IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ඉගිල්ලෙන්න හයි කැපැසිටියක් ගත් දෙදෙනෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෙරට ධාවනයට තහනම්,ලියාපදිංචි නොකළ අධි බල යතුරුපැදියක් මිලදීගෙන වෑන් රථයක පටවාගෙන අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යාමට  පැමිණි  පුද්ගලයන් දෙදෙනකු සමග වෑන් රථයද  ගැලනිගම අධිවේගී  පිවිසුමේදී  අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි 

අත්අඩංගුවට පත් වූවන් අතර වෑන් රථ රියැදුරා ද වන බව පොලිසිය කියයි 

ගැලණිගම අන්තර්  හුවමාරු මධ්‍යස්ථාන පිවිසුමෙන් කොළඹ දෙසට යාමට පැමිණි වෑන් රථය පරික්ෂා කිරීමේදී අධිවේගී රථවාහන පොලිසියේ නිලධාරීන්ට යතුරුපැදිය දැකගත හැකි වී තිබූ බව පොලිසිය කියයි 

යතුරු පැදිය සහ එහි සිටි පුද්ගලයන් දෙදෙනා සමඟ බණ්ඩාරගම පොලීසියට භාරදීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී  මූණුපොතෙන් දැන  හඳුනා ගත් පුද්ගලයකු ගෙන් රුපියල් 6 ලක්ෂ 80ක මුදලකට බණ්ඩාරගම නගරය ආසන්නයේ ස්ථානයකදී යතුරුපැදිය මුදල් ලබාදී මිලදී ගත් බවත් සැකකරුවන් දෙදෙනා  පොලිසියට ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය 

එම ගනුදෙනුව සඳහා කිසිදු ලිපි ලේඛනයක් හුවමාරු කර නොගත් බවත් යතුරුපැදිය විකුණූ පුද්ගලයන් පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා බවත් යතුරු පැදිය රැගෙන පුද්ගලයන් සිව් දෙනකු පැමිණ සිටි බවත් සැකකරුවන් ප්‍රකාශ කළ බව පොලිසිය කියයි 

මුව ආවරණ පැළඳ සිටීමේ කිසිවකු  හඳුනාගත නොහැකි බවත් එම සැකකරුවන් දෙදෙනා සිදුකළ ප්‍රකාශය වැඩිදුරටත් සඳහන් වේ 

රේස් පැදීමට ආශාව හේතුවෙන් මෙම යතුරුපැදි මිලදී ගත් බව යතුරු පැදියේ ගැණුම්කරු පොලිසියට සිදු කළ ප්‍රකාශයක වැඩිදුරටත් සඳහන් වේ 

රුපියල් 7,500 ක පොරොන්දු මත කුලී ගමනක් පැමිණි බව වෑන් රථ රියැදුරු සිදු කළ ප්‍රකාශයක වැඩිදුරටත් සඳහන් වේ

පාණදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත  සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ආර් ඒ ගුණසේකර ,රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රරත්න මහත්වරු  පරීක්ෂණ පවත්වයි 



අදහස් (5)

ඉගිල්ලෙන්න හයි කැපැසිටියක් ගත් දෙදෙනෙක් මාට්ටු

Mangala Thursday, 14 October 2021 12:43 PM

මේවා ලියාපදිංචි කරන්න ඉඩ දුන්නානම් ඉවරනේ. 2000cc, 3000cc, 4000cc, සාමාන්‍ය වාහන ලංකාවේ ලියාපදිංචි කරනවා ඒත් යතුරුපැදි බැහැ. වැඩි ආදායම් බද්දක් පනවලා ලියාපදිංචි කරන්න දෙන්න. සාමාන්‍යයෙන් ලොකු යතුරුපැදියක් පදින කොට කාලයක් යද්දී සංයමයකින් පදින්න පුරුදු වෙනවා. මැරෙන එකා මොන යතුරුපැදිය පැද්දත් මැරෙනවා.

:       8       24

fairoos Thursday, 14 October 2021 01:27 PM

සාමාන්‍ය ජනතාවට තමයි හැම නීතියක්ම. එතකොට බයික් එක ගන්න කවුද අවසර දුන්නේ.?

:       3       18

Ruhunu Thursday, 14 October 2021 01:38 PM

දෙක තුනක් අනම් මනම් විකුනපු කෙනාගේ නම් ගම් ඔක්කොම මතක් වෙයි

:       8       3

kapThursday, 14 October 2021 03:03 PM

අහින්සක් මිනිහෙක් ගත්තනම් තමයි අතින් පයින් අනින කතා කියන්නෙ... කියනවකො බැංකු කොල්ල කාපු, රටේ සම්පත් කොල්ල කන කවුන්සිලේ ඉන්න හොරු ටිකට හම්බානට නෙලන්න කියල..උන් ඔක්කොම හෑම නඩුවෙන්ම නිදහස්...අහිංසක මිනිස්සු හිරේ... නොදකින් තමුසේ වගේ මිනිස්සු

:       0       1

ගජමිතුරු Thursday, 14 October 2021 07:05 PM

අහිංසකයෙක් නම් ලක්ෂ හයක් හතක් දීලා බයික් එකක් ගන්නෙ නැහැ .ගන්නෙ ත්‍රීරෝද රථයක් .මේ වාහන මංකොල්ල කෑම් වලට බොහෝ විට යොදා ගන්නවා කොහොම වුනත් රටට නොගෙනාවනම් මොවුන්ට ගන්න බැහැ. කොහොමත් විකුණුම්කකරු නොකියන්නෙ හොරකම නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 497 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 151 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1076 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 145 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 336 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2261 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site