IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඉතාලි ලංකා මිතුරන් පිළිගැනීම ඔක් : 20

ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර මිත්ත්‍රත්වය තර කැර ගැනිමට  මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයන් දක්වන සහයෝගයට  අනුග්‍රහයක් ලෙස  ශ්‍රී ලංකාවට රෝහලක් තෑගි කිරීමට යන ඉතාලි දේශපාලනඥයින්  පස් දෙනකු පිළිගැනීමේ උත්සවයක් මිලානෝ නුවරදී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ හමුවට ඉතාලියේ  ප්‍රවාහන හා යටිතල පහසුකම් අමාත්‍යය මව්රිසියෝ ලුපි ,පාර්ලිමේන්තු මන්ත්‍රී ලුකා ස්ක්වේරී,මුදල් හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යය ලුයිගි කසේරෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන එල්නා වෙන්තරම්රෝ මහත්මිය හා මව්රිසියෝ බර්නාඩෝ මහතා පැමිණිමට නියමිතය.

මෙදින ශ්‍රී ලාංකික කලා සංදර්ශනයක්ද මානව ශිෂ්ටාචාරයේ හා ශ්‍රී ලංකාවේ වැදගත්කම ගැන ඉතාලි ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදී ලුකා  නොවෙල්ලි දේශනයක්ද පැවැත්වීමට නියමිතය.

 

 



අදහස් (0)

ඉතාලි ලංකා මිතුරන් පිළිගැනීම ඔක් : 20

මිලානෝ අපි Friday, 11 October 2013 06:47 PM

ඉතා හොද දෙයක්.මිලානෝ ජනතාවගේ සුබ පැතුම්! (නි)

:       0       0

සුරාජ් Friday, 11 October 2013 07:00 PM

මෙම වටිනා කාර්යය පිටුපස සිටින අසෝක වීරරත්න මහතාට සහ ශමින් පන්ඩිතරත්නට අපේ සුභපැතුම් (අ)

:       0       0

ශාන්ති පෙරේරා Saturday, 12 October 2013 02:21 PM

අනුන්ට කිව්වට රොෂාන් ජයමාන්න ම දන්නේ නැහැ ..අයගේ වැඩ ගැන මිනිසුන් අයගේ දිහා කොපමණ හිරිකිතෙන් කතා කරනවද කියල....(දිල්)

:       0       0

සත්‍යයා Saturday, 12 October 2013 05:40 AM

පිටිගල මිලොනෝ ට මානසික ව්‍යාධියක් තියෙන බව කියන අයටද කොහෙද එහෙම මානසික ව්‍යාධි තිබෙන්නේ (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Saturday, 12 October 2013 05:42 AM

උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

ගලබඩ Friday, 11 October 2013 07:19 PM

මෙය කරන්නේ පොදුවේ මිලානෝ ශ්‍රී ලාංකිකයින් රට වෙනුවෙන්ය. (අ)

:       0       0

වරුණ Friday, 11 October 2013 07:23 PM

යුඑස්ඒ...සහ ලෙස්ලි මහතාණෙනි ඔබලා නිවැරදි ...ඔය පිටිගල හිතානඉන්නේ එයා හරි උගත් අනිත් සේරම මෝඩයෝ කියල .(අ)

:       0       0

ක්‍රිස්ටි Friday, 11 October 2013 07:38 PM

මෙම පොදු කාර්යයේදී 'ෆේස්බුක්' ඡායාරුප වලින් තම ප්‍රතිරූපය පුම්බාගන්න හදන සමහර අය ,මෙහි එන අය සමග ඡායාරූප ගන්න එකට මම විරුද්ධයි (නි)

:       0       0

ප්‍රියන්ත.. මිලානෝ Friday, 11 October 2013 07:45 PM

මේ පිටිගල කවුද කියලා හදුනාගන්න පුලුවන් නම්, එයා කරන කියන දේවල් ගැන ඉදිරියේදි හොද වාර්‍තාවක් ඔබලාට දැකගන්න සළස්වන්න පුලුවන් (නි)

:       0       0

චමත් Sunday, 13 October 2013 08:16 AM

කුමාරසිරි ඉතාලිය, ඉතාලි ජාතිකයන්ගේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂ වූ එම පිළිගැනීම, ඒ ආකාරයටම පවත්වාගෙන යාම ඉතාලියේ ජීවත් වන්නාවූ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමකි. එය එසේම වේවා කියායි මගේ පැතුම. (නි)

:       0       0

සුමුදු Friday, 11 October 2013 08:01 PM

ඉතාලියේ වර්ථමාන ආර්ථිකය අන්තිම අඩියේ සිටින්නේ. මෙහි තිබෙන කර්මාන්තශාලා ව්‍යාපාර වෙනත් රටවලට ගෙනයනව. විරැකියාව වේගයන් ඉහල යනවා.ඉතාලි රජයත් විශාල ලෙස ණය ලබාගනිමින් පවතිනකාලයක බංකොලොත් හිටපු අගමැති සිල්වියෝ බෙර්ලුස්කෝනිගේ පක්ෂයේ මන්ත්‍රින් කන්ඩායමක් දී තිබෙන මේ පොරොන්දුව ගැන ඇතිවන්නේ බලවත් සැකයකි.කොහොමනමුත් මේ පුවත පලකල ලංකාදීපයෙන් ඉල්ලාසිටින්නේ මේගැන ටිකක් විමසිල්ලෙන් සිටින ලෙසයි. (අ)

:       0       0

අසෝක හෙට්ටිආරච්චි Friday, 11 October 2013 08:04 PM

පිටිගල මහතාගේ මතය මමද අනුමත කරනවා. ඔබ යුරෝපයේ කාටත් නොපෙනෙන සිංහල ඡන්ද බලය ගැන හොඳ විග්‍රහයක් කර ඇත. මේවා බුද්ධි මට්ටමෙන් අඩු යට තේරුම් ගන්න අපහසුයි. (ත)

:       0       0

වසන්ත Friday, 11 October 2013 08:11 PM

අපි එනව ඉතාලියට. ජොබ් එහෙම හොයා ගන්ඩ පුලුවන්ද?(ත)

:       0       0

ඔබිනාමුනි ආනන්ද Friday, 11 October 2013 08:18 PM

මා මිත්‍ර පිටිගල දෙවනියට ලියා ඇති දේ නම් සම්පුර්ණ ඇත්ත. (ත)

:       0       0

මිලානෝ එකමුතුව Friday, 11 October 2013 08:27 PM

පිටිගල මහතා මුලින් ලියාඇති අදහස මිට ටිකකලකට පෙර මිලානෝ නගරයේදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් කළ ප්‍රකාශයකි. (ත)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 11 October 2013 08:31 PM

පිටිගල බුද්ධිමත් සංවාදයකට මුල පුරා ඇත. අදහස් වැදගත්ය. ලංකාදීපය මගින් සලසා ඇති මෙම පහසුකම බුද්ධිමත් සංවාදයකටම ප්‍රයෝජනයට ගන්න. (ත)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 11 October 2013 08:41 PM

මෙහි විවිධ ශ්‍රී ලාංකික පක්ෂ වලින් සමිති හදාගෙන ඉන්න අය කරන්නේ ලංකාවේ දේශපාලකයෙක් පැමිණි විට බලෙන් ඔවුන් පසු පස පුද්ගලික ආරක්ෂකයන් (බොඩි ගාඩලා) ලෙස අතින් වියදම් කරගෙන යාමයි. විටෙක මෙහි පැමිණි උගත් ඇමති වරයෙක් කිව්වේ මෙවන් නිදහස් රටවල් වල ආරක්ෂකයන් අනවශ්‍ය බවත් තමාට මෙම සංචාරය තම බිරිඳ සහ දරුවන් සමග පුද්ගලිකව කරගෙන යාමට ඉඩ දෙන ලෙසය. (දිල්)

:       0       0

කුමාර මිලානෝ Friday, 11 October 2013 08:48 PM

මිලානෝ එකමුතුව, මා ඔබ සමග එකඟ වෙන්නේ නැහැ. පිටිගල මහතාගේ අදහස දරන්න තරම් බුද්ධියක් ඔබ කියූ අයට තිබේ නම් අපේ රට අද මොන තරම් දියුණුද?(දිල්)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 12 October 2013 06:05 PM

මෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ පොදු ජනයාගේ සහබාගී වීම මතයි. ඒ නිසා පුද්ගලික නම් මේවාට ගාවා ගැනීමෙන් වලකින්න. සම'හරක්' මෙම අවස්තාවන් ප්‍රයෝජනයට ගෙන 'ෆේස්බුක්' සහ විවිධ ක්‍රම වලට තම ප්‍රතිරූපය පුම්බා ගන්න හදන පහත් මානසිකත්වයේ ඉන්න බව පෙනෙනවා.(නදී)

:       0       0

සුනිල් කෝමෝ Saturday, 12 October 2013 06:38 PM

පිටිගල ඔබේ කතාව ඇත්ත, මෙහෙ පටන් ගන්න හැම පොදු කටයුත්තක්ම කඩාකප්පල් වෙන්නේ සමහර 'තනි අලි' නිසා. තමා කැපී පෙන්න යනකොට අනිත් මිනිස්සු නැවත පළාතේ එන්නේ නැහැ.(නදී)

:       0       0

රොහාන් මිලානෝ Friday, 11 October 2013 09:22 PM

මෑතකදී වෙන්නප්පුවේ තරුණ සංවිධානයක් ලංකාවේ පිළිකා රෝහලකට මුදල් පරිත්‍යාග කරන්න යයි කියා සංගීත සංදර්ශනයක් පවත්වා විශාල මුදලක් එකතු කළා. එයට සහබාගී වූ ගොඩක් දෙනෙක්ට එම මුදල් වලට වූ දෙයක් ගැන දැන ගන්න ලැබුනේ නැහැ. මේ ගැන කට්ටියක් පොලිසියට පැමිණිලි කරන්නද ලෑස්ති වෙනවා.(නදී)

:       0       0

රොෂාන් ජයමාන්න මිලානෝ Friday, 11 October 2013 09:27 PM

නන්දන පනාගොඩ මහතා නම් කියා ඇත්තේ සම්පුර්ණ සත්‍යකි. අපිත් මේ විගඩම් දිහා බොහොම හිරිකිතෙන් බලා ඉන්නේ.(නදී)

:       0       0

සනත් Friday, 11 October 2013 09:40 PM

පිටිගල මහතාගේ පළමු අදහස ක්‍රියාවට නැංවීමට අපහසු බවකුයි හැගීයන්නේ.යුරෝපයේ රටවල පුරවැසිභාවය ලබාගත් ලාංකිකයන්ව එක මතයකට ගෙන ඒමට ඉතාම අපහසුබවකුයි මා දකින්නේ. ශ්‍රී ලංකාවේ මෙන්ම යුරෝපයේද පක්ෂපාට අතින් දරුණු භේදබින්නවීමක් දක්නට ඇත. (නි)

:       0       0

සජිනි මදුෂානි ඉතාලිය Friday, 11 October 2013 10:26 PM

සුමුදුගේ කතාව මම අනුමත කරමි. ඔය දෙනවා කියනා ඒවා ලැබෙන තුරු අපිට නම් විශ්වාස නැහැ (නි)

:       0       0

ලංකාපුත්‍ර Saturday, 12 October 2013 08:32 PM

පිටිගල මහතා පළමුවෙන් ප්‍රකාශ කර ඇති අදහස විදේශ රටවල වාසය කරන රටට ආදරේ ඇති සියලුම ශ්‍රී ලාංකිකයින් සැලකිල්ලට ගතයුතු කරුණක් ලෙස මම අදහස් කරමි.අදාල රටවල චන්ද බලය ඇති සියලුම ශ්‍රී ලාංකිකයින් එකට එක්වී අපේ රටට හිතවත් ලෙස කටයුතු කිරීමට එකඟවන පක්ෂයකට තම සහය ලබාදී එයින් අඩුම තරමින් අප රටට එරෙහිව ක්‍රියාත්මක වන දෙමල ඩයස්පෝරාවේ වැඩ කටයුතු වලට බාදා කිරමට වත් හැකි වුවහොත් එයත් ලොකු ජයග්‍රහණයකි. (අ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 11 October 2013 04:34 PM

මෙය ඉතා හොඳ ආරම්භයකි. පොරොන්දු වී ඇති රෝහලට වඩා මෙහි ඇති වැදගත් කම නම් ශ්‍රී ලංකික සිංහල බහුතරයේ ඡන්ද පදනම යුරෝපයට පෙන්වා හඬක් නැගීමට ඇති හැකියාවයි. ලොව පුරා විසිර ඇති දෙමල ජනතාව කළමනාකරණය කරන කොටින් විවිධ රාජ්‍ය නායකයන් ලවා ශ්‍රී ලංකාවට අනේක බලපෑම් කරන්නේද මේ ආකාරයෙනි. ශ්‍රී ලංකික සිංහල බහුතරයක් ඇති ඉතාලියේ සිංහලයන්ට ලෝක ප්‍රජාවෙන් වෙන අසාධාරණකම් යුරෝපා ආණ්ඩුව හරහා ලොවට පෙන්වා දෙමු. (අ)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ Friday, 11 October 2013 04:41 PM

ජය නියතයි.. සූභ පැතූම්...!!! (ස)

:       0       0

පිටිගල මිලානෝ Friday, 11 October 2013 04:49 PM

ඉතාලිය තුල ශ්‍රී ලංකාවේ කිසිම පක්ෂයක් නියෝජනය කරනවා යයි කියන කිසිම කොටසක් මෙයට සම්බන්ධ කර ගන්න එපා. අප දන්නා පරිදි ප්‍රායෝගිකව එවැනි සංවිධාන මෙහි නැත. තිබෙන්නේ ව්‍යාජ ලෙස ලංකාවේ දේශපාලනය අනුකරණය කරන්න යන නුගත් කොටස් වලින් සැදුණු සාමාජිකත්වයක් නැති සමිති කිහිපයකි. ශ්‍රී ලංකිකයිනි හැකි පමණ පුද්ගලයන්ද කැටුව මෙයට සහබාභි වෙන්න.(දිල්)

:       0       0

යු. එස්. ඒ Friday, 11 October 2013 05:00 PM

පිටිගල මිලානොට ලොකු මානසික ආතතියක් තිබෙන්නේ . කවුරු මොනවා කලත් එක නරක විදියට පෙන්නේ . විවේචනය විතරයි . නරකද ඔබට හොඳ මානසික වෛද්‍යවරකයකු මුණ ගැසුනා නම් (අ)

:       0       0

මිලානෝ නලින් Friday, 11 October 2013 11:39 PM

රට ජාතිය වෙනුවෙන් ජාති ඇලෙන් කතාකරන අවස්ථාවාදී ගෝස්තරවාදී සන්විදනවලට මේක හොද අවස්ථාවක් සහයෝගය දක්වා රට වෙනුවෙන් කරන්නාවූ මෙවන් කටයුත්තක් සාර්ථක කරගැනීමට සහයදී මිලානෝ ශ්‍රි ලාංකිකයන්ට තම සංවිධානය නිවැරදි බව සනාථ කිරීමට .පණ්ඩිතරත්න මත්තොයෝ ඔබ කරන්නාවූ විශාල සේවය අප හොදින් දනිමු.මිලානෝ පිරිසිදු ශ්‍රිලාංකික අප බට සුබ පතන්නෙමු .(දිල්)

:       0       0

ලක්මාල් Saturday, 12 October 2013 01:44 AM

හොද දෙයක්. කාර්යය හරියට සිදුවෙනවා නම් හොදයි. අපේ සහයෝගය! (නි)

:       0       0

අජිත් රෝමය Friday, 11 October 2013 06:10 PM

මෙය ඉතාම හොඳ ක්‍රියාවක්. ඔබ සැමට සුභ පැතුම්! (නි)

:       0       0

සමන්ත Saturday, 12 October 2013 02:07 AM

මෙතන අදහස් දමන සමහරු තමන් තමන්වම වර්ණනා කරගන්නවා (නි)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Friday, 11 October 2013 06:19 PM

පිටිගල මහතාණෙනි, ඔබ නොදන්නවා වුවද ලියාපදිංචි සාමාජිකයින් 180 ක් සහිත ක්‍රියාකාරී එ.ජා.ප .ශාඛා සමිතියක් මිලානෝ නගරයේ ක්‍රියාත්මකව පවතින බව මා ඉතා වගකීමෙන් පවසමි (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 12 October 2013 01:00 PM

මෙම සංවිධානය තම වර්ගයාට සෙතක් කිරිමට වඩා තමන්ගේ වාසියට පිහිටුවාගත් එවා විදිහට තමයි අපිට හෑගෙන්නෙ (අ)

:       0       0

කුමාරසිරි ඉතාලිය Sunday, 13 October 2013 02:19 AM

ඇත්තෙන්ම අපේ රටට ලොකු ආඩම්බරයක්! ශ්‍රී ලාංකික අපිට ඉතාලි ජාතිකයින්ගෙන් අනෙකුත් විදේශිය රටවලින් පැමිණි ජාතිකයින්ට වඩා අනගි පිළිගැනීමක් තිබෙනවා. (නි)

:       0       0

චමින්ද Saturday, 12 October 2013 02:51 AM

පිටිගල මිලානෝ මම මීට පෙර දවසක ඔබෙන් ඇසු ප්‍රශ්නයට , පිටරට ඇති ශ්‍රී ලංකික දේශපාලන සමිති සමාගම් වල නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් පිළිබදව ඔබ පිළිතුරු සපයා ඇත. එයට ස්තුතියි. නන්දන පනාගොඩ මිලානෝ, ඔබ කිවූ අකාරයේ ලාංකික දේසපාලන ආරක්ෂකයන් මා ජීවත්වන රටේද ඇත. ඔවුන්ගෙන් අපට වැඩක් නැත. අපෙන් ඔවුන්ටද වැඩක් නැත. අපිට ඔය දේශපාලන වැඩ කරනවාට වඩා කීරීමට බොහෝ වැඩ ඇත. අපගේ වටිනා කාලය නිකරුනේ යෙදවීමට තරම් අපට කාලයක් නොමැත. (නි)

:       0       0

ලක්ෂිත ප්‍රබාත් Saturday, 12 October 2013 04:00 AM

මිලානෝ මා හට නම් අපායකි. ඉතාලිය යනු විරැයාවෙන් පෙළෙන රටකි. නංගියේ, මල්ලියේ, ලංකාවේ හොද අධ්‍යාපනයක් ලබා මෙහෙ එන්න එපා. අපරාදේ දෙමවුපියෝ වියදම් කළ සල්ලි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 413 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 452 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 9959 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3049 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3804 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6121 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19441 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 285 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site