IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඉතාලි පුවත්පත් අවංක ලාංකිකයාගේ උදව්වට

මැක්සි බාලසූරිය වසර 15ක පටන් ඉතාලි ෆිරෙන්සි නගරයේ පදිංචි වී සිටියි. 2009 වර්ෂයේ ඔහු සේවය කළ රථවාහන අලූත්වැඩියා කරන ස්ථානයේ හාම්පුතුන් විසින් කැරුණ බව කියූ ලොකු සොරකමකින් මැක්සි ෆිරෙන්සි පොලිසියට හසුකර දුන්නේය. අලූත්වැඩියාවට ගෙන එන බස් ලොරි කාර් ඇතුළු සෑම වාහනයකින්ම ඉන්ධන සොරකම් කිරීම කලක පටන් එහි සිටි ඉතාලි ජාතිකයින් විසින් කරන ලදැයි සොයාගත් පොලිසිය පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙළේය. රැුකියාව අහිමි වූ මැක්සිට පොලිසිය මැදිහත්ව වෙනත් ස්ථානයක ස්ථීර රැුකියාවක් ලැබුණේය. වසර කිහිපයකට පසු නැවතත් ඔහුට රැුකියාව අහිමිව ඇත. ඒ මැක්සි සේවය කළ ස්ථානය ඉතාලියේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වැසීයාම නිසාය. දරුවන් තිදෙනකුගේ පියකු වන මැක්සිත් ඔහුගේ බිරියත් අද අන්ත අසරණ වී සිටිති. ජීවත්වන නිවසේ කුලිය පවා ගෙවා ගැනීමට නොහැකි බැවින් එයින් ද ඉවත්ව යෑමට ඔවුන්ට සිදුවී ඇත. එහෙත් මෙවර ෆිරෙන්සි දිස්ත‍්‍රික් මුද්‍රිත මාධ්‍ය ඔවුන් වෙනුවෙන් පෙනී සිටියි. පසුගිය සතියේ එහි පළ වූ සෑම පුවත්පතකම මැක්සි හා ඔහුගේ දරු පවුල වෙනුවෙන් සුවිශේෂී ඉඩකඩක් දුන්නේය. තම වටිනා රැකියාව පවා කැප කරමින් ෆිරෙන්සි නගරයේ නම කැත කළ සොර කල්ලියක් කොටුකර දීමට ක‍්‍රියා කළ මේ අවංක ශ්‍රී ලාංකිකයාට හා ඔහුගේ දරු පවුලට පාරට බසින්නට ඉඩ දීම සාධාරණදැයි ෆිරෙන්සි පුවත්පත් නගර ප‍්‍රධානීන්ගෙන් විමසයි.



අදහස් (0)

ඉතාලි පුවත්පත් අවංක ලාංකිකයාගේ උදව්වට

lal galabada Thursday, 23 February 2012 05:23 PM

ගලබඩ යුවල ගෙන්... ෆිරෙංසි ලාංකිකයිනි මැක්‌සි අවංක කෙනෙක්‌නම් ඉන්න තැනක්‌ සොයා දෙන්න ඉදිරිපත් වන්න,කාරුණික ඉල්ලීමක්‌.......

:       0       0

Nimal Thursday, 23 February 2012 06:35 PM

බටහිරට අසාත්මික සමහරක් අපේ අයට මේව වහ කඩුරු,ඔව්න් හිතන් ඉන්නෙ ලංකාව තමා ලොකෙන් උතුම් රට කියල. අපේ රටෙ මෙහෙම දෙයක් වෙයි කියල හිතන්න පුලුවන්ද?

:       0       0

ensena Thursday, 23 February 2012 08:33 PM

බලමු නේද අවංක මහත්තයාට, ඉතාලියේ ඉන්න කී දෙනෙක් අත දෙයිද කියල. මේ තමයි ොමිනිස්සු හඳුනගන්නට තියෙන නියම වෙලාව. මැකිසි මහත්තයෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2369 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 289 0


මුල්කිරිගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 432 0


ගලගෙදර අනුරට
2024 සැප්තැම්බර් මස 22 389 0


බෙලිඅත්ත අනුරට
2024 සැප්තැම්බර් මස 22 709 0


ඇඳිරි නීතිය දික් කරයි
2024 සැප්තැම්බර් මස 22 405 0

අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14649 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 48 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 221 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site