IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඉතාලි පොලිසියෙන් මිරිවැඩි සඟලක්

ඉතාලියේ  රෝම අගනුවර වීදියක සපත්තු නැතිව ඉතා අමාරුවෙන් ඇවිදිමින් සිටි ශ්‍රී ලාංකිකයකුට රෝම පොලිසිය පිහිට විය.

පදිංචියට තැනක්ද නැතිව තුවාලද ලබා ඉබාගාතේ යන ඔහු දුටු ව්‍යාපාරිකයෝ පිරිසක් ගිලන් රියක් ගෙන්වා ඔහුගේ මුහුණේ වු තුවාල වලට ප්‍රතිකාර ද කැරවුහ. පොලසිය එහි පැමිණ ඔහුට අවශ්‍ය සපත්තු ආදිය සපත්තු කඩයකින් මිලට ගෙන තෑගි කළේය.

 

 



අදහස් (0)

ඉතාලි පොලිසියෙන් මිරිවැඩි සඟලක්

දෙව්මිණි Saturday, 27 April 2013 02:31 AM

ඉතාලි ඉන්න ලාංකිකයෝ නිදිද? ඇයි උදව්වක් කරන්න බැරි? කියලා වැඩක් නැහැ, ඉතාලි ඉන්න අය ගැන නම්. ලංකාවේ අයව දැක්කහම අහක බලනවා. ලංකාවේ ඉදලා ආවා කියලා දැනගත්තොත් උදව් කරන්න වෙයි කියලා වෙන්න ඇති. අපි නම් ලංකාවේ කෙනෙක් දැක්කොත් උදව් කරනවා. අපේකම තියෙන්නේ එතනනේ (නි)

:       0       0

ෂර්ෆාස් Friday, 26 April 2013 05:13 PM

අපේ පොලිසිය නම් තියෙන දේවලුත් ගලවා ගනී නේද ? (නි)

:       0       0

රවී. Saturday, 27 April 2013 04:31 AM

අදහස් දක්වන හැමෝම මේ ගැනත් හිතන්න. ඉතාලිය වගේ රටකට යන්න හැමෝටම පුලුවන්ද? ඒකට හැකියාවක්, උත්සාහයක් වගේම ලැබීමක් තියෙන්න ඕනෑ. එහෙම තියන කෙනෙක් ඔය විදියට හැසිරෙන එක මනුස්සකමට නිගාවක්. (නි)

:       0       0

ලාල් ගලබඩ ලේක්කෝ Friday, 26 April 2013 06:16 PM

ලංකාවේ නම් එහෙම නෑ, පොලිසියෙන් හොද සපත්තු පාරක් තමයි කන්න වෙන්නේ.(නදී)

:       0       0

ප්‍රදීපා Friday, 26 April 2013 06:33 PM

රෝමයේ හිඟා කනවද? ඊට වඩා හොඳයි ලංකාවට ඇවිත් හිඟා කන්න. ලංකාවේ හිඟන්නන්ගේ බැංකු පොත්වල ලක්ෂ ගණන් තියෙන්නේ. (නදී)

:       0       0

රාජු Friday, 26 April 2013 06:47 PM

මේ පුද්ගලයට යම්කිසි මානසික අමාරුවක් තියෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ (නි)

:       0       0

ජ.හේරත් Friday, 26 April 2013 06:48 PM

අනුර පනාගොඩලට හැමදේම කරුමේ ! එතකොට අනික් මිනිහා ගැන බලන්න ඕනෑ නැහැනේ. නැති බැරී ලෙඩක් දුකක් හැදුන කෙනෙකුට පිහිට වෙන එක උතුම් සත් ක්‍රියාවක්. මනුස්සකමක්. එහෙම නැතුව කරුමෙට බාර දීලා අහක බලන එක වසල ක්‍රියාවක් (නි)

:       0       0

සාදි Friday, 26 April 2013 06:59 PM

හිගා කන්නද මෙච්චර දුක් විදලා හොරෙන් යන්නේ ? (නි)

:       0       0

දම්මි Friday, 26 April 2013 07:04 PM

අපේ පොලිසියෙ නම් ඉන්නෙ ... කියලා වැඩක් නැහැ ඒ ගැන. (නි)

:       0       0

ඩියෝ Friday, 26 April 2013 07:13 PM

පනාගොඩ මහත්තයෝ, ඔබ කියන විදියට නම් මුහුදේ ගිලෙන්න ඉන්න කෙනා ගෙදර හිටියත් මුහුදේ ගිලෙනවාමයි (නි)

:       0       0

දමයන්ති Friday, 26 April 2013 07:20 PM

අද මෙහි ඉන්න අපේ අය අපි ලංකාවේ අය නේද කියලා මුහුණ බලන්නේත් නැතුව යනවා. තව මොන කතාද? (නි)

:       0       0

කින් බෙනට් Friday, 26 April 2013 07:20 PM

ඩියෝ, ඔබ වැරදියි. මුහුදේ ගිලෙන්න තියෙනවා නම් , ගෙදර ඉඳලා ඔහු මුහුද හොයාගෙන යනවාමයි (නි)

:       0       0

චමිල් Friday, 26 April 2013 07:25 PM

කතාව ඇත්ත. අවාසනාව තියෙනවා නම්, උත්සාහය නැත්නම් ලෝකයේ මොන රටේ හිටියත් දියුණු වෙන්න බෑ. මමත් ජපානයේ අවුරුදු 5 කට වැඩියෙන් රැකියාවක් නොකර නිකම්ම ජීවත්වෙනවා. කොටින්ම කියනවා නම් අතේ සතයක් නෑ. ජපානයේ විසා එකත් තියෙනවා. කරුමේ කියන්නේ ඇත්ත.(නදී)

:       0       0

මුරුගන් Friday, 26 April 2013 08:26 PM

ඇතැම් අය මෙහෙ ආවම නිම් හිම් නැතිවෙලා විනෝද වෙන්න පටන් ගන්නවා. නිදහස උපතේ සිටම බුක්ති විදිනවා වගේ නෙවේ ඒක. ලංකාවේ පීඩනයෙන් ඉදල මෙහෙ ආවම අහසින් වැටිලා වගේ කරන්නේ මොනවද කියල තමන් දන්නේ නෑ. කාටවත් බැනල වැඩක් නෑ.(නදී)

:       0       0

සදුන් Friday, 26 April 2013 08:52 PM

ඔය චමිල් කියන්නේ නම් මිහිපිට උපන් කම්මැලියෙක්. ඕකට කරුමේ කියල ආගමට නිගා කරන්න එපා .(නදී)

:       0       0

ගාමිණී Friday, 26 April 2013 10:00 PM

චමල් මල්ලී ,සමාවෙන්න කියනවට. ජපානයේ වීසා තියෙන ඇත්තන්ට ඕනෑතරම් රැකියා තියෙනවා. අවාසනාව කියලා ජපන් කාන්තාවක් බැදගෙන වීසා ගත්තට වාසනාව බලාගෙන,මත් පැටන ගොදුරු වුණොත් ආත්මයක් නැහැ. මල්ලී, අවුරුදු 5 ක් වීසා නැතුව නිකම් ජපානයේ හිටියා කියන්නේ අතිශයින්ම ලැජ්ජාවට කරුණක්. (නි)

:       0       0

දනුෂි Sunday, 28 April 2013 11:19 PM

ඉතාලි යන්න ඉන්න යට හොද පාඩමක්.(නදී)

:       0       0

ශිමාල් Friday, 26 April 2013 10:48 PM

ලංකාවේ පොලිසියට වැඩිය ඉතාලි පොලිසිය දහස් ගුණයකින් හොදයි. (නි)

:       0       0

මනෝජ් Friday, 26 April 2013 11:04 PM

අයියෝ සල්ලි

:       0       0

කොස්වත්ත Saturday, 27 April 2013 12:00 AM

දමයන්ති, ඔයත් එහෙමද? (නි)

:       0       0

මහින්ද Saturday, 27 April 2013 12:08 AM

ඉතාලියේ මිලානෝ , කාර්ලෝ, ෆරිනි වලත් ඉන්නවා ලංකාවේ වැඩකට නැති ටිකක් (නි)

:       0       0

ටානියා Saturday, 27 April 2013 12:41 AM

මෙයා ලංකාවට කියලා ඇත්තේ එහේ හොටෙල් එකක අයිතිකාරයෙක් කියලා වෙන්න ඇති. අපේ කට්ටිය එහෙමනේ. (නි)

:       0       0

ඩේවිඩ් Saturday, 27 April 2013 11:45 AM

මොනතරම් උත්සහ කරලා පිටරටකට ගියත් තමන් ආවේ ඇයි කියන එක හුඟදෙනෙකුට අමතක වෙනවා. යාලුවන්ගේ ඇසුර ,බීමත්කම නිසා කෙටිකලකින් නොමගට යොමුවෙලා අන්තිමට මිනිහා - නොමිනිහා වෙලා මහපාරට වැටෙනවා. මේ වගේ දේවල් ලංකාවේ අය දැක්කත් '''අනේ අපට ඔය කුණුගොඩවල් වලට කරගහන්න ඕනෑ නැහැ ''' කියන අදහසින් අහක බලාගන යන්නේ ඒ නිසයි. (නි)

:       0       0

ජයරත්න Friday, 26 April 2013 04:25 PM

ලංකාවේ මේ දේවල් වෙනවද? (නි)

:       0       0

උපුල් Friday, 26 April 2013 04:30 PM

ඉතාලි ගිහිනුත් හිඟා කනවද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 26 April 2013 04:32 PM

රෝමේ ඉන්න මහප්‍රාණ වලින් නම් දාගත් අයට සහ චේන් පොරවාගත් 'කහකුරුල්ලන්ට' මේ අහිංසකයන්ව මුණගැහිලා නැද්ද? (නි)

:       0       0

ක්‍රිස් Friday, 26 April 2013 04:33 PM

රොමේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ නිදිද? (නි)

:       0       0

අනුර පනාගොඩ මෙල්බෝර්න් Friday, 26 April 2013 04:33 PM

කරුමයක් පලදෙන්න තිබේ නම් ලෝකයේ කොහේ හිටියත් එය ගෙවන්න වෙනවා වෙනවාමයි. ලෝක සත්‍යය ඕක තමයි. (නි)

:       0       0

සමන්තා පෙරමුණ. Friday, 26 April 2013 04:35 PM

ලාංකිකයන්ට එහෙම වෙලා තියෙන්නේ ඇයිද දන්නෙ නැහැ. සමහරක් අයට රටකට ගියාම තමන් කවුද කියලත්, ආවේ මොකටද කියන එකත්, ලංකාවේ කියන එකත් අමතක වෙනවනේ. (නි)

:       0       0

කොස්වත්ත Friday, 26 April 2013 05:00 PM

ඉතාලියේ රෝම පොලිසියට සහ එහි වෙසෙන වැසියන්ට මගේ ආචාරය !! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 161 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 571 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 256 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 693 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2008 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2281 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38484 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site