IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඉතාලි ගියොත් ගොඩ

ඉතාලිය නම් ඉසුරු පුර අලුත් ජීවිතයක් සොයා අප අඩි තිස්තුන් දහසක් ඉහළ අහසේ පියාසර කරමින් සිටී. රුසියා ගුවන් සේවයට අයත් එරොප්පොලොටි ගුවන් යානයේ ගමනාන්තය වන මොස්කව් නුවර අපගේ ප්‍රථම ගිමන් හල සොයා යද්දී සගයන් සියලු දෙනා තම තමන්ගේ කල්පනා ලෝකවල අතරමංව සිටියහ.මගේ සිතද දෙදාහ වර්ෂයේ මුල් මාසය වෙත ඇදි ගියේය.

 ඵ් දකුණු කොරියාවේ තේගු නගරයයි. පෙබරවාරි හතරවෙනිදා නිදහස් දිනය උත්සවත්ශ්‍රියෙන් සැමරිම  වෙනුවෙන්  අපි කිහිප දෙනෙක් සුදානම් වෙමින් සිටියෙමු. සංගීත ප්‍රසංගය රසවත් කිරිම සදහා ටී.ඵම් ජයරත්න, නිරෝෂා විරාජිණි, උපාලි කන්නන්ගර, කරුණාරත්න දිවුල්ගනේ, ආත්මා ලියනගේ, රෝනි ලිච් ඇතුලු ගායක ගායිකාවන් සමග  මහින්ද සිල්වා ප්‍රමුඛ සුපර්ස්ටාර් සංගිත කණ්ඩායම ද තේගු නගරයට පැමිණ තිබෙන නිදහස් සැමරුමට ප්‍රථම දින ටී.එම් ජයරත්න මහතාගේ යම් අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙළද සංකිර්ණයක් වෙත කැදවාගෙන යෑමට මා හට සිදුවිය.

පුතා ඔයා කොරියාවෙන් ගිය පසු මොනවද කරන්න බලාපොරොත්තුව? ඔහු ඉතා සුහදව මාගෙන් විමසීය.

‘මම නැවත පිටරට යනවා. මම හුඟක් ආසයි නවසීලන්තයට හෝ ඕස්ට්‍රේලියාවට යන්න ඵ්කට උත්සහා කරන්න තමයි හිතාගෙන ඉන්නේ‘ මම ද ඵසේ කීවෙමි .

‘මම ලෝකයේ රටවල් රැසක සංචාරය කර තියෙනවා. මම නම් ඔයාට කියන්නේ පුළුවන්නම් ඉතාලියට යන්න කියලා .මොකද නිදහසේ ජීවත් වෙන්න පුලුවන් හොඳම රට ඉතාලිය. ජපානෙන් ඉතාලියෙන් ගිය අය තමයි යමක් කමක් හරිහම්බ කරගෙන ලංකාවේ වැඩිපුරම ආයෝජනය කරලා තියෙන්නේ. ඵ්ක නිසා හොදට හිතා බලා තිරණයක් ගන්න.‘ ටී.ඵම් ජයරත්න මහතා ඵදා කී ඵ් වදන් මා හට ගුවන් යානයේ දී නැවත සිහි විය.

පැය දොළහක ගුවන් ගමනකින් අනතුරුව අප සියලු දෙනා මොස්කව් ගුවන් තොටුපළේ ආගමන විගමන නිළධාරින් අභියසයට ගෙන එනු ලැබීය. බියවීමට  අපට කිසිදු හේතුවක් නොමැත. මාස තුනක අධ්‍යාපන වීසා අපගේ ගමන් බලපත්‍රවල සටහන්ව ඇත.

ඔයාලා රුසියාවෙන් බාරගන්නේ පිටර් කියලා අපේ රටේ කෙනෙක්. ඵයා ඔයාල‘හොස්ටල්‘ ඵකකට අරන් යයි. මාස තුනක් ඵහේ විශ්ව විද්‍යාලයකට බැදී රුසියා භාෂාව ඉගෙන ගන්න. වීසා ඉවර වෙන්න සතියකට පෙර අභ්‍යන්තර ගුවන් යානයකින් පෝලන්තයටත්, ඵතන ඉදලා ඵ් වගේම ගුවන් යානයකින් ඉතාලියටත් ඔයාල අරන් යනවා. ප්‍රධාන තැරැව්කරු පන්නිපිටියේ තිස්ස කොළඹින් පිටත්වීමට පෙර ඵසේ පැවසීය. රුසියාව බලා යන ගමනේ පළමු කණ්ඩායමට අයත් කිරිවත්තුඩුවේ ඉසිත්, පන්නිපිටියේ ප්‍රියන්ත , පානදුර චමිල , ගනේමුල්ලේ චාමන් ,අතුරුගිරියේ ගුණරත්න සමග මම ද වීමි.

අපි සියලු දෙනා ආගමන විගමන පරික‍්ෂාවෙන් පසු ගුවන් තොටුපළින් පිටතට පැමිණියෙමු. අඩි පහක් පමණ උසැති තරමක් මහත අවුරුදු හතලිහක පමණ පුද්ගලයෙක් අප ඉදිරියට පැමිණෙයි. ඔහු පිටර් විය හැකි බවට වූ අපගේ අනුමානය නිවැරදිය.

‘ඔයාලා ඵව්වේ තිස්සද?‘

‘ඔව්‘ ඉසිත් විගස පිළිතුරු දුන්නේය.

‘හරි අපි යමු‘   කුලී රථ දෙකක නැගුණු අපි විනාඩි විස්සක ගමනාන්තයකින් පසු නවාතැන්පළ යැයි සිතිය හැකි ස්ථානයකට ළඟා වූයෙමු. තට්ටු දෙකක ගොඩ නැගිල්ලකින් එළියට පැමිණියේ මැදිවියේ රුසියා ජාතික කාන්තාවකි.

‘මේ ඉන්නේ එලේනා එයාතමයි ‘හොස්ටල් ඵකේ‘ භාරකාරිය. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙයාට කියන්න‘ පිටර් ඵසේ කීය. අපි ඇතුළට ගියෙමු. ඵය ඉතා පිරිසිදු නවාතැන් පළකි. සියලු පහසුකම් ඵහි තිබෙන හොස්ටල් භාරකාරි ඵලෙනා අපි හයදෙනා හට විශාල කාමර දෙකක් වෙන්කර දුන්නාය.

 පිටර් ද අප ඵහි දමා ඉතා විගසින් නික්ම ගියේය. ගිමන් මහන්සිය මත අප සියලු දෙනාම සවස් යාමය තෙක් සුව නින්දකට වැටුණි. අවදිවන විට නවාතැන්පළේ තරමක් ඝෝෂාකාරි බවකි.

‘චමියෝ මේකේ රුසියන් කෙල්ලොත් නැවතිලා ඉන්නවා. මාර තැනකට තමයි පීටරයා ගෙනත් දාලා තියෙන්නේ‘ ඉසිත් සතුටින් ඉපිල ගොස්ය.

‘උන් හරිම හොඳයි බං මමත් ඵක්ක හිනත් වුනා. එක කෙල්ලෙක් මොනවද මගෙන් ඇහුවා, මට තේරුණේ නැහැ.‘ ගුණරත්න ඉසිත්ට අඩුවැඩිය ඵක්කරයි.

රුසියා විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් පිරිසක් එහි නවාතැන් ගෙන සිටිති. උදෑසනම විශ්ව විද්‍යාලය බලා පිටත්වන ඔවුන් සවස අර්ධකාලීන රැකියාවන්හි නිරත වෙති. පසුදින උදෑසන පිටර් පැමිණ අප විශ්ව විද්‍යාලයකට  ඇතුළත් කිරීමට රැගෙන ගියේය.

ලියාපදිංචි කිරීම අවසන් වූ පසු නැවත අප නවාතැන්පළට පැමිණියෙමු. පසුදින සිට රුසියා භාෂාව ඉගැන්වීම සදහා ගුරුවරියක් අප සොයා පැමිණේ. ඵ් සදහා  අපි සුදානම් වීමු. නියමිත දින උදෑසන අට වන විට අප සිටි ස්ථානයට පැමිණියේ ලියෙනා ගුරුතුමියයි. අවුරුදු පනස් පහක් පමණ වයසැති ඇය ඉතා කරුණාවන්තය.

එතැන් සිට අපගේ රුසියා භාෂාව ප්‍රගුණ කිරිමේ අධ්‍යාපන කටයුතු ඇරඹිණි. වෙනත් අරමුණක් හිතේ පෙරදැරිව රුසියාවට පැමිණියත් රුසියා භාෂාව ඉගෙන ගැනීමට ඇති මෙම අනගි අවස්ථාවෙන් උපරිම පළ ප්‍රයෝජන ගැනීමට මා ද සිතුවෙමි. කාලය දින සති බවට පෙරැළී මාස තුන ඉක්මවීමට ආසන්නය. විනෝදකාමී රුසියා ජිවීතයට ආයුබෝවන් කීමට කාලය පැමිණ තිබෙන මේ වන විට නවාතැන්පළෙහි රුසියා ජාතික විශ්ව විද්‍යාල තරුණියෝ අපගේ මිතුරියන් වී සිටිති. කෑම බීම බෙදාහදාගෙන කෑමට හා රාත්‍රී කාලයේ ගී කියමින් විනෝද වීමට ඔවුන් අප හා ඵක්වෙති. මේ ගෙවෙන සොදුරු සමයට සමු දීමට මාගේ සගයින් කිහිප දෙනෙකු අදිමදි කරති.

‘මටනම් රුසියාව දාලා යන්න හිතෙන්නේ නැහැ  ඉස්සෝ (අප සියලු දෙනා ඉසිත් අමතන නාමය) ‘චාමන් ඵසේ කියනු ඇසේ.

‘මටත් ඵහෙමයි චාමා. ඉතාලියේ වගේ හොඳ පඩියක් හම්බ වෙනවා නම් මම රුසියාවේ ඉන්නවා, නමුත් මාසෙකට ඩොලර් පනහක් අරගෙන මොනවා කරන්නද?‘ ඉසිත්ගේ පිළිතුර  විය.

රුසියාවේ ගෙවා දැමූ මාස තුනකට ආසන්න කාලය පුරාවට දින දෙකකට වතාවක් පිටර් අප සොයා පැමිණේ. ඵ් එන සෑම අවස්ථාවකම කෑමට අවශ්‍ය දෑ ඔහු රැගෙන එයි. අප සමග රැඳී සිටි විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් ගෙවා දමනුයේ ඉතාම දුක්බර ජීවිතයකි. ඇතැම් විට කෑම බීමට පවා ඔවුන් අත මුදල් නොමැත. නිරතවන සුළු රැකියාවෙන් අධ්‍යාපනයට අවශ්‍ය පොතපත ඇතුළු දෑ මිලදී ගත් විට ඉතුරු වන යමක් නොමැති බව බොහෝ විට ඔවහු අප හා පැවසුහ.

මෙම නවාතැන්පළේ නැවතී සිටින සියලු ශිෂ්‍යාවන්ගේ නිවෙස් මොස්කව් නුවරට කිලෝමීටර් පන්සියයකට වඩා දුරින් පිහිටා තිබේ. මේ සියලු කරුණු කාරණා උඩ අග හිඟ කමක් නොමැතිව අතේ මුදල් අතැතිව අප ගෙවා දැමු විනෝදකාමී ජීවිතයෙන් උපරිම පළ ප්‍රයෝජන ගැනීමට මෙම තරුණියන් අප හා මිත්‍ර වුවා විය හැකිය. එහෙත් එම ජීවිතයට නැවතිමේ තිත තැබීමට කාලය පැමිණ තිබේ.

එදින සවස් යාමයේ පිටර් අප සොයා ආවේය.

‘හෙට උදේම සියලු දෙනා මෙහෙන් පිට වෙන්න ලැස්ති වෙන්න ඕන. උදේ හය වෙනකොට වෑන් රියක් ඵනවා. ඵකෙන් යුක්ක්‍රේන් ‘බොඩර් එක‘ ගාවට යන්න පැය 30කට වඩා වැඩි කාලයක් ගතවෙයි .එතන ඉදලා පයින් ‘බොඩර් ක්‍රොස් ‘ කරන්න වෙනවා කොහොම හරි ඔයාලා යුක්ක්‍රේනයේ කිව් අගනුවර ඉන්න බෝලින් කියන අපේ කෙනෙක් බාරගනියි‘ පිටර් ඵක දිගට ඉදිරි ගමන් මාර්ගය පහදා දෙයි.

‘මට තිස්සට කතා කරන්න ඕනෑ. තිස්ස කිව්වෙ මොස්කව් ඉදලා පෝලන්තයට ප්ලයිටි එකේ (ගුවනින්) අරන් යනවා කියලා. එතන ඉදලා ඉතාලියටත් ඵහෙමයි. තිස්ස දිව්රලා පොරොන්දු වුණා. එහෙමයි මම කැමති නැහැ බෝඩර්ක්‍රොස් කරන්න‘ මම ඵසේ කීවෙමී.

‘ඵ් වුණාට අපිට සැලසුම වෙනස් කරන්න සිද්ධ වුණා. ගුවන් ගමන තරමක් අවදානම්. දැන් පොඩි ඵයාර්පෝට් වලටත් එම්ග්‍රෙශන් එකෙන් දාලා. ඒකයි බෝඩර් හරහා යන්න තීරණය කළේ.‘ පිටර් ඵසේ කියයි.මේ හැම දෙයක්ම බොරු බව මං දනිමි. මොවුන් අප ඉතාලිය කරා රැගෙන යෑමේ සැලසුම මෙයම විය. තිස්ස අපට ලෙහෙසි ගමන් මාර්ගයක් පෙන්වුයේ මුදල් ලබා ගැනීමටම පමණක් විය හැකිය.

ළිඳට වැටුණු මිනිහා ළින් කටින්ම ගොඩ ආ යුතුය. අපි ද දේශ සීමා හරහා ගමන් කිරිමට තීරණය කළෙමු. කළ හැකි අන් දෙයක් අපට නැත.

පසුදා උදෑසන හතට පමණ පරණ වොක්ස්වැගන් වෑන් රථයක් අප නවාතැන්පළ ඉදිරිපිටට පැමිණියේය. ලංකාවේ රෝහල් වල තිබුණු පැරණි ගිලන් රථ ද මේ හා සමානය. අප වෑන් රථයට ගොඩ වුනෙමු .රියදුරුට අමතරව ඉදිරිපස තවත් පුද්ගලයෙකි. ඔහු ලොකු බඩකින් යුත් මිටි මහත අයෙකි. වෑන් රථය ඉතා වේගයෙන් ඉදිරිය බලා ගමන් කරයි.

‘මම ඇලෙක්ස්. රුසියා හමුදාවේ හිටපු මේජර් කෙනෙක්. මගේ දැන් ජොබේ ඵක තමයි උඹලා වගේ අය යුක්ක්‍රේන් බොඩර් එක ගාවට ගෙනියන එක. කවුරු හරි ඉතාලි යන්න ඉන්නවා නම් මේ මගේ නම්බර් එක. මට කතාකරන්න කියන්න. අඩුවට වැඩේ  කරමු‘

 අප රැගත් පැරණි වොක්ස්වැගන් වෑන් රථය හිම වරුසාවන් මැදින් ඉතා වේගයෙන් ඉදිරිය බලා ගමන් කරයි. මේ වන විටත් අප ඵක දිගට පැය දොළහකට අධික කාලයක් ගමන් කොට ඇත්තෙමු.  වෙළදසලක් අසල වෑන් රථය නැවැත්වූ ඇලෙක්ස් අපට පාන් සමග කල්බසා ( විශාල සොසේජස් වර්ගයක්)ගෙනැවිත් දුන්නේය. කෑමෙන් පසු ඇලෙක්ස්ගෙන් තවත් සංග්‍රහයකි. වොඩ්කා වීදුරුව බැගින් අපට ලැබිණි. පැරණි වෑන් රථයේ උණුසුම් යන්ත්‍රද ක්‍රියාත්මක නොවන නිසා ලැබුණු වොඩ්කා වීදුරුවෙන් රථයේ සීතල පහව ගිය බව පමණක් අපට දැනිණි.

එක දිගට පැය විසිපහක් පමණ ගමන් කිරිමෙන් අනතුරුව පසුදා උදෑසන දහයට පමණ යම් ස්ථානයක වෑන් රථය නැවැත් වීය. රථයෙන් පිටතට පැමිණි ඇලෙක්ස් යමෙකු බලාපොරොත්තුවෙන් සිටී.  අප ඵ් වන විටද ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට පිවිස සිටියෙමු. විනාඩි කිහිපයකට පසු ඇලෙක්ස් බලාපොරොත්තුවෙන් සිටි අය පැමිණියේය. ලාඩා වර්ගයේ මොටර්රථ දෙකක් අපගේ රථයට ඉදිරියට ගොස් නැවැත්වීය.

‘ඉක්මනට නැඟපල්ලා.‘ මොටර් රථයක සිටි අයෙක් අණ කළේය.

අපද විගසින් මොටර් රථ දෙකට ගොඩ වුයෙමු. ඇලෙක්ස් අපට සමු දී නැවත පිටත්වීය.

අප රැගත් මොටර් රථ දෙක අතුරු පාර දිගේ ඉදිරියට ඇදෙයි. සුදු හිමෙන් පාර වසාගෙන ඇත. ඵ්ත් රියදුරු කිසිදු විටෙක වේගය බාල නොකරයි. පැයකට ආසන්න කාලයක් අතුරු මාර්ගයේ ගමන් කළ මොටර් රථ දෙක තැනිතලා බිමකට අවතීර්ණ විය. සීත සෘතුවේ වගාවෙන් බැහැර වූ එය හිමෙන් වැසුණු තිරිගු යායකි. මොටර් රථයේ ගැස්සීම අප තව තවත් පිඩාවට පත් කරයි.

ඉසිත්, ප්‍රියන්ත,චාමන් සමග මම එක රියකට නැග තිරිගු යාය අවසානයේ තිබු කුඩා නිවෙසක් අසල මොටර් රථ දෙක නැවැත්විණි.

‘ඉක්මනට බැහැලා ඇතුළට යමල්ලා‘ නැවත නියෝගයකි. අප නිවසට ඇතුළු වුනෙමු. කුඩා දරුවෙක් අතින් රැගෙන අප ඉදිරියට පැමිණි කාන්තාවක් නිවසේ තිබු කාමරයක් අපට පෙන්වීය. සියලු දෙනාම ගිමන් මහන්සිය නිවා ගැනීම සදහා සුව නින්දක් බලා පොරොත්තුවෙන් සිටී. කාමරයේ දොර ඇරගත් තවත් හැඩි දැඩි පුද්ගලයෙක් අප සොයා ආවේය.

‘අද රෑට උඹලා බෝඩර් පනින්න සුදානම් වෙන්න ඕනෑ. අට වෙන කොට අපි ඵනවා.‘ ඔහු ඵසේ පවසා නැවත පිටවී ගියේය.

‘ගමන  ඉක්මන් වගේ‘ ඵ් චාමන්ගේ හඩය.

‘මේ ඇඟේ අමාරුවත් එක්ක අපිට අදම යන්න වුණානේ‘ ප්‍රියන්ත එසේ කියයි.

රුසියා යුක්ක්‍රේන් දේශ සීමාව තරණය කොට යුක්ක්‍රේනයට ඇතුළු වීමත්, යුක්ක්‍රේනයේදි හොල්මන් ගෙදරක මාස තුනක් ජිවත් වීම හා යුක්ක්‍රේන් හංගේරියා දේශසීමාව තරණය කොට හංගේරියා දේශසීමා ආරක‍්ෂකයන්ට හසුව නැවත යුක්ක්‍රේනයට පිටුවහල් කිරිමෙන් පසු යුක්ක්‍රේන් හමුදා දුන් වදහිංසන ගැනත් ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න.

 



අදහස් (0)

ඉතාලි ගියොත් ගොඩ

ජෝතිපාල Tuesday, 12 March 2013 05:20 AM

මහත්තයා කියන තරම් ලේසිද (දී)

:       0       0

මාලක Monday, 11 March 2013 10:45 AM

ඉතාලිය දැන් වැටිලා කිවුවට ඔය කියන තරම් නම් වැටිලා නැහැ. (නි)

:       0       0

මාලා Monday, 11 March 2013 10:45 AM

පේනවා නේද මේ තරම් උතුම් රටකින් පැනලා යන මිනිස්සු විදින දුක? (නි)

:       0       0

නිල්මිණි Monday, 11 March 2013 04:38 PM

මටත් ආසයි ඔය ව‍ගේ ගමනක් යන්න (නි)

:       0       0

චන්ද්‍රිකා මඩවල Monday, 11 March 2013 05:04 PM

මම මේ ලිපිය කියවන්නේ හරිම ආශාවෙන්. (නි)

:       0       0

අනිල් Sunday, 10 March 2013 09:24 PM

ඒ එදා අද යන්න වෙන රටකට

:       0       0

හිල්මි Sunday, 10 March 2013 09:31 PM

එහෙනම් මෙයාලා ඉතාලි යන්නේ මේ විදියටයි? (නි)

:       0       0

පාල Tuesday, 12 March 2013 08:41 AM

මහත්තයෝ මහත්තයානම් කියයි, අපි නොවැ මැරෙන්න (දී)

:       0       0

කුරුවිට Sunday, 10 March 2013 10:24 PM

හොද ලිපියක්. (නි)

:       0       0

සත්‍යා Monday, 11 March 2013 02:50 AM

දැන් ඉතාලිය මඩ... (නි)

:       0       0

චන්ද්‍රා Monday, 11 March 2013 03:00 AM

කොහොමහරි යන්නම බලන්න. ගියොත් ඔයාලා ගොඩ. (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 11 March 2013 08:49 PM

මම මුලින් හිතුවෙ මෙයාල ගිහින් තියෙන්නෙ හම්බන්තොට පැත්තට කියලයි. (නි)

:       0       0

ධනුක Monday, 11 March 2013 03:03 AM

ඊළග කොටස දාන්නේ කවදද? (නි)

:       0       0

ගාමිණී Monday, 11 March 2013 01:20 PM

ලංකාවට වඩා හොදයි පිට රටවල් සල්ලි හම්බු කරන්න කියලා අපි එහෙ ගියාට, එහෙ ගියහම තමා තේරෙන්නෙ ලංකාවෙ කුණු ඇද්දත් මීට හොදයි කියලා. මොකද ලංකාවේ බිම වැටිලා හිටියත් කවුරු හරි උදව් කරනවා. නමුත් එහේ අපේ මිනිහෙක් මැරිලා වැටුණත් එයාලට ගානක් නැහැ. දුක් මහන්සි වෙලා ලංකාවේ පුළුවන් තරම් හොදට ඉගෙන ගත්තා නම් සුද්දට කබුරන්න යන්න ඕනෑ නැහැ.තමන්ගේ දරුවොන්ටත් පුළුවන් තරම් හොදට උගන්වන්න බලන්න. (නි)

:       0       0

අමර Monday, 11 March 2013 06:02 AM

ඕස්ට්‍රේලියාවට ආවා නම් ඉවරයිනේ. (නි)

:       0       0

ලුම්බිණි Monday, 11 March 2013 07:01 AM

හොඳ රසවත් කතාවක්. ඉතුරු කොටස අපි බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

ගලබඩ Monday, 11 March 2013 09:50 PM

සමහරු එහේට එන්න එපා කියලා තමන්ගේ සනුහරේම ගෙන්නගෙන කෝටිපතියෝ වෙනවා. (නි)

:       0       0

සෙනරත් Monday, 11 March 2013 07:45 AM

අම්මෝ! මේ වගේ නම් ආයිත් කවුරුවත් යන්න එපා. (නි)

:       0       0

කිවි Monday, 11 March 2013 07:57 AM

අපි නම් කවුරු මොනවා කිවුවත් නවසීලන්තය දාලා යන්නෙ නැහැ. (නි)

:       0       0

හේරත් Monday, 11 March 2013 02:30 PM

ලංකාව තරම් වටින්නේ නැහැ කොහෙවත් (දී)

:       0       0

ජයී තිසර Monday, 11 March 2013 03:06 PM

මොස්කව් යුක්ක්‍රේන හංගේරියාවට.. විස්තර දක්වලා රසවත් ලෙස අපට.. ලස්සන කතාවක ඇරඹුම පෙනේ මට.. කුතුහලයක් ඇතේ ඉදිරියෙ වෙන දේට ... (නි)

:       0       0

පහන් Monday, 11 March 2013 11:52 PM

ඇත්ත ඉතින් ඉතාලි ගියෝත් ගොඩ (දී)

:       0       0

ජයසිරි Monday, 11 March 2013 09:37 AM

එහෙට යද්දී සල්ලි කීයක් අරගෙන ගියාද? (නි)

:       0       0

ගයනි Monday, 11 March 2013 03:26 PM

පරිස්සමෙන් කරන දෙයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 263 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 512 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 397 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 595 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1775 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 170 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38777 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site