(රෝෂන් තුෂාර)
දෙස් විදෙස් ස්ථානාපති කාර්යාල ඇතුළු මෙරට ජාතික වැදගත්කමින් යුත් මර්මස්ථාන වල ඡායාරූප තබා ගනිමින් ඉතාලි තානාපති කාර්යාලය ඡායාරූපගත කිරීමේදී අත් අඩංගුවට පත් සැකකරු ලබන 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය.
ඉතාලි තානාපති කාර්යාලය ඡායාරූපගත කර සිටිමින් සිටියදී කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ යාගොඩ මුල්ලේ පදිංචි ඒ. ටිරාන් තුෂාන් කවිරත්න(54) නැමති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
සැකකරු ජාතික ආරක්ෂාවට තර්ජනය වන අයුරින් අන්තවාදී ක්‍රියාවන් සිදු කිරීමේ සැකයට අත්අඩංගුවට ගත් බවත් ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
සැකකරු විසින් එක්රැස් කළේ යැයි කියන තොරතුරු පොතක් සහ ඡායාරූප සාක්ෂි ලේඛන ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති පොලිසිය සාක්ෂි සම්පින්ඩන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරමින් සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට ඇති එයින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා ඇත .
සැකකරු කිසියම් ත්‍රස්ත සංවිධානයක් හා සම්බන්ධව කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බවද සඳහන් කළේය.
පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු සම්බන්ධයෙන් විමර්ශනය කර කඩිනමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසද සැකකරු ලබන 11 වැනි දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කරන ලෙසද නියෝග කළේය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත
මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි
මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ
ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.
වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉතාලි තානාපති කාර්යාලය ෆොටෝ ගත්ත සැකකරු රිමාන්ඩ්