ඇමෙරිකානු හමුදා සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමත් සමඟ තලේබාන් සංවිධානය ජය සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාව සිය හමුදා සම්පූර්ණයෙන්ම ඉවත් කරගනිමින් තලේබාන් සංවිධානය සමඟ පැවැති වසර 20 යුද්ධය අවසන් කළ අතර ඇමෙරිකාව ඇෆ්ගනිස්තායෙන් ඉවත්ව යද්දි තලේබාන් සංවිධානයට 2001 වසරේ සිටියාට වඩා ශක්තිමත් වී ඇතැයි ජගත් දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.
මධ්‍යම රාත්‍රියට මොහොතක් තිබියදී ඇමෙරිකානු හමුදා ඊයේ (30) ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව ගිය අතර ඒත් සමඟම තලේබාන් සංවිධානය කාබුල් අගනුවර හමීඩ් කර්සායි ගුවන් තොටුපොළට ඇතුළු විය.
ඒ අවස්ථාවේදී ඔවුන් අදහසට වෙඩි තබමින් ජය සැමරූ බව ඇෆ්ගන් වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
තලේබාන් සංවිධානය අහසට වෙඩි තබන ආකාරය දැක්වෙන විඩියෝ පට කිහිපයක් ද සමාජ මාධ්‍ය සහ ඇෆ්ගන් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි.
ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව යෑම ඇමෙරිකාව මෙන්ම ඔවුන්ගේ නේටෝ මිත්‍ර සන්ධානයට ද එක්තරා ආකාරයක නින්දාවක් යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
“අන්තිම ඇමෙරිකානු සොල්දාදුවාත් ඇෆ්ගනිස්තානයෙන් පිටව ගියා. අපේ රට දැන් සම්පූර්ණයෙන් නිදහස්” යැයි තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයකු වන කාරි යුසුෆ් උපුටා දක්වමින් අල්ජසීරා රූපවාහිනි පුවත් සේවය වාර්තා කර තිබිණි.
අවසන් ඇමෙරිකානු සොල්දාදුවා ගුවන් යානයකට ගොඩවන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ඇමෙරිකානු හමුදා විසින් ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
ගුවන් යානයේ සිටි අයකු එම ඡායාරූපය ගෙන තිබූ අතර සොල්දාදුවන් රාත්‍රියේ පළඳින ඇස් කණ්ණාඩි යුගලයකින් එම ඡායාරූපය ගෙන තිබිණි.
ඇමෙරිකා එක්සත් ජනපද පාබල හමුදාවේ 82 වැනි ගුවන් බළකායේ මේජර් ජෙනරාල් ක්‍රිස් ඩොනහියු එලෙස ඇෆ්ගන් භූමියෙන් ගුවන් යානයකට පිට වූ ඇමෙරිකානු සොල්දාදුවා ලෙස ඉතිහාස ගත විය.
ඇෆ්ගන් යුද්ධය ඇමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධ වූ දීර්ඝතම යුද්ධය ලෙස සැලකෙන අතර එම යුද්ධය හේතුවෙන් ඇමෙරිකානු සොල්දාදුවන් 2,500කට ආසන්න පිරිසකට ජීවිත අහිමි වී ඇතැයි වාර්තා වේ.
මෙම යුද්ධයේදී ඇෆ්ගන් වැසියන් 240,000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි වී ඇතැයි මේ වනවිට ඇස්තමේන්තු කර ඇත.
ඇෆ්ගන් යුද්ධය වෙනුවෙන් ඇමෙරිකාව වියදම් කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන දෙකක් යැයි ද ගණන් බලා ඇත.
(රොයිටර්)
මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් හමුදා මෙහෙයුම් අවසන්
Rohana Tuesday, 31 August 2021 02:42 PM
ලංකාව වැනි දුප්පත් රටවලින් ඇදීගිය යම් මුදලක් මේ ඩොලර් ට්‍රිලියනයට අැතුලත් වෙන්ට පුළුවන්. අපරාදෙ නාස්තිකාර වැඩවලට අපටත් දායක වෙන්න සිදුවුනා.
Anura Tuesday, 31 August 2021 03:50 PM
දැන් වෙන රටක් තෝරගනන තියෙන්නේ
Mangala Tuesday, 31 August 2021 05:44 PM
නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැ.