IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ඉතාලියේ සිට දේශීය ගීත සම්ප්‍රදාය පෝෂණ කරන අංජලිකා

20160901Anjalika-2අංජලිකා රසාංජලී ප්‍රනාන්දු ලංකාවේ ඉපිද වර්තමානයේ ඉතාලියේ ජීවත්වන ඉතා දක්ෂ හැකියාවන්ගෙන් හෙබී සුන්දර යුවැත්තියකි. කුඩා කල සිට සංගීතයට දැඩි ලෙස ඇලුම්කරන මැය ප්‍රවීණ ගුරුභවතුන්ගේ මගපෙන්වීම මත තම උපතින් ලද සංගීතමය හැකියාව වැඩි දියුණු කරමින් ගීත කිහිපයක්ම තම රසික රසිකාවියන්ට තිළිණ කර ඇත. වර්තමානයේ ඉතාලියේ වෙරෝනාහි ජීවත් වන ඇය පසුගිය අප්‍රේල් 24 වැනිදා වෙරෝනා නගරය තුළ දැවැන්ත ප්‍රසංගයක් පවත්වමින් එම නගරය තුළ සිටින තම රසික රසිකාවියන්ගේ මනදොළ පිනවූවාය.

20160901Anjalika-12008 වසරේදී ‘සමාවෙන්න ගුරු පියාණෙනි’ ගීතය ගායනා කරමින් තම සංගීත ජීවිතය ඇරඹූ ඇය එම ගීතයට රූප රචනයක් එක් කිරීම තුළින් ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍ය දෙකින්ම එය රසවින්දනයට ප්‍රේක්ෂකයාට සැලැස්වීය. රොෂාන් ප්‍රනාන්දු සංගීතවත් කළ මෙම ගීතයට පද රචනය තුළින් සහාය දැක්වූයේ සමීර ප්‍රේමචන්ද්‍රයන්ය. මැයගේ දෙවැනි ගීතය ලෙස ‘ගෙවැට කඩුල්ලේ’ යන ගීතය නිර්මාණය විය. මෙම ගීතයේ පද රචනය සුමිත් සුසන්ත අතින් නිමවූ අතර, සංගීත නිර්මාණය නවරත්න ගමගේ අතින් නිම විය. තෙවැනි ගීතය ලෙස ‘හිත හඬන තරම්’ ගීතය තිළිණ රුහුණගේ අතින් සංගීතවත් වෙමින් සමීර ප්‍රේමචන්ද්‍රයන් අතින් පද නිර්මාණය විය. මෙලෙස ගීත රාශියක් ගායනා කරන ඇය එකිනෙකට වෙනස් ආරකින් නිර්මාණය වූ ගීත ගයනය තුළින් ශ්‍රී ලාංකේය ගීත සම්ප්‍රදායට නව අරුතක් එක් කළාය.

මැයගේ නවතම ගීතය ලෙස ‘සිතින් පාරමී’ ගීතය නිර්මාණය වූ අතර, මෙයට චන්දන වල්පොළ, සමීර ප්‍රේමචන්ද්‍ර හා හරි ක්‍රියේෂන් කාර්යමණ්ඩලයද සහයෝගය දක්වා තිබේ. ඉදිරියේදී හේෂාන් ලිවේරාගේ ගීතයකට පණ පොවන ඇය එම ගීතය තුළින් සංගීතයේ නව මුහුණුවරකට මුල පිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ.

දෑත් දිගු කළෝ

ප්‍රථමයෙන් මට මග පෙන්වූ මාගේ ආදරණීය දෙමාපියන් හා රෝයි ලියනගේ මහතා මතක් කළ යුතුයි. එමෙන්ම මාගේ ගීත කිහිපයකටම පද රචනයෙන් සහයෝගය දුන් සමීර ප්‍රේමචන්ද්‍ර මහතාද සිහිපත් කරන අතර, හේෂාන් ලිවේරා මහතාට විශේෂයෙන් මතක් කර සිටිනවා. එමෙන්ම මට නන් අයුරින් සහයෝගය දුන් සැමට ස්තුති කරන අතර, ඉඳුනිල් සිංදු මහතාවද මතක් කර සිටිනවා. 

20160901Anjalika-3 20160901Anjalika-4 20160901Anjalika-5



අදහස් (0)

ඉතාලියේ සිට දේශීය ගීත සම්ප්‍රදාය පෝෂණ කරන අංජලිකා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 239 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 627 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 124 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 567 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 662 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1105 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site