IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඉතාලියෙන් ලංකාවට රෝහලක්

ලොම්බාර්දියා  පළාත් සභාවේ  නියෝජ්‍ය සභාපති සහ සෞඛ්‍ය ප්‍රධානී මාරියෝ මන්තොවානී  සහ පාර්ලිමේන්තු  මන්ත්‍රී  ලුකා ස්ක්චේරී  මහත්වරුන් විසින්  මිලානෝහි  ශ්‍රී ලාංකිකයින් හට කරන සැලැකිල්ලක් ලෙසින්  ශ්‍රී ලංකාවේ රෝහලක් ඉඳි කිරීමට  කැමැත්ත පළ කර ඇත.

ඒ  සඳහා  ඉතාලි රජයේ  මුදල් හා ආර්ථික  නියෝජ්‍ය  අමාත්‍ය  ලුයිගි කසේරෝ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන එල්නෝ වෙන්තෙමෙරෝ මහත්මිය සහ මව්රිසියෝ බර්නාඩෝ  මහතාගේ සහායද මීට ලැබී ඇත.

මාරියෝ මන්තොවානී  මහතාට ස්තූතිය පළකිරිමේ හා ව්‍යාපෘතියේ කටයුතු සාකඩ්ඡා  සඳහා වන විශේෂ හමුවක් ඔක්තෝබර් 20 වැනි දින මිලානෝ නුවරදී පැවැත්වීමට ද යයි.

 



අදහස් (0)

ඉතාලියෙන් ලංකාවට රෝහලක්

සෙන්තිල් Thursday, 03 October 2013 12:05 AM

ඔය රෝහල මහියංගනය හෝ මොනරාගල හදන්න දෙන්න එපා. (නි)

:       0       0

වෙන්නප්පුවේ චමින්ද Thursday, 03 October 2013 12:26 AM

නන්දන පනාගොඩ මහත්තයෝ, ඇත්තටම ඔබතුමාට පිස්සුද? යන්නේ කොහෙද මල්ලේ පොල්. (නි)

:       0       0

නලින් මිලානෝ Thursday, 03 October 2013 01:01 AM

මෙය ජාතික මෙහෙවරක්.මේ සදහා මිලානෝ සියලුම ශ්‍රි ලාංකිකයන් එකට එකතුවී මෙම ඉතාලි ජාතිකයන් ඉදිරියේ ශ්‍රි ලාංකික අපගේ බලවේගය ඔහුන්ට පෙන්විය යුතුයි. (නි)

:       0       0

රෝහණ Thursday, 03 October 2013 01:18 AM

නන්දිකඩාල් කලපුවේ හදමු‍කෝ එකක් (නි)

:       0       0

බන්ටු Thursday, 03 October 2013 01:30 AM

ඉතාම හොඳ වැඩක්.මම කැමතියි දැනගන්න පිටිගල මිලානෝ සහ නන්දන පනාගොඩ මිලානෝ මේ වෙනුවෙන් යොදවපු දායකත්වය කුමක්ද කියලා. (නි)

:       0       0

කුමාර Thursday, 03 October 2013 01:51 AM

නන්දන, ඔබ හරි (නි)

:       0       0

චමින්ද Wednesday, 02 October 2013 07:20 PM

සුනාමිය වෙලාවේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ලාංකිකයෝ ඒ වගේම ඕස්ට්‍රේලියානු ජාතිකයන් පුදුම විදියට ලංකාවට උදව් කළේ. (නි)

:       0       0

හසිත Wednesday, 02 October 2013 07:20 PM

ඉතාලිය දැන් අපිට වැඩිය දුප්පත්. දැන් අපි පොහොසත් රජයක්. (නි)

:       0       0

සරත් Thursday, 03 October 2013 06:47 AM

බොහොම පින් අතේ වැඩක් (නි)

:       0       0

මිනිපෙ Thursday, 03 October 2013 07:21 AM

ඉතාලියට වැලේ-වැල් නැතුව ඉන්නේ. කොහොමද මන්දා මේවා කරන්නේ? (නි)

:       0       0

ප්‍රියන්ත මිලානෝ Thursday, 03 October 2013 01:15 PM

නන්දන පනාගොඩ හෑමදාම වගේ අදත් මෝඩ කතාවක් ලියලා. (නි)

:       0       0

නලින් Wednesday, 02 October 2013 08:10 PM

නියම වැඩක් (දී)

:       0       0

නිලංග වොට්ෆොර්ඩ් Thursday, 03 October 2013 01:18 PM

මේ සත්කාරය කළ අයගේ නම්, ගම් විස්තර ප්‍රසිද්ධ කරන්න. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 02 October 2013 09:36 PM

නාගරික චන්ද ලං වෙනකොට මේ වගේ දේවල් ඇහෙනවා මොකද දැන් දැන් ඉතාලි පුරවැසි භාවය තියන ලංකාවේ ඉතා අතලොස්සක් ඉන්න නිසා. මේ අය එම ශ්‍රී ලංකිකයන්ට අල්ලන කුරුමානමට කිසිම ලියාපදිංචි සහතිකයක් වත් නැති හෙට අනිද්දා පොලිසියට අහුවුනොත් ඩීපොට් වෙන වෙන්නප්පු අයියලා ටිකක් මත් ගතියෙන්ම ඉස්පිරිතාලෙක සොඳුරු සිහිනයක් දකිනවා. (දී)

:       0       0

සිරියලතා Wednesday, 02 October 2013 04:03 PM

කෝ අර පිටිගල, දොඩවා දොඩවා ඉන්නේ නැතිව ඕවට උඩු කරන්න,දැන් කියයි එයාල තමා ඕකට මුල් උනේ කියලා (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Wednesday, 02 October 2013 04:35 PM

හදන්නේ වෙන්නප්පුවේ වෙන්න ඇති. ඊට වඩා නොදියුණු තැන් ඕනි තරම් තියෙනවා. (ස)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 02 October 2013 04:39 PM

විටින් විට මෙවැනි යෝජනා පසුගිය කාල වකවානුවේදී මතු වුනා විවිධ ව්‍යාපෘති තුලින්. මේවා යෝජනා වුන පමණින් ඉබේ ලැබෙන්නේ නැත. ලබා ගන්න නම් මුළු මිලානෝ තිබෙන පන්සල් සහ අන්‍යාගමික සංවිධාන එකතු වී කමිටුවක් පත් කර පුජ්‍ය පක්ෂය සමඟ ගොස් මේවා ලබා ගන්න ක්‍රම වේදයකට යන්න. ලංකාවේ විවිධ පක්ෂ තමන් නියෝජනය කරන්නේ යයි කියමින් තිබෙන එකම සමිතියක් වත් මේවට ගාවා ගෙන මෙම වටිනා අවස්තාව නැති කරගන්න එපා. (ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 03 October 2013 09:57 AM

ඉතාලියෙන් රෝහලක් ලැබීම අගය කල යුත්තක්, රෝහලක් විතරක් ලැබිලා වැඩක් නැහැ.ඉතාලි දොස්තරලගේ සහ හෙදියන්ගේ ලෙඩුන්ට තිබෙන කාරුණික සේවය ගැන අපේ දොස්තර හා හෙදියන්ට පුහුණුවක් ලබාදිය යුතුයි.ඇත්තටම අද ලංකාවේ තිබෙන්නේ දොස්තර මාෆියාවක්, ඇත්තටම මෙහෙ දොස්තරලා සහ හෙදියන්ගේ එකමුතු බව, කාරුණික සේවය දැක්කම, අපිට අපි ගැනම ලජ්ජා හිතෙනවා. (ස)

:       0       0

සජිනි මදුෂානි ඉතාලිය Wednesday, 02 October 2013 04:39 PM

මෙහි ඉන්නේ ධීවරයන් කිව්වට . ඒ ධීවරයන් වෙනුවෙන් සලකන ඉතාලි මැති ඇමති වරු ඉන්නවා . අපට සමහරු ගැරැහුවට මෙහි සිටින ඉතාලි ජාතිකයන් අපිව සාදරයෙන් පිලිගන්නවා. (ස)

:       0       0

කුමාරන Wednesday, 02 October 2013 04:40 PM

කරුණා කරලා ඔය රෝහල මහියංගනය දුෂ්කර ගමකට හෝ මොනරාගල දුෂ්කර ගමකට දෙන්න. (ස)

:       0       0

අසෝක Wednesday, 02 October 2013 04:41 PM

අදහස් නම් ඉතාමත් වටිනා දෙයක්! ඒ වගේම ලොකු පින් කමක්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ලංකාවෙන් ඔය අදහසට කොහොම ප්‍රතිචාර දක්වයිද කියන එක. අපිත් ලංකාවේ අංග විකල රෝහලක් හදලා, ඒ සඳහා අවුරුදු 5ක් යනකම් මෙහෙ විකලාංග රෝහලේ වෛද්‍යවරුන් සහ අවශ්‍ය අනිකුත් අය ඒ සදහා ලංකාවේ අයට පුහුණුවක් ලබාදීමටත් කැමැත්තෙන් සිටියත්. අන්තිමට ඉතින් සුනාමියට උදව් කරන්න අපේ අයට වෙච්ච දේම තමයි උනේ. ඒ විද්‍යා විශේෂඥයෝ මෙහෙන් නිවාඩු පවා අනුමත කර ගෙනන් සුදානමින් හිටියා. (ස)

:       0       0

පර්සි බණ්ඩාර Wednesday, 02 October 2013 04:42 PM

පිටිගල මිලානොව දැන් ඕවාට කවුරුත් සම්බන්ධ කර ගන්නේ නැහැලු (නි)

:       0       0

අනුර Thursday, 03 October 2013 10:09 AM

මේක හදන්න ඕන කුරුඳුවත්තේ. රනිල් මහතාට දුර ගමන් බැහැ දැන්, කොල්ලුපිටිය අවටින් වඩාත් ගැලපෙනවා. (ස)

:       0       0

කුසුම් Wednesday, 02 October 2013 05:21 PM

ඔය සජිනි මදුෂානිම නේද" ඉතාලියේ ඉන්නේ 85% නුගත් ධිවර කම්කරුවෝ " කියලා ලියා තිබුනේ? මානසික රෝගීන්ට ඉතාලි ජාතිකයින් ගොඩක් අනුකම්පා කරන බව මා අසා තිබුනා. ඒක නිවැරදියි. අද හොඳින් තහවුරු වුණා (නි)

:       0       0

ගාමිණි Wednesday, 02 October 2013 05:28 PM

මොන තරම් දේවල් පිටරැටියන් අපි වෙනුවෙන් කරනවද? බලන්න ,මේවට විරුද්ධව ලියන පහත් පෙලේ අය කොපමණ ඉන්නවද කියලා. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 02 October 2013 05:30 PM

ලංකා ආණ්ඩුව කැමැත්ත දේවිද? (නි)

:       0       0

සජිනි මදුෂානි Wednesday, 02 October 2013 10:54 PM

කුසුම්ගේ කතාව සම්පුර්ණ ඇත්ත. මම ඔයා සමග එකගයි. මේක ලංකාවට අරින්නේ නැතුව මෙහෙ ඉන්න ලාංකිකයන් පරික්ෂා කිරීමට දුන්නා නම් හොඳයි (නි)

:       0       0

වජිර Wednesday, 02 October 2013 05:39 PM

ලංකාවේ අපේ සත්ගුණවත් දේශපාලකයින් ඔය ව‍ගේ වැඩ නිකන් කරයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 69 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 45 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 378 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 196 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 855 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 846 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21557 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21211 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 169 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site