IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඉතාලියේ තවත් පන්සලක් අද පිහිටවේ

ඉතාලියේ සිසිලි බෞද්ධ විහාරය ආසන්නයේ කටානියා බෞද්ධ විහාරය නමින් නව විහාරස්ථානයක් අද පිහිටවීමට නියමිතය.

සිසිලි විහාරාධිපති වගේගොඩ සීලානන්ද හිමියන් පැවසුවේ තමන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර සිටියදී පන්සලේ අපකීර්තිමත් සිද්ධියක් වූ බවයි. එයට වගකිවයුතු පුද්ගලයා පන්සලෙන් ඉවත් කල බවත් ඒ සිද්ධියට තමන් වහන්සේගේ කිසිම සම්බන්ධයක් නැති බවත් පැවසූහ.  එවැන්නක් ඇතැයි ඔප්පු කළහොත් තමන් වහන්සේ පන්සලෙන් ඉවත් වී ශ්‍රී ලංකාවට වැඩම කරන බවත් ඒ හිමියෝ පැවසූහ.

මෙවැනි අවස්ථාවලදී  දායකයන් නොබෙදී  තීරණ ගැනීම වැදගත් බවද විහාරස්ථානයේ දායක සභාව යලි එකමුතු වී පන්සල පවත්වාගෙන යාම සදහා සහය දෙන ලෙස තමන් වහන්සේ ඉල්ලා සිටින බවද පැවසූහ.

මල් ආසන සාදන්නේද, එය කඩා දමන්නේද මිනිසුන් වන අතර මිනිසුන් නොමැතිව ආගමක් ධර්මයක් නොපවතින බව ද මිනිසුන් සමග ක්‍රියා කිරීමේදී යතිවරු කල්පනාකාරී විය යුතුයැයි ද ඉතාලියේ ප්‍රධාන සංඝනායක රෝම ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ කීහ.

 



අදහස් (0)

ඉතාලියේ තවත් පන්සලක් අද පිහිටවේ

රාණි Monday, 15 April 2013 08:19 AM

කිසිම කෙනෙක් කිසිම ආගමකට බලෙන් හරවා ගන්නේ නැහැ. පල්ලියෙන් උදවු කළහම ඒ ගැන පැහැදිලා මිනිස්සු ඒ ආගමට බැදෙන්න පෙළඹෙනවා.මේක දැක්කම සමහරු බය වෙනවා.තව ටික කාලයකින් තේරෙයි. (නි)

:       0       0

නන්දන Monday, 15 April 2013 08:20 AM

නන්දලාල් මහත්තයෝ, පල්ලියෙන් බඩු මුට්ටු බෙදන්නේ ආගමට හරවාගන්න නොවේ. හැබැයි බඩු මුට්ටු බෙදුවට පස්සේ ආගමට එන්න නම් අහනවා. (නි)

:       0       0

රූපා Monday, 15 April 2013 08:25 AM

ලාල් ජකර්තා, අපි මැවුම් වාදේ විශ්වාස කරන්නම්. ඔබ කරුමවාදේ විශ්වාස කරන්න. මට නොතේරෙන දේ තමයි ඔය දහම ඔය තරම් රත්තරන් නම් ඇයි අනික් මිනිස්සු ඔය තරම් පහසුවෙන් වෙන ආගම් වලට බැදෙන්නේ කියන එක. (නි)

:       0       0

ඉලේපරුම Sunday, 14 April 2013 02:08 PM

ක්‍රිස්තියානි රටක පන්සලක් හැදීමට විරුද්ධව ඉතාලියේ ක්‍රිස්තියානි බල සේනාව පෙළපාලි ගියේ නැද්ද?(නදී)

:       0       0

ජෝයි Monday, 15 April 2013 08:27 AM

මේවා කරන්නේ කවුද කියලා අපි දන්නවා. (නි)

:       0       0

නිමල Monday, 15 April 2013 08:30 AM

ලාල් ජකර්තා, දැන් ඔබේ කරුම වැඩේට අනුව ඔක්කොම වෙන්නේ කරුමෙටනේ. ඉතින් ඇයි මේ වද වෙන්නේ? (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 15 April 2013 08:31 AM

හරි සන්තෝෂයි. (නි)

:       0       0

සැම්සන් Sunday, 14 April 2013 02:23 PM

ආගම සදහා පිල් බෙදීම ගැන කණගාටුයි. (නි)

:       0       0

නීලා Monday, 15 April 2013 08:34 AM

කෙනෙක් කොහොමද තව කෙනෙක් බලෙන් හරවා ගන්නේ.එක්කෝ යාප්පුවෙන් හරවා ගන්න ඕනෑ. නැත්නම් රවට්ටලා හරවගන්න ඕනෑ. මේ මොන විදියෙන් කළත් තමන් රැවටුනා කියලා දැනෙද්දී එතන ඉන්නේ නැහැ, ආපහු යනවා. ඇයි බලෙන් හරවනවා කියන්නේ. (නි)

:       0       0

සුනේත්‍රා Sunday, 14 April 2013 02:36 PM

ලංකාවේ වගේ කුහක ජාති වෙන රටවල නෑ.(නදී)

:       0       0

සූකිරි Sunday, 14 April 2013 02:46 PM

ඉලේපෙරුම කිව වගේ එතකොට එහෙමයි මෙහාට මෙහෙමයි.(නදී)

:       0       0

පාල Sunday, 14 April 2013 02:48 PM

එහෙ කවුරුත් කියන්නේ නැද්ද ඉතාලිය අල්ලන්ට යනවා කියලා. ක්‍රිස්තියානි ආගම සහ සංස්කෘතිය අල්ලනවා කියලා. මෙහෙ වගේ ජාති වාදී රැස්වීම් එස් එම එස් එහෙ නැද්ද?(නදී)

:       0       0

සේන Sunday, 14 April 2013 02:50 PM

සිංහලයා ඉතාලි ගෑනු දුෂනය කලයි කියලා වාර්තා උනා. එතකොට එහෙ අයත් ක්‍රියා කරන්නෙත් සිංහල කෙනෙක් කල විදිහටද නැති නම් සමණිය පුරවැසියෙක් කල විදි හටද?(නදී)

:       0       0

මාලක Sunday, 14 April 2013 02:51 PM

මෙන්න මේකට තමයි දෙපිට කාට්ටු කම කියන්නේ. එහෙ පන්සල් හදද්දී එක කතාවක්. මෙහෙ පල්ලියක් හදද්දී බුද්දාගම විනාස කරන කුමන්ත්‍රණ. කාටද කියන්නේ මේවා.(නදී)

:       0       0

ලසන්ත Sunday, 14 April 2013 02:52 PM

දන්නා කෙනෙක් මට කරුණාකර කියා දෙන්න ඇයි බෞද්ධ නොවන කෙනෙක් බුද්දහගමට යද්දී සත්‍ය අවබෝද කලේ කියලත් බෞද්ධ කෙනෙක් වෙන ආගමකට යද්දී හරවා ගත්ත කියල කියන්නෙත් කියලා.(නදී)

:       0       0

ශීලා Monday, 15 April 2013 09:28 AM

නන්දලාල්, පල්ලියෙන් උදවු කරනකල් බලාගෙන ඉන්නේ නැතුව පන්සලෙන් උදවු කළා නම් පල්ලියට කරන්න දෙයක් නැතුව යනවා. වෙලා තියෙන්නේ මිනිස්සු පන්සලට උදවු කළ යුතු වීම. අනික් අයට බැන බැන ඉන්නේ නැතුව නරකද පන්සල වැඩේට බැස්සොත්. (නි)

:       0       0

නීලා Sunday, 14 April 2013 02:53 PM

මෙන්න සේනාවට වචනයෙන් නොව ක්‍රියාවෙන් කනේ පාරක්.(නදී)

:       0       0

සේන Monday, 15 April 2013 09:31 AM

ලෝකේ ආගමක් නොමැති ජනගහනේ 26% ඉන්නවා. දකුණු කොරියාවේ ආගමක් නැති කොටස 54%. ආගම තියෙන්නේ ආර්ථික ප්‍රශ්න විසදන්න නොවුණත් මිනිස්සු දුප්පත් වෙද්දී ආර්ථික අවශ්‍යතා නිසා තමයි සාස්තරකාරයෝ ආගම පස්සේ දුවන්නේ. පෝසත් රටවල ආගමක් නැති ප්‍රමානේ වැඩි වෙන්නේ එකයි. (නි)

:       0       0

සුධීර Monday, 15 April 2013 09:31 AM

ලාල් ජකර්තා, එතකොට අර පන්සල් වල තියෙන දේව පිළිම හින්දු ආගමෙන් කොපි කරපුවද? (නි)

:       0       0

වීරසිංහ Sunday, 14 April 2013 02:56 PM

අර සේනා මේ සේනා දැන් කෝ? (නදී)

:       0       0

පාල Monday, 15 April 2013 09:33 AM

නන්දලාල්, යටි කුට්ටු වැඩ කරන්නේ අපි නෙමෙයි ඔහේලයි. (නි)

:       0       0

චූලා Sunday, 14 April 2013 02:58 PM

මොකද ආගම් වාදියෝ ගොලුවෙලා. කටේ පිට්ටු හිර වෙලා වගේ දැනෙනවද මේවා දැක්කම. (නදී)

:       0       0

මාලා Monday, 15 April 2013 09:37 AM

එක එක්කෙනා දාලා ගල් ගස්සන්නේ නැතුව නරකද පන්සලත් මිනිස්සුන්ට උදවු කරලා ආගමට බැදෙන්න කිවුවොත්. එතකොට බෞද්ධයොත් වැඩිවෙයි,හාමුදුරුවන්ට දානේ ගැන බය වෙන්න දේකුත් නැහැ (නි)

:       0       0

සුනිල් සිල්වා Sunday, 14 April 2013 02:59 PM

නියමයි.(නදී)

:       0       0

මුරුගන් Monday, 15 April 2013 09:41 AM

ඕනෑම කෙනෙක්ට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය උපතින්ම ලැබෙන අයිතියක්. ඔය ලාල් ජකර්තා,නන්දලාල් වගේ අය කියන්නේ එහෙම අයිතියක් මිනිස්සුන්ට නැහැ කියලද? ඔබ එසේ කියනවා නම් අපි කණගාටු වෙමු. නමුත් ඔබ වැනි අය නිසා මේකත් ජිනීවා යන දවස වැඩි ඈතක නැහැ. (නි)

:       0       0

ජෝයි Sunday, 14 April 2013 03:02 PM

මෙන්න උතුම් මිනිස්සු. ආගම වාදේ, ජාති වාදේ, ඉරිසියාව, කරෝධය, මෛයිත්‍රීය, අන්‍යයන්ට සැලකීම, මානව හිමිකම්, සමානාත්ම තාවය අතින් උතුම් මිනිස්සු. හැබැයි අපේ පුරාජේරු කාරයන්ට අනුව නම් අපි තම ලෝකෙන්ම උතුම්.(නදී)

:       0       0

මාලක Monday, 15 April 2013 09:43 AM

දැන් මේ බෞද්ධ අය විතරමද අනික් ආගම්වලට හැරෙන්නේ? ඇයි හින්දු අය හැරෙන්නෙම නැද්ද, ක්‍රිස්තියානි අය හැරෙන්නෙම නැද්ද. නමුත් කියන්නේ බෞද්ධයෝ විතරක් හරවා ගන්නවා කියලා. එහෙම වෙන්න බැහැනේ. (නි)

:       0       0

ශීලා Sunday, 14 April 2013 03:03 PM

මේක බෞද්ධ ව්‍යාප්ත වාදේ වැඩක් නෙවේද එතකොට? . මේකට දේශපාලන විද්‍යාවේ කියන වචනේ බෞද්ධ වියප්තවාදේ නෙවේද එතකොට?(නදී)

:       0       0

ජීවන් Sunday, 14 April 2013 03:06 PM

ඉතාලියේ විතරක් නෙවේ ඕමාන වගේ මුස්ලිම් රටවලත් පන්සල්, කෝවිල් හදා ගන්ට ඉඩ දීල තියනවා. මේක තමා ලෝක ප්‍රජත්න්ත්රවාදේ. මේකට ගරු නොකරන මෝඩයෝ නිසා අපි නිකන් කොන් වෙන එක විතරයි වෙන්නේ.(නදී)

:       0       0

අමිල Sunday, 14 April 2013 03:07 PM

මේක තමයි දියුණු රටකයි නොදියුනි රටකයි වෙනස .(නදී)

:       0       0

රීටා Sunday, 14 April 2013 03:08 PM

මම පත්තරේක දැක්කා මේ දවස් වල කතරගමට එන විශාල සෙනග නිසා අරක්කු පෝලිම්, කුකුල් මස් පෝලිම්, බිත්තර පෝලිම් හැමතැනම කියලා. මේවා කරන්නේ බෞද්ධ නොවන අයද?. අර රැස්වීම් තිය තිය හු තියන අය ඉස්සරලා කරන්න ඕන තමන්ගේ අයගෙන් ඇග බේර ගන්න එක නේද?(නදී)

:       0       0

ජගත් පැරිසිය Sunday, 14 April 2013 03:11 PM

අද සිසිලියේ හෙට පැරිසියේ ... (නි)

:       0       0

රකිත් Monday, 15 April 2013 10:06 AM

ලසන්ත, බුදු දහමේ නිර්මාතෘවරයා, ඔය සමහර ආගම්වල උගන්වන පරිදි, මෙය තමයි සෑම කෙනකු විසින් පිළිපැදිය යුතු සත්‍යය, එසේ නොකරන අයට දෙවියන් විසින් දඬුවම් කරනු ඇතැයි කොතනකවත් පවසා නැත. තවද, තමන් වහන්සේ දේශනා කළ පලියට එය පිළිනොගන්නා ලෙසත්, තම තමන් විසින්ම තේරුම් ගෙන පිළිපදින ලෙසත් දේශනා කළේය. (නි)

:       0       0

මාරසිංහ Monday, 15 April 2013 10:07 AM

ඒ කෝන්ට එන්ට එපා කියල පාරවල් ගැනේ කෑගහඟෙන ගියා නේද?(නු)

:       0       0

නිමලා Monday, 15 April 2013 10:09 AM

නන්දලාල් මහත්තයෝ, මට කියන්න ඇයි දියවඩන නිලමේකම කුලවාදයෙන් තෝරන්නේ කියලා. (නි)

:       0       0

සදුන් Sunday, 14 April 2013 03:54 PM

හිතවතුනි මෙහෙ පන්සලක් හදන්නේ සිංහල බැතිමතුන්ට නිසි අවසර ඇතුව. පන්සලක් හැදුවට අපේ පාඩුවේ ආගමක් අදහනවා මිසක් ලංකාවේ වගේ සංස්කෘතික මංකොල්ලයක් සිද්ද වෙන්නේ නැහැ. බලෙන් ආගමට හැරවීමක් සිද්ද වෙන්නෙත් නැහැ.(නදී)

:       0       0

නිමල් Monday, 15 April 2013 10:30 AM

බුදුදහම නැති වෙන්නේ අන්‍යාගමිකයින් නිසා නොවේ.බෞද්ධයින් නිසාමය. (නි)

:       0       0

කුමාර් Sunday, 14 April 2013 04:03 PM

අපි බෞද්ධයෝ වෙනුවෙන් යාඥා කරනවා ගැලවීම ලැබෙන්න කියලා. (නි)

:       0       0

මහේෂ් Monday, 15 April 2013 10:58 AM

ලාල් මහතා අපි හිගන්නෝ වගේ යදින්නම්.... ඔබ දාසයකු නැති නම් වහලකු ලෙස වැද වැටෙන්න... (නි)

:       0       0

ප්‍රතිභා Sunday, 14 April 2013 04:29 PM

ලසන්ත අහන ප්‍රශ්නෙම තමයි මමත් මේ කල්පනා කරන්නේ. (නි)

:       0       0

සංජීව Sunday, 14 April 2013 04:36 PM

සත්‍යවාදී බුදු දහමට අගෞරව නොකරන්න. බුදු දහමේ ව්‍යාප්තිය උදෙසා හැකිතාක් එහි දියුණුවට සරිලන අයුරින් වැඩ කරන්න. නැත්නම් අපි සියලු දෙනාට සසර නැමැති සාගරයෙන් එතෙර වීමක් නොමැත. එසේම අනෙකුත් ආගම් වලට ගෞරව කිරීමද කලයුතුය. (නි)

:       0       0

සුධීර Monday, 15 April 2013 10:59 AM

ලාල් මහතාණෙනි, හිගන්නකු ලෙස යැදීමත්,දාසයකු හෝ වහලකු ලෙස වැද වැටීමත් අතරේ කිසිම වෙනසක් මා නම් නොදකිමි. (නි)

:       0       0

ප්‍රියා Monday, 15 April 2013 11:17 AM

මම ජීවත් වන්නේ විදෙස් රටක. මෙහි සිටින මගේ මිතුරියක් ඇය අදහන ආගමට මා ගැනීමට නොගන්නා උත්සහයක් නැහැ. නමුත් මැ අදහන ආගම මම කිසිදු විටක වෙනස් නොකරමි. මෙහි අපගේ ආගමට අදාල කටයුතු කිරීමට ස්ථානයක් නොමැතිමුත් එය මට බාධාවක් නොවේ. රටක අදාල සංස්කෘතියක් තිබෙන බැවින් එයට අනවශ්‍ය බලපෑමක් කිරීමට අපට නොහැක. එය අප රටටත් අදාලය. (නි)

:       0       0

මහේෂ් Sunday, 14 April 2013 05:51 PM

ආගම පෙරට ගෙන උඩ පනින්නේ නුගත් බඩගෝස්තරවාදියෝ. (නදී)

:       0       0

හේරත් Sunday, 14 April 2013 05:58 PM

ඉස්සර රජ කාලේ අසූ හාරදහසක් වෙහෙර විහාර තිබුනලු. මිනිසුන් දහමින් සාමයෙන් කල් ගත කලාලු. මොකද අනේ ඉතින් මේ කෑගහන්නේ? (නි)

:       0       0

නන්දලාල් Sunday, 14 April 2013 05:58 PM

මේකේ අදහස් දාලා තියෙන ගොඩක් අයටයි මේ කියන්නේ. ලෝකේ කොහේ පන්සලක් හැදුවත් කවදාවත් කිසිකෙනෙක් ආගම පතුරවන්න හිතාගෙන බදු මුට්ටු බෙදන්නේ නැහැ. ගෙවල් ගානේ ගිහින් මිනිසුන්ට පොඩි පොඩි සහන දීලා බලෙන් ආගමට බදවගන්නේ නැහැ. විවාහයකදී තමන්ගේ ආගමට බදවාගන්න බල කරන්නේ නැහැ. විවිධ සංවිධාන පිහිටවාගෙන අනෙකුත් ආගම විනාශ කරන යටිකූට්ටු වැඩ කරන්නේ නැහැ. වෙන රටවලට බලෙන් ඇතුලු වෙලා එරට ජාතිය විනාශ කරන්න වැඩ කරන්නේ නැහැ.පිහිට පතාගෙන පන්සලට පැමිනෙන පිරිසට සත්‍ය වටහාදෙමින් යථාර්ථවාදය කුමක්ද කියාදෙනවා. (නි)

:       0       0

මෝරලා Sunday, 14 April 2013 06:18 PM

ඉලේපෙරුම සහ ලසන්ත අහන ප්‍රශ්නවලට ලංකාවේ නියම බෞද්ධයෙක් හැටියට කොහාම උත්තර දෙන්නද කියා මා ලජ්ජාවෙමි. (නි)

:       0       0

සමන් Sunday, 14 April 2013 06:40 PM

ඔහොම ගිහින් ඊළගට කට්ටිය කියයිද දන්නෙ නැහැ ඉතාලියේ පාරවල් වලටත් බෞද්ධ නම් දාන්න ඕනෑ කියලා? (නි)

:       0       0

සෙනරත් Sunday, 14 April 2013 06:53 PM

මිනිසුන්ට උදව් කරන එක මෙහෙ ව්තරක් නෙමෙයි, ඉතාලියෙත් කරනවා. එය මුස්ලිම්,බුද්ධාගම,කතෝලික,හින්දු යන හැමෝටම එකයි. ඒවායින් උදව් අරගෙන ඉන්න අය ඕනෑ තරම් එහෙ ඉන්නවා.ඒ කියලා කිසිම කෙනෙක්ව බලෙන් ආගමට ගන්නෙ නැහැ. ඒ අයට ලෑබෙන ආදායමෙන් අන් අයට උදව් කරනවා. (නි)

:       0       0

රොහාන් Sunday, 14 April 2013 06:54 PM

මහේෂ්, ඔබ හරි. බණ කියන අය මිසක් ඒවා පිළිපදින අය අද නැහැ. අද ගොඩක් අය බුදුහාමුදුරුවන්ටත් වැඩිය ඉහල බෞද්ධයෝ! (නි)

:       0       0

සුසාන් Sunday, 14 April 2013 06:55 PM

මෙහි නියම සත්‍ය තේරුම්ගෙන ඇත්තේ නන්දලාල් පමණි . (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 14 April 2013 07:05 PM

මේ අය ලංකාවේ වගේ කලබල වුණේ නැහැ. සේනා සංවිධානය කළේ නැහැ... (නි)

:       0       0

සම්පත් පෙරේරා Monday, 15 April 2013 01:01 PM

වසන්ත සුරන්ජන් මහත්තයා හිටියානම් ඔය කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

හේරත් Sunday, 14 April 2013 07:37 PM

බුදු දහම ආගමක් නොව කදිම ආර්ශනයකි. " එව." ..."බලව ".... කියන්නේ ඒ නිසයි. තම තම නැණ පමණින් පමණයි දැන ගත යුතු. නන්දලාල් පුතා කියන්නෙත් ඒකමයි. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 April 2013 07:53 PM

මහේෂ් නමැති පුද්ගලයා මහේෂාක්‍ය අන්දමට අදහස් පළකළත් කිසිම ආගමක් දහමක් නොහදුනන කිසිම ආගමකට ගරු නොකරන අසංවර අශීලාචාර පුද්ගලයකු බව ඉතා පැහැදිලිය. (නි)

:       0       0

නිමල් පුනාන්දු Monday, 15 April 2013 01:29 PM

ක්‍රිස්ත්‍රියානි, හින්දු, බෞද්ධ රටවල පල්ලි සෑදීමට, බෞද්ධ විහාර සෑදීමට, කෝවිල් සෑදීමට තම ආගම ඇදහීමට නිදහස තිබෙනවා. නමුත් මුස්ලිම් රටවල නිදහස නැහැ. අනෙක් ආගම් වල නිදහස නැති කරමින් තම ආගම ප්‍රචලිත කිරීම, දේවස්ථාන පිහිටුවීමට ඉල්ලීම අසාධාරණයි. මොකද මොහොමඩිලා මේ ගැන කියන්නේ (නි)

:       0       0

ලාල් ජකර්තා Sunday, 14 April 2013 08:19 PM

ලසන්ත, බෞද්ධ නොවන කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ බූදුන්වහන්සේගේ දර්ශනය තමන් විසින්ම කල පර්යේෂානාත්මක අවබෝධයක් තුලින් පමණයි. සමහර ආගම්වල ගන්න තරම් ධර්ම කරුණක් නැහැ. මැවුම්කාර මනක්කල්පිත දෙවියෙක් නිර්මානය කරගෙන හිගන්නො වගේ යදීන එක තමයි ඉගැන්විම. සමහර මෝඩ බෞද්ධ අයත් මේවට හරවා ගන්නව. එවැනි මොඩ බෞද්ධ අය කරන්නේ රත්තරන් විසිකරලා මළකඩ කාපු යකඩ අතට ගත්ත වගේ දෙයක්. අද කතෝලික රටවල අය බුද්ධිමත්. මනක්කල්පිත දෙවියෙක්ට යාඥා කරලා ගැලවීම ලබන්න නොහැකි බවත් බූදුන්වහන්සේගේ දර්ශනය උසස් බව, නිවැරදී බව එ අය අවබොධ කරගෙන නිසා බූදුදහම ව්යාප්තවිම වේගවත්. බුදුසරණයි! (නදී)

:       0       0

ලාල් ජකර්තා Sunday, 14 April 2013 08:33 PM

නන්දලාල්ගේ කියමන 100% නිවැරදීයි. (නදී)

:       0       0

ඉලේපෙරුම Sunday, 14 April 2013 08:59 PM

මස් මාංස අනුභවය හා බුද්ධ ධර්මය පටලවා ගන්න අවශ්‍ය නෑ. දෙව්දත් තෙරුන් බුදු හාමුදුරුවන් වෙතින් ඉල්ලූ වර 5න් එකක් තමා භික්ෂූන් වහන්සේලා දිවි තිබෙනතුරු මස් මාංස අනුභවෙයන් වැළකීම. මෙම ඉල්ලීම් පහම ප්‍රතික්සේප වුණා. බුදු හාමුදුරුවන් විසින් භික්ෂූන් වහන්සේලාට තහනම් නොකල මස් මාංස අනුභවය ගිහියන්ට කොහෙත්ම තහනම් නෑ.(නදී)

:       0       0

ලාල් ජකර්තා Sunday, 14 April 2013 09:01 PM

කුමාර්, බෞද්ධයන්ට ගැලවීම ලබාදෙන්න ඔබ හිගන්නේක් වගේ යදීන්න අවශය නැහැ. බෞද්ධයන්ට ගැලවීමේ මාර්ගයක් බූදුන්වහන්සේගේ දර්ශනය තුල තිබේ. කරන යැදීමක් ඔබගේ ගැලවීම වෙනුවෙන් කරගන්න. (නදී)

:       0       0

සෑම් Sunday, 14 April 2013 09:56 PM

ඉලේපෙරුම දැක්කේ නැද්ද අන්‍ය ආගමිකයන් ඊයේ පෙරේදා තුම්මුල්ල වට රවුමේ බෞද්ධයන්ට විරුද්ධව පෙළපාලි ගියා.(නදී)

:       0       0

ශෙනාල් Sunday, 14 April 2013 11:04 PM

බුද්ධ දර්ශනය හැමෝටම අවබෝධ වේවා ! (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 15 April 2013 03:00 PM

ලාල් සහ නන්ද ලාල් මෙතන අයගේ අදහස් අනුව ලාල් වෙනුවට පාන් යනුවෙන් ඔබ දෙදෙනාගේ නම් වෙනස් කරගෑනීම මෙම සිංහල අවුරුද්දේ මැනවි. (නි)

:       0       0

සෙන්තිල් Monday, 15 April 2013 12:22 AM

මොකද ඒ ගමන දැන් ඉතාලියේත් පටන් ගත්තද පන්සල් හදන්න? (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 15 April 2013 12:24 AM

අනේ ස්වාමිනි, නිවනට මේ කිසිවක් අදාළ නැහැ නේද? (නි)

:       0       0

ප්රිමල් Monday, 15 April 2013 01:05 AM

මේ අය කතා කරන්නේ කැටේනියා නගරයේ පන්සලේ නියම විස්තරය නොදැනයි. (නි)

:       0       0

මානෙල් Monday, 15 April 2013 02:26 AM

සිසිලි බෞද්ධ විහාරයෙන් සිදු වෙන සේවය මදි නිසා අපි තවත් පන්සලක් දැම්මේ. මේවා අහලා අපි කලකිරෙන්නේ නැහැ. (නි)

:       0       0

රම්සි Monday, 15 April 2013 02:36 AM

වතිකානුවේ පන්සල් හදන්න පුළුවන්. ඒත් දඹුල්ලේ පල්ලි හදන්න තහනම්. (නි)

:       0       0

චන්දා Monday, 15 April 2013 03:27 AM

නල දරුවන්ට කොහොම පිළිතුරු දෙන්නද මන්දා. බුදු දහම , බොදුනුවා බොදු හැදියාව, වැරදියට අල්ලාගෙන කතා ගොතනාවට.. (නි)

:       0       0

සුමුදු වර්ණකුලසුරිය Monday, 15 April 2013 05:35 AM

ලංකාවේ පල්ලියක් හැදුවොත් අන්‍යාගමිකරණය. පිටරටක පන්සලක් හැදුවොත් සත්‍යාවබෝධය. බලන්න කොච්චර සාධාරණද කියලා. බලාගෙන යනකොට බෞද්ධයින්ට වගේම කතෝලිකයන්ටත් ඉවසීම, සහජීවනය තියෙනවනේ. ඒත් එක බෞද්ධයෙක්වත් ඒ ගැන කතා කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. (නි)

:       0       0

දිසා Monday, 15 April 2013 06:01 AM

මට හිතෙන විදියටනම් මේකට අහවල්ලුන්ගේ සම්බන්ධයක් තියෙනවා වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 454 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1958 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2406 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3774 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38560 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25377 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site