IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඉතාලියෙදී ගුවන් ටිකට් ගන්නේ බලාගෙනයි

ඉතාලියේ සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයන් ගුවන් ටිකට් විකිණීමේ ආයතන අටවාගෙන ශ්‍රී ලාංකිකයන්ටම වංචා කරන අවස්ථා වැඩිවී ඇතැයි පැමිණිලි ලැබී තිබේ. ඇතැමුන් ශ්‍රී ලංකාවට යෑමට සහ ඒමට ‘ටිකට්‘ පත් විකුණා මුදල් ගනියි. පරිගණකයෙන් නිකුත් කරන එම ටිකට්පතින් ආපසු ඒමට නොහැකි බව රෝමයේ ශ්‍රී ලාංකිකයෙක් කියයි. ඔහු මේ ගැන පැමිණිලි කළ විට මුදලින් අඩක් දී ඉතිරිය නොදී මගහරිතියි කියයි. බ්‍රෙසියා නගරයේ ලාංකිකයකු එවැනි ගනුදෙනුවකින් යුරෝ 650ක් වංචා කළැයි ඉතාලි පොලීසියට පැමිණිලි කර ඇත. මෙවැනි වංචාවලට අසුවන බොහෝ දෙනෙකු පාඩුව විඳගෙන නිසොල්මනේ සිටිතියි කියති.



අදහස් (0)

ඉතාලියෙදී ගුවන් ටිකට් ගන්නේ බලාගෙනයි

මධු Friday, 14 September 2012 04:30 PM

ඉතින් කලින් පරීක්ෂාකරන්න ක්‍රමයක් නැද්ද (දී)

:       0       0

කුරේ නාවලගේ Friday, 14 September 2012 11:09 PM

ඔය කට්ටිය 'ඔන්ලයින්' බුක් කරගන්නකෝ. (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 14 September 2012 04:55 PM

ලංකාවේ මිනිස්සුන්ව විශ්වාස කරන්න අමාරුයි (දී)

:       0       0

උපුල් Friday, 14 September 2012 05:14 PM

හැම දෙයක් පස්සෙම ලංකාවේ කවූරුහරි ඉන්නවා (දී)

:       0       0

චන්ද්‍රසිරි Friday, 14 September 2012 11:33 PM

ලේසියෙන් වැඩකරගන්න යන අය අහුවෙනවා‍‍....(ස)

:       0       0

ලාල් Friday, 14 September 2012 05:23 PM

ලෝකේ ඕනෑම රටක් එකයි අපිට (දී)

:       0       0

පනාගොඩ Friday, 14 September 2012 05:30 PM

ලංකාවේ නම ලෝකේ කොතන හරි තියෙනවා නේද (දී)

:       0       0

නන්දන Friday, 14 September 2012 05:33 PM

පුදුම වදනේ. බයක් සැකක් නැතිව කරන වැඩ (දී)

:       0       0

රන්ජිත් Friday, 14 September 2012 05:35 PM

රට යන්නත් බයයි (දී)

:       0       0

රන්ජිත් Friday, 14 September 2012 05:35 PM

පාරේ බැහැල යන්න බැහැනේ දැන් (දී)

:       0       0

සුනිල් Friday, 14 September 2012 05:34 PM

ලංකාවට විතරක් නෙවෙයි. ලෝකෙම විනාස වෙලා වගේ (දී)

:       0       0

තිලක් Saturday, 15 September 2012 12:33 AM

ඔබ මිලටගත් ගුවන් ටිකට් පත සත්‍ය එකක් ද කියා බැලීමට අදාල airline එකේ manage a booking වලට ගොස් reservation code සහ last name එක enter කරන්න එවිට එය සත්‍ය ගුවන් ticket එකක්නම් ගමන් විස්තර හා ticket එක confirmed කර තිබෙන බව ඔබට දැකගත හැක .එසේ නැතිනම් එය හොර ticket එකකි . .(ස)

:       0       0

දිල්ෂාන් Saturday, 15 September 2012 01:08 AM

මේ පුවත අපිට කියා අපිව දැනුවත් කලට ලංකාදීපෙට ස්තුති (දී)

:       0       0

කුමාර Friday, 14 September 2012 06:51 PM

ලංකාවේ විතරයි කියල හිතුවේ (දී)

:       0       0

පාලිත මායාදුන්නේ Saturday, 15 September 2012 03:29 PM

ඔබ ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී ගුවන් තොටුපළ කාර්යාලයෙන් හෝ අන්තර්ජාලය මගින් ලබාගන්න..!(නු)

:       0       0

සේනාරත්න Friday, 14 September 2012 07:10 PM

ඔය තියෙන්නේ

:       0       0

ඉන්දික Sunday, 16 September 2012 10:18 AM

ගෙදරම ඉන්න තරමටම හොදයි (දී)

:       0       0

මද්දුම Sunday, 16 September 2012 10:26 AM

ඉතාලියේ තියන හැම කාර්යාලයක්ම එහෙම නෑ.අව0කව වැඩ කරන අයත් ඉන්නව.අන්තර්ජාලයෙන් ගන්න බැරි හේතු කීපයක් තියනව. හැමෝටම ඒ ගැන දැනීමක් නැතිකම, හැමෝටම ක්‍රෙඩිට් කාඩ් නැතිකම, අන්තර්ජාලයෙන් ගන්න ටිකට් වල ගෙන යා හැකි බර ප්‍රමාණය අඩු වීම හා තවත් නොයෙකුත් පාහසුකම් අඩුවීම වගෙ කාරණා තමයි එයට හේතු. (දී)

:       0       0

ඉන්දික Sunday, 16 September 2012 10:26 AM

ටිකට් විතරක් නෙවෙයි. දැන් හුස්ස්ම ගන්න වෙන්නෙත් හරි පරිස්සමෙන් (දී)

:       0       0

සුජිත් පෙර්රා Saturday, 15 September 2012 04:26 PM

තිලක් ඉතාලියෙ ඉන්න ලංකාවෙ අය ගැන දන්නෙ නැහැ වගේ.. මැද පෙරදිග ඉන්න අයට වඩා අසරණයෝ ටිකක් තමයි ඉන්නෙ..!!(නු)

:       0       0

ලාල් ගලබොඩ Saturday, 15 September 2012 04:38 PM

හැකිතාක් අපේ සහෝදර සහෝදරියන්ව දැනුවත් කරන්න,තිලක් කියපු ක්‍රමයත් හරි එත් පරිගණක මාර්ගයෙන් ඇණවුම් කිරීමට හැමෝටම බැහැ.. හැම දෙනාටම ක්‍රෙඩිට් කාඩ් නැති නිසා වංචා කිරීම් වැඩියි.අනේ කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේ අහිංසක මිනිසුන්ව තවත් අමාරුවේ දාන්න එපා.කටුනායකින් එලියට යනකොටත් ගසා කනවා..,එතනින් එන විටත් ගසා කනවා,මෙහේ ඉන්න අයත් ගසාගෙන කන්නේ .හොර වැඩ කරන මහත්ම මහත්මිනි ඔය දෙය තමන්ට උනොත් මොකද කියා හිතන්න.එතකොට ඇස ඇරෙයි.ස්තුතියි. (නු)

:       0       0

රොෂාන් Friday, 14 September 2012 07:37 PM

ජනතාව අතරමන්

:       0       0

ලසන්ත Friday, 14 September 2012 02:39 PM

කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නේ නෑ...(ස)

:       0       0

මනම්පේරි Friday, 14 September 2012 08:59 PM

අපේ අයියලා කොතැන ගියත් අංක එක. (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Friday, 14 September 2012 03:12 PM

ඉතාලියේ ඉන්න ගොඩක් දෙනෙක් ඕක දැන් අවුරුදු ගානක් කරනවා මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නෙ නැහැ. සුනාමියට නිකන් යන්න එන්න දුන්න ටිකට් පවා වික්කා .(ස)

:       0       0

වරුණ Friday, 14 September 2012 03:15 PM

අපේ අය නසන්නේ අපේ අයමයි .හදවතක් තියෙන මිනිස්සුනම් ඔහොම කරන්නේ නෑ...(ස)

:       0       0

ප්‍රසන්න Friday, 14 September 2012 09:05 PM

ගෙදරින් එලියට යන්න වෙන්නේ නැති පාටක් තියෙන්නේ (දී)

:       0       0

මහේෂ් Friday, 14 September 2012 03:37 PM

අපේ මිනිස්සුන්ට ටිකක් අඩුවෙන් දුන්නොත් ඕන කුණු ගොඩක් ගන්නවා...(ස).

:       0       0

අමිල කටුනායක Friday, 14 September 2012 09:45 PM

ඕවා හැමදාම බැහැ මල්ලී. කොයි වෙලේ හරි ටිකට් එක ඇදෙනවා. (නි)

:       0       0

සේනානායක Friday, 14 September 2012 03:38 PM

ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ...(ස)

:       0       0

සහන් දසනායක Saturday, 15 September 2012 09:18 PM

මෙකෙන් වෙන්නෙ ලන්කවෙ ඉන්නෙ හොරු කියන එක මුලු ඉතාලියම දනගන්න එක...(නු)

:       0       0

අර්ජුන Friday, 14 September 2012 10:09 PM

අයියෝ සල්ලි

:       0       0

ශාෆික් Saturday, 15 September 2012 10:48 AM

පුළුවන්තරම් online tickets ගන්න බලන්න නැතිනම් ඒ අදාල airline එකෙන්ම ගන්න. තිලක් කියපුදෙත් හරි .(ස)

:       0       0

කැටවල Friday, 14 September 2012 04:06 PM

ලංකාවේ කිසි කෙනෙක් එක්ක ගණුදෙනු කරන්න එපා..ඔක්කොම හොරු .(ස)

:       0       0

වසන්ත Saturday, 15 September 2012 11:15 AM

මෙයාලා අපේ රටේ නම කනවා. .(ස)

:       0       0

ප්‍රනාන්දු Friday, 14 September 2012 04:04 PM

ඉතාලියෙ ඉන්න ශ්‍රී ලාංකිකයින්ම තමා තමුන්ගෙම රටේ අයව රවට්ටලා හම්බ කරන්නෙ..රස්සාවක් කරන්න බැරි කාලකන්නි කරනනේ ඔපිස් එකක් අටවගෙන තමුන්ගෙ රටේ අයවම අන්දන එක තමා....(ස)

:       0       0

ලාල් ගලබොඩ Saturday, 15 September 2012 10:24 PM

මේ නිවුස් එක නිසා ඇත්තටම හරියට මේ දේ කරන ලාංකිකයෝ ගැනත් මිනිස්සු වැරදියට හිතනවා. (දී)

:       0       0

සුමුදු Saturday, 15 September 2012 10:25 PM

මේ අය නිසා ඇත්තටම හරියට මේ දේ කරන ලාංකිකයන් ගැනත් මිනිසුන් වැරදියට හිතනවා. ඉතාලි රජයේ ලියාපදිංචි ආයතනයකින් ටිකට් පත මිලට ගන්න එක තමා වඩාත් නිවැරදි. අපේ අය ගොඩක් පුරුදු වෙලා ඉන්නේ කවුරු හරි ලාබෙට දෙනවා නම්, ගහක් යට ඉඳන් ටිකට් එක විකුණුවත් , හොයලා නොබලා පොඩි වාසියට ටිකට් පත් මිලදී ගන්නයි. අනිත් දේ තමයි තිලක් කියපු විදියට ටිකට් පත මිලදී ගත්තට පසු එය අන්තර්ජාලය මගින් පරික්ෂා කිරීමක් කරන්න පුළුවන්. (නි)

:       0       0

අජිත් Saturday, 15 September 2012 10:38 PM

උඩින් යන්න එපා. එන්න මගෙත් එක්ක. මම මුහුදෙන් එක්ක යන්නම් (දී)

:       0       0

පිටිගල Saturday, 15 September 2012 12:46 PM

හොර සල්ලි වගේ හොර වීසත් තියෙනවද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 93 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 264 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 584 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 393 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 324 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1421 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site