IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඉංජිනේරුවා බේරා ගත් හැටි තාම රහසක්

නයිජීරියාවේ කප්පම් කල්ලියක් විසින් පැහැර ගැනුණු ලාංකික ඉංජිනේරුවා බේරා ගත් ආකාරය ගැන නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය කිසිවක් නොකියයි.

ඔහු බේරා ගැනීමට ඔහු සේවය කළ ඉතාලි සමාගම මුල් වූ බව තානාපති ආරංචි පවසයි.

දැනගන්නට ඇති විදියට කප්පමේ කොටසක් හෝ දෙන්නට ඇතැයි ද, ඉතාලි සමාගම ඔහු මුදා ගැනීමට වෙහෙසී ඇතැයි ද කියති.

කරුණාදාස නම් ඉංජිනේරුවරයා පසුගිය 18 වැනි දා පැහැර ගැනුණේ ඉතාලි සමාගමේ නයිජීරියා වැඩ බිමට යන අතර තුරේය. ඔහුගේ ආරක්ෂාවට සිටි නයිජීරියා පොලිස් භටයා වෙඩි තබා මරා ඔහුගේ රියදුරාට ද වෙඩි තබා ඔහු පැහැරගෙන ගොස් මහා කැළයේ රඳවාගෙන සිටි බව කියති.

රඳවා ගත් දවසේ සිට නිතරම වේයන්ගොඩ ඔහුගේ බිරියට දුරකතනයෙන් කතා කළ නමුත්  පසුගිය දින කිහිපයේ ඔහු දුරකතනයෙන් කතා නොකළ බව ද දැනගන්නට ඇත.

නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඒ එල් රත්නපාල මහතා ද මොහු බේරා ගැනීමට මහ මෙහෙවරක් කළ බව නයිජීරියා ආරංචි කියයි.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාද බදාදා (27) ඉංජිනේරුවා මුදාහැර ඇති බව පැවසීය.

නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මේ ගැන කරුණාදාස මහතාගේ ඥාතීන්ට දැනුම් දුන් බවද අජිත් පී. පෙරේරා මහතා කීවේය.

 



අදහස් (0)

ඉංජිනේරුවා බේරා ගත් හැටි තාම රහසක්

සරත් Thursday, 28 May 2015 07:57 AM

මව්බිමට සේවය කරන්න කවුද රස්සාවක් දෙන්නේ? (ත)

:       0       0

සරණ Thursday, 28 May 2015 08:07 AM

නානායක්කාර, මේ වෘත්තිකයා උපයන මුදල් යවන්නේ ස්වාසිලන්තයට නොවේ, ලංකාවටමයි. අද ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය විදෙස් ශ්‍රමිකයින්. (බ)

:       0       0

සමීර මෙල්බර්න් Thursday, 28 May 2015 08:27 AM

නානායක්කාර වගේ මෝඩයෝ හින්ද තමයිලංකාවේ හොර දේශපාලඥයෝ රජ කරන්නේ. (බ)

:       0       0

සමන් දකුණු අප්‍රිකාව Thursday, 28 May 2015 08:56 AM

නානායක්කාර අපේ රටේ ප්‍රධාන ආදායමක් අපි පිට රට වැඩ කරලා එවන මුදල් තණ්හාවකට අපි පිට රට වැඩ කරන්නේ නැහැ වැඩි මුදලක් උපයලා ඉක්මනින් ලංකාව එන්න තමා කාගේත් උනන්දුව ලංකාව වගේ රත්තරන් රටක් දාල මොන මිනිහද කැමති පිටරට ඉන්න ,කටුනායකින් එක වරක් වත් ගිහිල්ල තිබුන නම් තේරවි (ම)

:       0       0

නිමාලි Thursday, 28 May 2015 09:06 AM

මගේ මහත්මය ප්‍රධාන නාවික ඉංගිනේරු හැටියට රුපියල් ලක්ෂ 15ක් පමණ මාසික වැටුපක් ලබනවා වරක් ලංකා බැංකු කළමනාකරුට ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඔහුට කතා කරන්න අවශ්‍ය වුනත් මුහුද මැද නිසා අපහසු වුන වෙලාවේ මට කීව මේ මිනිස්සු මොනට මේවයේ රස්සාවට යනවද මන්ද කියල. එවිට මන් කිව්වා ඔගොල්ලන්ටත් පඩි ගෙවන්නේ මේ වගේ මිනිස්සු එවන මුදල් නිසා තමයි කිව්වම මගේ වැඩෙත් නොකර අතහැරිය. (බ)

:       0       0

දුමින්ද Thursday, 28 May 2015 10:22 AM

හැමෝම විදේශ විනිමය ගෙන්න රට යන්න හැදුවොත් රටට යන කල දසාව කුමක්ද? (ම)

:       0       0

දුඩු කුමින්ඩහ් Thursday, 28 May 2015 10:40 AM

හැමෝම විදේශ විනිමය ගේන්න ගියොත් රට සුඛිත මුදිත වෙනවා දුමින්දයානෝ...(ම)

:       0       0

සුදත් ශ්‍රී Thursday, 28 May 2015 10:43 AM

දුමින්ද, හැමෝම නෙමේ, හොඳට ඉගෙන ගත්තු බුද්ධිමත් අයට තමා විදේශ රටවල ලොකු වැටුපක් සමඟ වැදගත් රැකියා ලැබෙන්නේ. (ම)

:       0       0

තරංග සම්පත් Thursday, 28 May 2015 10:58 AM

සමහරුන්ගේ බුද්ධිය අදහස්වලින් පේනවා,,හැමෝම රට ගිහින් සල්ලි එවුවත් දුමින්දල,නානායක්කාරල වගෙ හිතන අය ඉන්නකන් රටේ කලදාස වෙන්ස් වෙන්නෙ නෑ..(ම)

:       0       0

මධුමින්දක Thursday, 28 May 2015 11:02 AM

නිමාලි මහත්මිය ඔය වගේ දේවල් වෙන්නේ මිනිස්සුන්ගේ නොදන්නකමත් උඩඟු කමත් නිසා. ඒ කෙසේ වෙතත් ඔහුව බේරාගැනීමට කට යුතු කළ සැමටම ස්තුති කළ යුතුයි (ම)

:       0       0

ප්‍රභා Thursday, 28 May 2015 12:06 PM

නානායක්කාර මිදී කඩාගන්න බැරි වෙච්ච නරිය වගේ (බ)

:       0       0

ඩුන්ගු Thursday, 28 May 2015 07:26 AM

හරි පුද්ගලයා හරි තැන තිබ්බාම සියල්ල හරි විදියට කෙරෙනවා, කෙසේ හෝ මොහු බේරගත්තට ඔවුන් සියලු දෙනාටම ස්තුති.(ම)

:       0       0

නානායක්කාර Thursday, 28 May 2015 07:39 AM

මුදල් තණ්හාව අතහැර මව්බිමට සේවය කරන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 17 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 133 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 92 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 416 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 943 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 3369 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37537 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24729 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site