IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉතාලි ලංකා ප්‍රශ්නවලට විසඳුම් දෙයි

ඉතාලියේ ජීවත් වන ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයන්  රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේදී මුහුණ දෙන ගැටලු විසඳීම ගැන විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම සහ ඉතාලියේ නව තානාපති ලෙස වැඩ භාර ගැනීමට නියමිත නාවලගේ බෙනට් කුරේ මහතා අතර බදාදා (18) විශේෂ සාකච්ඡාවක් පැවැති බව විදේශ අමාත්‍යංශ ආරංචි කියයි.

නව තානාපති අගෝස්තු අගදී ඉතාලියට පැමිණීමට නියමිතව සිටියත් අසනීප හේතුවෙන් නොපැමිණි බවත්, ලබන 29 වැනිදා කුරේ මහතා රෝමයට පැමිණීමට නියමිත බවත් දැනගන්නට ඇත.

තානාපති නිලධාරීන් ස්වේච්ඡාවෙන් පවත්වාගෙන ගිය ඉරිදා සේවය නතර කිරීම ආදී ගැටළු රැසක් විසඳීමට විදේශ ලේකම්ගේ අවධානය යොමුව ඇතැයි ද, නව තානාපති රෝමයට ගොස් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතැයි ද විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (0)

ඉතාලි ලංකා ප්‍රශ්නවලට විසඳුම් දෙයි

අප්සරා Thursday, 19 September 2013 08:10 PM

කරුණාකර තානාපති කාර්යාල වලට පත් කරන නිලධාරීන් දේශපාලකයින්ගේ හිතවත්කම් අනුව පත් නොකරන්න, ඔවුන්ව තානාපති කාර්යාලවල උසස් නිලධාරීන්ටත් පාලනය අපහසුයි. වැරදි කරන්න බය නැහැ. විදේශ අමාත්‍යයාංශයට ඇමැති කෙනෙක් ඉන්නවා නම් මේ හොර පාරවල් වසා දමන ලෙස ඉල්ලමි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 19 September 2013 08:39 PM

කවුරු වුනත් ඉංග්‍රීසි භාෂාව හසල ලෙස කතා කරන විදේශ සේවයේ ඉහල ශ්‍රේණියක දැනුම ඇති හෝ ලන්ඩනයේ මහ කොමිසුරු ක්‍රිස් නෝනිස් මහතා වැනි ලංකාවට චෝදනා මුඛයෙන් කතාකරන ලෝ විද්වතුන් හඹා ගොස් තර්ක බිඳහෙලන උගතෙක් මෙහාට එවන්න. නිකන් 'පොහොර නිපදවන මැසිමක්' නම් එවන්න එපා. (අ)

:       0       0

වසන්ත Friday, 20 September 2013 01:00 PM

තානාපති සේවය කරන අය මීට වඩා අවංක වන්න ඕන. ගොඩක් අය කරන්නේ පාටි දාලා රටේ සල්ලි විනාශ කරන එක. හැම කෙනෙක්ම ඉන්නන ඔලු කමින් හැමෝම හොරකන් කරනවා . මේක අපරාධයක් හැම කෙනක්ම රට ගැන හිතන්න ඕන . හොරු එවන්න එපා (ස)

:       0       0

අමිල කටුනායක Thursday, 19 September 2013 09:00 PM

විසඳුමක් කෙසේ වෙතත් තව ප්‍රශ්න ඇති වෙයි (අ)

:       0       0

රසික Friday, 20 September 2013 01:20 PM

හිටපු තානාපති අසිත පෙරේරා අභාවප්‍රාප්ත වීම පිළබදව ශෝකය පළකරමු. දේශපාලනයෙන් තොර රට ගැන හිතන තානාපති සේවයක් ඇති වේවායි ප්‍රාර්ථනා කරමු. එවන් ක්‍රියා මාර්ගයක් ගන්නා බලධාරීන් ට පිං අත්වේවා. ඒ පින් අපි අසිත පෙරේරා මහතාටත් අනුමොදන් කරමු. (ස)

:       0       0

දිසානායක Friday, 20 September 2013 01:29 PM

මේ මහත්තයා ගැන මම දන්නවා ..මට හරි දුකයි ඉතාලි ඉන්න අපේ ශ්‍රමිකයන් ගැන ..ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ තමා (ස)

:       0       0

කමල් Friday, 20 September 2013 01:37 PM

රසික හිතා ගන්න එහෙනම් ඒ මහතාට අනුමෝදන් කරන්න පිං නොමැති බව. (ස)

:       0       0

සන්තිල්න Thursday, 19 September 2013 09:34 PM

කොහොමටත් එහාට යවන්නේ මෝඩ කඩේ යන බයියෙක්ව තමා ,ඕනෑ තරන් උගත් මුස්ලිම්,දෙමල අය හිටියත්,මේගොල්ලේ යවන්නේම නෑ (අ)

:       0       0

කුමාර ද සිල්වා Thursday, 19 September 2013 09:47 PM

ලන්ඩන් නුවර බලවත් දෙමල ඩයස් පෝරාව සමග ඉතා ඥානවන්ත ලෙස සිය පෞරුෂත්වය මැනවින් හසුරුවමන් මේහි සිටි මහ කොමසාරිස් අතරින් ඉංග්‍රීසි බස චතුර ආකාරයෙන් අසුරුවම්න්,කටයුතුකරන ,දේශපාලන අම්බැට්ටයන්ට කනේ පහර දෙමින් සිය කටයුතු සිදුකරන ක්‍රිස් නෝනිස් මහතා වැනි උගත් පොහොසත් අයෙකු ඉතාලියටත් පත්කරනම් අගෙයි.සමහර පත්කළ නිලධාරීන් දන්නේ සිංහල බස විතරයි.මේ අයට තේරුමක් නැහැ තමන් කරන්නේ විදේශ සේවයක් කියලා.මේ අයගෙන් සමහරකට විරුධව නඩු හබත් තියනවා.(අ) ය ස් වරුන් මහාමසාර්ස්වරුන්

:       0       0

අරුණ ද සිල්වා Thursday, 19 September 2013 10:21 PM

යුරෝපයේ ඉංග්‍රිසි භාවිතා නොවන රටවල් තියනවා. ඉතාලියත් එකක්, භාෂාව වැදගත් නැහැ. සිංහලද, දෙමලද, මුස්ලිම්ද බර්ගර්ද, වැදිද වැදගත් නැහැ. අවශ්‍ය වැඩ ගන්න සහ වැඩ කරන්න දන්න උගත්, අවංක, ගුණගරුක තානාපතිවරු සහ නිලධාරීන්. (නි)

:       0       0

කුමාරි Friday, 20 September 2013 02:46 PM

දේශපාලනයෙන් තොර තානාපති සේවයක් අපේ ලංකාවේ ක්‍රමය අනුව ඇති වෙන්නේ නැහැ.තව මේ පිළිබද දැන ගැනීමට වුවමනා අය ඉන්නවා නම් කියන්න, බොහෝ තොරතුරු ඉදිරිපත් කළ හැකියි. (නි)

:       0       0

නිහාල් Friday, 20 September 2013 12:57 AM

1983 සිට අද දක්වා තානාපතිවරු අට දෙනෙක් සේවය කරලා තියෙනවා. ඉන් හයදෙනෙක් දේශපාලන පත්වීම් සේවයක් සිදු උනාද?(නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 20 September 2013 01:19 AM

දයාන් ජයතිලක මහතා වගේ දැනුමෙන් නිපුන පුද්ගලයෙක් තමයි ඉතාලියට හරි යන්නෙ (නි)

:       0       0

ධනුෂ්ක Friday, 20 September 2013 01:32 AM

ඉතාලියේ පාස්පෝට් එකක් අලුතින් හදන්න යූරෝ 150ක් ගන්නවා. වෙන රටවල 50යි ගන්නේ (නි)

:       0       0

සජීවනී සෝමරත්න Friday, 20 September 2013 01:45 AM

මෙහේ තානාපති සේවයට හොරු එවන්න එපා. ඒ අය අපිටත් ඇරලා ,රටටත් ඇරලා තමයි යන්නේ මේ ක්‍රමේ වෙනස් කරලා ඒ ඒ රටවල් වල වසර ගණනාවක් ජිවත් වෙලා අත් දැකීම් තියෙන අය පත් කරන්න ක්‍රමයක් හැදුවනම් කොච්චර හොඳද. නැත්නම් භාෂාවක් වත් හරියට දන්නේ නැති , අපේ ප්‍රශ්ණ දන්නේ නැති අය එව්වට වැඩක් නැහැනේ.(නදී)

:       0       0

රත්නපාල Friday, 20 September 2013 01:53 AM

පෙනෙන විදියට ලොකුම ප්‍රශ්නේ ඉරිදා සේවය කරන නිලදාරීන් නතරා කිරීම. ඉතින් ඕකට මොකටද ඉංගිරිසි චතුරව කතාකරන කෙනෙක්. අනික ඉතාලියේ ඉංගිරිසි හරි අඩු නේ ඕනේ වෙන්නේ චතුර ලෙස ඉතාලියනෝ කතා කරන අය නේද?(නදී).

:       0       0

ලක්මාල් Friday, 20 September 2013 02:15 AM

නගරයට එක් දින සේවාව ඇතිකළ යුතුය.(නදී)

:       0       0

සමන් Friday, 20 September 2013 06:40 AM

විදේශ සේවයට පත්කළ යුතුව ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවයේ සිටින ජ්‍යේෂඨ නිලධාරීන් නැතුව ඡන්ද පරාජිතයන් නොවෙයි. ශ්‍රී ලංකා විදේශ සේවයට ගන්නේ තරග විභාගයකින්.(නදී)

:       0       0

ලොකුගේ Friday, 20 September 2013 07:07 AM

අමුණුගම මහත්තයා මේ ගැන සෙවිල්ලෙන් ඉන්න.ඔබතුමා අවංක බව අපි දන්නවා.අනික් රටවල් හැදුවා වගේ ඉතාලියත් හදන්න.ඔබට නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Friday, 20 September 2013 07:46 AM

කරුණාකරලා මින් පස්සේ එන අය එක්කවත් සහයෝගයෙන් වැඩ කරන්න. පුද්ගලික වාසි ගැන විතරක් හිතන්න එපා. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 20 September 2013 04:02 PM

ලංකාවේ තානාපති සේවයෙන් පටන්ගත්තම , ක්‍රිකට් කවුන්සිලයක , බස්නැවතුම් පොලේ සිටින වෙලා සටහන්කරුගේ සිට පාරේ ඉන්න හිගන්නා දක්වා අද දේශපාලනිකරණයට යටවී අවසානයි. (නි)

:       0       0

චන්දිම Saturday, 21 September 2013 07:24 AM

ඕස්ට්‍රේලියාවේද ශ්‍රීලංකා තානාපති සේවයේ දේශපාලන පත්වීම් බොහොම ඇත. නමුත් ඔවුන්ට අපට රැස් පෙන්නීමට බැරිය. ඒ රැස් අපට අදාල නොවේ. අපට ඔවුන්ගේ රැස් බැලීමටද අවශ්‍ය නැත. ඒ මන්ද යත් මෙහි වාසය කරන ශ්‍රි ලාංකික සම්භවයක් ඇති අයගෙන් 75% පමණ ඕස්ට්‍රේලියානු පුරවැසියන් වීමය.(නදී)

:       0       0

පද්මිණි Friday, 20 September 2013 05:10 PM

තානාපති සේවයට යන නිලධාරීන්ට අදාල රටේ භාෂාව හැසිරවීමට හැකියාව තිබෙන්න ඕනෑ. ඉංග්‍රීසිය අවශ්‍ය යුරෝපයේ නම් එංගලන්තයට විතරයි. යුරෝපයේ අනික් රටවල් තමන්ගේ භාෂාවෙන් වැඩ කරන්නේ. දෙරටේ සම්බන්ධීකරණයක් සිදුවන්නේ එම භාෂාව දැනගැනීමෙන්. නමුත් සිංහල අය සමග වැඩ කරන්න සිංහලෙන් පුළුවන්. (නි)

:       0       0

නුවන් Friday, 20 September 2013 11:09 AM

සජීවනී මෙතෙක් හිටපු අය ඔයාට ඇරියද? අනේ අරින විදිහ මටත් කියලා දෙන්නකෝ. (ස)

:       0       0

කුරුනේරු Saturday, 21 September 2013 05:11 PM

කමල්, ඔයත් හිතා ගන්න ලෝකෙන් සමුගත්තට පස්සේ පින් කරන්න නොපුළුවන් බව. ඒ අයට පින් අනුමෝදන් කරන්න. එහෙම හිතක්වත් නොමැති ඔයා වගේ ගොඩක් නුගතුන් ඉතාලියේ ඉන්නා නිසා අපිටත් ප්‍රශ්න වැඩියි (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 20 September 2013 06:40 PM

ජර්මනියේ රජයේ සේවකයෙක් වශයෙන් පත් වෙන්න පෙර, අවුරුදු 4 රජයේ සේවය පිළිබදව විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න ඕනෑ. එම පාඨමාලාවට නිතිය , සමාජ විද්‍යාව , වැනි විෂයන් කිහිපයක්ම තිබෙනවා. විදේශ සේවය සදහා යවන අයත් මේ වගේ විශේෂ පුහුණුවකට ලක් කරනවා (නි)

:       0       0

අරුණ ද සිල්වා Friday, 20 September 2013 12:01 PM

සමන්, නිහාල්, මහගෙදර ඇඹිලිපිටිය, සජීවනී, සෝමරත්න, ඔබේ අදහස් වලට අනුව තානාපතිවරු පමණක් දේශපාලනයෙන් පැමිණ වැඩ නොකරන අදහසක් එනවා. සමහර නිලධාරීන් ගැනත් කථා කරන්න ඕනෑ, දේශපාලන බලය පෙන්නා නිලධාරීන්ට වැඩ කරන්න බාධා කරන. විදේශ ලේකම්ගේ අවධානය මේවාටත් යොමු විය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 835 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5235 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3053 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1417 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1525 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28249 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23580 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site