IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ඉතාලි ධනවතාගේ සල්ලි උසාවියට ගේනු‘

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සහ කූඨ ලේඛන සෑදීම, ඉතාලි ජාතිකයකු සතු රුපියල් කෝටි හතර හමාරක් වටිනා යුරෝ 250000ක් සමග රන් මුදු, මාල සහ වටිනා රොලෙක්ස් අත් ඔරලෝසුවක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි බව කියන පුද්ගලයාගේ විදේශ ගමන් බලපත්‍රය යළි තහනම් කිරීමට මාරවිල මහේස්ත්‍රාත්   අයි එම් ධම්මිකා ඉලංගසිංහ මහත්මිය නියෝග කළාය.

මෙලෙස චෝදනා ලැබ ඇත්තේ මාරවිල පොලිසිය මගින් 2012.10.21 වැනි දින නාත්තන්ඩියේ දී අත්අඩංගුවට ගත් කලහේ ලොකුගේ හරීන්ද්‍ර, බන්දුල හරේන්ද්‍ර සහ ජයලත් ගෝටාභය වික්‍රමසිංහ යන නම් වලින් පෙනී සිටින මොහු ඇප මත මුදා හැර ඇති තැනැත්තෙකි.

ඇප මත මසිටියදී මොහු උසාවියේ අවසරය මත තායිලන්තයට ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.

මොහු පිළිබඳ පරීක්ෂණ රහස් පොලිසියට භාරදීමට ඉකුත් නඩු විභාගයේ දී විනිසුරුවරිය නියෝග කර තිබූ අතර මෙම පරීක්ෂණ රහස් පොලිසිය මගින් සිදු කරන බවත්, තමන් ඊට සහාය දක්වන බවත් හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සැරයන් 25666 රන්පටිගේ මහතා අධිකරණයට වාර්තාවක් මගින් දැන්වීය.

ඉතාලියේ ආර්ථික උපදේශකයකු වන අයිවන් ලෝසියෝ මහතාට අයත් ආයතනයක මොහු සේවය කරමින් සිටිදී රැගෙන ආ භාණ්ඩ උසාවියට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන්නැයි පැමිණිල්ලේ නීතීඥ ජී ඩී කුලතිලක මහතා ඉල්ලීමක් කළේය.

විත්තියේ නීතීඥවරුන් කරුණු දක්වා සිටියේ මොහුට විරුද්ධව මාරවිල පොලිසිය චෝදනා ගොනු කර ඇති නඩුව කූඨ ලේඛන සෑදීම සහ ව්‍යාජ ගමන් බලපත්‍ර සෑදීම පිළිබඳ නඩුවක් බැවින් සෙසු කරුණු සලකා බැලීමට නොහැකි බවයි.

ඉකුත් 2012 වසරේ අගෝස්තු මාසයේ මොහු ඉතාලියෙන් අදාළ භාණ්ඩ සහ විදේශ මුදල් රැගෙන පැමිණි බවට ඉතාලි ජාතිකයා විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය මගින් පොලිස්පති කාර්යාලයයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ උපදෙස් මත පරීක්ෂණ ඇරැඹිණි.

මොහු ව්‍යාජ නම් තුනකින් හැදුනුම්පත් තුනකට හා තවත් පුද්ගලයකුගේ හැදුනුම්පතකට අදාළ විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබූ බව හෙළි විය.

මීළඟ විමසීම සඳහා නඩුව ලබන ජනවාරි 13 දිනට කල් තැබිණි. පැමිණිල්ලේ නීතීඥ කුලතිලක මහතා හා මාරවිල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්දන හේරත්, උප පොලිස් පරීක්ෂක මොහාන් ලාල් ජයමහ, හලාවත කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සැරයන් 25666 රන්පට්ටිගේ මහත්වරු පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥ ප්‍රසාදි වර්ණකුලසූරිය මහත්මිය සහ නීතීඥ ලලන්ත සරච්චන්ද්‍ර මහතා පෙනී සිටියහ.



අදහස් (0)

‘ඉතාලි ධනවතාගේ සල්ලි උසාවියට ගේනු‘

ගිම්හානි Wednesday, 27 November 2013 02:57 PM

වෙන්නප්පුවේ අය හින්දා තමා ඔය දකුණේ හිටි අයත් ඉතාලි ගියේ (නි)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 27 November 2013 09:48 AM

ඉතාලියේ සහ මැද පෙරදිග රටවල ඉන්න බොහෝ දෙනා හුඟක් හොඳ දේවල් කරනවා, නමුත් කොහේ හිටියත් නරක වැඩ කරන ඉතා සුළු පිරිසක් ලංකාවේ හොඳ නම කැත කරන එක හරිම කනගාටු වේ. (නදී)

:       0       0

රෝසා Tuesday, 26 November 2013 10:11 PM

පිටිගල ඔයාහරි වැරදි කරනම් එයට දඩුවම් ලබන්න ඕන හොරකන් කරනෙකාට කොහෙගියත් කරනවා ඒකට ඔයා මොකද මේ වයඹ වෙන්න ඇති කියන්නේ ඔයා කොහෙද කියන්නකෝ .(අ)

:       0       0

ලක්මාල් වෙරෝනා Wednesday, 27 November 2013 11:30 PM

කුසුම්ට, ගිම්හානිට මෙන්න මගෙන් මල් මිටක් (නි)

:       0       0

අතුල_මලානෝ Tuesday, 26 November 2013 10:13 PM

තුසිට වෙන්නපුව ගැන වර්ණනා නොකර හිටියනම් තමා හොඳ (අ)

:       0       0

ප්‍රදීප් Tuesday, 26 November 2013 10:45 PM

වෙන්නප්පුව සමග මෙයාලා මෙච්චර තරහ මොකද? මාත් වෙන්නප්පුව කිට්ටුව තමයි ඉන්නේ. කියන්නකෝ බලන්න ඔය මහා ලොකු කට්ටිය එකතු වෙලා මොකක්ද ලංකාවේ අනිත් නගර වලට වැඩිය එහේ තිබෙන වෙනස කියලා (නි)

:       0       0

රවී Tuesday, 26 November 2013 05:30 PM

ලංකාව ගැන නරක පුවත් සියල්ල වාගේ එන්නේ ඉතාලියෙන්.... (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 26 November 2013 05:40 PM

මොහු කුමන ප්‍රදේශයක කෙනෙක්ද? (නි)

:       0       0

රූපවති Wednesday, 27 November 2013 12:53 AM

මේ මිනිහව ඉතාලියට ගියවෙලේ අල්ලගන්නයි තිබුනේ ..ලංකාවේ අපේ උන්දලාට පෙනෙන්නම ඒ රටවල් නීතිය ක්‍රියා කරාවි එවිට ...? ලජ්ජා නැතිකම ..? නැතිනම් මොකාට උනත් තේරෙනවා තම දහදිය මහන්සිය හැර අනුන්ගේ දනය තමන්ට නොදිරවන වග ...? (අ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 26 November 2013 05:44 PM

මොහු වැරදිකරු නම් දැඩි දඬුවම් දෙන්න. (නි)

:       0       0

මිලාන් Wednesday, 27 November 2013 01:15 AM

ඔහු වැරදිකරු නම් උපරිම දඩුවම් ලබාදෙන්න (නි)

:       0       0

සෙහාන් අමරසිංහ Tuesday, 26 November 2013 06:34 PM

නන්දන පේන්නේ නැද්ද මොන පළාතේද කියලා. වයඹ පළාතේ, සුවර් එකටම වෙන්නප්පුවේ වෙන්න ඇති.(නදී)

:       0       0

වෙදමහත්තයා Tuesday, 26 November 2013 07:01 PM

ඉතාලියේ සිටිනා ලංකාවේ අය ලංකාවේ නම ලොව පතල කරනවා . සතියකට අඩුම ගන්නේ ඉතාලියේ සිදුවන මෙවෙනි දේවල් 2 ක් 3 ක් පුවත් පතේ පලවෙනවා . (නදී)

:       0       0

රනිල් Tuesday, 26 November 2013 07:09 PM

අහන්නත් දෙයක් තියෙනවද ? මාරවිල කියන්නෙත් වෙන්නප්පුව තමයි ..කියල වැඩක් නෑ(නදී)

:       0       0

රනිල් Tuesday, 26 November 2013 07:12 PM

ඔහොම ගියොත් දෙහිවල සත්තු වත්ත වහන්නවෙයි. වෙන්නප්පුවට ගියාම ඒකම බලාගන්න පුළුවන්.(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Tuesday, 26 November 2013 07:39 PM

මොහු වෙන්නප්පුවේ නොවෙයි. නමුත් වැරදි වැඩ කරන්නේ වෙන්නප්පුවේ අයම පමණක් නොවෙයි .(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Tuesday, 26 November 2013 07:39 PM

මොහු වෙන්නප්පුවේ නොවෙයි. නමුත් වැරදි වැඩ කරන්නේ වෙන්නප්පුවේ අයම පමණක් නොවෙයි .(නදී)

:       0       0

තුසිත (රෝමය) Tuesday, 26 November 2013 07:54 PM

ෂෙහාන් අමරසිංහ වෙන්නප්පුවේ අයත් එක්ක තරහයි වගේ නේද?  වෙන්නපුවේ අයට පින්සිද්ද වෙන්න තමා ඔය සේරම අය අද ඉතාලියේ පය ගහලා ඉන්නේ.(නදී)

:       0       0

බන්දුල හරේන්ද්‍ර Tuesday, 26 November 2013 07:58 PM

පිටිගල මම ඇවිත් ඔයාව හම්බ වෙන්නම්, නන්දන මමත් මිලානෝ තමයි. (නදී)

:       0       0

කුසුම් Wednesday, 27 November 2013 01:43 PM

මේ හොරකමට සම්බන්ධ නම් නාත්තන්ඩියේ පුත්ගලයෙක්. එහෙම කියල මුළු නාත්තන්ඩිය ප්‍රදේශයේම ඉන්නේ හොරු කියන්න තරම් අපි බොළඳ නැහැ. හොරා ලෝකේ කොහෙට ගියත් හොරාමයි. නමුත් මෝඩයා ඉතාලියට ගියත් මෝඩයාමයි යන්න සනාථ කරමින් මෑතකදී බෝට්ටුවලින් ඉතාලියට සංක්‍රමණය වූ ලංකාවේ දකුණු පළාතේ නුගත් මෝඩයින් වෙන්නප්පුවේ ජනතාවට අපහාස කිරීම ගැන වෙන්නප්පුවේ ජනතාව ඔවුන්ට අනුකම්පා කරාවි. වෙන්නප්පුවේ මිනිසුන් දැල්වූ පහනින් එළීය බලමින්ම කෙලෙහි ගුණ නොදන්නා කුහකයින් වී සිටීම ගැන ඔවුන්ම ලජ්ජා විය යුතුය. (නදී)

:       0       0

මහේෂ් තිසේරා Tuesday, 26 November 2013 08:43 PM

මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වෙන්නප්පුවේද, කොලඹද , ගාල්ලේද , නුවරද කියන එකවත් , සිංහලද , දේමලද ,මුස්ලිම්ද කියන එකවත් නෙමේ.නැහැදිච්ච කමේ.. (නදී)

:       0       0

ලක්මාල් වෙරෝන Tuesday, 26 November 2013 08:51 PM

සෙහාන්, රනිල් .කරුණාකරලා වෙන්නප්පුව කොහෙද මාරවිල කොහෙද කියල ලංකා සිතියම අරගන බලන්න. මොකද ඔයාලා වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැහැ. අම්මත් වෙන්නප්පුවේ තමා කව්රු කලත් කරලා තියෙන්නේ ලංකාවේ කෙනෙක් බව අමතක කරන්ඩ එපා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 18 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 85 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 200 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 633 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1147 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 856 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site