි. නැත්නම් කකුල් පිච්චෙනවා (නි)

:       0       0

වජිර Monday, 22 July 2013 06:27 PM

ප්‍රශ්න පත්‍ර අවුල ලිහාගන්න තවම බැරිවුනා. ඒ අස්සේ මේ පෙරහැරවල් යනවා මහා වැස්සේ (නි)

:       0       0

අරුන Monday, 22 July 2013 07:04 PM

හොඳ වැඩක් අපේ සංස්කෘතිය ගැන ආඩම්බර වෙන්න දැනුමක් ලබාගන්න හොඳ අවස්ථාව.(නදී)

:       0       0

චානක මධුසංඛ Monday, 22 July 2013 09:59 PM

මේක නුවර වගේ තිබ්බනම් මොකද විදේශිකයින්ටත් බලන්න තිබ්බා කොලඔ තිබ්බා කියන්නේ වාහන තදබදයක් විතරයි .අනික කොල්ලු පිටය බම්බලපිටිය සෙනග වැඩිය නැ ඔෆීස් යන අය විතරයි ඉන්නේ .අපරාදේ සල්ලි .මහන්සිය පවු ළමයි .මංත්‍රින්ගේ නම යනවා ළමයින්ගේ හම යනවා .(අ)

:       0       0

පී.ඩී. විතානගේ Monday, 22 July 2013 04:36 PM

දැනට පවතින්න වැස්ස්ස නිසා ළමයින්ට කැස්ස, උන සෙම්ප්‍රත්‍යාව බොහොම තද බල ලෙස හැදෙන්නවා , සමහරවිට රෝහල්වල නවත්වන්න වෙන්නව (අ)

:       0       0

ලුම්බිණි Monday, 22 July 2013 04:38 PM

ළමයින් ලෙඩ වෙයිද දන්නේ නෑ (අ)

:       0       0

සරත් Monday, 22 July 2013 04:38 PM

මේ දවස් වල පාසල් වල වාර විබාගත් තියනවා නේද? (නි)

:       0       0

අමරේ Monday, 22 July 2013 04:51 PM

පෙරහැර හොඳයි, මොකටද මේ එහාට මෙහාට පනින දෙශපාලකයින් ගේන්නේ. (අ)

:       0       0

ෆර්සාන් Monday, 22 July 2013 04:53 PM

වැස්ස ඉතින් ස්වභාවික දෙයක්නේ.(අ)

:       0       0

රංජිත් සිල්වා Monday, 22 July 2013 05:05 PM

පළාත් හැටියට මේ වගේ දේවල් මතුවට කරන්න බුද්ධිය පහල වේවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2342 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1535 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2325 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3223 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37182 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site