(විමුක්ති එස් රුද්‍රිගු)
ඉතාලි පාර්ලිමේන්තුවේදී සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසුව එක් විපක්ෂ මන්ත්‍රීවරයකුට රෝද පුටුවක් ආධාරයෙන් පාර්ලිමේන්තුවෙන් පිටවී ගොස් රෝහල් ගතවීමට සිදුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාවක් සම්බන්ධ විවාදයක් උණුසුම් වීමත් සමඟ මෙම ගුටිබැට හුවමාරුව ආරම්භ වී ඇත.ඉතාලියේ පළාත් සඳහා වැඩි බලතල ලබාදීමට ගෙන ආ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති එම විවාදය උණුසුම් වීමත් සමඟ ෆයිව් ස්ටාර් මුව්මන්ට් පක්ෂයේ ලියනාඩෝ ඩොනෝ දක්ෂිණාංශික ලීග් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය රොබර්ටෝ කැල්ඩෙරෝලි වෙත ගොස් ඔහුගේ මුහුණට ඉතාලි කොඩිය එල්ල කිරීමත් සමඟ මෙම ගුටිබැට හුවමාරුව ආරම්භ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
දෙදෙනා අතර ගැටුම සමථයකට පත් කිරීමට පාර්ලිමේන්තු නිලධාරීන් දෙදෙනකු උත්සාහ දරා ඇතත් ඔවුන් අපොහොසත් වී ඇතැයි ඉතාලි මාධ්‍ය සඳහන් කළේය.අනතුරුව එම ගැටුමට තවත් පක්ෂ කීපයකට අයත් පාර්ලිම්න්තු මන්ත්‍රීවරුන් පිරිසක් එකතු වී ඇතැයි එරට මාධ්‍ය ප්‍රකාශ කළේය.
ගැටුමෙන් දරුණු ලෙස පහර කෑ ලියනාඩෝ ඩොනෝට අවසානයේ රෝහල්ගත වීමටද සිදුවූ බව ඉතාලි මාධ්‍ය පෙන්වා දුන්නේය.
ජී 7 සමුළුවේ වාර්ෂික රැස්වීම ඉතාලියේ පුග්ලියාහිදී පැවැත්වෙන අතරතුර මෙම ගුටිබැට හුවමාරුව සිදුව ඇති බවත් එහි වීඩියෝවක් විශාල වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කළේය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉතාලි පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්
sam Saturday, 15 June 2024 06:41 AM
අයියෝ රණ්ඩුවට ඉස්සෙල්ලා කිව්වා නම් ඔයවගේ ගුටිකෙළිවලට දක්ෂ නම ප්‍රසිද්ධ කරගන්න දත කන දේශපාලකයෝ මෙහෙන් යවනවනේ..මෙහෙ ඉන්නවා මිරිස්කුඩු ගැහීම ඇතුළු නානාප්‍රකාර දේවල් වලට දක්ෂයෝ.. ඊළඟ පාර වේලාසනින් දාන්නද? ලංකාවේ ඕවාට හයර් කරන්න කට්ටිය ඉන්නවා..