IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ඉකුත් වසරේදී ඉන්දු - ලංකා සබඳතා ශක්තිමත් වුණා

 

ඉකුත් වසරක කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා නව අංශ කරා පුළුල් හා ශක්තිමත් වූ බව ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි මහතා පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව වසරක් පිරීම නිමිත්තෙන් සුබ පැතුම් එක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඒ බව සඳහන් කළේය.

කොවිඩ්-19 වසංගතය මතු කර තිබෙන අභියෝග මධ්‍යයේ දෙරට අතර පවතින ශක්තිමත් සහයෝගීතාව දෙරටේ ජනතාව අතර තිබෙන මිත්‍රශීලී බැඳීම් සංකේතවත් කරන බව අග්‍රාමාත්‍ය මෝදි මහතා පැවැසීය. කොවිඩ්-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව කරන සටනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතාවලට සහාය දැක්වීමට ඉන්දියාව දක්වන කැපවීම නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ද්විපාර්ශවීය සබඳතා උපරිම තලයකට ළඟා වනු ඇතැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

අග්‍රාමාත්‍ය මෝදි මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි ධුර කාලය සඳහා සිය සුබ පැතුම් පිරිනැමූ අතර තවදුරටත් සමීප සබඳතා පැවැත්වීම සඳහා ඉන්දියාව සූදානම් බව සඳහන් කළේය.

මෙම ශුභාශිංසන පණිවුඩය නායකත්ව මට්ටමෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින නිරන්තර අන්තර්ක්‍රියා ඉදිරියට ගෙන යාමක් බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත.

එවන් අන්තර්ක්‍රියා කොවිඩ්-19 වසංගතය විසින් මතු කර තිබෙන අභියෝග හමුවේ වුවද සංවර්ධන සහයෝගීතාවය, වෙළඳ සහ ආර්ථික සබඳතා සහ ජනතාව අතර බැඳීම් යන අංශවල පවතින සැලකිය යුතු වර්ධනයන් සඳහා හේතු වී ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

055



අදහස් (1)

ඉකුත් වසරේදී ඉන්දු - ලංකා සබඳතා ශක්තිමත් වුණා

බද්රානි Tuesday, 24 November 2020 09:15 PM

ඒ සම්බන්ධතා වැඩි වුණු තරමට තමයි මේ රටේ ත්‍රී වීලර් සංඛ්‍යාව වැඩි වෙන්නේ... හොඳට උඩ පැන පැන යන්නත් එක්ක ටාටා බස් රථ මේ රටට තව එවන්න. ගොන් කරත්ත කාරයින්ට (ගොන් කරත්ත ජාතියට) ඔබ තුමාලාගේ ඔය වාහනත් හොඳ වැඩියි... හැකි නම් ඩක්කු ටිකක් හදවලා ලංකාවට එවන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1139 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 892 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 781 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6003 35

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2203 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 838 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 327 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1757 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site