IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඇෆ්ගනිස්තානයේ නායයෑමකින් 350ක් මරුට

උතුරු ඇෆ්ගනිස්තානයේ සිදු වූ නායයෑමකින් 350ක් මිය ගොස් 2500ක් පමණ අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා නායයෑම් සිදුවන්නට ඇති බවත්, ආපදාවට පත්වූවවන් මුදවාගැනීම සඳහා සහන සේවකයන් යොදවා ඇති බවත් ඇෆ්ගනිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කරයි.

ඉන් වැඩි හානියක් සිදු වී ඇත්තේ බාදාක්ෂාන් පළාතටය.

බාදාක්ෂාන් පළාත නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ටජිකිස්තානය, චීනය හා පාකිස්තාන දේශසීමාවට වන්නට පිහිටා ඇත.

 



අදහස් (0)

ඇෆ්ගනිස්තානයේ නායයෑමකින් 350ක් මරුට

ඉන්දික Saturday, 03 May 2014 11:58 AM

මිලානො ජයන්ත, දෙවියන් වහන්සේ සියල්ල මැවුව නම්, දෙවියන් වහන්සේව මැවුවේ කවුද? (නදී)

:       0       0

ඉන්දික පෙරේරා කොස්තාපල් Sunday, 04 May 2014 04:03 PM

එයාල බණ කියනවා. අපි බලි අරිනවා. (ස)

:       0       0

පියසේන Saturday, 03 May 2014 12:47 PM

මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත.(නදී)

:       0       0

මාගරි Saturday, 03 May 2014 01:14 PM

බුදු පිළිම විනාස කරපු දවසේ ඉදල මේ රටට වෙන්නේ විනාසයම තමා.(නධී)

:       0       0

කුසුම් Saturday, 03 May 2014 01:30 PM

ඇෆ්ගනිස්ථානය නාය යාම කෙසේ වෙතත්, සමහරුන්ගේ සිත්තුල තිබෙන පටු අකල්පත් නාය යන්න පටන් අරගෙන වගේ. ආගම් හෝ දර්ශන ලොව පැවතිය යුත්තේ, සාමය පිණිස මිස යුද්ධය පිණිස නොවේ.තමන් අවබෝධ කරගත් ධර්මය ක්‍රියාවට නංවනු විනා, අනුන් අදහන ධර්මය ගැන විවේචනය කිරීම හෝ ඔවුන් පුජනියත්වයේ ලා සැළකෙන දේ විනාශ කිරීම හෝ සංකල්ප පරිභවයට ලක්කිරීම ධර්මිෂ්ඨ මනුෂයෙකුට නොගැලපේ. "අඥාන දිව තර්කය උපදවයි, තර්කය දබරය උපදවයි. ඔහුගේ මුඛයද පහරවලට අඬ ගසයි, දුෂ්ඨයින්ට සමාදානයක් නැත" යනුවෙන් මා අසා තිබෙනවා. (නි)

:       0       0

සිරි Friday, 02 May 2014 10:01 PM

දුක්මුසු පුවතක්. (නි)

:       0       0

ධම්ම Saturday, 03 May 2014 01:04 PM

බොදු සොයුරනි, කරුණාකර බාමියන් පිළිම විනාශය මෙයට ඈඳන්න යන්න එපා. ඇෆ්ගන්වරුන් ඔය පිළිම අවුරුදු දහස් ගණනක් ආරක්ෂා කළා. නැතහොත් ඒවාට හානියක් කළේ නැහැ. මෑතකදී ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයට අමානුෂික ලෙස පහර දෙන අතරේ අතරේ සිදුවූ මේ අපරාධය ඇමෙරිකාවේ වුවමනාවට සිදුකළ එකක් නොවේයැයි කිව හැක්කේ කාටද? (නි)

:       0       0

සේනක සිරිවර්දෙන Friday, 02 May 2014 09:38 PM

සියලු සත්වයෝ, සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා!(දී)

:       0       0

ධම්ම Saturday, 03 May 2014 02:16 PM

විමලරතන හිමියනි, කෙනෙකුට උත්තර දෙන්න අපහසු බව දැන දැනත් ප්‍රශ්න ඇසීම හොඳ මදි නේද? ඔබ වහන්සේගේ ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරක් ලැබේයැයි මා සිතන්නේ නැහැ. (නි)

:       0       0

කොස්තාපල් පුන්‍යසෝම Sunday, 04 May 2014 06:22 AM

මිලානෝ ජයන්ත අන්ද බක්තිකයෙක්. හරියට ආගම් පිස්සෙක් වගේ.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 03 May 2014 02:27 PM

අවුරැදු දහස් ගණනක් පැරණි ලෝක උරුමයක් වු බාමියන් බුදුපිළිම කඩලා බිඳලා දැමීම මුස්ලිම් ජාතිකයෙක් හැටියට මා මුලින්ම සියලු ලෝවැසි බෞද්ධ ජනතාවටම කනගාටුව ප්‍රකාශ කරනවා. ඕනෙම රටක ස්වභාවික වාභික විපතක් ඇතිවනවිට එය ජාති ආගම් අනුව කිසිවෙකුට බලපාන්නේ නැහැ. ඒ නිසා අනුන්ගේ දුකේදී සිනාසීම ලාංකික අපේ පුරුද්දක් නොවේ. මොවුන් විපත් වලින් සියලු මිනිස් ජීවිත ආරක්ෂා විය යුතුය. කිසිවෙකුටත් මෙවන් විපතක් නොවිය යුතුය යනු මාගේ ප්‍රාර්තනාවයි. (නදී)

:       0       0

ඉන්දික Saturday, 03 May 2014 02:27 PM

මිලානො ජයන්ත, ඇයි එහෙනම් උපතින්ම අඳ ගොළු බිහිරි කොර එහෙමත් නැත්නම් ලියුකේමියාව වගේ ලෙඩත් එක්ක ළමයින් උපදින්නේ? මාර ප්‍රේමයක් නේ.(නදී)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 03 May 2014 02:30 PM

මිලානෝ ජයන්ත විමලරත්න හිමියන්ට දුන් පිළිතුරට මමත් එකග වෙමි. මෙලොව මවා වදාල තැනන් වහන්සේ කියා ඇති පරිදි සිද්දවෙන මේ දේවල් ගැන මමත් දනිමි. මෙහි සත්‍ය ගවේෂණයකින් පැහැදිලි කරගත හැකි වන්නේය.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 03 May 2014 02:33 PM

කුසුම්, මා මුස්ලිම් නිසා මෙවැනි දෙයක් ලියනවා කියා සිතන්න එපා. ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයට ඇතුළුවන්න පෙර ඒ රටගැන කිසිවෙකුට කිසිම අවබෝධයක් තිබුනේ නැහැ නේද? එහෙම රටක් තිබෙනවා කියල වත් සමහරු දන්නේ නැති තරම්. එහෙ බුදු පිළිම තිබෙනවා කියලා වත් ලාංකික කීයෙන් කීයක්ද දන්නේ? එය විනාශ කලේ ඔවුන් නම් ඇයි ඔවුන් කලින් නොකළේ? ඔයා ඇෆ්ඝනිස්තානයේ ජීවත් වෙලා නැහැ මාත් ජීවත් වෙලා නැහැ. ඒ රටේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන අපි හෝ ඔයා මොනවද දන්නේ? (නදී)

:       0       0

කුමාර් Saturday, 03 May 2014 02:37 PM

ඉන්දික ඔයා දෙවියන් වහන්සේ මවපු කෙනා හොයන එක මුහුදේ වතුර සිප්පි කටුවකින් ඉහන්න යන්නක් වැනිය. දෙවියන් වහන්සේට පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැත. මේ එතුමන්ගේ මවා වදාල ලෝකය අනිසි ලෙස බුක්ති විදීමේ පල විපාකයි.(නදී)

:       0       0

ටෙරන්ස් ප්‍රියංකර Friday, 02 May 2014 10:33 PM

දෙවියන්ගේ කැමැත්ත තමයි. (ස)

:       0       0

ඉන්දික Saturday, 03 May 2014 02:34 PM

කුමාර්, තමන් නොදන්නා දේවල් වලට දේවත්වය ආරුඩ කරන එක අතීතයේ ඉඳන් තියෙනවා. ඒකනේ ඉරට හඳට මිනිස්සු වැන්දේ. මේකත් ඒවගේ. මිනිස්සු දියුණු වෙනකොට සත්‍යය තේරුම් යනවා. ඉස්සර කිව්වේ ලෝකේ මවලා අවුරුදු 5000 යි කියලා. දැන් ඒ කතා කියන්නේ නැහැ. අඩුම ගනනේ දැන් ඇමරිකාවේ දෙවියන්වහන්සේ ලෝකේ මැව්වා කියන කතාව ඉස්කෝල වලින් අයින් කරලා.(නදී)

:       0       0

රජින්ද Friday, 02 May 2014 11:43 PM

අහෝ ඝාන්ධාර දේශය.... (දී)

:       0       0

කාන්තිලතා Friday, 02 May 2014 11:55 PM

මරණයට පත් වුවන්ට සහ අතුරුදහන් වුවන්ට මගේ කණගාටුව, ඉක්මන් සුවය ලැබේවා. (දී)

:       0       0

කුසුම් Saturday, 03 May 2014 03:53 PM

ගෆුර් මහත්මයෝ, මා විසින් ඉහත පලකොට ඇති අදහසේ කිසිම තැනක මා ඇෆ්ගන් වැසියන්ව විනිශ්චයකට ලක්කොට නැහැ. මා ලියා තිබෙන්නේ මෙතන පලකොට ඇති සමහරුන්ගේ අදහස් පිලිබදවයි. කිසියම් අධම ක්‍රියාවක් සිදුකරන පුත්ගලයෙකුට හෝ කණ්ඩායමකට රටක්, ජාතියක්, ආගමක් අනිවාර්යයෙන්ම නියෝජනය වෙනවා. එසේ වූ පමණින් අප ඒ රටේ, ජාතියේ, එසේ නොමැතිනම් ආගමේ සැමදෙනාවම සමාන ලෙස ලඝුකොට දැක්වීම වැරදියි. දුෂ්ඨයන්, මා ඉහත සඳහන් කල තුන් වර්ගයම නියෝජනය කරනවා. එවැන්නන් වපුරන විෂබිජවල ප්‍රතිපල තමයි, මේ ලඟකදී මියන්මාරයේත් සිදුවුයේ. තම අසල්වාසියන්වම අඥාන දුෂ්ඨ මිනිසුන් විසින් එලව එලවා පහර දී මරා දැම්මා අප දුටුවා. ඇෆ්ගනිස්ථානයේ මෙන්ම මියන්මාරයේත් එම සැහැසි ක්‍රියා සිදුකල දුෂ්ඨයන්ට දඩුවම් ලැබෙයි. ඇෆ්ගනිස්ථානයේ මේ සිදුවූ විපත්තිය එම සැහැසි ක්‍රියා වලට අදාල කරගන්න තරම් අප බොළඳ විය යුතුත් නැහැ."අයුක්‌තිය වපුරන්නන් හට නෙලාගැනීමට සිදුවන්නේ විපත්තිය" බව නම් ස්ථිරයි. "කොරෙකුගේ කකුල් වලංගු නොවන්නා සේම අඥාන යෙකුගේ උපමාවත් එසේමයි" කියල තමයි ඔය ඉන්දික මහතාටත් මට නම් කියන්න තියෙන්නේ. ඉන්දික මහත්තයෝ "මනුෂ්‍යයෙක් අපවිත්‍ර වන්නේ, කටට ඇතුළු වෙන දෙයින් නොව කටින් පිටවන දෙයින් බව" අවබෝධ කරගන්න උත්සහ කරන්න. "අනුන්ගේ දහමට පරිභව කරන්නාගෙන් තමන්ගේ දහමට ද ගෞරවයක් සිදු නොවේ" කියන බුදුන් වදාළ දෙයත් මෙනෙහි කරන්න.(නදී)

:       0       0

මේනකා Saturday, 03 May 2014 01:17 AM

ඇත්තටම ලෝක විනාශය අත ලගටම ඇවිත්වත්ද (දී)

:       0       0

ශාෆික් Saturday, 03 May 2014 04:43 PM

අද මොනතරම් මිනුස්සු පිරිහිලාද කිව්වොත් මනුස්සයෙකුට දුකක් කරදරයක් උනත් ආගම් වාදයෙන් තමා පටන්ගන්නේ. (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 03 May 2014 05:55 PM

කුසුම් මයා/මිය. ඔබේ අදහසට බෙහෙවින්ම ස්තුතීයි. නියම බෞද්ධ යෙකු විදිහට සිතන්න පුරුදුවීම ඉතාමත් සතුටට කරුණක්. ඔබේ පැහැදිලි කිරීමට නැවතත් ස්තුතියි. "අනුන්ගේ දහමට පරිභව කරන්නාගෙන් තමන්ගේ දහමට ද ගෞරවයක් සිදු නොවේ" බුදුරජානන් වහන්සේ දේශනා කළ තවත් වටිනා කරුණක්. (නදී)

:       0       0

ඉන්දික Sunday, 04 May 2014 11:20 AM

කුසුම්, කටින් ඇතුලට දා ගන්න ඒවා හොදයි. කටට දාගත්ත ඒවත් පිට කරන්න් කටින්ද? (ස)

:       0       0

අශාන් Saturday, 03 May 2014 04:55 AM

ඉතා කණගාටුදායක පුවතක්. අසරණ වූ සියලු දෙනාට දෙවි පිහිටයි ! (නි)

:       0       0

දිනේෂ් සංජීව Saturday, 03 May 2014 06:09 PM

මෙවැනි දේ කරන්න දෙවියන්ට හිතෙනව ද ? (ස)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Saturday, 03 May 2014 06:45 AM

මේනකා, ලෝක විනාශයට පෙර ලංකාවේ විනාශය ආරම්භ වෙලා අවුරුදු ගානක් වෙනවා. (නි)

:       0       0

රිස්මි Sunday, 04 May 2014 12:22 PM

හිරාන් මිනිසෙක් වැරැද්දක් කළවිට උසාවිය නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නිතියට පිටින් කරන වැරදිවලට දඩුවම් දෙන්නේ දෙවියන් වහන්සේයි. (ස)

:       0       0

හිරාන් Saturday, 03 May 2014 07:51 AM

මේ මැරිච්ච සහ අතුරුදහන් වුන මිනිස්සුන්ට වගකියන්ඩ ඕනෙ කවුද? බුද්ධියට ඉඩ දෙන්න. (ස)

:       0       0

කුසුම් Sunday, 04 May 2014 12:51 PM

ඉන්දික,ඔබ ඔබගේ කටින් පිටකරන්නේ ඒවා කියල තමයි මම මෙතන ලියල තියෙන්නේ. දැන් පැහැදිලියිනෙ? බුද්ධිමත්ව හිතන්න පුරුදුවෙන්න මනුෂ්‍යයෝ. දන්නා කෙනෙකුගෙන් අහල බුද්ධ ධර්මය හොඳින් ඉගෙනගන්න.

:       0       0

රියාල් Saturday, 03 May 2014 09:34 AM

එතකොට හිරාන්, ලෝකයේ හැමතැනම ඇතිවුණ ස්වභාවික විපත් වලට වගකිවයුත්තෝ කවුද? (නි)

:       0       0

ඉනෝරා Saturday, 03 May 2014 08:55 AM

සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා! (නි)

:       0       0

නිමල් Saturday, 03 May 2014 09:51 AM

බාමියන් බුදු පිළිම තිබුනෙත් මෙහෙ නේද? (නි)

:       0       0

සිසී Saturday, 03 May 2014 10:52 AM

බාමියන් බුදු පිළිම වලට කළ දේවල් නිසයි මෙවැනි විපත් වෙන්නේ (නි)

:       0       0

බිමල් Saturday, 03 May 2014 10:11 AM

අයියෝ මෙහෙමත් අපරාධ! (නි)

:       0       0

නිශාන්ත Saturday, 03 May 2014 10:17 AM

සියලු දෙනාට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

රෝහණ Saturday, 03 May 2014 10:17 AM

මේ පැත්තේ නේද බුදු පිළිම ටික විනාශ කළේ? (නි)

:       0       0

ටාර්සන් Saturday, 03 May 2014 11:13 AM

එතකොට ලංකාවට සුනාමි අාවේ මොනවා හින්දද? (නි)

:       0       0

අනිල් Saturday, 03 May 2014 10:32 AM

මිනිස්සු පවු! (නි)

:       0       0

මැක්සි ලියනාරච්චි Saturday, 03 May 2014 08:46 PM

පන්සල් පල්ලි කෝවිල් සියල්ලටම ඉහලින් තියෙන්නේ අකුණු සන්නායක (ස)

:       0       0

මිලානො ජයන්ත Saturday, 03 May 2014 10:32 AM

ලෝක විනාශයේ සියලු ලකුණු බයිබලයේ සඳහන් වෙනවා. ලෝකයේ සියලු මනුෂ්‍යයන්ගෙ පාපිෂ්ඨකම මෙයට හේතුවයි. ජේසුස් වහන්සේ සියලු මනුෂ්‍යයන්ගෙ ගැලවුම්කාරයොයි (නි)

:       0       0

තුෂාරිකා Monday, 05 May 2014 12:03 PM

මෙවන් විපත් යලි නො‍ඇසේවා. විපතට සියලු දෙනාටම නිවන් සුව ‍ලැබේවා.(නදී)

:       0       0

විමලරතන හිමි Saturday, 03 May 2014 11:42 AM

මිලානෝ ජයන්ත මහත්මයාණෙනි, කරුණාකර පහදා දෙන්න විනාශ වන ලෝකයක් දෙවියන් වහන්සේ විසින් මවන ලද්දේ කුමක් නිසාද?දෙවියන් වහන්සේ සියලු මනුෂ්‍යයින්ගේ ගැලවුම්කරුවා කියා මෙම සිදුවීම් වලින් ඔප්පු වේද?අනෙක් සත්ත්වයන්ගේ ගැලවුම්කරුවා කවුද?දිව්‍යමය පාරාදීසය මිහිපිට මැව්වා නම් මොනතරම් සුන්දරද? එසේ නොකළේ කුමක් නිසාද? (නි)

:       0       0

කුසුම් Sunday, 04 May 2014 02:55 PM

ඔයා හොදට බණ කියන්නත් දන්නවා. මම ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා. (ස)

:       0       0

ෆාරා Saturday, 03 May 2014 11:47 AM

ඇෆ්ගනිස්තානයේ ස්වභාවික විපත් වුණාම සමහරුන්ට මතක් වෙන්නේ බුදු පිළිම ටික.එහෙනම් ලංකාවේ තිස් වසරක දරුණු යුද්ධයත්,සුනාමියත් ඇති වුණේ කාගේ ශාපයක් නිසාද දන්නේ නැහැ. මෙයින් මම බුදු පිළිම විනාශ කළ එක හරි කියන්නේ නැහැ.කුමන ආගමකට කවුරු වුණත් ගරු කළ යුතුයි.මම මේක කිව්වේ මෙතන බුදුපිළිම මතක් වෙන කට්ටියට. කුමන ජාතිය වුවත් විපතකදී සිය ශෝකය පලකරන උතුම් සිංහල සොයුරු සොයුරියනුත් ඉන්නවා. (නි)

:       0       0

රියාල් Saturday, 03 May 2014 11:01 AM

ටාර්සන් හරි. අනෙක් අය කියන්න බලන්න කොරියාවෙ නැව් ගිලුනෙ මොනවා වෙලාද කියලා (නි)

:       0       0

මිලානො ජයන්ත Saturday, 03 May 2014 11:11 AM

ටාර්සන්,සුනාමිය එන්න පෙර(2002)වර්ෂයේ ජෙසු ජීවමානයි. ක්‍රිස්තියානි සභාව දැනුවත් කළා ඉහළම අයව. සුනාමිය ආවෙ 2004 වර්ෂයේ (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 03 May 2014 11:16 AM

හරිම දුකයි. පවු අහිංසක මිනිස්සු! (නි)

:       0       0

හිරා Saturday, 03 May 2014 11:20 AM

රියාල්, ඔයා ස්වබාවික කියන වචනය ඉල්ලා අස්කරගන්න.මොකද ඔයාලගේ හැමදෙයක්ම වෙන්නේ මැවුම්කරුගේ කැමැත්තට අනුවනේ. (නි)

:       0       0

ධනුෂ්ක Saturday, 03 May 2014 11:23 AM

අවුරැදු දහස් ගණනක් පැරණි ලෝක උරුමයක් වු බාමියන් බුදුපිළිම කඩලා බිදලා දාපුවට තමයි මෙහෙම වුණේ. වෙච්ච වැඩේට හොද වැඩේ කියන්න හොඳ නැහැ. ඒත් ඒ දවස් වල කොච්චර අපි කිවුවද එපා කියලා. ඇහුවෙ නැහැනෙ. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 03 May 2014 12:16 PM

මේ ලෝකයේ දේශගුණික විපර්යාසයන්ට සහ එමඟින් ඇතිවන ජීවිත සහ දේපොළ හානිවලට ප්‍රධානතම හේතුව ස්වභාව ධර්මයාගේ යහ පැවැත්මට විරුද්ධව, ඇලදොළ, ගංගා, තුරුලිය සහ පරිසරය ආරක්ෂා නොකර, ඒවා විනාශවන විදියට මිනිසුන් විසින් කරනු ලබන නොහික්මුණු ක්‍රියාකාරකම්ය. (නි)

:       0       0

නදී Saturday, 03 May 2014 11:33 AM

නවින්, තාක්ෂණයෙන් යම් දේවල් ඔප්පු වෙනකොට ඒවා ඉක්මනට පොතට ඇතුළත් කරනවා.නැත්නම් මිනිස්සු හිනාවෙනවනේ. (නි)

:       0       0

වීරසිංහ Saturday, 03 May 2014 11:45 AM

විපතක් වුණහම මෙහෙම කියන්න හොඳ නැති වුණත්, මේ රටේ අය නේද බුදු පිළිම විනාශ කළේ? (නි)

:       0       0

ප්‍රවීන් Saturday, 03 May 2014 12:33 PM

බාමියන් බුදු පිළිම විනාශ කරලා මාස හතක් යන්න කලින් ඇමරිකාව ගැහුවා. දැන් සොබාදහමින් ඵල විපාක දෙනවා.බුදු දහම විනාශ කරන කාටත් මේ දේවල් පොදුයි. මේ ශාපෙන් කවදාවත් මේ අයට නිදහස් වෙන්න බැරි වෙයි (නි)

:       0       0

ප්‍රියන්ත විරසිංහ Saturday, 03 May 2014 11:48 AM

ලංකාවට සුනාමි ආවෙත් අපේ ධර්මද්විපය ලේ විලක් කළ නිසා

:       0       0

මිලානො ජයන්ත Saturday, 03 May 2014 11:51 AM

ගරුතර විමලරත්න හිමිතුමනි; දෙවියන් වහන්සේ ලෝකය මිනිසාට මවා ප්‍රදානය කලේ දෙවියන්වහන්සේගේ අසිමිත ප්‍රේමය නිසයි. එය විනාශ කරමින් සිටින්නේ මිනිසායි. දෙවියන්වහන්සේ මිනිසාගෙ හදවතට බලෙන් අතුල්වෙන්නේ නැත. තෝරාගැනීමට පුර්ව නිදහස මිනිසා සතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1548 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 2047 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 472 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3115 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2513 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1841 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34729 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site