IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඉක්මනින්ම කසාදයක් කර ගන්නවා

2016-05-20-ENT-09

2016-05-20-ENT-10කොහොමද චිලී ජීවිතේ?

හරිම නිදහසේ ඉන්නවා.

 

මේ දවස්වල මොකද කරන්නෙ?

අර්ජුන කමලනාත්ගේ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් තිබුණා. ඒ වගේම ලාල් ප්‍රියදේව මහතාගේ චිත්‍රපටයේ වැඩ අවසන් කළා. ඒ එක්කම පොඩ්ඩක් නිශ්ශබ්දව හිටියා.

 

ඇයි ඒ නිශ්ශබ්දව හිටියේ?

නෑ නිශ්ශබ්දව කිව්වේ, මම අලුත් දෙයක් කරන්න සැලසුම් කළා. ඒ අතරතුර මගේ ව්‍යාපාර කටයුතුවලට වැඩි කාලයක් යෙදෙව්වා.

 

මොකද එකපාරට ව්‍යාපාර කටයුතු කරන්න හිතුණේ?

එකපාරටම නෙවෙයි. මගේ මව්පියන් ව්‍යාපාර කටයුතු කරන්නේ. ඉතිං මම කලාවට එන්න කලින් ඉඳලම පවුලේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධවෙලා හිටියා. ව්‍යාපාර කියන දේ එක්ක මම පොඩි කාලේ ඉඳන්ම ගැටිලා තියෙනවා. පවුලේ අයටත් ඕන වුණේ මමත් ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවට. මම මගේ ආසාවට කලාව කරන්නේ. කොහොමත් මම වෘත්තිමය කලාකරුවෙක් නෙවෙයි.

 

ඇයි වෘත්තිමය වශයෙන් කලාව කරන්න බැරිද?

පුළුවන්. මම කියන්නේ නෑ වෘත්තිමය කලාකරුවෙක් වෙන්න බැහැ කියලා. හැබැයි නිර්මාණ භාරගනිද්දි වෘත්තිමය කලාකරුවෙන් වුණොත් නිර්මාණයේ ගුණාත්මක බවට වඩා මූල්‍යමය පැත්ත හිතලා නිර්මාණ කරන්න වෙනවා. ඉතිං මම කැමති නෑ ලැබෙන හැමදෙයක්ම කරන්න. හොඳ දෙයකට, තමන් කැමති දෙයකට දායක වෙන්න පුළුවන්කම වැඩියි වෘත්තිමය කලාකරුවෙන් නොවුණාම. කලාව පමණක් වෘත්තිය කරගත්තම ජීවත්වෙන්න ඕන නිසා නිර්මාණ කරන්න වෙන ඉඩකඩ වැඩියි.

 

හ්ම්.... ව්‍යාපාර කටයුත්ත ගැනත් කියමුද?

අනිවාර්යයෙන්ම. දැනටත් බොහෝ දෙනෙක් දන්නවා මගේ ව්‍යාපාරය Reechili කියලා බත්තරමුල්ල කොස්වත්තෙ තියෙන්නේ.

 

චිලීත් විලාසිතාවලට කැමති නිසාද ඇඳුම් Shop එකක් කරන්න හිතුවේ?

මෙහෙමයි මම Reechili කියන Shop එක Open කරන්න කලින්ම මට Reechili කියන Brand එකෙන් කාන්තා ඇඳුම් නිර්මාණය කරන ඇඟලුම් ආයතනයක් තිබුණා. ඒ හරහා ලංකාවේ තියෙන ප්‍රසිද්ධ නිමි ඇඳුම් ආයතන කිහිපයකටම මම ඇඳුම් ලබාදුන්නා. ඒ ඔස්සේ තමයි Reechili කියන Brand එක ජනතාව අතරට ගියේ. ඉතිං එහෙම ව්‍යාපාර කටයුතු මම වසර ගණනාවක සිට කරගෙන ආවා. මම දැක්කා Reechili කියන Brand එකට ඉල්ලුම තියෙනවා කියලා. මම ලබාදෙන ගණනට ලාභයකුත් එකතු කරලා තමයි ඒ ඒ ආයතන හරහා පාරිභෝගිකයන්ට ලැබුණේ. මම කල්පනා කළා මමම Shop එකක් දැම්ම‍නම් මීට වඩා සහනදායී මිලට මගේ Shop එක හරහා ඇඳුම් පාරිභෝගිකයන්ට විකුණන්න පුළුවන් කියලා. ඒකයි මම Reechili කියන Shop එක දැම්මේ.

 

කාන්තා ඇඳුම් පමණයි ඔබ නිර්මාණය කරන්නේ. ඒ වගේම ඔබේ SHOP එකේ විකුණන්නේ. ඒ ඇයි?

මම හිතනවා ගොඩක් විලාසිතා කරන්නේ කාන්තා පාර්ශ්වය. ගෑනු ළමයි කොහොමත් ලස්සනයි. ඉතිං එයාලා නිරන්තරයෙන් විලාසිතා කරනවා. පිරිමි පාර්ශ්වය විලාසිතා කරන්නේ නෑ කියලා නෙවෙයි මම කියන්නේ.

සාපේක්ෂව කාන්තාවන් තමා වැඩිපුර විලාසිතා කරන්නේ. ලංකාවට ගැළපෙන අලුත්ම විලාසිතා Reechili හරහා ලබාදෙන්න තමා මම උත්සාහ කරන්නේ. නමුත් මේ වසර අවසාන වෙද්දි මගේ Shop එකට ඇවිත් පවුලේ සැමටම ඇඳුම් මිලදී ගන්න පුළුවන් විදියට මම කටයුතු කරනවා. දැනටමත් පොඩි ළමයින්ගේ ඇඳුම් පවා Reechili Shop එකට ආවොත් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මගේ ඇඳුම් නිර්මාණය කරන ඇඟලුම්හලේ දෙස් විදෙස් ඇඳුම් නිර්මාණ ශිල්පීන් ඉන්නවා. ඒ නිසා තමයි නිරන්තරයෙන් අලුත් අලුත් විලාසිතාවන් මගේ Shop ඒක හරහා මිලදී ගන්න පුළුවන්වෙලා තියෙන්නේ.

 

චිලී කැමතිම ඇඳුම?

කැමතිම..... ඩෙනිම සහ T-Shart එක. මම කැමති සරල විලාසිතාවලට.

 

කොහොමද දැන් ව්‍යාපාරයට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම හොඳයි. මට ඒ ගැන සතුටුයි. මාව දන්න අය වගේම නොදන්න පිරිසත් එනවා. කොහොමත් මම වැඩිය එන්නෙ නෑ Shop එකට. මම උත්සාහ කරන්නේ මට මුල්තැන නොදී ව්‍යාපාරයට මුල්තැන දීලා සාර්ථක ව්‍යාපාරයක් දක්වා මේ ගමන යන්න. ඒ නිසා තමා ලංකාවට ගැළපෙන අලුත් අලුත් ඩිසයින් වලින් මම නිර්මාණ කටයුතු කරන්නේ. හොඳ දෙයක් සාධාරණ මිලට ලබාදීමත් මගේ අරමුණක්. මිනිස්සු ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් තියෙන ඇඳුම් තමා මෙහි තියෙන්නේ. කට්ටිය ඇවිල්ලා සතුටින් ඇඳුම් අරන් යන දිහා බලාගෙන මමත් සතුටු වෙනවා.

 

චිලී ගායනයෙන් ඇවිල්ලා රඟපෑම තමා දැන් වැඩිපුර කරන්නේ?

ඔව්. මම ගීත ගායනයට ආපු මුල් කාලේ ඉඳන්ම ආරාධනා ලැබුණේ රඟපෑමට. එහෙමත් නැත්නම් වැඩසටහන්වලට. ආරාධිත අමුත්තා විදියට සහභාගි වෙන්න. ඉතින් මම ඒ ඒවා ලැබෙන හැටියට පුළුවන් වෙලාවලට සහභාගි වුණා. ඉතා කැමැත්තෙන් මම මේ දේවල් කරන්නේ.

 

පුංචි තිරයේ නිර්මාණ භාර ගන්නේ නැද්ද?

නැහැ. එහෙම එකක් නෑ. නමුත් කාල වේලාවන්වල ගැටලු නිසා ලැබුණ ආරාධනා මඟ හැරුණා. මොකද චිත්‍රපටයක් මාසයක් වගේ කාලයක් තුළ ඉවර කරන්න පුළුවන්. ටෙලිනාට්‍ය එහෙම නෙවෙයි. ඉතිං මම කැමති නෑ මම නිසා නිෂ්පාදකයා හෝ අධ්‍යක්ෂවරයා අමාරුවේ වැටෙනවට. මගේ ව්‍යාපාර කටයුතුත් එක්ක කරගෙන යන්න පුළුවන් දේ විතරයි මම භාර ගත්තේ. මමත් කැමැත්තෙන් ඉන්නවා හොඳ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න. බලමු ඉතිං ලැබෙන කාලයත් එක්ක ඉදිරියේදී.....

 

යෞවනයේ ඉන්නේ. ආදරය ගැනත් කතා කරමු. පෙම්වතෙක්ද?

මම ඉතින් කවදත් පෙම්වතෙක්.... (හිනා)

 

කලාකරුවන් කොහොමත් ප්‍රේමාන්විතයි. මම ඇහුවේ හිතගත් විශේෂ කෙනෙක් නැද්ද?

හ්ම්... ඒ ගැනත් හිතන්න ඕන. කවද හරි විවාහ වෙන්න ඕනේ වැඩි කාලයක් ගන්නෙ නැතුව. ඒ ගැනත් හිතන්න ඉන්නේ. හරියටම තාම ගැළපෙන කෙනෙක් නෑ. එහෙම තීරණයකට ඇවිත් නෑ. අනිවාර්යයෙන්ම එහෙම තීන්දු තීරණ වුණාම කවුද? කොහොමද හමුවුණේ කවදද විවාහය? ඒ ගැනත් හදසරට කියන්නම්.

 

හරි. අලුත් ගීතයක් එහෙම කරන්නේ නැද්ද?

කරන්න ඉන්නේ. මේ දවස්වල ඒ ගැන හිතලා පෙනුම පවා වෙනස් කරගන්න උත්සාහ කරන කාලයක්.

 

ඒ කියන්නේ අපිට අඳුනගන්න බැරිවෙයිද?

පුළුවන්... පුළුවන්.... චිලීව අඳුනගන්න පුළුවන්. හැබැයි මම හිතනවා හැමෝම කතාවෙයි මොකක්ද මේ චිලී කරලා තියෙන්නෙ කියලා. දැන් මම මාස 6කින් විතර ගීතයක් කළේ නෑ. ගොඩක් අය අහනවා අලුත් දෙයක් කරන්නෙ නැද්ද කියලා. මම ආරම්භයේදීත් ප්‍රේක්ෂකයින්ට අලුත් දෙයක් දුන්නා. ඉතිං මම කවදත් වෙනස් දෙයක් කරන්නේ ප්‍රේක්ෂකයෝ ඒක දන්නවා. එයාලා ඒකට කැමතියි. ඒ ගැනත් මට සතුටුයි. මම රියැලටි තරගයකිනුත් ඉදිරියේ දී ප්‍රේක්ෂකයින් හමුවට එන්න බලාපොරොත්තු වෙනවා. පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලා තමයි මම කියන්නේ. මම අවුරුද්දට 1ක් හෝ 2ක් තමා නිර්මාණ කරන්නේ. හැමදාම දකිද්දිත් අගයක් නෑනේ.

 

හරි. අපි බලාගෙන ඉන්නම් මොකක්ද මේ වෙනස් දේ කියලා. කලා කටයුතුවලින් නිෂ්පාදනයට එන්න අදහසක් නැද්ද?

එහෙම අදහසක් තියෙනවා. ඒක අද ඊයේ ඇතිවුණ දෙයක් නෙවෙයි. මේ ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳන්ම හිතේ තියෙනවා. නිසි කාලේ නිසි වයසෙදි අතගහන්න ඕන. ඒකත් ඉදිරියේදී බලමු.

 

අනාගත බලාපොරොත්තු?

බලාපොරොත්තු කියලා ලොකු දේවල් නම් නෑ. සරලව සැනසීමෙන් සතුටින් මගේ අම්මා ඇතුළු පවුලේ අය සමඟ ප්‍රේක්ෂක ආදරයත් එක්කම ජීවත්වීම තමා බලාපොරොත්තුව. මේ පුංචි රටේ හැමෝමත් එක්කම හොඳින් ඉන්න එක තමා මගේ සතුට. එහෙම නැතුව ජාත්‍යන්තරයට ගිහිල්ලා ජනප්‍රිය වෙන්න එහෙම බලාපොරොත්තු නෑ. මගේ ව්‍යාපාර කටයුතු වුණත් ලෝකෙට ගෙනියන්න නෙවෙයි මට ඕන. මම ඉන්න රටේ හරි දෙයක් කරලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට කෙලින් ඉන්න පුළුවන් විදියට බොහොම සරලව ජීවත්වීම තමා මගේ අරමුණ සහ බලාපොරොත්තුව.

 

අනූෂා රණසිංහ 

සේයාරූ : සුමුදු හේවාපතිරණ

 

2016-05-20-ENT-08
2016-05-20-ENT-13
2016-05-20-ENT-14
2016-05-20-ENT-15
 



අදහස් (0)

ඉක්මනින්ම කසාදයක් කර ගන්නවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 365 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 24 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 537 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 232 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 431 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 808 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site