IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඉතාලියෙන් ජිනීවා යන පිරිසට බස් මදි වේ

ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවරදි 24 වැනිදා උදෑසන පැවැත්වෙන උත්ඝෝෂණය සදහා ඉතාලියේ නොයෙක් නගර නියෝජනය කරමින් බස් රථ  42 කින් ශ්‍රි ලාංකිකයෝ එහි යෑමට සුදානමින් සිටිති.

 සංවිධායකයින් පවසුයේ තවත් බොහෝ පිරිසක් රට වෙනුවෙන් මේ උද්ඝෝණයට සහභාගි විම සදහා ජිනිවා නුවරට යෑමට සිටියත් බස් රථ සදහා ප්‍රතිපාදන නොමැති කමින් අකමැත්තෙන් හෝ ඔවුන් රැගෙන යාමට නොහැකි වී ඇති බවයි.

මිලානෝ නගරයෙන් බස් රථ 20ක් ,රෝමයෙන් 7ක් ,වෙරෝනා නගරයෙන් 5ක් ,නාපොලි නගරයෙන් 3ක් ,මෝදනා නගරයෙන් 2ක්, පාදෝවා, ෆිරෙන්සි, බොලොඥ්ඥා, මොන්සා,කෝමෝ නගරවලින් බසය බැගින් ජිනිවා නුවර වෙත යෑමට නියමිතය.
 



අදහස් (0)

ඉතාලියෙන් ජිනීවා යන පිරිසට බස් මදි වේ

සරත් බංඩාර Friday, 21 March 2014 02:19 AM

මම ඉන්නේ මිලනෝ, ඒත් ලංකාදීපෙන් දකිනකල් ඔය කියන සෙල්ලන් දන්නේ නැහැනේ. දියුනු රටකට ඇවිත් පරන පව් පස්සේ දුවනවා.(නදී)

:       0       0

ගාමිණී අබුඩාබි Friday, 21 March 2014 02:19 AM

ගියාට මොකද රටේ නම කැත කරන්න එපා සහෝදරවරුනි.(නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Friday, 21 March 2014 03:08 AM

ක්‍රිෂාන්ත ඔබ තුමාගේ කතාව එතරම් හොද නැත. අපේ මව් බිම වෙනුවෙන් කරන සැම හොද දෙයක්ම අපි අගේ කලයුතුයි.(නදී)

:       0       0

දමිත මිලානෝ Friday, 21 March 2014 03:18 AM

නන්දන ඔය විදිහට කියල තියෙන්නේ , එහෙනම් අපේ රට රැකපු සෙබළු සේරමත් කැම්පස් ගිහින්ද අපට රට රැකල දුන්නේ ,ලාංකිකයෝ විදිහට දැන්වත් හිතන්න.(නදී)

:       0       0

හාර්මෙන් මෙලන්සන් Friday, 21 March 2014 04:59 AM

ගෝ ශ්‍රී ලංකා ගෝ, සැමට අපේ සුබ පැතුම්.(නදී)

:       0       0

රොකී Friday, 21 March 2014 07:51 AM

විචාර බුද්ධියක් ඇති නන්දන පනාගොඩ වගේ මිනිසුන් තව තවත් බිහිවේවා! අපේ මිනිසුන්ට එහෙම එකක් තිබුනා නම් මේ වගේ දේවල් එච්චර දුර දිග නොයන්න ඉඩ තිබුනා! අපේ රටට ලොකුම හානිය සිද්ධ වෙන්නේ `බොරු ජාති ආල` සෝඩා බෝතල් කාරයින්ගෙන්.(නදී)

:       0       0

චමී Thursday, 20 March 2014 03:21 PM

ඔන්න මිනිස්සු .ලංකාව ගැන කැක්කුමක් තියනවා .ජයෙන් ජය වේවා... (ත)

:       0       0

කුමාර් Thursday, 20 March 2014 03:51 PM

මාර්තු 18 9.00 ට ඉතාලි රායි ස්ටෝරියා රුපවාහිනී වැඩ සටහනින් අපේ ලංකාව සහ පාලනය හෙළා දකින වැඩ සටහනක් විකාශනය වුණා. බොරු වැඩ නොකර ඒක ගැන සොයා බලන්න.

:       0       0

සිල්වා Thursday, 20 March 2014 03:55 PM

අපේ රටට වින කරන අයට විරුද්දව සියලු ශ්‍රී ලාංකිකයෝ ඒකරාශි වෙන්න ඕනෑ. මේ වෙලාවේ මගේ සුබ පැතුම් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට. (ත)

:       0       0

රමේෂ් Friday, 21 March 2014 10:31 AM

ඔය යෝජනාවේ රතුපස්වල වගේ සිද්දි ගැනත් තියන බව මතක තිය ගන්න. (නදී)

:       0       0

මධුෂාන් සංජීව Friday, 21 March 2014 11:17 AM

මේ අයට පිස්සු නේද? (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Friday, 21 March 2014 11:23 AM

ඔය ජිනීවා වල සිදුවෙන්නේ මොනවද කියල හරියට දැනුමක් ඇතිවද ඔය කට්ටිය යන්නේ .මතක තියාගන්න රටට විරුද්දව ජිනීවා වල කිසිවක් සිදුවෙන්නේ නැහැ. පාලකයින් ජාත්‍යන්තරයට දීපු පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිවයි එතන කටයුතු සිදු වෙන්නේ. රටට එරෙහිව නම් ,රට වෙනුවෙන් ආරක්ෂක අංශ වල හිටපු අය හැටියට අපිත් යනවා.(නදී)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 20 March 2014 05:26 PM

කිසිම තේරුමක් නැති වැඩක් , තවත් අපේ රට ගැන මහා රටවල් කලකිරෙන වැඩ මේවා. (නදී)

:       0       0

සමන් Thursday, 20 March 2014 05:41 PM

ඔය නිකන් නේ බස් වලින් අරන් යන්නේ. ගිහින් ජිනිවා බලල එන්ඩ.(නදී)

:       0       0

මාලා බංඩාරනායක Thursday, 20 March 2014 06:28 PM

මම සුභ පතනවා ඉතාලියේ ඉන්න අපේ මව් බිමේ අයට .(නදී)

:       0       0

රුවන් Thursday, 20 March 2014 06:54 PM

ඔය බස් වලට සල්ලි ආවේ කොහෙන්ද කියල හැමෝම දන්නවා.(ත)

:       0       0

නතාෂා පෙරේරා Friday, 21 March 2014 02:04 PM

මම නම් මේ දේවල් අනුමත කරන්නේ නැහැ. (අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 20 March 2014 09:52 PM

මේ ජිනීවා යන්න හදන පිරිස පත්තරයක් වත් කියවන්නේ නැද්ද? මොකටද යන්නේ? මොනාද වෙලා තියෙන්නේ? අපේ රටට කියල තියෙන්නේ රාජ්‍ය මැදිහත්වීමකින් මානව හිමිකම් උල්ලංගනය වීම ගැන පරීක්ෂණ පවත්වන්න කියාය. ඉතින් අයි අපි මේකට විරුද්ධ වන්නේ? (ත)

:       0       0

අචල Thursday, 20 March 2014 10:39 PM

ලංකාවට වඩා හොදට සංවිධානය කරලා තියෙනවා වගේ (දී)

:       0       0

කමල් දේශප්‍රිය Thursday, 20 March 2014 10:39 PM

ඇත්තටම අපේ උපහාරය (දී)

:       0       0

නඩරාජා Friday, 21 March 2014 12:05 AM

මගේ සුබපැතුම්, ඔබ සැමට ජයවේවා ! (නදී)

:       0       0

චින්තක මිලානෝ Friday, 21 March 2014 12:08 AM

තවත් බස් 3ක් විතර උතුරු ඉතාලියේ ව්‍යාපාරික එකමුතුවෙන් අරන් දෙනවා. මදි උන බස් වෙනුවෙන් මහා ලොකුවට කෑගහන අර සංගමයේ කට්ටිය එක බස් එකක්වත් අරන් දුන්නද. ඒ අය නිකන්නේ ජිනිව යන්නේ. අනේ මේ අය සටන් පවතින කාලේ කොහෙද හිටියේ. ලොරෙතෝ වල අපි එල්ටිටි එකත් එක්ක ගහගද්දී මේ අය අපිට දොස් කිව්වා රටම කනවා කියලා.(නදී)

:       0       0

සත්‍යා Friday, 21 March 2014 12:31 AM

කැමට,බිමට බස් වලට ලංකාවෙන් සල්ලි. කට්ටිය පොඩි ජොලියක් දානවා වගේ.(නදී)

:       0       0

වීරසේකරගේ Friday, 21 March 2014 01:58 AM

බස් වලට මුදල් ගෙවන්නේ රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්. ඒ කියන්නේ ඒ මුදල් ශ්‍රී ලංකාවේ මහජන මුදල්. අන්තිමට මත් වතුර සහ බත් පැකට් එකක් වෙයිද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 134 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 65 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 564 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 498 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3347 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 147 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22079 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21930 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 347 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site