(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෑලියගොඩ වනවාසළ දුම්රිය අසලදී ඉංජිනේරුවරයකු පැදුවු සුඛෝපභෝගී මෝටර් රථය දුම්රියක ගැටීමෙන් ඉංජිනේරුවරයා එම ස්ථානය දින මිය ගිය බව පෑලියගොඩ පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ වත්තල හුණුපිටිය කණ්ඩාගේ මාවතේ පදිංචිව සිටි ප්‍රියන්ත ප්‍රනාන්දු 55 යන අයයි
අනතුරක් සමඟ මෝටර් රථය ගිනි ගෙන ඇතැයි පොලිසිය කියයි
කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය වනවාසළ දුම්රිය හරස් මාර්ගයේ පසු කිරීමේදී දිප්පිටිගොඩ සිට වත්තල දෙසට දුම්රිය මාර්ගය හරහා මෝටර් රථය ධාවනය කිරීමේදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අනතුර වෙන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ සියලුම සංඥා ක්‍රියාත්මක තත්වයේ තිබී ඇතැයි පොලිසිය කියයි.
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉංජිනේරුවා ගමන් ගත් කාරය දුම්රියේ ගැටී ගිනි ගනී
Samitha Saturday, 01 January 2022 04:38 PM
මේ නොසැලකිලිමත් රිය ධාවනයේ ප්‍රථිඵලයක් විතරයි.. ඒකට ඉංජිනේරුවෙක්ද? , දොස්තර කෙනෙක්ද? කියන දේ අදාලම නෑ..
RaveendraMonday, 03 January 2022 07:17 AM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. රිය පැදවීම යනු "එක්තරා" ආකාරයක බාවනාවකි. අවාසනාව නම් අප රටේ රියදුරන් වැඩිම වැඩි පිරිසක් රිය පදවන්නේ දෙවොල් මඩුවක යක්කුන් පන්නනාසේය . මගේ වාහනය විතරමයි මහපාරේ යායුත්තේ මගේ වාහනය පාරේ යනවිට අනිත් මිනිසුන් වාහන නවතාගෙන බලාසිටිය යුතුය. ඉංජිනේරුවා නොව මොකා රිය පැදෙව්වත් ඉවසීම නොමැති නම් වැලිගම් යාම ඉක්මන්වීම වැලැක්විය නොහැක.
Roshan Saturday, 01 January 2022 08:16 PM
හරකෙක් වගේ වාහන පදවනකොට ඔහොම වෙනවා.
Rohana Saturday, 01 January 2022 09:32 PM
ලංකාවෙ සමහර රියදුරන්ට කිසිම විනයක් නැහැ. මාර්ගය තමන්ගෙ කියල හිතාගෙන මාර්ග නීති කඩකරමින් වාහන පදවනවා.
alwis Sunday, 02 January 2022 01:30 AM
මේ වගේ සිද්ධීන් වාර්තා කරනකොට ඉංජිනේරුවා, සුඛෝපභෝගි යන වචන අවශ්‍ය නැහැ නේද? ඔහුට නිවන් සුව පතමි...
wicky Sunday, 02 January 2022 07:48 AM
රියදුරා කියන්නේ රියදුරා, ජනාධිපතිතුමා වුණත්, රියදුරු අසුනේදි, රියදුරා.. සරලයි.
fairoos Sunday, 02 January 2022 01:05 PM
මේක සියදිවි නසාගැනීමක් වෙන්නත් පුළුවන්...
kamalMonday, 03 January 2022 06:46 AM
ඒකටනම් ඔච්චර කරදර වෙන්න ඕනයෑ. ගෑස් ලිපේ වතුර එකක් රත් කරන්න ගියානම් වැඩේ ලේසියෙන් කරගන්න තිබුනා.
ආරච්චිගේ Tuesday, 04 January 2022 10:24 AM
ගේට්ටුවක් දාලා තිබුනනම් ඔය දේ වෙන්නේ නැහැ.. අපිත් අපි දන්නැති පැත්තක යනකොට ඔයා දේවල් වෙන්න ඉඩ තියෙනවා. සංඥා ආලෝක කුළුණු ඒවා පේන් නෑ පෙළක් තැන්වල...
Mathayas Wednesday, 05 January 2022 09:44 AM
මොහු එම පළාතේම පදිංචිකරුවෙක්