කොළඹ නගරයේ ඇළ මාර්ග හරහා රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ මගී ප්‍රවාහන යාත්‍රා පද්ධතියක් සකස් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට මහ නගර සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත. ජූලි 24 වැනිදා ටෙන්ඩර් කැඳවීම අවසන් වන බවත් තෝරාගන්නා ආයෝජකයන් සති 9ක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර හා දේශීය ආයෝජකයන්ට අවස්ථාව සලසා දී තිබේ. මේ සඳහා නෙදර්ලන්තයේ තාක්ෂණික ආධාර වැඩසටහන යටතේ එරට මහජන - පෞද්ගලික සම්බන්ධතා උපදේශකවරු සහයෝගය ලබා දෙති.
මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLRDC) මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම ආයතනය ලෙස කටයුතු කරයි. මෙම ව්‍යාපෘතිය යටතේ මගී ප්‍රවාහන යාත්‍රා සඳහා මාර්ග තුනක් සකස් කෙරේ. ඒ අනුව වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා (IW-1) , කොටුව සිට යුනියන් පෙදෙස (IW-2) සහ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වා (IW-3) මෙම යාත්‍රා යෙදවීමට නියමිතය.
පළමු අදියර යටතේ වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා කොටස මැරීන් ඩ්‍රයිව්, ගාලු පාර, හයිලෙවල් පාර, බේස්ලයින් පාර, නාවල පාර සහ පාර්ලිමේන්තු පාර ප්‍රධාන මාර්ග 6 ක් ඔස්සේ කඩිනමින් නිම කිරීමට අපේක්ෂිතය.
දෙවැනි අදියර යටතේ කොටුව සහ යුනියන් පෙදෙසේ වාණිජ ස්ථාන දක්වා මාර්ග තදබදය වැඩි වේලාවන්වල දී කාලය ඉතුරු කරගනිමින් ගමන් කළ හැකි මගී යාත්‍රා පද්ධතියක් සකස් කිරීමට නියමිතය.
මෙහි තෙවැනි අදියර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වන්නේ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වා කැලණි ගංඟාව ආශ්‍රිතව ලෝලෙවල් මාර්ගය ආවරණ වන පරිදි සකස් කරන කොටසයි.
මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් කිරීමට ගතවන කාලය සම්බන්ධයෙන් මෙතෙක් අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවත් තවමත් මෙය ආරම්භක අදියරේ පවතින බැවින් ටෙන්ඩර් ලබාගැනීම පමණක් සිදුවන බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇළ මාර්ග ඔස්සේ ප්‍රවාහන පද්ධතියක් සකස් කිරීමට ටෙන්ඩර් කැඳවයි
chanaka Monday, 19 June 2017 06:53 AM
මේක විදේශීය කුමන්ත්‍රණයක්... !!!
susantha Monday, 19 June 2017 07:00 AM
දැන් ආපහු බෙරේ වැව නහය තියන් ඉන්න බැරි තරමට ගඳ ගහනවා. බෝට්ටු වල යන අයට මුඛ වාඩමුත් දෙන්න වෙයි !
shan saudi Monday, 19 June 2017 07:10 AM
දැන් ඉතින් පිහිනුම් උපදේශකලට වැඩ තියෙයි... කොහොමද වමෙන් ඉස්සර කරලා දකුණට හරවල දෙගොල්ලෝ රේස් යනකොට... පාරේ නම් දෙපැත්තේ තියෙන ගහකටවත් හේත්තුවෙලා නතර වුණාම බැහැගන්නවා. දැන් ස්විමින් කිට් එක ඇඳගෙන තමයි වැඩට යන්න ඕනේ... ලස්සනට තියේවි මේක පටන් ගත්තම ට්‍රැෆික් පොලිස් රාළහාමිලා දියකාවෝ වාගේ ඉඳීවි... නේද?
නුමා Monday, 19 June 2017 07:14 AM
පොදු ප්‍රවාහන සේවයේ වෙනසක් අනිවාර්යයෙන්ම අවශ්‍ය යුගයක්. පෞද්ගලික බස්රථ මාෆියාව නවත්වන්න අවශ්‍යයි. නමුත් මේ යෝජිත ක්‍රමවේදය ලංකාවට කොතරම් ගැලපෙනවද කියලා නම් වෙනම සමීක්ෂණයක් කල යුතුයි (කර ඇතැයි සිතමි). ලංකාවේ ඇළ මාර්ගයක් තිබුණු පමණින්, බෝට්ටු සේවයක් ආරම්භ කිරීම කෙතරම් ප්‍රායෝගිකද යන්න ගැටළු සහගතය. කොළඹ ආශ්‍රිත කිසිඳු ජල මුලාශ්‍රයක් පිරිසිදු නොමැත. සියලු අපද්‍රව්‍ය බැහැර කරන්නේ බෝට්ටු සේවය ආරම්භ කරන ඇළමාර්ග වලටය. එබැවින් ජල පහරවල් පිරිසිදු කිරීම අනිවාර්ය කාරණයකි. අනෙක් කරණය වන්නේ, මෙම බෝට්ටු සේවය මගින් පහසුකම් සැපයිය හැක්කේ ඉතාමත් සීමිත පිරිසකට යන්නය. බෝට්ටු සේවයක් ආරම්භ කළද, පෞද්ගලික බස්රථ දැනට සපයා සේවාව ලබාදීමට සෑහෙන කාලයක් ගතවනු ඇත. අනෙක දියමත ගමන බොහෝ මන්දගාමී වනු ඇත. (සමහරවිට රථවාහන තදබදයට වැඩ තරමක් වේගවත් වනු ඇත). කැළණි ගංගාවේ ප්‍රවාහනය සඳහා කුඩා බෝට්ටු නුසුදුසු වනු ඇත. වෙනත් ඇළ මාර්ග මෙන් නොව, සැඩපහරට ඔරොත්තු දෙන විශාල යාත්‍රා අවශ්‍ය වනු ඇත. ගංගාවද අවශ්‍ය පරිදි තොටුපල, ගැඹුර, අපදා කළමනාකරණය වැනි කරණු බොහොමයක් අලුතෙන්ම පටන්ගත යුතු වෙයි.
Deshapriya Wijetunge Monday, 19 June 2017 07:16 AM
ප්‍රවාහන ක්‍රමයක් කොළඹ කොටුවේ සිට ගල්කිස්ස, මොරටුව, පානදුර, වාද්දුව, කළුතර, බේරුවල, බෙන්තොට, බලපිටිය, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල දක්වා මුහුදේ යාත්‍රා ඔස්සේ කරන්න පුළුවන් නේද.? එලෙසම කොළඹ, ජා- ඇළ, මීගමුව, මාරවිල, හලාවත, පුත්තලම දක්වාත් පුළුවන් නේද? මහුදු යාත්‍රා දැම්මොත් ට්‍රැෆික් අඩු කරන්න පුළුවන්නේ මේ මාර්ග වලත්....
anura Monday, 19 June 2017 07:24 AM
අමුතුවෙන් ඇළ මාර්ග අළුතින් හදන්න අවශ්‍ය නැහැ. පොඩි වැස්සකටත් ලංකාවේ අභ්‍යන්තරය මුහුද වගේ නිසා මේක ඉතා කාලෝචිත යෝජනාවක්...
නුමා Monday, 19 June 2017 07:25 AM
සියල්ල සලකන කල, කොළඹ නගරය තුල කාර්යක්ෂම දුම්රිය සේවයක් ආරම්භ කිරීම වඩාත් ඵලදායි බවයි මගේ වැටහීම නම්. ලෝකයේ උදාහරණ සැලකුවද, ජලාශ්‍රිත විශේෂිත නගර හැරුණු කල, විදුලි (උමං) දුම්රිය, තනි පිල්ලේ දුම්රිය(මොනොරේල්) වැනි ක්‍රමවේද භාවිතාව වඩාත් කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් ලෙස භාවිතර වන බව පෙනේ. තනි පිල්ලේ දුම්රිය සඳහා අවම ඉඩ ප්‍රමාණයක් සෑහෙන බව සහ, පොලවට ඉහළින් ගමන් කිරීම යන කරණු සලකන කල, අධික වියදම් උමං දුම්රිය (යම් දවසක ආරම්භ කිරීමට සිදුවිය හැක) වෙනුවට කඩිනම් විකල්පයක් වනු ඇත. විදුලි දුම්රිය පද්ධතියක් සඳහා ජාතික විදුලි බල පද්ධතිය නොබිඳෙන, අවශ්‍ය තරම් විදුලිය ජනනය කල හැකි පද්ධතියක් බවට පත් කළ යුතුය. අපට අහිමි ඛනිජ තෙල් මත යැපීම අනිවාර්යයෙන්ම අවම කල යුතු කාලයක් ඉදිරියේදී එළඹෙනු ඇත. රන්ජිත් සියඹලාපිටිය මහතා පවසන පරිදි, ලංකාවේ දිවා කාලයේ විදුලි භාවිතය කාර්මික රටවලට සාපේක්ෂව ඉතාමත් අවමයක පවතී. ශ්‍රී ලංකාවේ විදුලිය වැඩිමනක් භාවිතා වන්නේ, නිවෙස් ආලෝකමත් කිරීමට සහ රුපවාහිනී නැරඹීම සඳහායි. දිවා කාලයේ කාර්යාල වල වායුසමීකරණ භාවිතා වුවද, රාත්‍රී කාලයේ වැයවන තරම් විදුලියක් වැය නොවේ...
theshan Monday, 19 June 2017 07:55 AM
ඔය මොනවා කරන්නත් ඔය ඇළ දෙපස තියෙන අනවසර ඉදිකිරීම් සහ පදිංචිකරුවන් ඉවත් කරන්න... මේ ගොල්ලෝ තමයි මේ ඇළ ජරා කරන්නේ....
සුගත් Monday, 19 June 2017 08:02 AM
පසුගිය ආණ්ඩු කාලෙත් මෙහෙම කිව්වා අපිට මතකයි, දැනුත් කියන්නේ ටෙන්ඩර් ගන්නවා කියල විතරයි, එතකොට මොනෝ රේල් වලට මොකද වෙන්නේ?
sachith Monday, 19 June 2017 08:21 AM
මෙය බන්ධ ප්‍රවාහයකට යොදා ගත්තා නම් තමයි හොඳ.... මගීන් ඉක්මණටම මේවාට හුරු වෙන්නේ නැහැ. හැබැයි වඩාත්ම හොඳ දුම්රිය නිසි වෙලාවට යෙදවීමයි...
yasa Monday, 19 June 2017 08:55 AM
බැංකොක් නුවර හොඳින්ම ක්‍රියාත්මක වෙනවා මේ වැඩේ... ඒ නිසා කතා දෙකක් නෑ මෙය ක්‍රියාත්මක කරන්න. මේවා ගැලපෙන වෙනම දේවල් තියෙනවා. ඒවා ගෙනැල්ලා හෝ හදලා හෝ ක්‍රියාත්මක කළොත් වටිනවා. ප්‍රශ්නෙකට තියෙන්නේ ප්‍රකාශ විතරක් වීමයි...
kapila Monday, 19 June 2017 09:08 AM
තායිලන්තේ, ඩුබායිවලත් මේ වගේ ඇළ මාර්ගවල මිනිස්සු ප්‍රවාහනය කරනවා. හෑමදේකම නරක බලන්න එපා. ට්‍රයි කර්ලා බලන්න ඕනේ...
ලුම්බිණි Monday, 19 June 2017 09:38 AM
ඉස්සර එක්තරා ආණ්ඩුවක් කාලේ හැමිල්ටන් ඇළ අලුත්වැඩියා කරලා මගී ප්‍රවාහන සේවයකුත් පටන් ගත්තා. කෝ අද ඒවා? අපේ රටේ දේශපාලනය නිසා කවදාවත් රටට දිගුකාලීනව වැදගත් වෙන දේවල් කරන්න බැහැ.. කරන දේවල් සාර්ථක වෙන්නෙත් නැහැ.
Nishantha Monday, 19 June 2017 10:53 AM
ඉතා හොඳ යෝජනාවක්... ඒ වගේම ඇළ මාර්ග වල පරිසර දූෂණය අඩු කරන්නත් මීට සමගාමීව ක්‍රියාමාර්ග ගත යුතුයි....
shan saudi Monday, 19 June 2017 11:23 AM
මීට වඩා හොඳ නැද්ද දුම්රිය සේවය නවීකරණය කළා නම් විනාඩි 20 හෝ 30 කට වරක් ආරම්භ කරන ගමන් වාරයක් වෙනුවට විනාඩි 5 හෝ 8 වැනි කල පරාසයකට දුම්රියක් ගමන් ආරම්භ කරන්නට සැලසුම් කලා නම් මීට වඩා සේවයක් අනතුරු රහිතව ඉටුකරගන්න පුළුවන්... ලෝකේ ගුවන් තොටුපළවල් වල මීට වඩා අඩු කාල වලදී ගුවන් ගමන් ක්‍රියාත්මක වෙනවා නම් ඇයි අපට බැරි දුම්රිය සේවය කාර්යක්ෂමතාව වැඩි කරන්න. අවැසි නම් බත්තරමුල්ල සඳහා නව මාර්ගයක් ඇති කරන්න පුළුවන්.. මේ බෝට්ටු සේවය ඉන්දුනීසියාව, පිලිපීනය මාලදිවයින වැනි දුපත් රටවලට ගැලපුණාට අපේ රටට එතරම් ගැලපීමක් ඇති වේවි යැයි කියන්න බෑ. මේ නිසා ඇතිවන අනතුරු බොහොමයක් වැඩිවන්න පුළුවන්. මේ බෝට්ටු වලට යොදන මුදල නව දුම්රිය සඳහා යෙදවීම වඩාත් යෝග්‍ය විය හැකිය...
kumar (galf) Monday, 19 June 2017 12:56 PM
මේ වැඩේ මේ ඇළවල් මුලින්ම හදපු රටට (නෙදර්ලන්තය) බාරදුන්නා නම් වැඩේ හොර බොරු නැතිව හරියට කරාවි.
minipe Monday, 19 June 2017 03:23 PM
මෙම ඇල මාර්ග සේවය සාර්ථක වේදයි සැකයි. මෙයට වඩා හොඳ ක්‍රමයක් තමයි. ජනයා කොළඹට එන එක සීමා කිරීමට පියවරක් ගැනීම. කළුතර, වේයන්ගොඩ හා මිගමුව වැනි නගර වල රජයේ සෑම ආයතනවල අනුබද්ධ ඒකකයන් ඇති කිරීම... සිය ගණන් බස් ප්‍රවාහනය තිබෙද්දිත්, තවත් තදබදය පවතින අතර සුළු බෝට්ටු සේවයකින් මේ ගැටළුව විසඳන්න හැකිද? ජලය අපිරිසිදු වී දුගඳක් හමන කල, ප්‍රවාහන සේවයට ප්‍රශ්නයක් ඇති විය හැක.
lalith Monday, 19 June 2017 05:27 PM
එතකොට ඉස්කෝලවල තෙමෙන වහලේ හදන්න?
මිඝාර. Monday, 19 June 2017 06:24 PM
මේ ව්‍යාපෘතිය හොදයි,සෑම මගියෙකුටම ආරක්ශිත කබා ලබාදීම වගේම බෝට්ටු දාවකයන්ට සංයමයකින් වෑඩකිරීමට ඉගැන්විය යුතුයි.සියල්ලටම පෙර මෙම ඈල මාර්ග පවිත්‍රකල යුතුය. මුදල් සොයාගත හෑකිනම් රටවටා දුම් රිය මාර්ග සතරක් අදිවෙගී දෙකක් සහ මදවේගී දෙකක් වශයෙන් සාදා බස් තදබදය අඩුකල හෑක.ආසන තුන දෙක බස්වල එක ආසනයක් ඉවත්කර අර්ධ සුකෝපබොගී බස් රථ තහනම්කළ යුතුයි.
මිඝාර. Monday, 19 June 2017 06:24 PM
මේ වයපෘතිය හොදයි,සෑම මගියෙකුටම ආරක්ශිත කබා ලබාදීම වගේම බෝට්ටු දාවකයන්ට සංයමයකින් වැඩකිරීමට ඉගැන්විය යුතුයි.සියල්ලටම පෙර මෙම ඇල මාර්ග පවිත්‍රකල යුතුය. මුදල් සොයාගත හෑකිනම් රටවටා දුම් රිය මාර්ග සතරක් අදිවෙගී දෙකක් සහ මදවේගී දෙකක් වශයෙන් සාදා බස් තදබදය අඩුකල හැක.ආසන තුන දෙක බස්වල එක ආසනයක් ඉවත්කර අර්ධ සුඛෝපභෝගී බස් රථ තහනම්කළ යුතුයි.
Pradeep Liyanage Tuesday, 20 June 2017 03:18 AM
ඉතාමත් කාලෝචිත සහ වැදගත් තීරණයක්. මෙය ලංකාවේ අපට අලුත් අත්දැකීමක් වුවත් ලෝකයේ බොහෝ රටවල ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මකවන ප්‍රවාහන සේවයක්. විශේෂයෙන්ම මාලදිවයිනෙහි ප්‍රධානම ප්‍රවාහන සේවය මෙයයි. මා දන්නා තරමින් කිසිදු ගැටළුවක් පැන නැගී නෑ. මගී ප්‍රවහනයටම විශේෂයෙන් සැකසු යාත්‍රා සහ මගී තොටුපොළවල් ආරක්ෂිතව සහ විධිමත් අයුරින් පවත්වා ගන්නවා නම් ගැටළු පැන නැගීමේ අවකාශ නෑ.
නුමාTuesday, 20 June 2017 05:27 AM
තීරණය නම් කාලෝචිතයි. නමුත් ලංකාවට ගැලපෙනවද කියල පැහැදිලි කිරීම මදි. මාලදිවයින් දුපත් සමුහයකින් සැදුන රටක්. මම මාලදිවයිනට ගිහින් නැති උනත්, ලංකාව නම් ඊට හාත්පසින්ම වෙනස බවයි සිතෙන්නේ. ලංකාවට පරිවාර දුපත් අයිති උනත් ප්‍රධාන දුපතේ ඇරෙන්න අනිත් දුපත් වල ජනාවාස නොසලකා හරිය හැකි තරම්. ඔය කියන ඇල මාර්ග සලකනකොට කොතරම වියදමක් දරන්න වෙයිද කියල කියන්න බහ. අනික ඇල මාර්ග වල ප්‍රමාණය. අපි මේ කතා කරන්නේ මලු අල්ලන්න යන මෝටර් බෝට්ටු සේවාවක් ගැන නෙමෙයි නේ. ඒ සඳහා අපේ ඇල මාර්ග කොයිතරම් සුදුසුද කියන එක තම ප්‍රශ්නේ. අනික ඇල මාර්ග ප්‍රමාණය. අද කුඩා මාර්ග වල පවා සැහෙන තදබදයක් පවතින වෙලාවේ, විශාල වියදමක් දරල ඇල මාර්ග කිහිපයක මේ සේවය පටන් ගන්න එක කොයිතරම් අනාගත අවශ්‍යතා වලට ගැලපෙයිද කියන්න බැහැ. මම කලින් කිව වගේ දුම්රිය සේවය නවීකරණය කලොත්, අනාගතයේදී තව තවත් ප්‍රදේශ වලට ව්‍යාප්ත කරන එක කරන්න පුළුවන්. නමුත් ඇල මාර්ග අලුතින් තනනවා කියල කරන්න බැහැනේ.
Pradeep LiyanageFriday, 23 June 2017 03:28 AM
නුමා, මම කියන්නේ නෑ ලංකාවේ දුම්රිය සේවය දියුණු කරන්න එපා කියලා. දුම්රිය සේවය පමණක් නොවෙයි අනෙකුත් ප්‍රවාහන සේවාවන් දියුණු කරන ගමන් වෙනත් විකල්ප ක්‍රම පිළිබඳවත් සොයාබලන්න ඕන කියන එකයි මගේ මතය. ඇල මාර්ග වල බෝට්ටු සේවාවක් පැවැත්වීම හොඳ දෙයක්. මෙයින් අදහස් කෙරෙන්නේ නෑ අලුතින් ඇල මාර්ග හදන්න ඕන කියලා. පවතින ඇල මාර්ග බෝට්ටු සේවාවක් පවත්වා ගැනීමට උචිත වන අයුරින් නවීකරණය කිරීමට නම් සිදු වෙනවා. විශේෂයෙන්ම මගී තොටුපොළවල්. ඒ වගේම ඇල මාර්ග වලට කසල ද්‍රව්‍ය බැහැර කිරීම නවතා දමන්න වෙනවා. මාලදිවයින උදාහරණයකට ගත්තට එහි පමණක් නොව මේ ක්‍රමය තායිලන්තය, වියට්නාමය සහ චීනය වගේ රටවල ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මොනම දෙයක් වත් අලුත් විදියට හිතන්න අලුත් විදියට දකින්න බැරිකමයි. අපි පුරුදු වෙලා ඉන්නේ සාම්ප්‍රදායික විදියට දකින්න හිතන්න විතරයි. ඒකයි රටක් විදියට ජාතියක් විදියට අපි අනෙකුත් රටවල් වලට වඩා ගොඩක් පිටුපසින් ඉන්නේ.
vipula Tuesday, 20 June 2017 06:56 AM
කැළණි ගග හැරෙන්න අනෙක් ඇළ මාර්ගවල විශාල ප්‍රමාණයෙන් මගීන් ගෙනයන්න වතුර නැහැ. මේක කරන ගමන් තව දුම්රිය එන්ජින් හා පෙට්ටි ටිකක් ගෙන්නලා ධාවනයට එකතු කරන්නකෝ . අවුරුදු දෙකක් වෙනවා බලයට ඇවිල්ල මගී ප්‍රවාහනයට අවශ්ෂ ලංගම බසයක් හෝ දුම්රිය පෙට්ටියක් වත් ගෙන්වලා නැහැ .කතාවනම් දෝලාවෙන්.
victor Tuesday, 20 June 2017 07:02 AM
අමුතුවෙන් ඇළ මාර්ග හදන්න ඕන අන්න නැහැ .දැන් තියන මාර්ග වලට වැහි කාලෙට බෝට්ටු ටිකක් දමන එකයි තියෙන්නේ .දියවන්නවේ අයට ජපානයෙන් ඩියුටි ෆ්‍රී බෝට්ටු ටිකක් ගෙනෙමු..
wasanjaya Tuesday, 20 June 2017 09:54 PM
යල්පැනපු ප්‍රවාහන ක්‍රමයක් ගොඩබිම ගමන් කරන වාහන මෙන් වේගවත් නැත. නිකන් සල්ලි යන ව්‍යාපෘතියක් .... කොමිස් ගහගන්නත් මොනවා හරි කරන්න එපායැ...
සිරි Wednesday, 21 June 2017 05:26 AM
මම 1998 විතර මේ ගැන කළ ශක්‍යතා අධ්‍යයනයකට සහභාගී වුනා. එයට අයත්වුනේ, වැල්ලවත්ත, කිරුලපන, නාවල, රාජගිරිය යන ප්‍රදේශ. ප්‍රධානම ගැටළුව බොහෝ ස්ථාන කුණු රොඩු, ප්ලාස්ටික් ආදියෙන් ගොඩවීම නිසා ගැඹුර මදි කම... සහ පාලම් යටදී ගැඹුර ඉතා අවමවීමයි. පාලම් වල පාදම් බෝට්ටුවේ අඩියේ වදින නිසා ෆ්ලැට් බොටම් බෝට්ටු ඇරෙන්න වෙන කිසිවක් යන්න බැහැ. අපිරිසිදු ජලය සහ ගඳ නිසා කිසිවෙක් මෙවැනි බෝට්ටු සේවයකට නොඑන්න පුළුවන්... එ්ත් බැංකොක් නුවර මීටත් වඩා අපිරිසිදු සහ ගඳ ඇළ මාර්ගවල අපූරුවට ප්‍රවාහන සේවා පවත්වනවා.
Asoka Friday, 23 June 2017 08:52 AM
මීට වඩා හොඳ නැද්ද දුම්රිය සේවය නවීකරණය කළා නම් විනාඩි 20 හෝ 30 කට වරක් ආරම්භ කරන ගමන් වාරයක් වෙනුවට විනාඩි 5 හෝ 8 වැනි කාල පරාසයකට දුම්රියක් ගමන් ආරම්භ කරන්නට සැලසුම් කලා නම් මීට වඩා සේවයක් අනතුරු රහිතව ඉටුකරගන්න පුළුවන්... ලෝකේ ගුවන් තොටුපළවල් වල මීට වඩා අඩු කාල වලදී ගුවන් ගමන් ක්‍රියාත්මක වෙනවා නම් ඇයි අපට බැරි දුම්රිය සේවය කාර්යක්ෂමතාව වැඩි කරන්න. අවැසි නම් බත්තරමුල්ල සඳහා නව මාර්ගයක් ඇති කරන්න පුළුවන්.. මේ බෝට්ටු සේවය ඉන්දුනීසියාව, පිලිපීනය මාලදිවයින වැනි දුපත් රටවලට ගැලපුණාට අපේ රටට එතරම් ගැලපීමක් ඇති වේවි යැයි කියන්න බෑ. මේ නිසා ඇතිවන අනතුරු බොහොමයක් වැඩිවන්න පුළුවන්. මේ බෝට්ටු වලට යොදන මුදල නව දුම්රිය සඳහා යෙදවීම වඩාත් යෝග්‍ය විය හැකිය...
සමන්ත දික්වෙල්ල Saturday, 24 June 2017 12:06 PM
ඕකට ධිවර අධ්‍යක්ෂක ජෙනරාල් අකුල් හෙළුවේ නැත්නම් තමයි පුදුමේ .. ලංකාවේ ජලය අයිති තමන්ට කියලයි හිතාගෙන ඉන්නේ.. එහෙම වුණොත් කිසිම ආයෝජකයෙකුට වැඩක් වෙන්නේ නැහැ ගානක් ලැබෙන්නේ නැත්නම්..