IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඉතාලි කන්ටේනර හොරුන් පස්සේ ලංකා පොලිසිය පන්නයි

ඉතාලියේ ශ්‍රි ලාංකිකයින් විසින් මව්බිමට යවන බඩු සොරකම් කරන කන්ටේනර් හොරුන්ට විරුද්ධව කොලඹ අපරාධ කොට්ඨාශය පරික්ෂණ ආරම්බ කර ඇතැයි  එහි ස්ථානාදිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හෙමන්ත දික්ඕවිට  මහතා එසෑණට පෑවසීය.

මිලානෝ නුවර ශ්‍රි ලාංකිකයෙකු විසින් තම නැති වු බඩු පිලිබදව කල පෑමිනිල්ලේන් පසු මේ වන විට ලැබී ඇති   තවත්  පැමිනිලි විස්සකට අනුව කන්ටෙනර් බඩු ප්‍රවාහනකරුවන් පිරිසක් ලබන සදුදා කොලඹ අපරාද කොට්ථාශ මුලස්ථානයට ගෙන්වන බව ඔහු කියයි. කන්ටෙනර් වංචාකරුවන් ගෑන ලංකාදිප එසැණ කල අනාවරණයන් ද ඉතාලියේ ශ්‍රි ලාංකිකයින් පිරිසක් විසින් තම ආයතනයට එවා ඇතැයි ද කන්ටේනර්  වංචාකරුවන්ට හසුව බඩු භාණ්ඩ අහිමි වු ඔනෑම අයෙකුට නොම්මර 214, කොලොන්නාව පාර දෙමටගොඩ යන ලිපිනයට පැමිණ  ඒ පිලිබදව පෑමිණිලි කල හැකි බව ස්ථානාදිපතිවරයා   වැඩි දුරටත්  පැවසීය. 

බස්නාහිර පලාත භාර නියොජ්ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ  උපදෙස් පිට කොලඹ අපරාද කොට්ථාශය භාර නියොජ්ය පොලිස්පති එස් ඒ ඩි එස් ගුණවර්ධන මහතාගේ අධික්ෂණයෙන් මේ පිලිබදව වැඩිදුර පරික්ෂන පැවැත් වේ.

 



අදහස් (0)

ඉතාලි කන්ටේනර හොරුන් පස්සේ ලංකා පොලිසිය පන්නයි

සූරසේන Saturday, 10 August 2013 10:03 PM

ලංකා පොලිසියට ජයවේවා! (නි)

:       0       0

නාමසේන Saturday, 10 August 2013 10:04 PM

අපරාධකරුවන්ට නිසි දඩුවම් දියයුතුයි (නි)

:       0       0

කපිල Saturday, 17 August 2013 03:22 AM

මිලානෝ හප් කාගෝ කියල එකක් කලා ජෝජ් කියල හාදයෙක්. පල් හොරෙක්. ඔන්න දැන් ගුවාර්දියා ෆිනෑන්සා එකේ කූරු ගනන් කරනවලු.(නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 10 August 2013 11:00 PM

බඩු යවා ගන්න කට්ටියට දැන ගන්නම ඕනෑ නම් මගෙන් දැන ගන්න. මම හරියටම කට්ටියට කියලා දෙන්නම් බඩු ටික පරෙස්සමට යවා ගන්න විදිහ. (නි)

:       0       0

ලක්මාල් Saturday, 10 August 2013 11:17 PM

මේවා හොද වැඩ. මේ වගේ හොරුන්ව නීතියේ රැහැනට හසුකරගෙන දඩුවම් දිය යුතුයි (නි)

:       0       0

අමිල ප්‍රනාන්දු-රෝමය Saturday, 10 August 2013 04:17 PM

රෝමයේත් ඉන්නවා ලංකාවේ ප්‍රසිද්ධ කාගෝ ආයතනයක නමක් පාවිච්චි කරලා භාණ්ඩ යවන කෙනෙක්. එයත් භාණ්ඩ ඛෙදන්නේ අඩුවෙන්. පහු වුනාම ඉල්ලලා කරදර කරන්නේ නැති නිසා කොහොම හරි එක් පෙට්ටියක් සොරකම් කරනවා. මොරටුවේ පැත්තේ තමයි ඔය වැඩේ කරන්නේ. නමත් නිකන් රංගනයට කැමතියි කියනවා වගේ එකක්. පරිස්සම් වෙන්න. මම අදම එයා ගැන පැමිණිලි කරනවා . මොකද මගේ ටෙලිවිෂන් එකක් තවම දුන්නේ නැහැ. දැන් මාස 6ක් වෙනවා.(නදී)

:       0       0

සජිත් ජයසේකර Saturday, 10 August 2013 04:46 PM

දැන් මෙයා හැංගිලා මෙයා ඉන්න තැන දන්නාවානම් දැනුම් දෙන්න (අ)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 10 August 2013 04:52 PM

සෑම අවූරුද්දකට වතාවක් මමද මිලානෝ සිට කනටේනර් යවන ශ්‍රි ලාන්කිකයට මගේ බඩූද බාරදී යවා ඇතැත් මේ දක්වා කලට වෙලාවට බාරදෙන බඩූ සියල්ල මගේ නිවසටම ගෙනිහින් දීලා ඇතැත් මේ දක්වා කිසිම අඩූවක් වෙලා නැත....!! (අ)

:       0       0

දයාල් Saturday, 10 August 2013 04:56 PM

ඉතාලියෙත් කපට් ඉන්නවා. මදුෂා කියලා ගැහැණු කෙනෙක් හය දෙනෙකුගෙන් ලක්ෂ 45ක් අරගෙන ඉතාලිවලට මාරු වෙලා ඉන්නවා. මිනිස්සු ගෙවල් විකුණලා නයට පොලියට සල්ලි අරන් දරුවන්ට කන්ඩ දෙන්නත් මුදල් නැහැ. පොලිසියට පැමිණිලි කළත් වැඩක් නැහැ.(නදී)

:       0       0

නුවන් Saturday, 10 August 2013 05:01 PM

සින්ගප්පුරුවෙත් ඉන්නවා. එක්කෙනෙක් නම් දැනටම අතුරුදහන්. (නි)

:       0       0

මධූ Saturday, 10 August 2013 05:07 PM

අනේ දයාල් අයියේ, ඔයා විහිළුවට වුනත් මෝඩ විහිළු කරනවට මම නම් කැමති නැහැ. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 10 August 2013 05:10 PM

කවුරු කළත් ඒවා වැරදි වැඩ. (නි)

:       0       0

නුවන් Saturday, 10 August 2013 05:30 PM

මධූලා ඔක්කොම එකයි වගේ. (නි)

:       0       0

මධූෂා Saturday, 10 August 2013 06:01 PM

නුවන් මල්ලි මෙතන මධුලා දෙන්නෙක් නැහැ. මම නම් කෙටි කරලා දැම්මට මොකද මම මධූෂා තමයි. මම ගැනයි දයාල් අය්යා බොරු ගොතලා කියලා තියෙන්නේ.(නදී)

:       0       0

නීලා Sunday, 11 August 2013 12:04 AM

බඩුත් එක්කද හොරු? (නි)

:       0       0

ගිම්හාර Saturday, 10 August 2013 06:04 PM

එසැණට ජය වේවා! (නි)

:       0       0

චන්දා Saturday, 10 August 2013 06:07 PM

දැන් රතුපස්වල අමතක වෙලා වගේ හැමෝටම (නි)

:       0       0

දසුන් Sunday, 11 August 2013 12:15 AM

ලංකාදීපයට ආදරය කරන සියලු දෙනාගේ අවදානය පිණිසයි. අදහස් දැමීමේදී ප්‍රසන්න කියන කඩාකප්පල්කාරී පුද්ගලයාගෙන් ප්‍රවේශම් වන්න. ප්‍රසන්න මහදැන මුත්තාගේ මෝඩ දැන මුතුකම්. මෙයා දන්නා දේකුත් නැහැ, එයා මහලොකු චන්ඩියෙක් කියාගෙන පම්පෝරි ගහන්න නම් හොදට දන්නවා. හැබැයි ඒකෙන් හෙලිවෙන්නේ මෙයාගේ නිවට කම්. මන් දැන් මේ දවස් ටිකේම වාස්ගේ පුතා අත් අඩංගුවට ගැනීමේ සිද්දියේ ලංකා දීපයේ ප්‍රතිචාර දිහා හොදට බලාගෙන හිටියා. ඒකෙ මෙයා වීර,රිෂාර්ඩ්,අරුශියා,බන්දුල,ෆාතිමා අබ්දුල්ලා කියන අයගේ අදහස් විකෘති කරලා අසංවර සතුටක් ලැබුවා. මෙයා තමයි මිනිස්සු දාපු ප්‍රතිචාර වල අදහස විකෘති කරලා විනෝදාංශයක් හැටියට වෙනත් අයගේ නම් වලින් ඒ ගොල්ලොන්ගේ චරිත ඝාතනය කරන්නේ. මේකේ මදූ, මදුෂා කියලා දයාල්ට ප්‍රතිචාර දැක්වුවෙත් මෙයයි. පේනවද ප්‍රසන්න කියන්නේ මානසික රෝගයකින් පෙලෙන අංගොඩ සිටිය යුතු කෙනෙක් කියලා. දැන් සමහර විට මෙයා මගේ නමිනුත් විකෘති ප්‍රතිචාර දායි. මෙයා ලංකාදීපයේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට බාධාකරන කඩා කප්පල්කාරී පුද්ගලයන් පිලිබදව පාටකයන් දැනුවත් කිරීමට ලිව්වෙමි. එබැවින් සංස්කරණය නොකරනවා නම් හොදයි.(නදී)

:       0       0

සැම්සන් Saturday, 10 August 2013 06:09 PM

මමත් ඉන්නේ මිලානෝ වල. මමත් ලංකාවට යවල තියෙනවා වටිනා බඩු ඕන තරම්. නමුත් කවදාවත් මගේ බඩු නම් නැතිවෙලා නැහැ. මම යවන්නේ විපුලගෙන්. (නදී)

:       0       0

නුවන් Saturday, 10 August 2013 06:11 PM

රාත්තලක් කියන්නේ කොපමණ ප්‍රමාණයක්ද? (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 10 August 2013 06:17 PM

මෙතැන දැන් කවුරුවත් මධූෂාට දොස් කියන්න එපා. පව් එයා හරි අහිංසක කෙල්ල.. (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 10 August 2013 06:21 PM

විදේශ තැපෑලෙන් එවන පාර්සල් ලංකාවේ දී නැති වෙනවා. මා වෙත එවූ වටිනා පාර්සල් දෙකක්ම ලැබුණේ නැහැ. තැපෑලේ සිටින හොරුන් ගැනත් පොලීසියෙන් සොයා බලනවා නම් ඉතා හොඳයි. (නි)

:       0       0

සත්‍යා Sunday, 11 August 2013 12:57 AM

වැඩේ හොදයි. නමුත් රටේ පොඩි ප්‍රස්නයක් වත් විසදා ගන්ඩ බෑ.(නදී)

:       0       0

තුෂාර පැරිස් Sunday, 11 August 2013 01:00 AM

පැරිස් වලත් ඉන්නවා එක්කෙනෙක්. පෙනී ඉන්නේ සංස්කෘතිය නගා සිටවන්න. පෙට්ටි 10 බාර දුන්නොත් ලංකාවේදි හම්බ වෙන්නේ 04 යි. ඇල්කොහොල් නම් උත්තරේ බින්දුවයි.(නදී)

:       0       0

මාලිනි Saturday, 10 August 2013 07:18 PM

ඉතාලියේ ඇවිත් ඉන්න සමහර කට්ටිය නියම ගේම් කාරයෝ.සමහරු මිනිසුන්ට ගහනවා මරණ තර්ජන කරනවා දුරකතනයෙන් පවා මරණ තර්ජන කරනවා. කුඩා දරුවන්ව මරණ බවට තර්ජනය කරන කට්ටිය මිලානෝ වල ඉන්නවා. මේ අය කරන තරම් ඔක්කොම කරන්නේ හොරවැඩ (අ)

:       0       0

පිටිගල Saturday, 10 August 2013 07:27 PM

කැලේ නසන්නෙත් කැලේ ම හැදුන ගහක් නේද යාලු? (අ)

:       0       0

චාමර සිරි Saturday, 10 August 2013 08:03 PM

නීතිය ක්‍රියාත්මක වීම ගැන හරි සන්තෝෂයි .ඒ වගේම බඩු නිදහස් කරනකොට වංචා වලට වැඩ කරන සමහර රේගු නිලධාරීන් ගැනත් හොයල බලනවා නම් හොඳයි.ඒ අය තමන්ගේ බඩ වඩා ගන්නවා විතරයි.රටට මොනවා වුනත් කමක් නෑ.(අ)

:       0       0

ජගත් මිලානෝ Sunday, 11 August 2013 03:46 PM

මිලානො එක්කෙනාගෙන් මමත් බඞු ඇරියා ඒවත් නැති උන අවස්ථා ඕනා තරම් තිබුනා. එයා කොට්ටෙටයි මෙට්ටෙයි හැම විදුලි උපකරණ වලටයි බෝතල වලටයි හිතලා ගණන් කියනවා නමුත් පාස්පෝට් පහෙන් ටැංකිය ලංකාවෙන් එළියට ගන්නෙ ඒ නිසා එයාට සුදූ හුණු ගාන්න එපා.(නදී)

:       0       0

මිලානෝ අප්පුහාමි Saturday, 10 August 2013 09:57 PM

මේ කරපු දේ නම් බොහොම හොදයි. මිලානෝ නගරයේ මේවා කරන කීපදෙනෙක්ම ඉන්නවා (නි)

:       0       0

ශාමෙන් Sunday, 11 August 2013 04:33 PM

රොමේ කාර්ගෝ ප්‍රබලයා අපගේ බඩු වසර පහකට වැඩි කාලයක් කිසිදු කරදරයක් නොමැතිව ලබා ගැනීමට හැකි වුයේ ( රංගන ද සිල්වා ) ගෙන් පමණි, අපි ඕනෑම මාධ්‍යකට ප්‍රකාශ කිරීමට පැකිලෙන්නේ නැත.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9315 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4847 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6729 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4565 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1130 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1943 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36472 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24189 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site