IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ඉතාලි අමුත්තා මහලු මවට සතුටු කඳුළු ගෙනෙයි

දහස් ගණනක් ගැවසෙන පිලියන්දල නගරයේ පදික වේදිකාවක් මත සිඟමන් යදින මහලු කාන්තාවකි. ඇය සමග අවුරුදු තූනක් පමන වයසැති කූඩා දරුවෙකි.

මෙ දෙස බලාසිටීන කරුණාවන්ත පුද්ගලයෙක් මොවුන් දෙදෙනා අසලට පැමිණෙයි. ඔහු මහලු කාන්තාවගෙන් තොරතූරු වීමසයි. ඵහෙත් ඇයට කතාකළ නොහැකිය. ඇය ගොලුය. කූඩාදරුවාගේ හිස අතගාමින් දරුවා සමග දොඩමලු වන මෙම පුද්ගලයා ලගට පැමිණේන ඵ් අසල වෙළදසැල් හිමියෙකූ මහලු කාන්තාවත හා  දරුවා ගැන තොරතූරු කියයි.

මහත්තයෝ මේ ආචිචි ගොඩක් කල් ඉදලා මෙතන ඉන්නේ. දුවගේ දරවො තමයි මේ ඉන්නේ. දරුවා ආච්චිගාව දාලා දුව අතූරුදන් වෙලා. ආචිචි හිඟා කාලා දරුවට කන්න බොන්න දෙනවා වගේම දරුවගේ ගිණුමට සල්ලිත් දානවා.
ඒසමග මහලු කාන්තාව තම කඩමල්ලේ තිබු බැංකූ පොත රැගෙන ඔහුට පෙන්වයි. දරුවාගේ නමින් රුපියල් 15000ක්  ගිණුමට ඇය බැරකොට තිඛෙි. ආචිචිගේ බලාපොරොත්තූව රුපියල් පනස් දහසක් වෙනකමි ගිණුමට සල්ලි දාන්නයි වෙළඳසල් හිමියා තවත් තොරතූරු කියයි.

දරුවාත් මහලු කාන්තාාවත් ගිණුම ආරමිභ කළ බැංකූවට රැගෙන යන මෙම පුද්ගලයා දරුවාගේ ගිණුමට තවත් රුපියල් 35000ක් බැරකොට ආවිවිගේ නොනිමි ආශාව ඵහිදි ඉටුකර දෙයි.

සතූට ඉවසාගත නොහැකිව මහලු කාන්තාව හඩා වැටෙනා විට දෑසට ඉණූ කදුළු පිසදමමින් බැංකූවෙන් පිටවනුයේ අන් කවරෙකූ නොව ඉතාලියේ පාර්වා නුවර සිලෝන් කොපරතීවා අධිපති ටී ජි සුනිල් ශාන්ත මහතායි.

    

 



අදහස් (0)

ඉතාලි අමුත්තා මහලු මවට සතුටු කඳුළු ගෙනෙයි

සංජීව Monday, 24 December 2012 09:54 PM

දරු දුක දන්නා උතුම් මිනිසෙක්... (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 24 December 2012 10:17 PM

මටත් පුලුවන් නම් කාටහරි මේ වගේ උදවු කරන්න? (නි)

:       0       0

වඡිරා Monday, 31 December 2012 10:35 PM

ඔබ වැනි මිනිසුන් තවමත් සිටීම ගැන හරිම සතුටුයි. දෑසට කදුලු ගෙනදෙන සංවේදී කතාවක්... ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

නතාලියා Sunday, 30 December 2012 02:08 AM

මිනිසුන් අතර දෙවියෙක්. (නි)

:       0       0

ටිකිරි Tuesday, 25 December 2012 12:17 PM

ලොකු පිනක් කරගත්තේ. ඇත්තෙන්ම රජය හරි මැදිහත් වෙලා මේ වගේ යාවකයන්ට කීයක්හරි දෙන්න වැඩපිළිවෙලක් හදනවා නම් කවුරුත් අකමැති වෙන එකක් නැහැ. හැබැයි තව ටික කලක් යනකොට ලංකාවේ 95% ක්ම යාචකයෝ වේවි (ස)

:       0       0

ජයලාල් Monday, 24 December 2012 11:06 PM

මගේ උපහාරය! සියල්ලන්ටම ආදර්ශයක්. (නි)

:       0       0

රත්නායක Monday, 24 December 2012 11:10 PM

කලකින් දුටු සිත නිවන කතාවක්. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 25 December 2012 12:49 PM

ඔබට සදා ජය! (නි)

:       0       0

චින්තක Tuesday, 25 December 2012 01:01 PM

මිනිසුන් අතර නුඹ දෙවියෙකි. තෙරුවන් සරණයි! (නි)

:       0       0

අනුෂ්ක Monday, 31 December 2012 03:02 PM

ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

තාරක Sunday, 30 December 2012 08:31 PM

ඔය බොරුවට සාධු සාධු... කියන කට්ටිය හිගන්නෙකුට අඩුම තරමේ රුපියලක්වත් දෙනවද? (නි)

:       0       0

සුසිල් මිලානෝ Tuesday, 25 December 2012 12:17 AM

හොද පින්කමක්. (නි)

:       0       0

සෙනරත් Sunday, 30 December 2012 08:53 PM

මිහිපිට දෙවි කෙනෙක්. (නි)

:       0       0

චින්තක Monday, 24 December 2012 05:27 PM

මෙහෙම දේවල් අහන්නත් සතුටුයි. (නි)

:       0       0

විනිධ Tuesday, 25 December 2012 12:28 AM

ඔහුගේ ක්‍රියාව ගැන සතුටුයි. නමුත් තව කී දාහක් මෙහෙම දුක් විදිනවා ඇද්ද? (නි)

:       0       0

උපුල් Wednesday, 26 December 2012 02:14 PM

කුමන ආගමිකයෙක් උවද නත්තලේ නියම අරුත ඔබ ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙනවා . ඔබට ජේසු පිහිටි (ස)

:       0       0

සරා Monday, 24 December 2012 05:39 PM

ඉතා ‍හොදයි. (නි)

:       0       0

සිල්වා Monday, 24 December 2012 05:40 PM

පුස්සෝ සුදුස්සෝ වෙන කාලෙක, ඔබ අපේ රටට වටිනා පුත්‍ර රත්නයක්. (නි)

:       0       0

රෝයි Monday, 24 December 2012 05:41 PM

මෙවැනි පුද්ගලයින් අද සමාජයේ ඉතා විරලය. (නි)

:       0       0

මලිත් Tuesday, 25 December 2012 12:58 AM

වැඩි වැඩියෙන් ලැබේවි ඔබතුමාට. (නි)

:       0       0

අචිනි Monday, 24 December 2012 05:43 PM

උතුම් වූ මිනිසත්කමට ඔබ හොද ආදර්ශයක්. (නි)

:       0       0

යුධීෂ් Tuesday, 25 December 2012 02:03 PM

තෙරුවන් සරණයි ඔබට. (නි)

:       0       0

ෂාෆික් Monday, 24 December 2012 05:43 PM

නියමයි සර්. ඔබ උතුම් පුද්ගලයෙක්. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 25 December 2012 01:24 AM

ධර්මයේ හැසිරෙනවාය, ධර්මය තුළ ජීවත් වෙනවාය කියන්නේ මෙන්න මේ වාගේ ක්‍රියාවන්ටයි. මහත්මයාණනී, ඔබතුමාට දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

සාරා අදිසි Monday, 24 December 2012 05:50 PM

මේ නිවුස් එකට කිසිම කෙනෙක් ප්‍රතිචාර දක්වලා නැත්තේ එච්චර ගානක් අතේ නැති නිසා ඉරිසියාවටද ? (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 24 December 2012 05:52 PM

මේ කතාව අහද්දි අපේ ඇස් වලටත් කඳුළු එනවා. මොන තරම් වටින දෙයක්ද කරලා තියෙන්නේ. (ස)

:       0       0

රුවන් Monday, 24 December 2012 06:01 PM

ඉතාමත් හොද වැඩක්. (නි)

:       0       0

නිලන්ත Tuesday, 25 December 2012 02:19 AM

මේ කතාව අහද්දි අපේ ඇස් වලටත් කඳුළු එනවා (නි)

:       0       0

නුවන් Monday, 24 December 2012 06:07 PM

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ... (නි)

:       0       0

කුමාර Monday, 24 December 2012 06:17 PM

සරා, අපේ රටේ අයට කොහොමත් හොද වැඩ පෙනෙන්නේ නැහැනේ. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 25 December 2012 02:51 AM

උතුම් මිනිසත්කමට මගේ ආචාරය ඔබට! (නි)

:       0       0

ඉන්දික Monday, 24 December 2012 06:20 PM

හොද හදවතක් තියෙන දුක දන්නා මනුස්සයෙක්. (නි)

:       0       0

රාජ් Monday, 24 December 2012 06:26 PM

ලැම්බොගිනි වගේ ඒවට වියදම් කරන සල්ලි වලින් මේ වගේ අහිංසක ජීවිත කීයක් නම් ‍ගොඩගන්න පුලුවන්ද? (නි)

:       0       0

විරාජිත් Monday, 24 December 2012 06:27 PM

ඔබ වැනි අයට තව තව ලැබේවා! (නි)

:       0       0

නීල් Tuesday, 25 December 2012 03:40 AM

විශිෂ්ටයි සර්. අපි ඔබට හිස නවා ආචාර කරමු. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 24 December 2012 06:31 PM

අතේ මිළ මුදල් යහමින් ඇති අයට මෙවන් සිතුවිලි පහළ වෙනවා අඩුයි. පෙරභවයේ සිට පැවත ආ පුරුදු ඇති අය මෙලෙස මේ භවයේදිත් දන් දෙන්න පුරුදු වෙලා ඉන්නවා. ඔවුන්ගේ ඊළග භවයත් ඉන් සාර්ථක වෙනවා. (නි)

:       0       0

රත්න Tuesday, 25 December 2012 03:47 AM

සසර ගමන පවතින තුරුම නැති නොවන විශිෂ්ටම ඉතිරි කිරීමක්. ඔබට වැඩි වැඩියෙන් ලැබේවා! තවත් මෙවැනි සිතිවිලි පහළ වේවා! (නි)

:       0       0

කුරුවිට Tuesday, 25 December 2012 03:17 PM

සල්ලි තිබුණත් මේ වගේ සිතුවිලි පහල වෙන්නේ වැදගත් මිනිස්සුන්ට පමණයි (ස)

:       0       0

නිරාන් Monday, 24 December 2012 06:37 PM

මුදලට වඩා වටින්නේ මනුස්සකමයි. ඔහුගේ උතුම් ක්‍රියාවට මගේ ආචාරය! (නි)

:       0       0

ලාල් Tuesday, 25 December 2012 03:47 AM

මෙන්න නියම දෙවිවරු.... (නි)

:       0       0

පවන් Monday, 24 December 2012 06:34 PM

ලොකු පිනක් කරගත්තේ. ඇත්තෙන්ම ආණ්ඩුවෙන් හරි මැදිහත් වෙලා මේ වගේ යාවකයන්ට කීයක්හරි දෙන්න වැඩපිළිවෙලක් හදනවා නම් කවුරුත් අකමැති වෙන එකක් නැහැ. (නි)

:       0       0

විලී Monday, 24 December 2012 06:34 PM

දරුවා හදාගන්න දෙන්න කැමතිද? (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 25 December 2012 04:10 AM

සුනිල් මහතාට සුභ නත්තලක් වේවා! (නි)

:       0       0

කොස්වත්ත Monday, 24 December 2012 06:37 PM

මුලු මහත් ලාංකිකයන්ටම අති උතුම් ආදර්ශයක් සහ ආඩම්බරයක්. (නි)

:       0       0

මෝරාළ Monday, 24 December 2012 06:47 PM

සිංහලකම පෙන්වීමේ නියම ක්‍රමය මෙයයි. (නි)

:       0       0

කොටහේනේ සමිත හිමි Monday, 24 December 2012 06:43 PM

දෙවිවරුන් වන් මිනිසුන් තවමත් සිටීම ගැන ඉතාම සතුටුයි. (නි)

:       0       0

කුමාර Monday, 24 December 2012 06:45 PM

''වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත '' (නි)

:       0       0

රොෂාන් Tuesday, 25 December 2012 05:20 AM

හොද වැඩක්. ඔබට සදා ජය! මේ තොරතුරු මෙහි පළවුණේ කොහොමද කියලත් අපිට පොඩ්ඩක් දැනගන්න පුලවන්ද? (නි)

:       0       0

කසුන් Monday, 24 December 2012 06:50 PM

මගේ ඇස් දෙකට කදුලු ආවා. බොහොම පිං සුනිල් මහත්තයෝ. (නි)

:       0       0

සමන් Tuesday, 25 December 2012 05:46 AM

මට හිතෙන්නේ ඊටවැඩිය හොදයි ඒ සල්ලි වලින් මේ අසරණයින් දෙදෙනාට ඉන්න තැනක් ලැහැස්ති කරලා, අර කුඩා දරුවාට අධ්‍යාපනය ලබා ගන්නට සුදුසු වැඩපිළිවෙළක් හැදුවා නම්... (නි)

:       0       0

රොහාන් Tuesday, 25 December 2012 06:19 AM

ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක්. ඔබටත්, ඔබ පවුලේ සැමටත් තෙරුවන් සරණයි. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 24 December 2012 07:02 PM

මේ මහත්මයා දන්නවා සල්ලි අතේ නැතිකොට තියෙන දුක, මහ සිත් වේදනාව. ඒකයි මෙහෙම උදවුවක් කරලා තියෙන්නේ. හොඳ වැඩක් (නි)

:       0       0

අමරා Monday, 24 December 2012 07:10 PM

දුක හැදිනිය හැක්කේ උතුම් හදවතක් ඇත්තන්ටයි. (නි)

:       0       0

පත්මසිරි Tuesday, 25 December 2012 07:32 AM

සමන්, කෙටි නිවාඩුවකට ඉතාලි ඉදලා ආපු කෙනෙකුට දෙයක් සැළසුම් කර කර කරන්න කාලයක් නැහැ. (නි)

:       0       0

සුනිල් Wednesday, 26 December 2012 07:57 AM

අපි සැමදා ලංකාදීප සමගයි. (නි)

:       0       0

වසන්ත Monday, 24 December 2012 07:21 PM

අන්න මිනිස්සු... (නි)

:       0       0

තිලක් Tuesday, 25 December 2012 07:44 AM

ඔබට ජය ශ්‍රී හිතවත. (නි)

:       0       0

කෙවින් Monday, 24 December 2012 07:22 PM

මගේ ඇස් දෙකට කදුලු ආවා. බොහොම පිං සුනිල් මහත්තයෝ. (අ)

:       0       0

පිටිගල Tuesday, 25 December 2012 07:44 AM

මේ ගැන මට සැකයි. (නි)

:       0       0

තුෂාන් Saturday, 29 December 2012 07:02 AM

ඇත්තටම මටත් කදුළු ආවා.. මිනිසුන් අතරේ දෙවියන් ඇත.. ඒ මෙවැනි අයයි..!(නු)

:       0       0

රුවන් Tuesday, 25 December 2012 08:37 AM

සාධු... සාධු... සාධු...! ලොකු පිනක්. (නි)

:       0       0

රංජිත් Monday, 24 December 2012 07:52 PM

මේ රටේ ඉපදුණු තවත් එක් උතුම් මනුස්සයෙක් (අ)

:       0       0

අකිල Tuesday, 25 December 2012 08:50 AM

ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

සෑම් Monday, 24 December 2012 08:09 PM

ඉතාම අගනා ක්‍රියාවක්. අද කාලේ සමාජයේ ඉන්නා ඉතාම දුර්ලභ පුද්ගලයෙක්. (නි)

:       0       0

සිල්වා Tuesday, 25 December 2012 09:02 AM

තුන් සිංහලයටම ඔබ ආඩම්බරයක් සුනිල් මහත්තයෝ , ඔබ වැදූ මව් පියන්ට ආඩම්බරයක් ඔබව (ස)

:       0       0

සසිත Saturday, 29 December 2012 08:13 AM

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත. (ස)

:       0       0

සෑම් Monday, 24 December 2012 08:19 PM

ටිකක් කල්පනා කරන්න. ඔබතුමාලා, ඔබතුමියලා කොපමණ මුදලක් උපන්දින සාද වලට, මත්පැන් වලට වියදම් කරනවාද කියලා. ඔයාලා මෙවන් දෙයකට පොඩි මුදලක් වියදම් කළා නම් ඒක ලොකූ පිනක්. දුප්පත් අයට ජීවිත කාලයටම සතුටක්. ඔබටත් එසේම වේවි. (නි)

:       0       0

මොහාන් Tuesday, 25 December 2012 09:14 AM

කලාතුරකින් මිනිස්සුයි කියලා කියන්න පුළුවන් අයත් ඉන්නවා නේද (ස)

:       0       0

රම්‍යා Monday, 24 December 2012 08:23 PM

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද - දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත... (නි)

:       0       0

ජගත් Tuesday, 25 December 2012 09:14 AM

ඔබ මේ කල සද්ක්‍රියාවට ජාති ජාතිත් දුක් කරදරයක් නොවේවා (ස)

:       0       0

සම්පත් Monday, 24 December 2012 08:27 PM

විශිෂ්ටයි මහතාණෙනි. (නි)

:       0       0

ලසන්ත Monday, 24 December 2012 08:29 PM

ඔබතුමාට බොහොම පින්. (නි)

:       0       0

සුමිත් Tuesday, 25 December 2012 09:39 AM

ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න. ගොඩක් හොඳයි (ස)

:       0       0

අනිල් Tuesday, 25 December 2012 10:02 AM

ඔබ ලෝකේ ඉන්නේ විශිෂ්ට පුද්ගලයෙක් (ස)

:       0       0

රම්‍යා Tuesday, 25 December 2012 10:02 AM

අන්න නියම මිනිහෙක් (ස)

:       0       0

වික්ස් Monday, 24 December 2012 08:40 PM

ඔවු මමත් පිළිගන්නවා. ඒ ආච්චි පවු. (නි)

:       0       0

උදය Sunday, 30 December 2012 03:12 PM

මේ පිනම ඇති සසරින් එතෙරවන්න. (නි)

:       0       0

නෙත්මි Tuesday, 25 December 2012 10:24 AM

සැමට බුදු සරණයි (ස)

:       0       0

කමල් Monday, 24 December 2012 08:51 PM

මෙපිනින් ලබන ආත්මයේ ඔබලා බුදු බව ලබාවි. (නි)

:       0       0

ශ්‍රීනාත් Saturday, 29 December 2012 08:16 PM

ඔබට දෙවියන් පවා ආශිර්වාද කරාවි. (නි)

:       0       0

ලහිරු බලංගොඩ Monday, 24 December 2012 08:57 PM

ඔබට බොහොම පිං..!(නු)

:       0       0

සංජය Saturday, 29 December 2012 10:15 AM

හොද වැඩක්. ඔබට සදා ජය! දුප්පතුන්ට පිහිට වීමේ ආනිසන්ස මෙලොවදීම අද්දකිනවා. ඔබට පින් මේ තොරතුරු මෙහි පළවුණේ කොහොමද කියලත් අපිට පොඩ්ඩක් දැනගන්න පුලවන්ද? (ස)

:       0       0

පින්බර Monday, 24 December 2012 09:10 PM

වෙන්න බැහැ තවමත් ලංකාවෙ හිගාකන මිනිසුන් ඉන්නවා? මේක කුමන්ත්‍රණයක්..!(නු)

:       0       0

සාලිය වික්ස් Monday, 24 December 2012 09:11 PM

සුනිල් ශාන්ත මහත්මා මිහිපිට දෙවියෙකි..!(නු)

:       0       0

පද්මි Tuesday, 25 December 2012 07:33 PM

දුප්පතුන්ට පිහිට වීමේ ආනිසන්ස මෙලොවදීම අද්දකිනවා. ඔබට පින් (ස)

:       0       0

රත්නායක Tuesday, 25 December 2012 10:50 AM

සැබෑ මිනිසෙක්... (නි)

:       0       0

කුමාර Monday, 24 December 2012 09:18 PM

ආදර්ශමත් ක්‍රියාවක්..!(නු)

:       0       0

කළුපහණ Monday, 24 December 2012 09:14 PM

ආදර්ශමත් උතුම් ක්‍රියාවක්...(නු)

:       0       0

රත්නායක Tuesday, 25 December 2012 11:20 AM

මෙන්න නියම බෞද්ධයෙක් , ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවයි වටින්නේ , ඔබතුමාට ‍බොහොම පින් (ස)

:       0       0

එම්.නෙල්සන් ප්‍රියරත්න Monday, 24 December 2012 09:29 PM

ඔබ සැබෑ ලක් මවගේ පුතෙක්... මක් නිසාද යත් මනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි... තෙරුවන් සරණයි..!(නු)

:       0       0

මුතුනායක Monday, 24 December 2012 09:34 PM

සුනිල් ශාන්ත මම නාපොලි ඔබගේ ක්‍රියාවට ඹබට සහ ස්තුති වන අතර සැමදාම දුකින් තොර හෙට දවසක් උදාවේවා...(නු)

:       0       0

විජේරත්න Tuesday, 25 December 2012 11:23 AM

ඔබට හෘද්‍යාගම ස්තූතිය (ස)

:       0       0

දිල්රැක් සමන් Monday, 24 December 2012 09:31 PM

හොද වැඩක්....(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 560 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 661 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 368 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 261 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1072 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 905 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site