IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඉතාලි කන්ටේනර් හොරු මන්ත්‍රිටත් විදලා

ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට නැව් බඩු ප්‍රවාහනය කරන කන්ටේනර්කරුවන් පිරිසක් සිදු කළ  වංචා කිහිපයක් එසැණ මගින් අනාවරණය කිරීමත් සමඟ තවත් ශ්‍රී ලාංකිකයෝ පිරිසක්  දුරකථන ඇමතුම් ලබා දී තමන්ට සිදු වු වංචා රැසක් ගැන කීහ.

එසේම ඔවුන් කියා සිටියේ කන්ටේනර් බඩු එකතුකරන ඇතැමුන් පලෙර්මෝ,සිසිලි,කටානියා,නාපෝලි,අන්කොනා,පෙසරෝ,මිලානෝ,ත්‍රේවිසෝ,ෆිරෙන්සි, යන නගරයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ රැසක් මෙම කන්ටේනර් වංචාකරුවන්ට හසුවී සිටිති.

පලේර්මෝ නගරයේ  දිල්කි ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ  වෙන්නප්පුවේ  පුද්ගලයකු සිසිලි කටානියා පලෙර්මෝ  ශ්‍රී ලාංකිකයන්ගේ බඩු භාණ්ඩ එකතු කැර මේ වන විට  අතුරුදන්ව ඇති බවයි.රුපියල් ලක්ෂ ගණනක් වටිනා කන්ටේනර් තුනක බඩු  අයිතිකරුවන්ට නොදී දුරකථනපවා  ක්‍රියා විරහිත කැර එම පුද්ගලයා  මාස හයකට අධික කාලයක්  ආගිය අතක් නැති බව  ඇය කියන්නීය.

මිලානෝ නගරයේ සජිත් ජයසේකර මෙසේ කියයි. මෙයට මාස අටකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු  හා ඔහුගේ බිරිය මිලානෝ ඇවිත් ආපසු යන විට යුරෝ දහසකට ආසන්න මුදලකට බඩු වගයක් ගෙන ඒවා අරගෙන ඒවා දාන්න මට බාර දුන්නා .කන්ටේනර් බඩු ලංකාවට යවන අම්බලන්ගොඩ පුද්ගලයකුට මම ඒවා බාර දුන්නනේ. දැන්මාස අටක් වෙනවා බඩු වලට සිදු වු දෙයක් නෑ. මම ඇතුළු මිලානෝ තවත් බොහෝ දෙනකුට ඔහු පොලු තියලා.



අදහස් (0)

ඉතාලි කන්ටේනර් හොරු මන්ත්‍රිටත් විදලා

ප්‍රගීත් Friday, 09 August 2013 09:11 PM

මිලානෝ වල නම් ෂුවර් එකටම ජා-ඇල කෙනෙක් වෙන්න ඇති. මොකද මිනිහ මේ දවස්වල බොරු කියා කියා මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලගන්නවා පස්සේ බඩු දාලා දෙන්නම් කියලා. මෙයා ජා -ඇල දඬුගම්පිටිය පාලම ළඟ පරෙස්සම් වෙන්න.(නදී)

:       0       0

දුමින්ද Friday, 09 August 2013 10:04 PM

ජනතාව වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් විය යුතු කාලයයි මේ. (නි)

:       0       0

කුමුදුන් Saturday, 10 August 2013 12:24 PM

ඉතාලියේ නගරේ එකෙත් ඉන්නවා පොරක් අහුවෙන්න එපා. (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 09 August 2013 10:22 PM

හොරුන්ගෙත් හොරු කම්ම්බා හොරු කියන්නේ මේකට තමා, (අ)

:       0       0

සත්යා Saturday, 10 August 2013 01:33 PM

මමත් බඩු දාලා තියෙනවා එක එක අයගෙන් මේ අයගේ නම් එක්කම මේක පලකරන්න. මම බය නැහැ. මොකද මම පොලිසියේත් මෙයාලට විරුද්ධව පැමිණිලි කරලා තියෙනවා. එක්කෙනෙක් මිලාන් වල ඉන්න මීගමුවේ ශිරාන් කියන කෙනා එයා ඉතාලිදීමයි පෙට්ටි වලින් බඩු හොරකම් කරන්නේ. විස්කි විතරක් නෙමෙයි ළමයින්ට යවපු චොකලට් බෝතල් පවා හොරකම් කරලා. එයාගේ අම්මා ලංකාවේදී ඒවා විකුනනවා. අනෙක් එක්කෙනත් මිලාන්වල සෙමිර කාගෝ කියලා හෝමාගම තමයි ඒගොල්ලෝ ඉන්නේ එතනත් හොරකම් කරනවා. අපි ඉතාලියේ ඉඳලා සීතල කාලා, අව්වට පිච්චිලා දුක් මහන්සිවෙලා ලංකාවේ අපේ අඹු දරුවන්ට දෙයක් එවන්නේ ආශාවෙන්. ඉතින් මේවා මෙහෙම හොරකම් කරන එවුන්ට හොඳක් වෙන එකක් නැහැ. (ස)

:       0       0

සේකර Friday, 09 August 2013 10:49 PM

මෙහෙමත් හොරු! (නි)

:       0       0

චාමර ශ්‍රී Saturday, 10 August 2013 03:04 PM

නම් ටික එළිකරන එක හොඳයි. බොරු කාරයන්ව එලි කරන්න. වගකීමක් ඇතුව කාර්ගෝ සේවය කරන අයගෙත් නම් එලි කරන්න. එතකොට අපි අපිට මයි හොඳ. මිලාන් වල විපුල අපි දන්නා දා ඉඳල හරියට වැඩ කරන කෙනෙක්. තව කීප දෙනෙකුත් ඉන්නවා හරියට වැඩේ කරන. ඒ අයගේ නම් ටිකත් දාන්න.(නදී)

:       0       0

මහානාම Friday, 09 August 2013 11:02 PM

මේ තමයි කම්බ හොරු (නි)

:       0       0

ලෙස්ලි විජේසිංහ Saturday, 10 August 2013 03:43 PM

ඉතාලියේ සිට ලංකාවට බඩු එවන හැමෝම හොරු. එක්කෙනෙක්වත් හරියට අවංකව ඒ වැඩේ කරන්නෙ නැහැ. එවන බඩු වලින් වටින ඒවා ගන්නවා පසුව කියනවා කස්ටම් එකෙන් ගත්තා කියා . වටිනා ටි වී එකක් දැම්මොත් ඒක ඉවරයි පෙට්ටි ඇරලා බඩු ගන්නවා. හොරට මනිනවා විස්කි දැම්මොත් ඉවරයි. පස්සේ ඒ බඩු වල වටිනාකම් දෙනවා කියා මුදල් ටිකක් දීලා මග අරිනවා. (නදී)

:       0       0

සම්පත් Friday, 09 August 2013 11:06 PM

මටත් ඔය ටිකම වුණා. මාස 7,8 යනකන් බඩු දුන්නේ නැහැ.ඔක්කොම හොරු (නි)

:       0       0

ලනක Saturday, 10 August 2013 03:46 PM

ඉතාලියේ සිට ලංකාවට බඩු එවන අරයත් හොරෙක් තමයි ඔයාගේ යාලුවා හින්දා ඔයාගේ බඩු ටික ගෙනත් දෙන්න ඇති.(නදී)

:       0       0

සුදේශ් මදනායක Saturday, 10 August 2013 03:53 PM

මමත් ගොඩක් අයගෙන් භාණ්ඩ යවල තියනවා.ටික දෙනෙක් හොරු තමයි .නමුත් මිලානෝ සමහර අය හොඳින් කරනවා.ටිකක් ප්‍රමාද වෙලා හරි ඔහු හොරකමින් තොරව වෙඩ කරනවා.ලංකාවේදී සැලකීමත් හොනඳයි.ඉහත සඳහන් අය ගැන දනිමි. එත් නොලියන්නේ උන් හොරුම නිසයි.අපි හොඳ කෙනා හොඳ විදියටත් නරක කෙනා නරක විදියටත් දකිමු.විමසිල්ල කොහොමත් හොන්දයි (අ)

:       0       0

ගුණරත්න Friday, 09 August 2013 11:24 PM

මමත් ජා ඇල. මල්ලි,එතකොට ඔයා කියන කෙනා කවුද? (නි)

:       0       0

ගිහාන් Friday, 09 August 2013 11:24 PM

ජනතාව හොරුන්ගෙන් ප්‍රවේශම් විය යුතු කාලයයි මේ. (නි)

:       0       0

පිටිගල Friday, 09 August 2013 11:24 PM

ඕකනේ මම කිව්වේ ඒ දවස් වල. (නි)

:       0       0

කපිල Saturday, 10 August 2013 05:34 PM

චාමර මල්ලි, ඔයාගේ බඩු දුන්න පලියට අනෙක් මිනිස්සුන්ට වරද්දන්න එපා. (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 10 August 2013 12:05 AM

සාමාන්‍යයෙන් කන්ටේනර් කාරයෝ හතු පිපෙනවා වගේ ඇවිල්ලා හොඳ බඩු ලංකාවට යවන්න කියලා එකතුකරලා, සල්ලිත් අරන් බඩු කොටසක් ඉතාලියටම විකුණලා,ඉතිරි ටික ලංකාවේ විකුනලා එක පාරටම ලොකු මුදලක් හොයා ගන්නවා. (නි)

:       0       0

මහින්ද මිලානෝ Saturday, 10 August 2013 12:33 AM

මමත් බඩු දුන්නා. ඒත් ඒ බඩු වලින් ටිකයි හම්බුණේ (නි)

:       0       0

කුමාර Saturday, 10 August 2013 02:05 AM

එකම ව්සදුම ට්‍රයිකෝ කාගෝ.(නදී)

:       0       0

චාමර සිරි Saturday, 10 August 2013 07:51 PM

මම කිහිප වතාවක් බඩු යවල තියෙන නිසයි කිව්වේ.පුද්ගලිකව දන්නේ නැහැ .ඒ අයගෙත් වැරදි තියෙනව නම්, ඒක ලියල හෙළි කරන එක තමයි වඩා හොඳ .අර සත්‍යා කියනවා වගේ අමාරුවෙන් තමයි ලංකාවේ ඉන්න අයට තෑග්ගක් යවන්නේ .එකටත් විදපුවම කොහොමද.(අ)

:       0       0

පාදෝවා Saturday, 10 August 2013 04:06 AM

ඔය කියන කෙනා කාලයක් පාදොවාවල බිරි හෝටල නිවාස සංකිර්නයේත් ටික කාලයක් ඉඳල ගෙවල් කුලී නොගෙවා පැනල ගිහින් තියෙනවා.(නදී)

:       0       0

උපාලි Saturday, 10 August 2013 04:17 AM

හැකිනම් හොඳම දේ පිළිගත් ආයතන, ඒ කියන්නේ කිසියම් වලංගු ලියාපදිංචියක් ඇති ආයතන හරහා පමණක් බඩු එවීමයි. ලාබෙට යවන්නම් කියල බාර ගන්න අපේ මිනිස්සු අන්තිමට කරන්නේ වංචා කිරීමයි. නමුත් අපට වන්දියක් ගන්නවත් කෙනෙක් නැහැ. ඒකයි ගාන වැඩිවුනත් පිළිගත් ආයතනයක් හරහා යැවීමේ වටිනාකම. මමත් ඔය ගැටේට අහුවුණු කෙනෙක්. (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 10 August 2013 07:07 AM

ලාබෙට බඩු යවන ලංකාවේ අයට මේවා හොඳ පාඩම්. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Saturday, 10 August 2013 08:19 AM

ඉතාලි කාරයෝ මෙන්ම ඉතාලියේ ඉන්න ලංකාවේ අයද උගත් කමින් බොහොම අඩුයි. ඒ නිසා හොරුන්ට පහසුවෙන් තම කාර්යය කරන්න පුළුවන්.(අ)

:       0       0

ප්‍රනාන්දු Saturday, 10 August 2013 09:48 AM

ඔය පොලු තිබ්බයි කියන අයගේ නම් ටික දාන්නකෝ සැමටම දැන ගන්න එක්ක. අඩුම ගානේ බාවිතා කරන කෙටිනම වත්. අනාගතේට වත් අපිට පරෙස්සම් වෙලා ඉන්න පුළුවන්.(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 10 August 2013 10:01 AM

ඉතාලියේ බොලෝග්නා වලත් ඔහොම වෙන්නප්පුවේ කට්ටියක් ඉන්නවා. බඩු නැතිවෙනවා, පරක්කු වෙනවා, කඩලා හොද වටිනා දේ ගන්නවා. විමසන්න ගියොත් මරණ තර්ජන කරනවා. දැන් නම් ඒ අයට වැලේ වැල් නැතිවේගෙන එනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 8969 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4744 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6554 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4465 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1095 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1900 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36459 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site