IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඉතාලි යන්න ගිහින් වෙච්ච දෙයක්

නිවාඩුවක් සඳහා ඉතාලියේ සිට ගෙදර ආ ශ්‍රී ලාංකිකයෙක් වීසා බලපත‍්‍රයේ ප‍්‍රශ්නයක් මත රිමාන්ඞ් ගත කරනු ලබයි. ඒ අතර ඔහුගේ ලියැවිලි උසාවියේදී අස්ථාන ගත විය. ඊට සමාන ලියැවිලි ඉදිරිපත් කැර ඉතාලි යන්නට ආ අයෙක් කටුනායකදී අත්අඩංගුවට ගනු ලබයි. කෙටිකාලීනව විදෙස් ශ‍්‍රමිකයන් ගෙන්වීමේ ඉතාලි නීතිය යටතේ 2008 ජනවාරි 25 දින ඉතාලියට ගිය වැල්ලම්පිටිය කොටිකාවත්තේ පදිංචි අබේසිංහ ආරච්චිගේ රවිලාල් හර්ෂදේව (28) මාස හයක තාවකාලික වීසා කාලය අවසන් වූ සැණින් 2009 සැප්තැම්බර් මස හඳුන්වා දුන් ඉතාලියේ රැඳී සිටින අනවසර ශ‍්‍රමිකයන් නීතිගත කිරීමේ නව නීතිය යටතේ දීර්ඝකාලීනව ඉතාලියේ රැඳී සිටීමේ බලපත‍්‍රය සාදාගත්තේය. 2011 අගෝස්තුවේදී කෙටි නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට ආවේය. නැවත එම වසරේම සැප්තැම්බර් 13 වන දින ඉතාලියට යාම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ ආගමන විගමන නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට ලක් වන අතර පසුව ඔහු රහස් පොලිස් භාරයට ගෙන අධිකරණ නියෝග මත දින දොළහක් බන්ධනාගාර ගතවීමට සිදුවිය. රවිලාල්ගේ කතාව ඔහුගේ වචනයෙන් මෙතැන් සිට දිග හරිමු. ”කොළඹ ඉතාලි තානාපති කාර්යාලය මට දුන් වීසා බලපත‍්‍රය වලංගුව තිබුණේ 2008 ජනවාරි 25 වෙනිදා සිටයි. එදාම මම ඉතාලියට ගියා. අපේ ගුවන්තොටුපලින් පිටත්වීමේ මුද්‍රාව සහ මිලානෝ මල්පෙන්සා ගුවන් තොටුපලින් රටට ඇතුළුවීමේ මුද්‍රාව මගේ ගමන් බලපත‍්‍රයේ සටහන්ව තිබුණා. එහෙත් එදා අපේ ගුවන්තොටුපලේ සිටි නිලධාරියා මගේ ගමන් බලපත‍්‍රයේ පිටත්වීම තබා තිබුණේ 2011 ජනවාරි 25 ලෙසයි. එය මා අතින් සිදුවූ වරදක් නොවූවත් මට වරද පිළිගෙන බන්ධනාගාරගත වෙලා නඩුවකට මුහුණදීමට සිදුවුණා. මිලානෝ ගුවන්තොටුපළින් මගේ ගමන් බලපත‍්‍රයේ සටහන් කළ රටට ඇතුළුවීමේ මුද්‍රාව අපැහැදිලිවීම මෙම ප‍්‍රශ්නය තවත් දිග්ගැස්සුවා. මගේ නඩුව මුලින්ම විභාග කළේ 2012 ජනවාරි 10දා. පසුව අපේ‍්‍රල් 10දා නඩු තීන්දුව ප‍්‍රකාශයට පත්වුණා. නැවත ඉතාලි යාමට මට අධිකරණයෙන් අවසර ලැබුණා. අධිකරණ භාරයේ තිබූ මගේ ගමන් බලපත‍්‍රය නිදහස් කරන ලෙසත් රටින් පිටවීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කරන ලෙසත් විනිසුරුතුමා නියෝග කළා. එහෙත් මීගමුව අධිකරණයේ තිබූ මගේ ඉතාලි රැඳී සිටීමේ බලපත‍්‍රය නැවත ලබා ගැනීමට ගිය මොහොතේ නඩු භාණ්ඩ භාරකරු කියා සිටියේ එය අතුරුදන්ව ඇති බවයි. සතියක් පමණ මා අධිකරණයේ රස්තියාදු වුණා. නැවතත් මෝසමක් මගින් නැතිවූ මගේ ඉතාලියේ රැඳී සිටීමේ බලපත‍්‍රය සොයාදෙන ලෙස ඉල්ලා සිටි විට දින දාහතරක් ඇතුළත එය සොයා දෙන ලෙස විනිසුරුතුමා නියෝග කළා. එහෙත් සොයාගැනීමට හැකිවුණේ නැහැ. නඩු භාණ්ඩ භාරකරු කියා සිටියේ පොලිසියට ගොස් පැමිණිල්ලක් දමා ඉතාලි තානාපති කාර්යාලයෙන් තාවකාලික වීසා බලපත‍්‍රයක් ලබාගන්නා ලෙසයි. එහෙත් අධිකරණයේ නැතිවූ දෙයකට පොලිසියට ගොස් පැමිණිල්ලක් දැමීම මා ප‍්‍රතික්ෂේප කළා. අධිකරණයෙන් වගකීම භාරගෙන මට ලියවිල්ලක් දෙනවා නම් පමණක් එය රැගෙන ඉතාලි තානාපති කාර්යාලයට යෑමට එකඟවුණා. ඒත් ඔවුන් එය මග හැරියා. පසුව මා මානව හිමිකම් කොමිසමට ගියත් අධිකරණය සම්බන්ධ ගැටලූවකට මැදිහත්වීම ඔවුන් ප‍්‍රතික්ෂේප කළා. පසුව මාගේ බලකිරීම මත අපේ‍්‍රල් 30 වෙනිදා මීගමුව අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරු ඉතාලි තානාපති කාර්යාලයට රැගෙන යාමට ලිපියක් සාදා දුන්නා. මා ජූලි 25 වෙනිදා කොළඹ ආගමන විගමන කාර්යාලයට ගොස් රටින් පිටවීම සඳහා මට අධිකරණයෙන් ලබාදී තිබූ තහනම පිළිබඳව විමසුවා. එහෙත් ඒ තහනම ඒ විදියටම තිබුණා. නඩුව නිම වී මාස තුනකටත් වඩා කාලයක් ගතවී තිබුණත් මීගමුව අධිකරණයේ කිසිවකු විනිසුරුතුමන්ගේ නියෝගය පිළිපැද එය ඉවත් කරන්න කටයුතු කර තිබුනේ නැහැ. මා මීගමුව අධිකරණයට ගොස් එහි නිලධාරියෙකු මාගේ යතුරුපැදියෙන් කැඳවාගෙන ආගමන විගමන කාර්යාලයට පැමිණ තහනම ඉවත් කර ගත්තා. මා ජූලි 25 වනදා ඉතාලියට පැමිණියා. ඊට දින හතරකට පසු මගේ රැඳී සිටීමේ බලපත‍්‍රය උපයෝගී කරගෙන වෙනත් අයෙක් ඉතාලියට එන්න උත්සාහ කර ගුවන් තොටුපළේදී රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙන බව මට දැනගන්න ලැබුණා. මා ගුවන් තොටුපලේ සිටින මා හිතවත් රහස් පොලිස් නිලධාරියෙකුට කතා කළ විට ඔහුද එය පිළිගත්තා. එය සත්‍යයක් නම් අධිකරණයේ දී නැතිවුණු මගේ ඉතාලි රැඳී සිටීමේ බලපත‍්‍රය ඔහු අතට පත්වූයේ කෙසේද?”



අදහස් (0)

ඉතාලි යන්න ගිහින් වෙච්ච දෙයක්

අමිල Wednesday, 10 October 2012 05:25 PM

අත්අඩංගුවට ගත්ත එක වැරදියි (දී)

:       0       0

පනාගොඩ Wednesday, 10 October 2012 05:29 PM

වෙන්නප්පුවේ අයට නම් මේවා අලුත් දේවල් නෙමෙයි. (නි)

:       0       0

සමන් Thursday, 11 October 2012 06:16 AM

ආයේ එන්න එපා අපේ ලංකාවටනම් (ස)

:       0       0

අසිත Wednesday, 10 October 2012 05:39 PM

මෙයා ඊළග වතාවේ නිවාඩු යද්දී උසාවියට අපහාස කිරීමේ වරදට හසුවෙයිද? (නි)

:       0       0

රොෂාන් Wednesday, 10 October 2012 05:41 PM

අධිකරනය ස්වාධීන වුණා විතරයි. දැන් දැන් ප්‍රසිද්ධියේ මඩ එල්ල කරනවා. වැඩේ කැතයි. (නි)

:       0       0

එස්.එල්.ටී.කේ. Wednesday, 10 October 2012 05:43 PM

මේ රටේ සිදුවන මේ වගේ දේවල් ඇහෙනකොට මටනම් හිතෙන්නේ, අපේ මොන කාලකන්නිකමකට මේ වගේ රටක ඉපදුනාද කියලා. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 10 October 2012 05:56 PM

මෙන්න නියම දෙයියෝ සාක්කි (ස)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 10 October 2012 06:11 PM

මේක කාගේ වැඩක්ද

:       0       0

දුමිදු Wednesday, 10 October 2012 06:14 PM

එහෙම වුනේ කොහොමද

:       0       0

මහේෂ් Wednesday, 10 October 2012 06:08 PM

පරික්ෂා කලේ නැද්ද (දී)

:       0       0

ඔලු Wednesday, 10 October 2012 06:12 PM

පව් අසරණයෝ

:       0       0

නන්දන Wednesday, 10 October 2012 06:14 PM

අපේ රට ගැන අපිට හරිම කණගාටුයි , ‍සිදුවූ මේ අසාධාරණයට කවුද වගකියන්නේ (ස)

:       0       0

අනුර Wednesday, 10 October 2012 06:14 PM

අයියෝ සල්ලි

:       0       0

එදිරි Wednesday, 10 October 2012 06:39 PM

අයියෝ! ලංකාව නිකන් කැද හැළියක් වෙලා වගෙයිනේ. (නි)

:       0       0

බුද්ධික Thursday, 11 October 2012 09:05 AM

ලංකාවයි - ශ්‍රී ලංකාවයි (ස)

:       0       0

විජේසිංහ Wednesday, 10 October 2012 06:52 PM

මෙහෙම දේවල් කොපමණ සිදුවෙනවද? (නි)

:       0       0

පහන් Thursday, 11 October 2012 05:45 PM

මේවාට වග කිව යුත්තෝ කව්ද? (දී)

:       0       0

පිටිගල Thursday, 11 October 2012 05:47 PM

පාස්පෝට් වල ඔලුව මාරුකරන්න වෙන්නප්පුවේ අය උපන් හපන්නු. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 11 October 2012 11:49 PM

පනාගොඩ, මොකක්ද වෙන්නප්පුවේ තියෙන ප්‍රශ්නය? කෙනෙකුට කරදරයක් වුණහම මෝඩයෙක් වගේ වෙන්නප්පුව ගාවගන්න එපා. (නි)

:       0       0

රූපා Thursday, 11 October 2012 10:23 AM

අපි පිටරටක ඉදන් ලංකාවට ඇවිත් කලිසමක් ඇදන් පාරේ ගියොත් අපි දිහා උපහාසෙටයි බලන්නේ . ඒත් ලංකාවේ වෙන බාල දූෂිත වැඩ , හොරු, මැරයෝ ඒවා කාටවත් පේන්නේ නෑ‍‍...අපි පිටරටකම ඉමු ‍. එතකොට මේවා පේන්නේ නෑනේ (ස)

:       0       0

හේමන්ත Thursday, 11 October 2012 05:58 PM

පොඩි අපිට තමයි ඔක්කොම වෙන්නේ.. බලන්න ඕන නේටෝ වැරදි අපිට පටවලා මුදලුත් අසාගෙන අපිව හිරේ දාන අපූරුව..!(නු)

:       0       0

මංජු Wednesday, 10 October 2012 07:37 PM

නඩු භාණ්ඩ භාරකරු කාට හරි විකුණන්න ඇති. අනේ මෙහෙමත් මිනිස්සු? පහළ සිට ඉහළ දක්වා හොරු තමයි ඉන්නේ. (නි)

:       0       0

කුෂි Wednesday, 10 October 2012 08:09 PM

නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත්....නැහැ..නැහැ..බඩු පොලීසියෙ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 10 October 2012 08:22 PM

හතරවටේටම හොරු. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 10 October 2012 08:23 PM

හතරවටේම හොරු (ස)

:       0       0

ලලිත් Wednesday, 10 October 2012 08:22 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 10 October 2012 08:41 PM

කරුනා කර මෙවෑනි දේවල් පළ කරන්න එපා. මේක බලලා විනිසුරුවරුන් ආයෙත් වර්ජනය කළොත් ඉතාලියෙ ඉන්න අපිටයි ලංකාවෙ අය බනින්නෙ. හිතවත් රවිලාල්, ලංකාවෙ ඉන්න අය ගෑන ඔබ කණගාටු වෙන්න එපා. එහි හැටි දෑන් ඔහොමයි. මම ලංකාවට පෑමිණිවිට මගේ නිවසේ බඩු ඔක්කොම සොරුන් විසින් රැගෙන ගියා. පොලිසියට ගිය විට මට කාරුණිකව ඔවුන් දෑනුම් දුන්නේ, මට විදේශගත වීමට පරක්කු වෙන නිසා එය එතරම් ගණන් නොගන්නා ලෙසයි. (නි)

:       0       0

ගලබඩ Thursday, 11 October 2012 11:40 AM

මෙච්චර සාක්ෂි තිබිලත් දැන්වත් පරීක්ෂණයක් පටන් ගත්තද ? (ස)

:       0       0

කමල් Wednesday, 10 October 2012 09:28 PM

ඕකත් අහන්න දෙයක්ද ? අද ලංකාවේ හොරකම් , ජඩකම් කරන තරමක් කරන්නේ ඉහල තැන්වල අයයි (ස)

:       0       0

රිස්වාන් - සවුදි Wednesday, 10 October 2012 09:29 PM

හර්ෂදේව, ඇත්තටම් ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකට ඔබ මැදිවී නැවත කොහොම හරි ඔබට යන්න ලැබුණා. සාධාරණයට දැන් තැනක් නැහැ. අසාධාරණය රජ කරනවා. ඔබ ජුලි 24දින නැවත යනතුරු සිට එම නිලධාරියා අවසර පත්‍රය විකුණා ඇත. (නි)

:       0       0

ලියනගේ Wednesday, 10 October 2012 09:35 PM

මේක ශ්‍රී ලංකාව පුතේ. මේවා පුදුම වෙන්න කාරණා නෙමෙයි. (නි)

:       0       0

අනුපම Thursday, 11 October 2012 07:24 PM

අපේ රටේ වගකිව යුතු නිලධාරීන්ගේ තරම තමයි (දී)

:       0       0

සිරි Thursday, 11 October 2012 12:46 PM

මේක බෞද්ධ රටක්... මේක බෞද්ධ රාජධාණිය කිව්වනම් මේවත් ඉවසගෙන ඉන්න පුරුදුවෙමු (ස)

:       0       0

මිනී Wednesday, 10 October 2012 11:02 PM

උසාවියෙත් දැන් හොරු ඉන්නේ.(නදී)

:       0       0

ඔමාල් Thursday, 11 October 2012 01:13 PM

කව්ද මේ දේවල් වලට වග කිව යුත්තෝ? (දී)

:       0       0

පාරා Wednesday, 10 October 2012 11:49 PM

ඔන්න ලංකාවේ උත්තරීතර වැඩ , (ස)

:       0       0

සුජිත් වෙරොනා Thursday, 11 October 2012 01:13 AM

මේ වගෙ නිලධාරින් ඉන්නකල් අපේ රට කවදාවත් හොද තෑනකට එන්නෙ නැහැ. (නි)

:       0       0

ලලිත් Thursday, 11 October 2012 01:26 AM

නඩු භාණ්ඩත් හොරකම් කරන කාලයක්. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වෙනුවට නඩුත් හොරුන්ගේ බඩුත් හොරුන්ගේ වෙන කාලයක්ද මේ? (නි)

:       0       0

ඊඑම් Thursday, 11 October 2012 02:49 PM

දැන් හැමැතැනම හොරුනේ. ලංකාවද චිකාගෝද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 49 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 84 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1853 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 498 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39702 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site