IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඉතාලි මඟුල් ගෙදර ගුටි කෙළියක්: පහක් පොලීසියේ

ඉතාලියේ සලැර්නෝ නගරයේ වියා දෙයිප්‍රින්චිපති  මාවතේ  නිවෙසක විවාහ මංගල උත්සවයකදී ඇතිවූ ගුටිබැට හුවමාරුවකදී පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. තමතමුන්ගේ නෑදෑයන්වන අත්අඩංගුවට ගත් ඔවුන් සියලුදෙනාම තරුණ සහ ඉතාලියේ නීත්‍යනූකූලව වාසය කරන අය බව ඉතාලි පොලීසිය පවසයි. තමතම නෑදෑපවුල් වල ප්‍රශ්නයකට ඔවුන් මෙසේ රණ්ඩු වූ බව ඉතාලි පුවත්පත් සඳහන්කරයි.



අදහස් (0)

ඉතාලි මඟුල් ගෙදර ගුටි කෙළියක්: පහක් පොලීසියේ

ලේක්කෝ ගලබඩ Thursday, 21 August 2014 11:30 AM

මට නම් පෙනෙන්නේ මේක වෙන්නප්පු මඟුල් ගෙදරක් වගෙයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 21 August 2014 11:36 AM

ලැජ්ජයි නේද? කට කහනවටද අපේ පැරණි මිනිස්සු කිවුවේ ආරේ ගති නෑරේ, බලු වලිගේ උණ පුරුකේ දැම්මත් නැහැ ඇදේ ඇරෙන්නේ, කියලා (නි)

:       0       0

සුගුනවති Thursday, 21 August 2014 11:45 AM

ආරේ ගුණ නෑරේ කියනවනේ! (නි)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Thursday, 21 August 2014 11:50 AM

මේවා ඉතාලියේ වසන අපේ ලාංකිකයන් අතින් වුණේ නැත්නම් තමයි පුදුම. ලංකාවේ පවුල් ප්‍රශ්න, ලංකාවේ ඉඩම් ප්‍රශ්න ඔක්කොම අදින්නෙත් මෙහේනේ (නි)

:       0       0

සෙනරත් Thursday, 21 August 2014 11:51 AM

මේකට සම්බන්ධ ලංකාවේ අය කවුද? (නි)

:       0       0

ප්‍රනීත් Thursday, 21 August 2014 11:53 AM

ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය පෙන්වීමක් වගෙයිනේ. දැන් ඉතාලි පොලිසියට ඕවා සාමාන්‍ය දේවල් වෙලා ඇති. කොටින්ම කියනවනම් අපේ ඉතාලියේ ඉන්න සමහරක්ට ජීවත්වෙන්න බැහැ රණ්ඩු නොකර. ඒ තරම් පහත් මට්ටමකට වැටිලා ඉන්නේ. මේ අය නිසා ලංකාවේ අයට රැකියා සොයාගැනීමට අමාරුයි (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 21 August 2014 12:10 PM

ඒගොල්ලන්ගේ ලංකාවේ ගමත් දැනගන්න කැමතියි (නි)

:       0       0

සුසාන් Friday, 22 August 2014 04:19 AM

"ආරේ ගති නෑරේ" කියලා කියන්න සිද්ධවෙලා තියෙන්නේ රණ්ඩු කරගත් අයට විතරක් නෙමේ, ඒකයි මට කණගාටු..... ලංකාවේ අයියලා ලෝකේ කොහේදී හරි එකට එකතු වුණොත් ඉතින් ඔහොමම තමයි. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 22 August 2014 04:22 AM

ප්‍රශ්නය ලංකාවේ කොහෙද කියන එක නොවෙයි. (නි)

:       0       0

ප්‍රනීත් Friday, 22 August 2014 04:57 AM

අනිවාර්යෙන්ම කොස්වාඩිය හෝ තල්විල කට්ටියකගේ මගුල් ගෙයක්. කොස්වාඩිය තල්විල අතර පරම්පරා ගානක ඉඳලා එන වලියක් තියෙනවා (නදී)

:       0       0

යසිරු Thursday, 21 August 2014 01:29 PM

මේවා හොඳයි තව සරණාගත ලේබල් ගහගෙන ඔස්ට්‍රේලියාවට ආපු අයියලගේ හපන් කම් එක්ක බලනකොට. (නදී)

:       0       0

මිලානො ජයන්ත Thursday, 21 August 2014 02:30 PM

නන්දන පනාගොඩ ,ලෙක්කො ගලබඩ මොනතරම් කුහක අදහස් තියෙන දෙන්නෙක්ද කියලා පැහැදිලි වෙනවා. ඉතාලියෙ ප්‍රවෘත්තියක් පළවුණ සැණින් වෙන්නප්පුවට බනිනවා (නි)

:       0       0

රුවන්තක මිලානෝ Thursday, 21 August 2014 03:14 PM

මිලානෝ ජයන්ත, ඔබ සිංහල කියවන්න දන්නේ නැද්ද? නන්දන මල්ලියි ගලබඩ අයියායි කාටවත් බැනලා නැහැනේ. (නි)

:       0       0

මිලානො ජයන්ත Thursday, 21 August 2014 03:40 PM

රුවන්තක මහත්තයෝ, ඔබේ සහෝදරයන් ගැන මම එහෙම ලීවේ මීට කලින් ලංකාදීප පලවූ ඉතාලි ලිපිගැන සංසන්දනය කරලයි (නදී)

:       0       0

සුගුනවති- නිව් ජර්සි ඇමරිකාව Thursday, 21 August 2014 03:50 PM

ඔන්න ඒපාර තවත් ගෝරියක් මිලානෝ ජයන්ති රුවන්තිකයි අතරේ. අනේ උඹලට පිට රටකට ගිහින් වත් ඉන්න බැරි හැටි මනුස්සයෝ හැටියට (නදී)

:       0       0

ජීවක Friday, 22 August 2014 07:20 AM

"හැම දේකටම වෙන්නප්පුවේ අය ගාව ගන්න එපා. ඇයි අනිත් නගරවල ඉන්නේ ශුද්ධවන්තයින්ද? මත් වීමේ සංස්කෘතියත් අනිත් අයට ට නැද්ද?පාටි වලට ගිහින් කලටි වතුරද බොන්නේ? (නදී)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය​, Friday, 22 August 2014 07:24 AM

ඇයිමේ ගම් බිම් ඇදගෙන අදහස් දක්වන්නේ,තමන් ගේ අදහස ස්වාධීනව කළානම් හොදයි නේද​,එතකොට කාගේවත් හිත් රිදෙන්නේ නෑනේ,මම මේ කිවුවේ කාටත් පොදුවේ හොදේ,අනික ඔය වගේ සිද්දි අපිට හුරුයි නේ ජම්මේට වැඩිය පුරුද්ද ලොකුයි නේ(අ)

:       0       0

රවිඳු Thursday, 21 August 2014 04:18 PM

අපේ අයට රණ්ඩු කරන්න මත් වතුරම අවශ්‍ය නැහැ. නිකම් ඉන්න වෙලාවටත් මත්වෙලා වගේ හැසිරෙන අයට මොකටද අමුතුවෙන් මත්වතුර? උපන් ගමටත් වැඩිය මෙතන තියෙන්නේ ජන්මය පිළිබද ගැටළුවක්. (නි)

:       0       0

මිනිපෙ Thursday, 21 August 2014 04:24 PM

කොටියා කැලේ මාරුකළාට පුල්ලි මාරු නොවේ.කූඩැල්ලන්ව මෙට්ටය උඩ තියන්න බැරිය. මගේ කට කහනවාට කියනවා නොවේ. (නි)

:       0       0

කොස්වත්ත Thursday, 21 August 2014 04:55 PM

නන්දන පනාගොඩ මිලානෝ, තමුන් ලංකාවේ කොහෙද? (නි)

:       0       0

‍පවන් Friday, 22 August 2014 08:35 AM

නූගත්කමත් මෝඩකමත් ඕවාට මුලයි. ඉතාලියට යන බොහෝ දෙනෙක් අඩු අධ්‍යාපනලාභී අය නිසා තමයි මේ වගේ රටේ නමත් කන්නේ (නි)

:       0       0

පහන්දී Friday, 22 August 2014 09:02 AM

දැන් මෙතන මෙහෙම නම් ඉතාලියේ කොහොමට ඇද්ද...? (නදී)

:       0       0

උපුල් Friday, 22 August 2014 09:23 AM

ඉතාලිය ගඳ ගස්සන අපේ ලාංකිකයෝ. (නදී)

:       0       0

චමින්ද Thursday, 21 August 2014 08:23 PM

ඉතාලියේ සිදුවීම් වලට, අදහස් දැමීමෙන් වැළකී සිටීමට තීරණය කරගෙන සිටිමි.......ඒ පසුගිය කාලයක අදහස් දමා,අහගත්ත දේවල් සිහියට නැගීමේදී.......... (ස)

:       0       0

සුමුදු Thursday, 21 August 2014 09:58 PM

නන්දන පනාගොඩ,ලෙක්කො ගලබඩ, ඔයාලගේ කතාව අනුව නම් පෙනෙන්නේ මේක ඔයාලගේ ගම් වල කට්ටියගේ වැඩක් වගේ. කවුරුත් කැමතියිනේ තමන්ගේ කුණු අනුන්ගේ වත්තකට හරි දාලා සුද්ද වෙන්න. ගුටි ඇනගන්න එක වෙන්නප්පුවේද, නුවරද, ගාල්ලේද කියලා වෙනසක් නැහැ. (නි)

:       0       0

අබේපාල Thursday, 21 August 2014 10:04 PM

බලන්න කොච්චර ලැජ්ජාවක්ද කියලා (නි)

:       0       0

නිලංක Thursday, 21 August 2014 11:02 PM

යථාර්ථය හරිම කණගාටුදායකය. ඉතාලි ඉන්න ශ්‍රී ලාංකික පිරිසගෙන් සියයට 75ක් විතර නිසි අධ්‍යාපනයක් නැති අයයි.ඒ අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 21 August 2014 10:43 AM

ඉතාලියේ සලේර්නෝ නගරයේ බහුල ලෙස වෙන්නප්පුවෙන් පැමිණි සංක්‍රමණිකයන් වාසය කරනවා. මත්වීමේ සංස්කෘතිය මේ ප්‍රදේශ වල ශ්‍රී ලාංකිකයන් අතර බහුල ලෙස ව්‍යාප්ත වී තිබෙනවා (නි)

:       0       0

චමත් ඉතාලිය Thursday, 21 August 2014 10:48 AM

මෑතකදී ඉතාලියට ආ අය තමයි ඔය විදියට හැසිරෙන්නේ. මීට අවුරුදු 18 ට 20 ට උඩදි නම් අපි ඔය වගේ හැසිරෙනවා දැකලා නැහැ.පිටරටකට ඇවිල්ලත් ජීවත්වෙන්න මේ අය දන්නේ නැහැ. හේතුව තමයි ජන්මෙට වඩා පුරුද්ද ලොකු වීම. කැපී පෙනෙන්න තිබෙන ආශාව.මේ අයගේ මේ වගේ වැඩ නිසා ලංකාවේ නම විනාශ වෙනවා (නි)

:       0       0

රනිල් ඉතාලි Friday, 22 August 2014 01:04 AM

වෙන්නප්පුවේ වැඩක්ද මේ? (නි)

:       0       0

චමිල් Friday, 22 August 2014 11:25 AM

රනිල්, හොඳට හොයලා බලන්න. අනිවාර්යයෙන්ම දකුණේ වෙන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 428 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 451 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 745 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 567 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 399 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 736 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site