(සරත් නිශ්ශංක වෙලගෙදර )
ඇලහැර , සියඹලාව විදුහලේ පාසල් සිසුන් 13 දෙනෙක් 2023 පාසල් පළාත් පිහිනුම් තරඟයෙන් සමත්වි සමස්ත ලංකා පිහිනුම් තරඟයට ඉදිරිපත්විමට වරම් ලබා තිිබේ.
පළාත් පිහිනුම් තරඟයට ඉදිරිපත්වු මෙම සිසුන් පිහිනුම් තරඟයේ මිටර් 50 ,100, 200 යන තරඟ වලින් පළමු, දෙවනි සහ තුන් වෙනි ස්ථාන හිමිකරගනිමින් රටටම අදර්ශයක් දි ඇත .
පිහිනුම් තටාකයක් නොමැතිව ඉතා දුෂ්කරතා මැද යෝධ ඇලේ පිහිනා සිය පුහුණු වීම් කටයුතු සිදු කළ තමන් පාසලේ හිටපු විදුහල්පතිනි ඉංදිකා තෙන්නකෝන් මහත්මියගේ මග පෙන්විම තුලින් හා නව විදුහල්පති තේජාන් රෝහණ ක්‍රීඩා පුහුණු ගුරු තරිඳු රුමේෂ් යන මහත්ම මහත්මියන්ගේ හා දෙමාපියන්ගේ උනන්දුව හා උත්සාහය මත මෙම අවස්ථාවන් ජයගත් බව ඔවුහු කියති.
ඔවුන් මාස දෙකක් පමණ කාලයක් ඇලහැර යෝධ ඇල මින්නේරි දේවාලය අසල පුහුණුවීම් සදහා භාවිතා කර ඇති අතර පසුව පුහුණුවීම් කර අවසන් දින 10ය, දිනකට රු.6000 බැගින් කුලී රථයකට ගෙවා සියඹලාව සිට මින්නේරිය යුද්ධ හමුදා කඳවුරේ තටාකයටද , සියඹලාව සිට පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ තටාකයටද යාමට සිදුවූ බව සිසුන්ගේ මව්පියෝ කියති.
සියඹලාව පාසලට හෝ ඇලහැර ප්‍රදේශය පිහිනුම් තටාකයක් තිබුණා නම් මීටත් වඩා ජයග්‍රහණ ලබා ගත හැකබව ගුරුවරුන් සහ පාසල් සිසුන් පෙන්වා දෙති. ජල ක්‍රීඩාව වැඩිදියුණු කරගැනීමට සිසුන් හා ගුරුවරුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සියඹලාව පාසලට පමණක් නොව මුළු මහත් ඇලහැර ප්‍රදේශයේම දරුවන් උදෙසා බකමුණ මහවැලි ක්‍රීඩාංගණය අසල පිහිනුම්තටාකයක් ඉදි කරවා දෙන ලෙසයි .
ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම
මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇළෙන් පුහුණුවී පළාතෙන් කප් ගහයි
pakeer Thursday, 10 August 2023 01:53 PM
ගෙදර පිහිනුම් තටාකෙ තිබුනත් පිහින් බැරි එකා එතනමයි....කොහොමත් දක්ශයො බිහි උනෙ, මන්දිර වල නෙමි...පාර අය්නෙ. සුබ පතුම්