IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ඉක්මන් ප්‍රදර්ශනය ලැබුණේ සුනිල් ටී. මහතා නිසා

2016-09-19-ent-79

"උලත් එකයි පිලත් එකයි" තිරනාටක රචක/නළු මාධ්‍ය‘වේදී ප්‍රසාද් සමරතුංග

 

“හොඳට හිනාවෙන්න පුළුවන් විනෝදදායී චිත්‍රපටයක් බැලුවා කියන ප්‍රේක්ෂක ප්‍රතිචාරය ලැබෙන අන්දමේ චිත්‍රපටයක් ලෙසයි මම "උලත් එකයි පිලත් එකයි" චිත්‍රපටය හඳුන්වන්නේ. මෙම චිත්‍රපටයේ චරිත විකාශනය වන අන්දමට එම චරිත හැසිරෙන්නේ ඕනෑම අවස්ථාවකට අනුවර්තනය විය හැකි අන්දමට. එම කතාවේ සංයුතියට අනුව මෙම නම ගැළපෙනවා කියලා මම හිතනවා. ඒක අපේ ජනවහරට සමීපයි." යනුවෙන් පවසමින් "අද" පුවත්පත හා සංවාදයට එක්වන්නේ මාධ්‍ය‘වේදී ප්‍රසාද් සමරතුංගයි.

මේ දිනවල ප්‍රදර්ශනය වන හර්ෂ උඩකන්දගේ "උලත් එකයි පිලත් එකයි" චිත්‍රපටයේ තිරනාටක රචකයා වන ඔහු එහි චරිතයක්ද නිරූපණය කරයි. මීට අමතරව දැන් තිරගත වන ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ "ආදරණීය කතාවක්" සහ ශමීර රංගන නාඔටුන්න අධ්‍යක්ෂණය කළ "මෝටර් බයිසිකල්" චිත්‍රපටවලද රංගනයේ යෙදෙන ප්‍රසාද්, ටෙලි තිරය මත වඩාත් ජනප්‍රිය වූයේ "උතුම් පැතුම්" ටෙලිනාට්‍ය‘යේ "නුවන්" ලෙසයි.

 

තවදුරටත් අප හා සංවාදයේ යෙදෙමින් ප්‍රසාද් මෙසේද පැවසීය.

 

ඔබ කලාවට අවතීර්ණ වූයේ කොහොමද?

2016-09-19-ent-90මගේ ගම කිරිබත්ගොඩ. මට මුලින්ම ආශාව තිබුණේ රඟපෑම හා ගීත රචනය. මේ අරමුණ හිතේ තියාගෙන නිර්මාණවල කැමරාවට පිටුපස සිදුවන කටයුතුවලට මම සම්බන්ධ වෙලා යම් අධ්‍යයනයක යෙදුණා. මම රඟපාන්න අවස්ථාවක් ඉල්ලගෙන ශ්‍රීමාල් වෙඩිසිංහ මහතාව හම්බවෙන්න ගිය අවස්ථාවක ඔහු මාව ඔහුගේ ප්‍රකාශන ආයතනයේ සේවයට අරගෙන පසුව ලේක්හවුස් අයාතනයේ සරසවිය පුවත්පතේ ලියන්න ගාමිණී සමරසිංහ මහතාට යොමුකළා. එවකට සරසවිය උප කතුවරයෙක් ලෙස කටයුතු කළ චතුර ගීතනාත් බණ්ඩාර මහතාත් මට උදවු කළා. ඉන් අනතුරුව පැමිණි කතුවර අරුණ ගුණරත්න මහතා මට "සරසවිය" පුවත්පතේ නිදහස් ලේඛකයෙකු ලෙස ස්ථාවරත්වයක් හදල දුන්නා.

 

ඔබ රංගනයට යොමු වුණේ කොහොමද?

එවකට අපිත් එක්ක වැඩ කරපු බුද්ධිනී ජයවර්ධනගේ උදවුවෙන් හඳුනාගත් කැලුම් පාලිත මහීරත්න මහතාගේ "විසුල අහස යට" ටෙලිනාට්‍ය‘යේ කොටස් කිහිපයක මම මුලින්ම රඟපෑවා. අනතුරුව "සූරියබාහු", "ආදර දෑසක්"  "අම්මාවරුනේ", "මැද ගෙදර", "මොණර කඩදාසි" යන ටෙලිනාට්‍යවල රඟපෑවා. සරත් දික්කුඹුරගේ "දුර්ග ආත්ම" ටෙලි නාටය‘යේ දීර්ඝ චරිතයකට දායකවුණා. "උතුම් පැතුම්" ටෙලි නාට්‍ය‘යේ "නුවන්"ගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් මාව හඳුනා ගත්තා කියලා මට හිතෙනවා.

ශමීර රංගන නාඔටුන්ගේ "මෝටර් බයිසිකල්" චිත්‍රපටයේ රඟපෑ චරිතය තමයි මගේ මුල්ම සිනමා රංගනය. "නෝනේ මගේ සුදු නෝනේ", "ආදරණීය කතාවක්", "මහරජ අජාසත්" සහ "අනගාරික ධර්මපාල ශ්‍රී මතාණෝ" සහ දැන් පෙන්වන "උලත් එකයි පිලත් එකයි" යන සිනමාපටවලටත් මම රංගනයෙන් දායක වුණා.

 

"උලත් එකයි පිලත් එකයි" රංගනයට වඩා "මෝටර් බයිසිකල්" චිත්‍රපට‘යේ ඔබ කරන රංගනය සාර්ථකයි නේද?

ඒකට හේතුව මම මෝටර් බයිසිකල් චිත්‍රපටයට සම්බන්ධ වුණේ, එම චරිතයේ රඟපෑමට පමණක් වීමයි. හැබැයි "උලත් එකයි පිලත් එකයි "චිත්‍රපට‘යේ නිෂ්පාදන කටයුතුවලටත් මම සම්බන්ධ වුණ නිසා යම් අඩුපාඩුවක් එම චරිතයෙන් දිස්වෙනවා ඇති.

 

පුවත්පත් කලාවේදීන් හා මාධ්‍ය ආයතනවල සේවය කරන අය තමන්ගේ නිර්මාණවලට නළු නිළියන් ලෙස හෝ ගීත රචකයන් ලෙස හෝ වෙනත් අන්දමකින් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ නිර්මාණවලට අනියම් අන්දමකින් ප්‍රචාරයක් ලබාගන්නා බවට චෝදනාවක් තියෙනවා නේද?

ඔව්. ඒකෙ ඇත්තකුත් තියෙනවා. එහෙම යම් අරමුණක් ඇති යමක් බලාපොරොත්තු වන නිර්මාණකරුවන් පිරිසකුත් ඉන්නවා. හැබැයි මම එවැනි බලපෑම්වලට කවදාවත් යටවෙලා නැහැ. එම චෝදනාව ක්ෂේත්‍ර‘යේ තියෙන නිසාම දැන් මා කෙරෙහි පැමිණෙන ආරාධනා කිරීම් පිළිබඳව මම කල්පනා කරලා බලලා තමයි වචනයක් දෙන්නේ.

 

අනෙක් අයට නොලැබෙන ඉක්මන් ප්‍රදර්ශනයක් ඔබගේ "උලත් එකයි පිලත් එකයි" චිත්‍රපටයට ලැබුණේ කොහොමද?

ඒක සිදුවූයේ සුනිල් ටී. ප්‍රනාන්දු මහතා නිසයි. ඔහු මම හඳුනගෙන හිටියට චිත්‍රපටය නිෂ්පාදනය කරපු චමින්ද රණසිංහ මහතාගේත් හිතවතෙක්. සුනිල් ටී. ප්‍රනාන්දු මහතා තමන්ගේ MPI හා LFD මණ්ඩලයේ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයට අවස්ථාව ලබාදීම අප ලද භාග්‍යයක්. මෙම චිත්‍රපටය නිෂ්පාදනයෙන් චමින්ද රණසිංහ මහතා සමග එකතු වන කේ.ජේ.ඒ. නිශාන්ත, "උලත් එකයි පිලත් එකයි" අධ්‍යක්ෂණය කළ හර්ෂ උඩකන්ද යන මහත්වරුන් හා ඊට එක්වූ නළු නිළි, කාර්මික ශිල්පීන් ආදී සියලුදෙනා මේ අවස්ථාවේ මම ආදරයෙන් මතක් කරනවා.

 

2016-09-19-ent-78

 



අදහස් (0)

ඉක්මන් ප්‍රදර්ශනය ලැබුණේ සුනිල් ටී. මහතා නිසා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1022 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1297 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 84 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 850 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 372 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1173 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39486 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site