IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඉතාලි ලාංකිකයෝ මැරයන්ගෙන් බේරාගන්න යයි

"ඉතාලියේ නාපොලි නඟර වාසී ශ්‍රී ලාංකික ප්‍රජාවට ඇතිවන අවරත හිරිහැර දිනෙන් දින ම වර්ධනය වන බව දක්නට ලැබෙනවා. ඉතාලි ජාතික ඇතැම් නොසංඩාල තුරුණු කල්ලි විසින් හුදු විනෝදය පිණිස හුදකලා ව හමුවන ශ්‍රී ලාංකිකයනට පහරදෙනවා,මංකොල්ලකනු ලබනවා ,සොරකම්කරනු ලබනවා. එම කල්ලිවලට ඇති බිය නිසා කිසිවකු විසින් හෝ පොලිසියට පැමිණිලි කිරිමට ඉදිරිපත් වන්නේ නැහැ .මේ අනදරය සඳහා කඩිනම් පියවරක් ගතයුතු ව තිබෙනවා ." නපොලියේ ශ්‍රී ලංකා ගරු කොන්සල්වර නීතිවේදී සල්වතොරේ පුල්යෙසේ මහතා එසේ ප්‍රකාශ කෙළේ ය .
        ඒ මහතා එසේ සඳහන් කෙළේ "ලංකාදීප එසැණ පුවත් "වෙනුවෙන් කෙරුණු වෙසෙසි කරුණු පහදුවක දී ය. එම කරුණු පහදුව නපොලියේ සල්වතොර්රෝසාහි පිහිටි ශ්‍රීලංකා කොන්සල්කාර්යාලයේ දී ඉකුත් දා සිදුකෙරුණි .සිය ලේකම් චන්ද්‍රසිරි නානායක්කාර ,කාර්යමණ්ඩලයේ ශාන්ත ජයවික්‍රම යන මහත්වරුද කරුණු පහදුවට එක් වූහ .
  ගරු කොන්සල්වර නීතිවේදී සල්වතොරේ පුල්යෙසේ මහතා මෙ සේ ද  ප්‍රකාශ කෙළේ ය ."මේ අනදරය දිගු කලක සිට ම සිදුවන්නක් .

එත් මෑතක සිට එම තත්ත්වයේ දැඩි ප්‍රවර්ධනයක් දක්නට ලැබෙනවා. සනිතා ප්‍රදේශය ,රෝම පාර හෙවත් ටෝලේඩෝ පාර ප්‍රදේශය ,කවෝර් ප්‍රාදේශීය ,මස්සීනි චතුරශ්‍ර ප්‍රදේශය ඈ තැන්වලිනුය් මේ අභාග්‍ය සිදුවීම් වැඩිපුර වාර්තා වන්නේ. එම  කල්ලිවලට ඇති බිය නිසා කිසිවකු විසින් හෝ ආරක්ෂක අංශවලට පැමිණිලිකිරිමට ඉදිරිපත් වන්නේ නැහැ ."

    "මේ ගැටළුවට ගතයුතු පියවර ගැන සාකච්ඡා කරනු පිණිස නාපොලි නඟරාධිපතිවරයා මුණගැසී පිළියම් සෙවීම අප විසින් සිදුකරනු ලැබුණා .  නාපොලි කම්පානියා නගරාධිපති ලුවිජි දී මජෙස්ට්‍ර්ස් මහතාණන් හමුවී කරුණු පහදුවක් අප විසින් සිදුකරනු ලැබුණා .එම හමුව සඳහා නාපොලි නඟර වාසී ශ්‍රී ලාංකික
නියෝජිත පිරිසක් ද සහභාගී වුණා . කරුණු පහදුවේ මුලික අරමුණ වූයේ ශ්‍රී ලාංකික නාපොලි නඟරවාසි ජනතාව ගේ අරක්ෂාවයි .දෙවන කරුණ වූ යේ  ශ්‍රී ලාංකික නාපොලි නඟරවාසි ජනතාව ගේ සංස්කෘතික උලෙළු සඳහා පරිශ්‍ර පහසුකම් සහ ශාලා පහසුකම් නගරසභාවේ අනුග්‍රහයෙන් පහසු ගෙවීම් ඇතිව සපයාගැනීම ය."
    " මේ දෙපස් හමුවට නාපොලි නාගරික මන්ත්‍රී ෆ්‍රන්චෙස්කෝ වෙර්නෙත්ති මහතා ද එක්වුණා . ශ්‍රී ලාංකික ප්‍රජාවට පමණක් නොව සියලු ම සුළු ජනවර්ග සඳහා උපරිම ආරක්ෂාවක් සලසා දෙනු පිණිස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටීමට ද අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යවරයාණන් දනුම්වත්කර නිසි පියවර අයැදීමට ද  නගරාධිපති ලුවිජි දී මජෙස්ට්‍ර්ස් මහතා එකඟ වුණා .එ පමණක් ද නොව  ශ්‍රී ලාංකික නාපොලි නඟරවාසි ජනතාව ගේ  සංස්කෘතික උලෙළු සඳහා පරිශ්‍ර පහසුකම් සහ ශාලා පහසුකම් නගර සභාවේ අනුග්‍රහයෙන් පහසු ගෙවීම් ඇතිව ලබාදීමට ද ගිවිසියා . නඟරාධිපති හමුවේ නියෝජිත පිරිසට නපොලියේ නවජේසු පුදබිම් දෙව් මැඳුරේ ඇන්තනි වීරසිංහ පියතුමන් ද චන්ද්‍රසිරි නානායක්කාර ,ශාන්ත ජයවික්‍රම ,නිශාන්ත සෙනරත් ,රාජා ප්‍රනාන්දු ,සුරේනි කළුගමගේ යන මහත්මමහත්මීහු ද සහභාගී වූහ .

001

නාපොලි කම්පානියා නගරාධිපති ලුවිජි දී මජෙස්ට්‍ර්ස්  ශ්‍රී ලංකා කොන්සල්වර නීතිවේදී සල්වතොරේ පුල්යෙසේ  ,නාපොලි නාගරික මන්ත්‍රී ෆ්‍රන්චෙස්කෝ වෙර්නෙත්ති මහතා      නවජේසු පුදබිම් දෙව් මැඳුරේ ඇන්තනි වීරසිංහ පියතුමන් ද චන්ද්‍රසිරි නානායක්කාර ,ශාන්ත ජයවික්‍රම ,නිශාන්ත සෙනරත් ,රාජා ප්‍රනාන්දු ,සුරේනි කළුගමගේ යන මහත්ම මහත්මීහු

01

ශ්‍රී ලංකා කොන්සල්වර නීතිවේදී සල්වතොරේ පුල්යෙසේ  මහතා 

 

1

ශ්‍රී ලංකා කොන්සල්වර නීතිවේදී සල්වතොරේ පුල්යෙසේ .සිය ලේකම් චන්ද්‍රසිරි නානායක්කාර ,කාර්යමණ්ඩලයේ ශාන්ත ජයවික්‍රම යන මහත්වරු

 

 



අදහස් (0)

ඉතාලි ලාංකිකයෝ මැරයන්ගෙන් බේරාගන්න යයි

අසංක Monday, 18 April 2016 02:33 PM

මේක ලියද්දිත් ඉතාලි බාසාව කලවම් වෙලාද මන්දා (අ)

:       0       0

රොහාන් දයාදර Tuesday, 19 April 2016 05:16 AM

පටලගන්න එපා ,,,,,, ඉතාලියේ ඉන්න බහුතරයක් හොද මිනිස්සු ,,,,,මේකට හේතුව දිනෙන් දින සිදුවට යුරෝපයේ ආර්ථික කඩ වැටීම ,,,, (ම)

:       0       0

අචිර Monday, 18 April 2016 03:13 PM

ඇතැම් ඉතාලි කාරයන් ඔහොමමයි කිසි හැදියාවක් නෑ (අ)

:       0       0

ජෝර්ජියෝ Tuesday, 19 April 2016 06:12 AM

මේ අදහස් දාන අය ඉතාලිය ගැන මෙලෝ දෙයක් හොයලා බලලා දාන අයද? බහුතරයක් ද්වේශසහගතව ඉතාලිය දකින්නේ. සම්පුර්ණ වැරදි මතයක්. ලෝකයේ ඉතාලිය තරම් අසරණ මිනිසුන්ට උදවුකරන ජාතියක් කොහෙවත් දකින්න නැහැ. සුළුතර දාමරික කොටස් කොයි ලොවෙත් ඉන්නවා. (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Monday, 18 April 2016 06:40 PM

කෝ අපේ ඉතාලි යාලුවා, පැරිසිය ගැන දන්නා ...? හිනා හිනා වෙන්න හිනා (නි)

:       0       0

ජෝර්ජියෝ Monday, 18 April 2016 07:13 PM

අවිර, ඉතාලිකාරයන් ඔක්කොම වෙන්නේ කොහොමද? දැන් එතකොට ඔය කට්ටිය එක්ක ඉන්නේ ඇමරිකන්කාරයෝද? ඉතාලි ගොඩක් මිනිස්සු බහුතරයක් හරිම සුහදශීලි ජාතියක් ... (නි)

:       0       0

ශාන් Monday, 18 April 2016 09:15 PM

ලංකාවෙන් පැනලා ඉතාලියේ හැංගිලා ඉන්න සහ හිටපු මැරයින්ට බැරිද මේකට සුදුසු පියවරක් ගන්න (නි)

:       0       0

දේවි Tuesday, 19 April 2016 09:22 AM

මේ තත්වය ඇතිවුනේ විමල් ඉතාලි ගිහින් දේශන පැවැත්වුවට පසු කියා සමහරු කියනවා. (බ)

:       0       0

ද සිල්වා බර්ලින් Monday, 18 April 2016 09:31 PM

ඉතාලි ජාතිකයෝ ම්ලේච්ඡයන් ලෙස හඳුන්වනවාට මම විරුද්ධ වෙමි. ශ්‍රී ලාංකිකයන්ට නීත්‍යානුකූල ක්‍රමයට රැකියා කිරීමට සහ වාසය කිරීමට යුරෝපේ ඉඩදුන් එකම රට ඉතාලියයි. ඉතාලියේ ආර්ථිකය දැන් වැටිලා. එම නිසා අඩු අාදායම්ලාභී ඉතාලි ජාතිකයෝ එහි ජිවත්වන විදේශිකයන්ට පහරදීමට පෙළඹිලා. ඉතාලි භාෂාව හොඳට කතාකරන්න පුළුවන් ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේදී ඉතාලියේදී උපයන මුදලට වැඩි මුදලක් සංචාරක ව්‍යාපාරයේ හොයාගන්න පුළුවන් (නි)

:       0       0

බණ්ඩාර Monday, 18 April 2016 09:36 PM

මට නම් ඉතාලිය කියන්නේ යුරෝපයේ තිබෙන එපාමකරපු රට (නි)

:       0       0

රොහාන් Monday, 18 April 2016 10:44 PM

අසංක මොනවා කියනවාද කියලා මට තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ගුරුසිංහ Tuesday, 19 April 2016 04:42 PM

අපි බලමුකෝ ලාංකිකයන්ට උදවු කරයිද කියලා (නි)

:       0       0

මොරවක Tuesday, 19 April 2016 04:47 PM

මෙවන් ලිපි මඟින් අප දැනුවත්කරන ලංකාදීපයට තුති! (නි)

:       0       0

ටිකිරි Tuesday, 19 April 2016 12:57 AM

අචිර, ඉතාලිකාරයෝ කිසි හැදියාවක් නැත්නම් පුදුම උගත්කමක් තියෙන ලෝකෙටම ආඩම්බර වෙන්න පුළුවන් හැදියාවක් තිබෙන සිංහලයෝ මොකටද ඉතාලියට ගියේ? තමන්ගේ ශ්‍රීමත් මවුබිමේම ඉන්න තිබුණනේ යහමින් වැජඹෙමින් (නි)

:       0       0

නිශාන් Tuesday, 19 April 2016 01:39 AM

පිටිගල මිලානෝ කෝ? නැද්ද දාන්නේ අදහසක්? (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 19 April 2016 01:58 AM

අසංක, තමුන්ගේ උගත්කම සිංහල භාෂා දැනුම මහජනතාවට පෙන්වන්න එපා. ලජ්ජා නැද්ද? (නි)

:       0       0

නිල්මිණි-ජපානය Tuesday, 19 April 2016 02:02 AM

එහෙ ඉන්න සමහරු ඉතාලි මැරයන්ගෙන් ගුටිකකා මේ පිටුවට විත් අනෙක් උදවියට අපහාස කරනවා. ලැජ්ජයි. (නි)

:       0       0

ඔෂාන් Tuesday, 19 April 2016 02:13 AM

ඉතා හොඳ ලිපියක්. මෙවන් ලිපි අපි ආශාවෙන් බලනවා (නි)

:       0       0

බුද්ධි Tuesday, 19 April 2016 02:53 AM

ඔය පිටිගලට දෙකක් අනින්න එයා ඉතාලියේ නැද්ද දන්නෙ නැහැ මේ දවස් වල? (නි)

:       0       0

කමණි Tuesday, 19 April 2016 02:59 AM

ලංකාවේ විදේශ ඇමතිට ලංකාවේ ඉන්න ඉතාලි තනාතිපතිව විදේශ අමාත්‍යංශ කාර්යාලට ගෙන්වලා මේ පහරදීම් පිළිබඳව කරුණු රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් අහන්න පුළුවන්. ආ මම දවල් හීනෙන් ඇහැරුනා... (නි)

:       0       0

සොපි Tuesday, 19 April 2016 03:11 AM

දැන් දැන් ආයෙත් නැගිටින අපේ පාතාලේ කට්ටියවත් අල්ලලා ඉතාලි පටවමුද? (නි)

:       0       0

සමන් Tuesday, 19 April 2016 03:58 AM

මේ ලිපියේ බස් වැහැරුම මට සිහිකරන්නේ යටත් විජිත යුගයේ ආණ්ඩුකාර උතුමාණන් ගැන ලියවුන ප්‍රශස්ති.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 312 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 287 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 403 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1031 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 426 0

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 86 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25166 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 256 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site