IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඇෆ්ගන් ජනපති ලංකාවේ

ඇෆ්ගනිස්ථානයේ  ජනාධිපති හමීඩ් කර්සායි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද සවස  දිවයිනට පැමිණියේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී දිවයිනට පැමිණි හමීඩ් කර්සායි මහතාව අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා යන මහත්වරුන්  විසින් ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.

මෙරටට පැමිණි  ඇෆ්ගනිස්ථාන් ජනාධිපතිවරයා ගුවන් හමුදා උත්තමාචාර පිලිගෙන විශේෂ අමුත්තන් අත්සන්  තබන ස්වර්ණමය පුස්තකයේ  සිය අත්සන තැබීමෙන් අනතුරුව පැවසුවේ ශ්‍රී ලංකාවට පැමිණීම ගැන ඉතා  සතුටු වන බවයි.

 පසුගිය  23 වනි දා පස්වරුවේ  ශ්‍රී ලංකාවට පැමිණීමට  නියමිතව සිටි ඇෆ්ගනිස්ථාන් ජනාධිපතිවරයා එරට හමුදාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයක්  නිසා හදිසියේ එම සංචාරය අවලංගු කළේය.

ඔහු මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවන අතර  පසුව ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වීමට  නියමිතය.

එම සාකච්ඡාවෙන් පසුව  ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය  අතර  අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඇෆ්ගනිස්ථානයේ රැකියා ලබාදීම, අධ්‍යාපනය, ක්‍රීඩා සහ ශ්‍රී ලාංකාවේදී  ඇෆ්ගනිස්ථාන් හෙදියන් පුහුණු කිරිමට අදාල අවබෝධතා ගිවිසුම් තුනකට දෙරට අත්සන් කරන බව වාර්ථා වෙයි.

 මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා සහ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසුරිය මහතා ඇතුළු ගුවන්තොටුපොළ ප්‍රධානීන්ද, රාජ්‍ය නිලධාරීක් රැසක් සහභාගී සිටියහ.


 

 

 



අදහස් (0)

ඇෆ්ගන් ජනපති ලංකාවේ

සත්‍යා Thursday, 06 March 2014 04:19 AM

"ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඇෆ්ගනිස්ථානයේ රැකියා ලබාදීම "නියමයි. (දිල්)

:       0       0

බිමල් Thursday, 06 March 2014 07:31 AM

මම නම් දන්නේ නැහැ අපේ ශ්‍රමිකයන් ට ඇෆ්ගනිස්ටනයේ තියෙන රැකියා මොනවා ද කියල. මම ඉන්න රටේ ඇෆ්ගනිස්ටන් සරණාගතයන් මට හමුවෙලා තියෙනවා . ඔව්න් මට කියල තියනවා තවමත් ඒ රටේ තත්වය හොඳ නැහැ ඉදිරියට ඇමරිකන් හමුදාව ඉවත් ව ගියාට පසුව තලේබාන් වරු අයෙත් ප්‍රශ්න ඇති කරවී කියල. මම මේ කියන්නේ ඉදිරියට මේ රට වලට රැකියාවට යන්න ගිහින් අපේ මිනිස්සු අමාරුවේ වැටෙන නිසා.කරුණාකර මේ පුවත පල කරන්න. (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 07 March 2014 03:13 PM

මෙයාට කියල ඇෆ්ගනිස්ථානයේ නිෂ්පාදනය කරන හොඳම බඩුවලින් සතියකට කන්ටේනර් කහිපයක් ප්‍රති අපනයනය සදහා ලංකාවට ගෙන්වා ගත්තා නම් නියමයි.(නධී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 15 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 15 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3357 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2476 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3078 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5891 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18720 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site