IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඉතාලි ඉසුරු නැතිව හිස් අතින් ගම රට යති

රැකියාව සඳහා ඉතාලියට පැමිණි විදේශිකයන්ගෙන් සියයට දාහතක් පසුගිය වසරේ බලාපොරොත්තු සුන් වී නැවත සිය රට බලා පිටත්ව ගොස් ඇති බව ඉතාලි රජය පවසයි. කඩා වැටුණු ආර්ථිකයත් සමග 2012දී රැකියා නියුක්තිකයන්ගෙන් සියයට තිස් හතකට රැකියා අහිමි විය.

ඉතාලි ජාතික තරුණ තරුණියන් විශාල වශයෙන් රැකියා සඳහා විදේශ ගතවන බවත් විශ්‍රාමිකයන් ද තම වැටුපෙන් ඉතාලියේ ජීවත් වීමට නොහැකිව ටියුනීසියාව වැනි උතුරු අප්‍රිකා රටවලට යෑමට පටන් ගෙන ඇති බවත් ඉතාලි මාධ්‍ය පවසයි. පෙබරවාරි 24 වැනිදා පැවැත්වීමට නියමිත ඉතාලි මහ මැතිවරණය සඳහා නැවත වතාවක් ඉදිරිපත්ව සිටින හිටපු අග්‍රමාත්‍ය සිල්වීයෝ බෙරුලුස්කෝනිගේ ඡන්ද පොරොන්දු ඉටු කළ නොහැකි   බව ඉතාලි ජාතිකයෝ පවසති. වාමාංශික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින පෙර් ලුයිජි බෙර්සානිට වැඩි වාසි පවතින බව මැතිවරණ සමීක්ෂකයෝ කියති.

ඉතාලියේ ලක්ෂයකට ආසන්න ශ්‍රී ලාංකිකයෝ නීත්‍යනුකූලව පදිංචිව සිටිති.



අදහස් (0)

ඉතාලි ඉසුරු නැතිව හිස් අතින් ගම රට යති

ප්‍රියංකර Monday, 01 April 2013 07:51 PM

අයියෝ! කියලා තියෙන කතා අහපුවම වහ බොන්නත් හිතෙනවා අප්පා..... මගෙ අයියත් ගියා, දැන් අවුරුද්දක් විතර ඇති. තාම ජොබ් එකක් නැහැ. මෙහෙ ගෙවල් දොරවල් සේරම උගස් කරලා පොලියටත් සල්ලි අරගෙන සෑහෙන කට්ටක් කාලා ගියා. දැන් ඉන්න තිබුන එකම ඉඩමත් අපිට නැතුව යන්න යන්නෙ. මොනව කරන්නද ඉතින්? අපේ ලැබීම වෙන්න ඇති. (නි)

:       0       0

කුමාර Saturday, 09 February 2013 08:53 PM

පිටිගල ඉස්සර ඉතාලිය නෙවෙයි දැං තියෙන්නෙ.. ගිහින්ම බලන්න. ගොඩක් දෙනෙක් අන්ත අසරණ වෙලා එහ දැං..!(නු)

:       0       0

දෝහා Saturday, 09 February 2013 10:01 AM

මදැයි ඉතාලි යන්න පෙරුම් පිරුවා? (නි)

:       0       0

ඩෑම් Saturday, 09 February 2013 10:03 AM

ලංකාවට ආවයි කියලත් ඉතින් ‍මොනවා කරන්නද? (නි)

:       0       0

දනූ- ඉතාලි Friday, 08 February 2013 03:21 PM

ඔව් අනේ . මමත් ඉතාලි ඇවිත් දැන් අවුරුද්දක් විතර වෙනවා. මටත් තාම ජොබ් 1 ක් නෑ‍. ජොබ් නැති අය ගොඩක් මෙහේ ඉන්නවා (ස)

:       0       0

සමීර සාලින්ද Saturday, 09 February 2013 10:33 AM

නියං ආධාර නැද්ද?(නු)

:       0       0

රිෂාන් Saturday, 09 February 2013 11:39 AM

මෙහෙ අය බොරුවට නැති දේවල් කියනවා.. ආවාම දැන ගන්න ලැබෙයි විදින මර දුක..!(නු)

:       0       0

වසන්ත ජයසිංහ Saturday, 09 February 2013 01:15 PM

මේක ඇත්ත... ලක්ෂ 15ක්දීලා අහුවෙන්න එපා..මමත් දැං රැකියා නැතිව ඉන්නෙ.. ලංකාවෙ උපාදි ධාරියෙකු උනත් අපට ඉතාම අඩු වැටුපක් තියෙන්නෙ..!(නු)

:       0       0

ගාමිණී Friday, 08 February 2013 07:01 PM

ජීවන වියදම් ඉහළ ගිහිං.. අපි කන හැටි ලිපා දනී කෑම බීම ලාබ නිසා මටත් හිතනවා දේපල විකුණලා චීනෙ පදිංචියට යන්න.!(නු)

:       0       0

පනාගොඩ මිලානෝ Friday, 08 February 2013 07:10 PM

කලක් වැඩ කරපු අය ලංකාවට යන්නේ 100% අර්ථසාධක අරමුදල ගන්න ඕන නිසා... ඉන් පසු හොරෙන්ම ඉතාලිවලට නැවත පැමිණ වැඩ කරන්න පටන් ගන්නවා.. මේ සංඛ්‍යාලේඛණ ඒගොලන්ගෙ..!(නු)

:       0       0

සනා Wednesday, 13 March 2013 12:42 PM

අපේ සිංහල අයගේ හැටිනෙ එකෙක් නැගිටිනකොට කකුලෙන් අදින එක. ඒක නිසා හැම කෙනාම කියන්නෙ මෙහෙ රස්සා නැහැ කියලා. මේ මගේ 7ත් වැනි අවුරුද්ද ඉතාලි වල ගෙවන. මට නම් ආපු දවසට දින දෙකක් යද්දි රස්සාවක් හම්බ වුණා. (නි)

:       0       0

අනුර Saturday, 09 February 2013 04:06 PM

මේවා අත්තමද?(නු)

:       0       0

අතුල Saturday, 09 February 2013 04:56 PM

අනේ මමත් ඉතාලියෙ අවුරුදු 5 ක්හිටියා ආවෙ නීත්‍යානුකූලව.. ඒත් මගේ සියළු දේ අවලංගුවෙලා මොකද මම රස්සාවක් නැතිව ඉන්නෙ.. කන්නෙ පල්ලියෙන්.. නිදාගන්නේ මුඩුක්කුවක.. දවල්ට මිලානෝ උද්‍යානයකටවෙලා ඉන්නවා.. අපේ ලාංකිකයෝ අපිව දැක්කාම අහක බලාගෙන යනවා..!(නු)

:       0       0

පිටිගල Friday, 08 February 2013 11:28 PM

මොන බොරැද? ඉතාලි වලින් කෝටිපතියෙක් නොවී ලංකාවට ගිය කවුරුවත් නැහැ. ඒත් කියන්නේ නම් එන්න එපා ජොබ් නැහැ කියලා.. අපේ හැටි එහෙමයි..!(නු)

:       0       0

භක්ති Friday, 08 February 2013 11:52 PM

ඇත්තම කතාව කියන එක ලොකු දෙයක්.. නැත්නම් ගොඩ දෙනෙකක් හීන මවාගෙන ඉතාලි ගිහිල්ලා අමාරුවෙ වැටෙනවා..!(නු)

:       0       0

දේවානන්ද හිමි Saturday, 09 February 2013 12:23 AM

හැමදාම විදේශ රටවල රැකියාව කරලා හරියන්නෑ ලමයිනේ? ඒ රටවලින් අපේ ශුමය සුරාගෙන පිටුවහල් කලවිට අප ආපසු පැමිණිය යුත්තේ ලංකාවටමයි.ලාංකිකයන් ලෙස අප ඒකමුතුව සාමුහිකව කටයුතු කලානමි ලංකාවේ තිබෙන අගය කියා නිමකල නොහැකියි.ඒතරමි සමිපත් ප්‍රමාණයක් ලංකාවේ පවතියි.නමුත් අප අතර බොහෝ විට එහෙම දෙයක් නැහැනේ. ඒක නිසා තමයි උගතුන් මෙන්ම බොහෝ දෙනෙක් විදේශ ගත වෙලා තියෙන්නෙ..මේක අපේ අනාගත පරිහානියේ ලකුණක්. මේකට වගකිව යුත්ෙත් කවුද? අප දැන්වත් සිතාබැලිය යුතු කාලය එළඹී ඇත.(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 710 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 534 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1615 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 497 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1362 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site