IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ඉතියෝපියාවේ යුධ කලාපයක සිරව සිටි ශ්‍රී ලාංකිකයෝ 38 ක් බේරා ගැනෙති



( තිළිණි ද සිල්වා)

ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි යුද කලාපයක් වන ටයිග්‍රේ  ප්‍රදේශයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්  38 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 


මෙලෙස මුදා ගනු ලැබුවේ ඉතියෝපියාවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවයේ  නියුතු වූ පිරිසකි.මෙම පිරිසෙන් බහුතර කාන්තාවෝ වෙති.

විදේශ අමාත්‍යාංශයේ උපදෙස් මත එරට අඩිස් අබාබා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්  ඉතියෝපියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය සමඟ සිදු කළ සාකච්ඡාවකින් පසුව  මෙම ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදවා ගැනීමට හැකි වූ බවද එම අමාත්‍යාංශය කීය.

මෙම ලාංකිකයන් පිරිස සමග ඉතියෝපියාවේ ටයිග්‍රේ ප්‍රදේශයේ සිරවී සිටි තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් එම ප්‍රදේශයේ  සිට ඉතියෝපියාවේ අෆාර් ප්‍රදේශය වෙත රැගෙන ගොස්, මේවන විට සිට අඩිස් අබාබා අගනුවර වෙත රැගෙනවිත් තිබෙන බවද ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

 මෙම සියලුම ලාංකිකයින් ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද එම තානාපති කාර්යාලය පෙන්වා දේ.

ඉතියෝපියාවේ බෙදුම්වාදී සංවිධානයක් වන ටයිග්‍රේ ජනතා විමුක්ති පෙරමුණට අයත් ප්‍රාදේශීය හමුදා ෆෙඩරල් හමුදා කඳවුරකට පහර දීමෙන් පසුව, ඉතියෝපියාවේ රජය විසින් ඉකුත් දා ටයිග්‍රේ කලාපයේ හමුදා මෙහෙයුම් ආරම්භ කරනු ලැබූ අතර එම මෙහෙයුම් අනුව මෙම පිරිස බේරා ගැනීමට හැකිවී ඇත.



අදහස් (3)

ඉතියෝපියාවේ යුධ කලාපයක සිරව සිටි ශ්‍රී ලාංකිකයෝ 38 ක් බේරා ගැනෙති

banda Friday, 27 November 2020 12:00 PM

බලාගෙන ගියාම ලංකාවේ මිනිස්සුත් නැති තැනක් නේ...

:       0       13

Buddhika P Friday, 27 November 2020 02:29 PM

මම එක සැරයක් ඝානා වල අක්කා ඉඳලා කිමී 1000ක් විතර දුරින් තියෙන WB ව්‍යාපෘති එකකට CFO හැටියට පෝස්ට් කරලා හිටියා ටික කාලයක්. බෝල්ගැටන්ගා (බොල්ගා) පළාතේ... හරිම දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක්... එක දවසක් මම ළඟ පාරේ අයිනේ තියෙන පුංචි කඩේකට ගියා පොඩි පොඩි බඩු ටිකක් ගන්න. රාක්ක වල තියෙන දේවල් බලාගෙන යනකොට, එකපාරටම සිංහල අකුරු තියෙන පැකට් කීපයක් පෙනුනා. පුදුම කලබලෙකින්, මේ මොකක්ද කියලා බැලුවේ. ඒ මැලිබන් ලෙමන් පෆ් පැකට් ගොඩක්. එච්චර ඈතට ලංකාව කොහොමද ආවේ කියලා කියන්න බැරි සතුටක් ඇති වුණා.

:       1       32

සෙනෙවිරත්න Saturday, 28 November 2020 01:50 PM

විලි ලැජ්ජයි. දෙදහස් පන්සිය වසරක ඉතිහාසෙ කට ඇරියොත්... ජාතිය වෙනුවෙන් මැරෙන්නයි සූදානම... කොහොමද හැත්තෑ වසරක කෙරුවාව...? ඉස්සර බඩගිනි කාරයෙක් කනකොට අහන්නේ ඉතියෝපියාවේ ඉදලාද ආවේ කියලා... අද ඒ රටේ ඇඟලුම් කම්හල් වලට අපේ කාන්තාවො.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොළඹ පුර සබේට ස්වයංක්‍රීය ආදායම් උපයන පද්ධතියක්
2025 අප්‍රේල් මස 29 44 0

කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (KOICA) ආධාර යටතේ කොළඹ මහ නගර සභාව සඳහා පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් තන


ලංකා සිසුන්ට සිංගප්පූරු උපාධි ගන්න ගිවිසුමක්
2025 අප්‍රේල් මස 29 51 0

උසස් අධ්‍යාපන සහයෝගීතාවන් උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්


ජනපති වියට්නාමයට
2025 අප්‍රේල් මස 29 210 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පුනර්ජනනීය බල ශක්තියට තවත් දොරක් අරී
2025 අප්‍රේල් මස 29 270 0

භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.


රබර් පාලන පනත පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 29 122 0

රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බැංකු මූල්‍ය ප්‍රකාශ -මෙහෙයුම් වාර්තාව ජනපතිට
2025 අප්‍රේල් මස 29 115 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1042 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 445 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 590 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site