IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඉතාලි කොටි ‘ජය සමරති‘

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්දව ඇමෙරිකාව සම්මත කරගත් යෝජනාව තමා ලද ජයග්‍රහණයක් බවත්, එය තව තවත් ඉදිරියට ගෙන යෑම සඳහා ශක්තිමත්ව පෙරට ආ යුතු බවත් පලෙර්මෝ නුවර කොටි හිතවාදීහු පවසති.

ඇමෙරිකා යෝජනාවට පක්ෂව ඉතාලිය ඡන්දය පාවිච්චි කරමින් ශ්‍රී ලංකා දමිළ ජනතාවට සිදුවූ අසාධාරනය පිළිගෙන ඇති බවත්, ඒ අනුව ඉතාලි රජයට ස්තුතිය පුද කිරීමට ඉතාලි වේලාවෙන් අද සවස 4ට ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30ට පලෙර්මෝ පියාස්සා පොලිතියානා හිදී කොටි හිතවාදී රැස්වීමක් පැවැත්වීමට යයි.

බ්‍රහස්පතින්දා ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් ඔවුහු පලෙර්මෝ දමිළ ප්‍රජාව දැනුවත් කළහ.

මෙයට පෙර ද ඒ ස්ථානය අසල ඇති සම්මන්ත්‍රන ශාලාවේදී කොටි රැස්වීම් පැවැත්විණි. පැය පහක් සඳහා සම්මන්ත්‍රන ශාලාව කුලියට ගැනීමට යුරෝ 5000ක් ගෙවිය යුතුය.

ඉතාලි කොටි හිතවාදීහු මෙලෙස මුදල් හා පිරිස් බලය යොදමින් ශ්‍රී ලංකා රජය අපහසුතාවට පත් කරනා විට ඉතාලියේ ඇති සිංහල සංවිධාන කිහිපයක් තානාපති රැක ගැනීමට පෙත්සම් අත්සන් කරන බවත් තවත් සංවිධාන කිහිපයක් තානාපති ඉවත්කිරීමට උත්ඝෝෂණය කරන බවත් මධ්‍යස්ථ මතධාරී ශ්‍රී ලාංකිකයෝ පවසති.



අදහස් (0)

ඉතාලි කොටි ‘ජය සමරති‘

අජිත් Friday, 22 March 2013 09:35 PM

වැඩිය උඩපනින්න එපා (දී)

:       0       0

හිම්සර Saturday, 23 March 2013 11:39 AM

මම නම් කියන්නේ මේ තමිල් ඊලම ඇයි තමිල්නාඩුවේ පිහිටවන්නේ නැත්තේ , එහෙ හොඳට ඉඩ තියෙනව , අනිත් එක තමිල් නාඩු කියන්නේ දෙමළ රට කියන එකනේ එයාලගේ නියම නිජබිම එහේ ..... ඉතින් සුදුසුම දේ ඕක එහෙ පිහිටවන එකයි (ස)

:       0       0

නාරද Friday, 22 March 2013 09:40 PM

හරියට බලනවානම් දින්නේ අපි (දී)

:       0       0

නිරෝෂන් Friday, 22 March 2013 10:01 PM

එක එක්කෙනාට බැන ගන්නේ නැතිව දැන්වත් අපි එකට එකතුවෙමු. (ස)

:       0       0

මුතුකුඩ Friday, 22 March 2013 10:19 PM

සංජීව අවදි වු සැටි අපි පසුගියකාලවල දැක්කාෙන්?ඒක තමයි දැන් ජිනීවා පරිප්පු කන්ෙන්.මුස්ලිමි රටවල් ෙනාතිබුණානමි ෙහාමිෙබන් තමයි යන්ෙන්. (ස)

:       0       0

ඩොනල්ඩ් Friday, 22 March 2013 11:03 PM

මටනම් හිනාත් යනවා (දී)

:       0       0

ජගත් Friday, 22 March 2013 03:26 PM

මොන ජයද (දී)

:       0       0

ඩිල්ෂාන් Friday, 22 March 2013 11:08 PM

දමිළ අය සමාන කරන්නේ මොනවටද කියලා ඔයාලා දන්නවා ඇතිනේ. (නි)

:       0       0

සමුසුදීන් Friday, 22 March 2013 03:35 PM

මෙය බලන විට ලංකාවේ අයගෙ දැන් අවශ්‍යතව රට බෙරා ගැනීම නොව තානාපති බෙරගනීමද? සිංහලයා මොඩය කියන්නේ මේකටද? (ස)

:       0       0

සිසිර Friday, 22 March 2013 03:38 PM

සිංහලයා කරේ හැමදාම බෙදෙන එක තමයි (ස)

:       0       0

සම්පත් Friday, 22 March 2013 03:49 PM

සමුදීන් , මමත් ඉතාලියේ හිටපු කෙනෙක් , ‍ඉතාලියේ ඉන්න සිංහල ඔක්කොම මො‍්ඩයෝ වගේ තමයි (ස)

:       0       0

කමල් Friday, 22 March 2013 03:59 PM

තානාපතිවරුන් පත්කර එවීමේදී අඩමු ගානේ මාසයකවත් පුහුණුවක් දීලා එවන්න. ඔවුන් පත්වන්නේ තම රටට වැඩ කිරීමට යන්න කියා දිය යුතුයි. තානාපතිවරුන් විමර්ශනය කිරීමට ඒකකයක් පිහිටුවා ප්‍රසිද්ධ කරන්න. (ස)

:       0       0

සමරවීර Saturday, 23 March 2013 12:07 AM

සම්පත්, දැක්කා නේද ඉතාලියේ ඉන්න සිංහලයන්ගේ විදිය. අතපත්තුගේ කතාවෙන්ම පේනවා නේද? (ස)

:       0       0

සරත් Saturday, 23 March 2013 12:49 AM

අනේ මේ මම ඉන්නේ ඉතාලියේ. හැම කෙනාම වගේ බඩගොස්තර වාදියො. සල්ලි පස්සේ දුවන පවුකර අය මෙහෙ ඇවිත් අපේ ජාතියට ආගමට නින්දා කරනවා. ඒ අයගේ නම් ගම් විස්තර ඔනේ ද? (නදී)

:       0       0

මිලින්ද Friday, 22 March 2013 04:12 PM

කොටි කියන්නේ තහනම් සංවිධානයක් (දී)

:       0       0

මාරී Friday, 22 March 2013 04:38 PM

අලේ සිංහල තව කට්ටයක් හියියනේ. හරි සතුටු ඇති. අද පාටි දන්නේ නැහැ නේද?(නදී)

:       0       0

ගාමිණි Saturday, 23 March 2013 03:30 AM

ඒ කට්ටිය ලබා ගත්ත ජයක් නැහැ (දී)

:       0       0

අතපත්තු Friday, 22 March 2013 05:06 PM

සම්පත්, ඔයා මොන ජාතියෙද කියලා අපිට හිතාගන්න පුලළුන් නම්. රෝමය පැත්තේ එන්න ඔයා වගේ අයට දෙන්න රජ බොජුන් එහේ තියෙනවා.(නදී)

:       0       0

උදය Friday, 22 March 2013 05:21 PM

ඉතාලිය කිසිම දෙයක් තීරණය කරන්නේ නැහැ. ලංකාව කලුද, සුදුද කියලවත් වැඩක් නැහැ. යුරෝපා කාර්යාලය කියන පැත්තට ඡන්දය දෙන එක විතරයි කරන්නේ. කවුරු කොහොම දැගලුවත් ඉතාලිය කරන විදිහ එහෙමයි. එයිට වැඩිය දේවල් සිංහල මිනිස්සුන්ට එහේ කරන්න තියෙනවා. (නදී)

:       0       0

සංජීව Friday, 22 March 2013 05:31 PM

සම්සුදීන් කියන්නේ සිංහලය මෝඩය කියල නේ , මේකත් මතක තියාගන්න නිදාගෙන ඉන්න සිංහයෝ අවදි කරගත්ත දාට මෝඩයයෝ කව්ද කියල තේරේවි .(නදී)

:       0       0

ගලබඩ Saturday, 23 March 2013 04:32 AM

රෝමයේ ඉන්න ආත්මාර්ථකාමීන් දන්නේ එම්බසියේ අයට පෙත්සම් ලියන එකයි , පෝස්ටර් අලවන එකයි විතරයි (ස)

:       0       0

අමිල Friday, 22 March 2013 05:43 PM

ඔහොම යන්. ඔය රටවල් කොටි වලිගය අල්ලා ගත්තා කියලා හිතාගන්නකෝ.(නදී)

:       0       0

පිටිගල-මිලානෝ Saturday, 23 March 2013 05:00 AM

ඉතාලි වල ඉන්න නූගත් සිංහලයෝ යූරෝ මත්තේ නැහෙනවා මිසක් තමන්ට රටත් තියෙනවද කියලා වත් දන්නේ නැහැ.(නදී)

:       0       0

තුෂාර Friday, 22 March 2013 06:04 PM

සිංහලයා මෝඩයා - කැවුම් කන්න සූරයා (ස)

:       0       0

පිටිගල-මිලානෝ Friday, 22 March 2013 06:14 PM

තව ටික දවසකින් එන නන්දිකඩාල් දිනයත් සමරයි ඔහොමම. (නි)

:       0       0

පුදීප් Friday, 22 March 2013 06:27 PM

අපි ශ්‍රී ලංකාවේ දැන් ඉපදිය යුතුයි.(නදී)

:       0       0

ශාන්ත Friday, 22 March 2013 06:37 PM

ඔබලා ගැන මට දුකයි (දී)

:       0       0

සුනිල් Friday, 22 March 2013 06:43 PM

මොකද්ද දන්නේ නැහැ ලබපු ජය (දී)

:       0       0

ෂෙරිෆ් Friday, 22 March 2013 07:44 PM

අපේ රටේ බහුතර සිංහලයා කොහොමද අවදිවන්නේ කියලා අපි හොඳට දන්නවා, හවස හයවෙනකොට වෙරි මරගාතේ (නි)

:       0       0

රත්නායක Saturday, 23 March 2013 10:24 AM

ලෝක ත්‍රස්තවාදීන්ගේ යෝජනා සම්මත වීම ගැන අනික් ත්‍රස්තවාදීන් සතුටුවීම පුදුමයක් නොවෙයි (ස)

:       0       0

ඉසුරන්දි Saturday, 23 March 2013 10:52 AM

කොටි කොහේ හිටියත් කොටි. පව් අසරණ දෙමළ මිනිස්සු තමයි මේවාගෙන් බැට කන්නේ. එයාලා මේවා තේරුම් අරගෙන වැඩ කළොත් මේ විනාස වෙන්න යන ජාතික සමගිය සුරැකේවි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1024 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4138 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1288 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 753 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1074 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 718 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site