IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් බොදු උරුමය සුරැකේ

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරින් කිලෝමේටර් 40ක් අග්නිදිගින් පිහිටි "පුංචි තඹ ආකරය"  නමින් හැඳින්වෙන "මෙස් අයිනක්"  ප්‍රදේශයේ ඇති පෞරාණික බෞධ නගරයේ නෂ්ටාවශේෂ ආරක්ෂා කරගැනීමට අවස්ථාවක් ලැබී ඇතිබව ඇමෙරිකාවේ පලවන මැකාර්ති ප්‍රකාශනය සඳහන් කර ඇත. 

බුද්ධ ප්‍රතිමා ඇතුළු අනෙකුත් වැදගත් ප්‍රතිමා දහස් ගණනක් මෙන්ම ඉතා හොඳින් ආරක්ෂාවී ඇති අලංකාර බෞද්ධ බිතු සිතුවම්, ඇතුලු වෙහෙර විහාර, සංඝාවාස සහ ආදිකාලීන ජනාවාසයක නටබුන් වලින් පිරී ඇති එම ප්‍රදේශය අක්කර 100යකටත් වඩා විශාලය. 

ලෝකයේ දැනට සොයාගෙන ඇති දෙවෙනි විශාලතම තඹ නිධිය ඇත්තේ එම පුරාවස්තු පිහිටි භුමි භාගයේය.

වසර ගණනාවක සිට සිදුකර ඇති ගවේෂණ මගින් සොයාගත් තොරතුරු අනුව පෞරාණික බෞද්ධ ශිෂ්ටාචාරය පැවැති ජනාවාසයට යටවී ඇති වසර 5000කටත් එපිට ලෝකඩ යුගයට අයත් ජනාවාසයක අවශේෂ සොයාගැනීමට ලැබුණු බව පුරාවිද්‍යාඥයෝ පවසති.

අයිනක් නගරය චීනය සහ ඉන්දියාව සමඟ මධ්‍යධරනී කලාපයේ රටවල් යාකල පුරාණ සේද මාවතේ පිහිටි ප්‍රධාන මංසන්ධියක් වීම නිසාම එය ඒකාලයේ සමෘද්ධිමත් මෙන්ම වැදගත් ප්‍රධාන නගරයක්ව පැවතිබව පුරාවිද්‍යාඥයින්ගේ මතයයි. මෙම නගර සංකීර්ණය පස්වන ශතවර්ෂයේ සිට අටවන ශතවර්ශය දක්වා ඉතාම ජනාකීර්ණ සමෘද්ධිමත් තත්වයක පැවතී බවට සාධක සොයාගෙන ඇත.

2007 දී ඇෆ්ගනිස්තාන රජය මෙම භුමි ප්‍රදේශයේ ඇති තඹ නිධිය චීන සමාගමකට 30 වසරකට බදුදී ඇත. ඇමෙරිකානු ඩොලර් ප්‍රකෝටි තුනකටත් වඩා වැඩිවූ එම ගනුදෙනුව ඇෆ්ගනිස්ථානය සමඟ විදෙස් රටක් ඇතිකරගත් ලොකුම ආයෝජනයයි.

තඹනිධිය හැරීම පිලිබඳ ආරංචිය ප්‍රසිද්ධ වීමත් සමඟම එහි ප්‍රතිපලයක්ලෙස සදහටම විනාශවීමට ගිය "මෙස් අන්යක්" පුරාවස්තු ආරක්ෂා කිරීමේ වැදගත්කමපිළිබඳ විශාල ප්‍රචාරයක් දියත් කෙරුණි. තඹ නිදියේ කැනීම් ආරම්භ කිරීමට පෙරයුහුසුලුවූ පුරාවිද්‍යාඥයින් 2010 මැයි මස සිට 2011 ජුනි මස දක්වා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ 400ක් පමණ  ගොඩගැනීමට සමත් වුහ. මේ සංඛ්‍යාව යුද ගැටළු ආරම්භවීමට පෙරාතුව කාබුල් කෞතුකාගාරයේ තිබූ මුළු කෞතුක භාණ්ඩ ප්‍රමාණයටත් වැඩි ගණනකි.

තඹආකාරය හැරීමේ වැඩකටයුතු විවිධ හේතුන් නිසා තවමත් ප්‍රමාද වෙමින් පවතී.මෙනිසා ලෝක බැංකුවෙන් සහ ඇමෙරිකානු රජයෙන් ලබාදී ඇති සුවිශාල මුල්‍ය ආධාරමත මෙස් අයිනක් පුරාවස්තුන් ආරක්ෂා සහිතව කැනීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට අවස්තාවක් නැවතත් ලැබී ඇත.

ඇෆ්ගනිස්තාන පුරාවිද්‍යා බලධාරීන්  මෙම පුරාවස්තු සියල්ලම ගොඩනැනීම සඳහා 2016 දක්වා කාලය ලබාදී ඇත.මේනිසා සදාකාලයටම නැතිවීමටගිය මෙම වටිනා වස්තුන් සියල්ලම බේරාගැනීමේ අවස්තාව ලැබී ඇතිබව මෙම වැඩසටන භාරව සිටින ප්‍රංශ පුරාවිද්‍යා විශේෂඥ පිලිපේමාර්කී පවසා ඇත. ඔහු කියන්නේ ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති ඉතාම වටිනාපුරාවස්තුන් අතරට තැබිය හැකි මෙම වටිනා කෞතුක භාණ්ඩ ගොඩගැනීම සඳහා අවශ්‍යකාලය දැන් ප්‍රශ්නයක් වී නැති බවයි. එහෙත්  වර්තමාන ඇෆ්ගනිස්තාන ආර්ථිකය සහදේශපාලන අස්ථාවර භාවය ගැන සලකා බැලීමේදී අනාගතයසඳහා මේවා ආරක්ෂා සහිතවරැකබලාගනීමේ ගැටළු ඇතිබව ඔහු කියයි. 



අදහස් (0)

ඇෆ්ගන් බොදු උරුමය සුරැකේ

නිල්මිණි Tuesday, 26 March 2013 02:40 PM

ඇමරිකාව කිට්ටු වෙන්නෙ නම් හොදකට නෙමෙයි. (නි)

:       0       0

තාරක Wednesday, 27 March 2013 02:49 AM

මෙම පින්බර කාර්‍යය කරගෙන යන සියලු දෙනාටම ශක්තිය ලැබේවා.තුනුරුවන්ගේ පිහිට ලැබේවා.!! අපේ අයට මේක ආදර්ශයක් (ස)

:       0       0

රවින් Wednesday, 27 March 2013 08:17 AM

අපේ කන්ගැට්ටාට කිවුවා නම් හරිනේ. (නි)

:       0       0

හේනේගම සුභොති හිමි Wednesday, 27 March 2013 08:47 AM

මෙය ඉතාම වටින පුවතක්. මමත් මේ ගැන ලොකු කනස්සල්ලෙන් හිටියේ.(නදී)

:       0       0

පිටිගල Tuesday, 26 March 2013 05:36 PM

සියළු නිළධාරීන් මෙම සත්ක්‍රියාවට මෙත් සිතින් පින් දෙමු. (නි)

:       0       0

ලක්ෂිත Wednesday, 27 March 2013 10:19 AM

මේක තමයි බුදු දහමේ ආශ්චර්යය! (නි)

:       0       0

සෙනරත් Wednesday, 27 March 2013 10:59 AM

මෙම කරුණට උරදෙන සැමට බුදු සරණයි.(නදී)

:       0       0

සතිෂ් Tuesday, 26 March 2013 08:21 PM

බුද්ධ ධර්මයත්, බෞද්ධ ශිෂ්ටාචාරයත් සදාතනිකය. (නි)

:       0       0

ලලිත් Tuesday, 26 March 2013 01:28 PM

එම කාර්යය සාර්ථකව කරන්න එම නිළධාරීන්ට තුණුරුවනේ පිහිට ලැබේවා! (නි)

:       0       0

වසන්ත Tuesday, 26 March 2013 01:23 PM

සුභපැතුම් (දී)

:       0       0

කෙනත් Tuesday, 26 March 2013 10:06 PM

රකින්න රටක් නැත්නම්, තැනක් නැත්නම්, ඕවා ලංකාවට එවන්න. පිරිසිදු බුදු දහම වසර 2600ක් රැකගත් සිංහල රටට ඕවා මහා වැඩද? අපි රැකගන්නම් තව අවුරුදු 5000ක්. කෞතුකාගාරයක් තනවා මේවා ලෝකටම පෙන්වන්න අපට පුළුවන් (නි)

:       0       0

ජෝයි Tuesday, 26 March 2013 02:14 PM

ඇමරිකාවට කොහොම ස්තූති කරන්නද මන්දා? (නි)

:       0       0

සදුන් Tuesday, 26 March 2013 10:42 PM

ඔබ සැමට ස්තූතියි. (නි)

:       0       0

සංක Tuesday, 26 March 2013 02:21 PM

ස්තුති (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1451 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 601 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 425 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 687 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 441 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1237 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site