IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඉංගිරිසිය උගන්වන රූපවාහිනියක් එයි

අධ්‍යාපනය පිළිබදව රටට  නිවැරදි අවබෝධයක් ලබා දීමටත්  ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමටත්  රූපවාහිනී නාලිකාවක් අරඹන බවත් ඒ සදහා තමාට තිබු දිගු කාලීන සිහිනය සබෑ කර ගැනීමට දැන් අවස්ථාව ඇති බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.

ග්‍රේරු මහතා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අද (10)  නුගේගොඩ සිරි ධම්මාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති බෝගම්බර රතනජෝති හිමියන් හමුවී  ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව එහි සිටි මාධ්‍යවේදීන් හමුවේ මේ බව කීය.

‘ජනාධිපතිතුමා විසින් හදුන්වා දුන් ද්වීතිය පාසල්  දහසේ  වැඩ පිළිවෙල ඉදිරියට රැගෙන යාමට අවශ්‍යය භාර ධුර වගකීම මට පැවරී තිබෙනවා. මානව හා හෞතික සම්පත් සංවර්ධනය කර රටේ සමස්ත දු දරු පරපුර වෙනුවෙන් ඒ වගකීම ඉටු කරනවා.’ යැයිද වැඩි දුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය. 



අදහස් (0)

ඉංගිරිසිය උගන්වන රූපවාහිනියක් එයි

චන්න Saturday, 12 October 2013 05:14 AM

යුරෝපයේ ඉංග්‍රීසි භාවිතා කරන්නේ එන්ගලන්තයේ පමණයි. අපේ මිනිස්සු ඉංග්‍රීසි වලට වදිනවා (නි)

:       0       0

ලුම්බිණි Friday, 11 October 2013 04:11 AM

සියලුම විෂයයන්ට වෙන වෙනම නාලිකා පටන් ගත යුතුයි. ඒ විතරක් මදි. ටෙලි නාට්‍ය වලට, චිත්‍රපටි වලට වගේ හැම දෙයකටමත් නාලිකා වෙන වෙනම පටන් ගත යුතුයි. (අ)

:       0       0

උපාලි Friday, 11 October 2013 01:08 PM

මම හිතන්නේ අපේ රටේ අධ්‍යාපනයේ වගකීම අමතර අධ්‍යාපන ගුරුවරුන්ට භාරදීම හොදයි කියලයි (නි)

:       0       0

සිරියලතා Friday, 11 October 2013 07:02 PM

හොද අදහසක් (නි)

:       0       0

දුසන්ත මාතර Friday, 11 October 2013 05:18 AM

අද ගම්බද පාසල් වල ඉංග්‍රීසි ඉගැන්වීමට දක්ෂ ගුරුවරු නැහැ. මේ හොද තීරණයක් (නි)

:       0       0

සත්‍යයා Friday, 11 October 2013 05:21 AM

කාර්යය පටන් ගන්නත් පෙර අපේ අයගේ උපහාර? ඒ හින්දා තමයි දේශපාලකයොත් ජනතාව විහිලුවකට අරගෙන තියෙන්නේ. පොඩ්ඩක් බලා ඉඳලා හරියට කරනවා නම් සුභ පැතුවා නම් නේද හොඳ? (නි)

:       0       0

ප්‍රේම් Friday, 11 October 2013 05:39 AM

ඕකට අමුතුවෙන් නාලිකා පටන් ගන්න ඕනෑ නැහැනේ. දැන් තිබෙන් එක ටෙලිනාට්‍යයක් අඩු කරලා ඔය වගේ වැඩසටහන් කළා නම් හරි. (නි)

:       0       0

සමන්ත Friday, 11 October 2013 05:52 AM

අර මීට පෙරත් එක්කෙනෙක් පටන්ගත්තේ ඔය විදියටම තමයි. එයා මෙහෙ නැද්ද දැන්? (නි)

:       0       0

නිමල් Friday, 11 October 2013 06:26 AM

පරමාර්ථය හොදයි.නමුත් ලංකාවේ නිවැරදි වැඩක් කරන්න අමාරුයි. (නි)

:       0       0

ලෙස්ලි Saturday, 12 October 2013 07:24 AM

මොහු ඇමතිකමකට සුදුසුයි (නි)

:       0       0

දුමින්ද Friday, 11 October 2013 06:39 AM

අපේ ගුරු පියාණන්ට ජයවේවා! හොඳ වැඩපිළිවෙලක්. (නි)

:       0       0

අකිල සමීර Sunday, 13 October 2013 07:53 AM

සුදුස්සාට ලැබුන එකම නියෝජ්‍ය ඇමතිකම මෙයමයි. ඔබතුමාට දැයේ දරුවන්ට සෙතක් කරන්න ශක්තිය ලැ‍බේවා! (නි)

:       0       0

අමිල කටුනායක Friday, 11 October 2013 06:51 AM

පහුගිය කාලේ කියු දේවල් නම් හරිගියේ නැහැ (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 11 October 2013 06:52 AM

ඕකට ඉතින් වෙනම එකක් ඕනද ? මේ තියෙන රුපවාහිනිය , කඩේ යන කාලේ නවතාල ඒ වෙලාව ගමු මේ වැඩේට , අමුතු වියදමක් යන්නෙත් නැහැ (අ)

:       0       0

පසිඳු මනෝහර ප්‍රනාන්දු Friday, 11 October 2013 07:08 AM

පරක්කු කරන්න එපා අදම ක්‍රියාත්මක වන්න ඉතාම හොඳ දෙයක් යුගයේ අවශ්‍ය තාවයක්.(නදී)

:       0       0

සුදුබන්ඩා Friday, 11 October 2013 08:12 PM

බුද්ධිය,,ආචාරධර්ම,,විනය, සංවර්ධනයවන වඩක් කලොත් හොඳයි(අ)

:       0       0

සමන් Friday, 11 October 2013 08:15 AM

එහෙම කළොත් ඔබගේ පාසලටත් ළමයි අඩු වේවි නේද?

:       0       0

සිරිසමන් Friday, 11 October 2013 08:22 AM

නියමයි (නි)

:       0       0

සුගත් Friday, 11 October 2013 08:35 AM

හොද වැඩක්. ඉංග්‍රීසි ඉගෙන ගැනීමට වෙබ් අඩවියක් නිර්මාණය කළා නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. (නි)

:       0       0

ඉන්දික උඩුමලගල Friday, 11 October 2013 08:40 AM

ඇත්තම කියනවා නම් ඔබ සුදුසු නියෝජ්‍ය අමාත්‍ය ධුරයකට නොව අමාත්‍ය ධුරයකටයි. මගේ සුභ පැතුම්! (නි)

:       0       0

නැනී Friday, 11 October 2013 08:57 AM

නාලිකාව ඉංග්‍රීසි උගන්නන්න විතරමද? (නි)

:       0       0

දිමුතු Friday, 11 October 2013 03:12 PM

අනේ හොද අදහසක් සාර්තක වේවා යැයි ප්‍රාර්ථනා කරනවා (දිල්)

:       0       0

හරින Saturday, 12 October 2013 09:45 AM

හොද වැඩක්. එක වසරේ සිට 13 වසරට යනකම් ඉංග්‍රීසි උගන්නලා ඒත් බැරි එකේ මේක ඉතා හොද වැඩක්. (නි)

:       0       0

අජිත් Friday, 11 October 2013 09:35 AM

හොඳ අදහසක්. හැබැයි ඒකත් අර වගේ ආවඩන එකක් වුණොත් නම් ඉංග්‍රීසිත් එපා වෙයි (නි)

:       0       0

රොෂාන් සෞදි Friday, 11 October 2013 03:22 PM

හොද වැඩක් ඔබට ජය වේවා (අ)

:       0       0

සිල්වා Friday, 11 October 2013 09:45 PM

මෙතුමාට පලුවන් ගරා වැටෙන පාසැල් පද්දතිය ගොඩගන්න!!! වැසීගෙන යන පාසල් ටික ඉක්මනට ගොඩ දාන්න ඔබ තුමාට ශක්තිය ලැබේවා!!

:       0       0

වසන්ති Friday, 11 October 2013 09:41 AM

අධ්‍යාපනයේ ප්‍රශ්න අඩු කරන්න මෙතුමාව අපිට ප්‍ර‍යෝජනවත් වේවි (නි)

:       0       0

කමනි Friday, 11 October 2013 09:57 AM

ඉතා හොඳ අදහසක්. ටියුෂන වලට යන කාලය ඉතුරුවෙනවා. අනේ ඇමතිතුමනි, අලුතෙන් හඳුන්වා දුන් තාක්ෂණ විෂයත් රූපවාහිනිය හරහා උගන්වන්න විදියක් හදන්නකෝ. ළමයින්ට ටියුෂන් යන්නේ නැතුව දැනුම ලබාගන්න. ඔබට පින් (නි)

:       0       0

කුමාර Friday, 11 October 2013 09:57 AM

ඉංග්‍රීසි භාෂාව කතා කරන රටවල, නොයෙකුත් වෙනස්කම් තිබෙනවා. එක උදාහරණයක්, ඇමෙරිකන් ඉංග්‍රීසි. නමුත් අපේ රටේ පිළිගැනුම බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි සම්ප්‍රදායටයි. අපේ රට තුල ඉංග්‍රීසි උච්චාරණය වුණත් ටිකක් වෙනස්, එම නිසා දැන් කාලයට ගැළපෙන විදියට අප රටට ගැළපෙන විදියට මෙම පාඨමාලාව සකස් කරලා විකාශනය කරනවා නම් හොදයි. (නි)

:       0       0

රකිත් Friday, 11 October 2013 10:06 AM

මෙතුමාට පින්සිද්ධ වෙන්න මමත් භෞතික විද්‍යාව සමත් වුණෙමි. ඉංග්‍රීසි භාෂාවට වගේම නියම සිංහල භාෂාවටත් වෙනම රූපවාහිනී නාලිකාවක් අරඹන මෙන් කාරුණිකව ඉල්ලමි. මන්ද, බොහෝ නාලිකාවල අද යන වැඩසටහන් ඉදිරිපත් වන්නේ ඉංග්‍රීසි කැවූ සිංහල භාෂාවෙනි. (නි)

:       0       0

බුද්ධි Friday, 11 October 2013 10:18 AM

උගන්වන්න යන්නේ මොන ගුරුවරුන් ද යන්නත් ඉතාම වැදගත්. කරුණාකර නියම සුදුසුකම් ඇති දක්ෂ ගුරුවරු පමණක් යොදවන්න. එහෙම නැතුව මෙතනටත් දේශපාලන සුදුසුකම් පමණක් ඇති ගුරුවරු දැමුවහොත් නාලිකාව බලන සිසුන් සහ වැඩිහිටියන් සියල්ල අමාරුවේ. (නි)

:       0       0

පුබුදු Thursday, 10 October 2013 09:04 PM

සුදුස්සාට සුදුසු තැන ලැබුණා වගේ (දිල්)

:       0       0

සුගුනධම්ම හිමි Friday, 11 October 2013 04:15 PM

ග්‍රේරු සර් අධ්‍යාපනයට ගොඩාක් වැඩක් කරපු කෙනෙක් තව තවත් වැඩ කරන්න ශක්තිය ලැබේවා ඔබට ජයම වේවා (අ)

:       0       0

අතුල Thursday, 10 October 2013 09:12 PM

වැඩක් කරයි වගේ (අ)

:       0       0

මිනිපෙ Thursday, 10 October 2013 09:18 PM

නියම වැඩක්.ඉංග්‍රීසි ඉගෙන ගත්තට මදි, කතාකරන්නත් ඕන. හුගක් ළමයි ඉංග්‍රීසි කතා කරන්න බයයි සහ ලැජ්ජයි.මෙයට පිලියමක් සෙවිය යුතයි. (අ)

:       0       0

අජිත් Thursday, 10 October 2013 09:26 PM

ඔබ තුමා සැබෑ දක්ෂයෙක් (දිල්)

:       0       0

වන්නිතිලක් Thursday, 10 October 2013 09:28 PM

ඔබතුමාට මගේ ආචාරය. මෙතුමාට මීට වඩා ඉහල තනතුරක් දියයුතුයි. මෙතුමාට කලින් තනතුර දුන්න නම් ළමයින්ගේ ඔලු පලන්නේ නැතිව ප්‍රයෝගික යමක් කරාවි.(දිල්)

:       0       0

ජගත් Thursday, 10 October 2013 09:35 PM

තව ගානක් හොයාගන්න වගේ. (අ)

:       0       0

චානක Thursday, 10 October 2013 09:39 PM

මෙය පැලවෙන මුල්ගලක් නොවේව.(අ)

:       0       0

ගීතාංජලි Thursday, 10 October 2013 09:42 PM

අපි යන පන්සල දැක්කම යන්න හිතෙනවා සාදු සාදු සාදු(අ)

:       0       0

රෝහිත Thursday, 10 October 2013 09:52 PM

මෙය මගේ භෞතික විද්‍යාව ගුරුවරයා. හෙබඊ අපිට ඒකාලේ පන්තියේ දී කිව්වා දේවල් නෙමේ නේ දැන් කර්රණේ. අපිට එක නිසා මේය ගැන ලජ්ජයි (අ)

:       0       0

ගාමිණී -සිරි Thursday, 10 October 2013 10:11 PM

ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා රුපවාහිනි නාලිකාවක් ආරම්භ කිරීම ඉතාමත් හොඳ දෙයක්.කාලෝචිතයි . අනාගත සිසුපරපුරට වගේම වැඩිහිටි දෙපාර්ශවයටම මහඟු සේවයක්.අධ්‍යාපනයට වඩා වෙළඳ දැන්වීම් බල බලා ඉන්න සිදු උනොත් තමා වැඩේ කියන්නේ....(දිල්)

:       0       0

රුවන් Thursday, 10 October 2013 10:19 PM

හොඳ ආරම්භයක්. ඔබට මීට වැඩි තැනක් ලැබිය හැකිය .යුගයේ අවශ්‍යතාවයක් සැපිරීම ගැන ස්තුතියි.(දිල්)

:       0       0

මහානාම හිමි - චෙන්නායි Thursday, 10 October 2013 10:22 PM

ඉතා වැදගත් කටයුත්තක් වගේම කාලීන අවශ්‍යතාවයක්. සුභ පැතුම්(දිල්)

:       0       0

චන්දන ගංගොඩ Thursday, 10 October 2013 11:00 PM

කාලෝචිත සහ දූර දර්ශි තීරණයක්. ඔබ තුමාට ජය !‍(දිල්)

:       0       0

පහන් මඩුගල්ලේ Thursday, 10 October 2013 11:26 PM

ග්‍රේරෝ සර් මව සුබද්‍රරාම පන්තියෙන් එලවපු හැටි මතක් වෙනවා සර් එක්ක මම තරහ නැහැ .(දිල්)

:       0       0

ප්‍රසන්න Saturday, 12 October 2013 12:40 AM

ඇත්තටම ඔබතුමාට ගොඩක් පිං! මම ගොඩාක් සතුටු වෙනවා මේ ගැන. අනෙකුත් ඇමැතිලා වගේ වචනයට පමණක් සීමා නොකර රටට වැඩක් කරන්න (නි)

:       0       0

ගජමන් Friday, 11 October 2013 05:56 PM

ඉංග්‍රීසි වෙනුවෙන් විශේෂ නාලිකාවක් ආරම්භ කරන එක හොඳයි. (ත)

:       0       0

උපාලි Friday, 11 October 2013 11:53 AM

ඔන්න නියම කෙනා වැඩේට අතගැහුවා. 1980 මම සර්ගේ භෞතික විද්‍යාව පන්ති ගියා.අපිට අවශ්‍ය මේ වගේ නව නිර්මාණ ගෙනෙන උගතුන්.රේජිනෝල්ඩ් කුරේ,බන්දුල ගුනවර්ධන වගේ අයත් හොඳ ගුරුවරු.රටට වැඩක් කරන්න පුළුවන්.(නි)

:       0       0

ෂිහාම් Friday, 11 October 2013 11:57 AM

ඔය හැමෝම තමන්ගේ ප්‍රසිද්ධිය භාවිතා කරලා කරන්නේ බිස්‌නස්.ඔය නාලිකාව පටන් ගත්තාම තේරෙයි. (ස)

:       0       0

රුබට් Friday, 11 October 2013 12:49 AM

හා හා පුබුදු, අතුල, අජිත් බොළඳ පැටවුනේ, කවුද එතකොට 1981 ප්‍රශ්න පත්තරේ විභාගෙට කලින් පිටකලේ? වන්නි තිලක් එහාට වෙලාම ඉන්න කොල්ලෝ, එක්කෝ පොත් කියවලා මිනිස්සු ගැන ඉගෙන ගන්න. දන්නේ නැති දේවල් කියන්න එපා. (අ)

:       0       0

බණ්ඩාර ජී Friday, 11 October 2013 12:57 AM

සුදුස්සාට සුදුසු තැන ලැබුණ දුර්ලබ අවස්තාවක්. ඔබට ජය. (අ)

:       0       0

උපාලි Friday, 11 October 2013 12:57 AM

ඉතාම හොඳ තීරණයක්. ඉංග්‍රීසියට ලෝක භාෂා අතර තිබෙන ප්‍රමුඛතාවය නිසිලෙස වටහාගෙන ගමේ දරුවන්ටත් සෙතක් කරන්න ග්‍රේරෝ මැතිතුමා ගත් තීරණය ඉහලින්ම අගය කලයුතුයි. මෙහි අදහස් පළකර ඇති වැඩි දෙනා සමග මමත් එකතුවී ඔබතුමාට සුබපතනවා. (අ)

:       0       0

හිතවත් පියෙක්. Saturday, 12 October 2013 02:02 AM

ප්‍රේම සහ පිටබෙද්දර ජයා ගේ අදහස් අනුමත කරමි. (නි)

:       0       0

වරුණ Friday, 11 October 2013 01:06 AM

කලු සුද්දන්ට දැන් තරහා යයි හොදටම (නි)

:       0       0

ලලිත් Friday, 11 October 2013 01:45 AM

මට මතක් වෙන්නේ පාසලේ විවාද කණ්ඩායමේ ඉමිටියාස් බකිර්මාකර්ට පස්සේ නැගිටලා "මා මේ නැගී සිටියේ මගේ නායකයාගේ මතය සනාථ කිරිමටයි " කියපු ග්‍රේරෝ . ඔබේ උත්සාහය සඵල වෙනු ඒකාන්තයි. ඔය රුපවාහිනී නාලිකාවට අමතරව එම පසුගිය පාඩම් මාලා නැවත නැරබිය හැකි වෙබ් අඩවියකුත් පටන්ගන්නවනම් එකවරක් අසා නොතේරුණු යට නැවත නැවතත් බැලියහැකියි. එමගින් ළමයින්ට විවේක ඇති වෙලාවට තම අධ්‍යාපනය කරැගෙන යන්නට පුළුවනි. හැමෝටම පරිගණක නැති උනත් තිබෙන යට එමගින් වැඩක් වේවි. ඉදිරියේදී වෙනත් විෂයයන් සඳහාද අත්වැල් පාඩම් ප්‍රචාරය කරන්නේනම් ටිඋෂන් පන්ති ඉබේම වැහිලා යාවි. ළමයින් පන්ති යනවා කියා නිවාඩු දිනවල කරන අයාලේ යම් ද නවතීවි. නිවාඩු දිනවල ප්‍රවාහනය සඳහා වැයවන මුදල් ද ඉතිරිවේවි. (අ)

:       0       0

කමලාවතී Friday, 11 October 2013 01:50 AM

මේ ගැන එතරම් කලබල වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ඩෙන්සිල් Friday, 11 October 2013 03:14 AM

හැමදෙනාම පටන් ගන්නේ ඔහොම තමයි.පටන් ගන්නකොට කියූ දේවල් කරලා තිබුනා නම් අද ලංකාව ලෝකය පරාද කරලා. කොහොම වුණත්ලංකාව ලෝකය පරාද කරලා තිිබෙනව‍ා ඇමති මණ්ඩලයෙන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 461 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 488 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10784 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3094 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3885 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6151 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19520 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site