IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඇස් පෙන්නන්න ඇවිත් අමනයකුගේ ගැටයට හසු ව කරාබුත් නැතිව ගෙදර යයි

(යොහාන් භාසුර)

කොළඹ අක්‍ෂි රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට ආ වයෝවෘද්දි සහෝදරියන් දෙදෙනකුගේ කරාඹු යුගළ තරුණයකු වංචාකාරී ලෙස රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

වයෝවෘද්ද මව්වරුන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇස් රෝහල තුළ රැදී සිටියදී ඔවුන් පිට පාරෙන් වෛද්‍යවරයාට යොමු කරන බවට පවසා රැගෙන ගොස් දුප්පත් යැයි වෛද්‍යවරයාට හැගවීම සඳහා කාරඹු ගලවන ලෙස උපදෙස් දුන් බව එම මවුවරුන් දෙපළ කියන්නිය.

එසේ ගැලවූ කරාබු යුගළ එම තරුණයා ලබාගෙන පසුව වෛද්‍යවරයාට ඉදිරිපත් කළ නොහැකි බව පවසා කරාඹු යැයි කඩදාසියක එතූ යමක් ලබාදී ඔහු ගොස් තිබේ.

කඩදාසිය දිගහැර බැලීමේදී එහි ගල්කැට තුනක් තිබූ බවත් ඒ පිළිබඳව රෝහල් පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී මරදාන පොලිසියට යන ලෙස පවසා ඇති බවත් වාර්තා වේ.

පාදුක්ක වග ප්‍රදේශයේ පදිංචිකාරියන් වන එම දෙපළ පොලිස් පැමිණිල්ලක් නොකරම නිවෙස බලා පිටත්ව ගොස් තිබේ.

කොළඹ අක්‍ෂි රෝහල් පරිශ්‍රය තුළ මීට පෙර ද මෙවැනි සිද්ධීන් වාර්තා වුවද ආරක්‍ෂක අංශ ඒ පිළිබඳව නිසි පියවර නොගැනී නිසා අඛණ්ඩව වංචාකරුවන්ගේ ග්‍රහණයට අහිංසක රෝගීන් නතුවන බව  අක්‍ෂි රෝහලේ නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (6)

ඇස් පෙන්නන්න ඇවිත් අමනයකුගේ ගැටයට හසු ව කරාබුත් නැතිව ගෙදර යයි

ab Monday, 13 December 2021 11:21 PM

වයෝවෘද්ද මව්වරුන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇස් රෝහල තුළ රැදී සිටියදී ඔවුන් පිට පාරෙන් වෛද්‍යවරයාට යොමු කිරීමට අවශ්‍ය නොමැත. වෛද්යවරු ප්‍රමාණය වැඩි කිරීම සහ සිසිටිවී සවි කරන්න

:       2       35

RaveendraTuesday, 14 December 2021 05:51 AM

ඔබගේ අදහස් නිවැරදිය. මෙම සිදුවීමේ හාස්‍ය දනවන සුළු බවක්ද ඇත. එනම් කරාබු පැළද සිටින සෑම කාන්තාවක්ම පොහොසතුන්ද? ඒ කෙසේවෙතත් මේ අහිංසක අම්මලා දෙදෙනාට ඉක්මන් සහනයක් ලැබේවා... මෙම පාපකර්මයට ඍජුවම දායක වූ ඒ තිරිසනාට ස්වභාව ධර්මයා විසින් දඬුවම් ලබාදෙනු ඇත.

:       0       0

අගුපිලගේ Tuesday, 14 December 2021 04:16 AM

රෝහල් පොලිසිය පොලිසියක් නොවේද? එම පොලිසියත් මෙයට වගකිව යුතුයි. දුර බැහැර වයෝවෘද්ධ කාන්තාවන්ට මරදානේ පොලිසිය සොයාගෙන ගියා නම් ඇඳගෙන ගියපු ඇඳුම් නැතුව යන්න තිබුණා. පොලිස් ඇමැතිවරයාගේ අවධානයට යොමුවේවා...!

:       0       0

nima Tuesday, 14 December 2021 05:51 AM

මේ රටේ මනුෂ්‍යත්වය කොහේ ගිහින්ද?

:       0       0

sharm warn Tuesday, 14 December 2021 08:49 AM

දෙවියන්ගේ නාමෙට වයසක අම්මල තත්තලා තනියම රෝහල් වලට යන්න දෙන්න එපා. අත පය හයිය කෙනෙක් එක්ක යවන්න.

:       0       0

fairoos Tuesday, 14 December 2021 12:57 PM

අනේ පව් අහිංසක අම්මල.අපේ පොලිසියට මේවා නවත්තන්න ක්‍රම වේදයක් නැහැ නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 156 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 128 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 319 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1367 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2988 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 2336 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1921 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site