IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘ඉතිහාසයට යන අයවැයක්‘ - මහින්ද රාජපක්ෂ

අයවැයේ යම් යම් වෙනස්කම් කිරීම ගැන අගමැතිට ස්තුතිවන්ත වන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

අය වැය විවාදයේ දී අදහස් දක්වමින් ඔහු කීවේ මෙය ඉතිහාස ගත වන අයවැයක් බවයි.

මෙවැනි අයවැයක් මීට පෙර දැන නැතැයි ද, මෙියින් පෙන්නුවේ වැඩ බැරි කම යැයි ද රාජපක්ෂ මහතා කීවේය.

තමා කිසි විටක දෙමළ ජනතාව එරෙහිව යුද්ධ නොකළ බවත්, යුද්ධ කළේ ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියාට එරෙහිව බවත් ඔහු පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් කීවේ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරන බවයි. අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යන බවත් ඔහු කීවේය.

අයවැය ඡන්ද විමසීම අද පස්වරු පහට පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

‘ඉතිහාසයට යන අයවැයක්‘ - මහින්ද රාජපක්ෂ

මහින්ද ආර්. කිතුල්ගොඩ- සීෂෙල්ස් Saturday, 19 December 2015 01:22 PM

අඩුපාඩු තියන බව වැටහෙනවා නම් කමක් නැහැ. එය අගමැතිතුමාගේ පරිණත දේශපාලන වදනක්. ඒකට ගරු කළයුතු වෙනවා. ඒත් වැරදි කර කර පෙන්වන හරි වැරැද්ද හදාගන්න අකමැති අයත් ඉන්නවා නේද? (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 19 December 2015 01:47 PM

හරියට හරි බමුණු. (නි)

:       0       0

අසාද් Saturday, 19 December 2015 02:37 PM

මහින්ද කියනවානේ ඉතිහාස ගතවෙන අයවැයක් කියලා. මහින්දගේ කාලේ සහන දුන්නා ජනතාවට. මිනිසුන් පාරට බැස්සේ නැහැ අයිතීන් ඉල්ලලා. බලයට කෑදර නැතුව රටට සේවයක් කළා....මෙයාලා හිතාගෙන ඉන්නවද දන්නෙ නැහැ අපි මැරිලා ඉපදුනා කියලා. (නි)

:       0       0

සුසන්ත Saturday, 19 December 2015 03:03 PM

බමුණු, කාගේත් අදහස් වලට ඇහුන්කන්දීම හොඳ ගතිගුණයක්. පසුගිය කාලේ ඔය වගේ දේවල් වලට විරුද්ධ වුණා නම් වෙන දේ දන්නවනේ (නි)

:       0       0

රණසිංහ Saturday, 19 December 2015 05:05 PM

ඉතිහාසගත වෙනවා නම් ඉතින් ඒකත් ලොකු දෙයක්නේ (නි)

:       0       0

තත්සර Saturday, 19 December 2015 05:00 PM

ඔබතුමාගේ කතාව ඇත්ත (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 19 December 2015 05:06 PM

අපේ තීරණ ගැන අපි දුක්වෙන්න ඕනෑ (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 19 December 2015 11:03 PM

මෙතුමා මුදල් ඇමති කාලේ ඉදිරිපත්කළ අයවැයේ තිබුනේ හොඳ දේවල්මද කියලා මහජනයාට ඒ දවස්වල හොඳට තේරුම් ගියා. 2015 දී ඡන්ද දෙකකින්ම ලැබුන ප්‍රතිඵල වලින්ම එය මොනවට පැහැදිලි වුණානේ (නි)

:       0       0

රුවන් Sunday, 20 December 2015 01:55 AM

තිලක් ඩුබායි, ඔබතුමා හඳුන්වන "අපි" කියන අය ගත් තීරණය මොකද්ද කියලා "මම" දන්නේ නැහැ. බල පෙරේතකම පරාජය කිරීම ගැන මම කිසිවිටෙකත් දුක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත් Sunday, 20 December 2015 03:18 AM

දැන් ඕවා කිවුවා කියලා වැඩක් තියෙනවද මහත්තයෝ? (නි)

:       0       0

රේණුක Sunday, 20 December 2015 04:34 AM

ඒ කියන්නේ මෙතුමා අඩුපාඩු තිබුන බව පිළිගන්නවා ...ඇයි දුෂණ වංචා කළ බවත් පිළිගන්නේ නැත්තේ (බ)

:       0       0

ජෝන් Sunday, 20 December 2015 04:30 AM

ළගදීම මේගොල්ලන්ට තව තව පිස්සුව වැඩි වෙයි ඉස්සරහට නඩු එනකොට (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 20 December 2015 06:05 AM

රුවන්. මම දුක් වෙන්නේ කොන්දක් තිබෙන ජාතික වීරයෙක් වන ජෙනරාල්ව ජනාධිපති කරව ගන්න නොලැබුන එක ගැනයි. ඒ රටේ සිද්ධ වුන දුෂණ සහ වංචා පැත්තෙන් හිතල. (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 20 December 2015 06:12 AM

අය වැය පියව ගන්න ලෝකය වටේ ණය ගන්න යන්න එපා. දැන්වත් "හතරවරම් ගහපු" ගැහිලි ගැන පරීක්ෂණ ඉක්මන් කරන්න. ඒ ධනස්කන්දය හොදටෝම ප්‍රමාණවත්. (බ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 19 December 2015 08:37 AM

දැන් පන්සල් යන්නේ නැද්ද මහත්තයෝ? (නි)

:       0       0

නිල්මිණි Saturday, 19 December 2015 08:41 AM

වැඩි සැරේට කෑගහන්න ගියොත් ඉතිහාසෙට කොහොම වුණත් කීප දෙනෙක් හිරේට යාවි.(අ)

:       0       0

බමුණු Saturday, 19 December 2015 09:27 AM

කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න කතාවක් තිබුන ඒවගේ තමයි බැරි කම නොවෙයි අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමලු. ඉතින් මේගොල්ලන්ව හරි ගස්සන හැමදාම වෘතිය සමීති වලට පාරේ ඉන්න්වෙවී. (අ)

:       0       0

නිවන්තක Saturday, 19 December 2015 09:47 AM

අපිට නම් මේ අයවැය හොඳයි (නි)

:       0       0

ටිරෝන් Saturday, 19 December 2015 10:01 AM

මීට කලින් ඒවා සාර්ථක විදිහට කළා අපිත් දැක්කා. අපිත් ලංකාවෙනෙ හිටියේ. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Saturday, 19 December 2015 10:01 AM

තමන් රජය කරන කාලයේ එයට විරුද්ධවන්නට බහුතරය බියවුණ නිසා ඒ අයවැය විවාද වලදී කිසිවෙක් කතාකළේ නැහැ (නි)

:       0       0

සුමිත්‍ර බස්නායක Saturday, 19 December 2015 10:02 AM

හිටපු ජනාධිපතිතුමනි, පොඩ්ඩක් ඉන්න. තාම පටන්ගත්තා විතරනේ (නි)

:       0       0

නිහාල් Saturday, 19 December 2015 10:09 AM

අවුරුදු 18ක් විරුද්ධ පක්ෂයේ ඉඳලා ජනතාවගේ අවශ්‍යතාවයන් ගැන හොඳ අවබෝධයකුත් ලබාගෙන හරි අයවැයක් සංශෝධනවිරහිතව හදාගන්න බැරි නම් ඒක නොහැකියාව මිස වෙන මොකක්ද. (නි)

:       0       0

පෙරේරා Saturday, 19 December 2015 10:17 AM

කෝ බඩු ලාබ කළාද? දැන් සනීපද? (නි)

:       0       0

ලංකාසිරි Saturday, 19 December 2015 10:29 AM

යහපාලනයක් අද රටේ ක්‍රියාත්මක වෙන නිසා තමයි වෘත්තිය සමිති වලටත් ඕනෑ ඕනෑ විදිහට පාරට බහින්න පුළුවන් වෙලා තියෙන්නේ. ගිය රජයේදී ඕවා කළා නම්...? (නි)

:       0       0

ජගත් Saturday, 19 December 2015 10:40 AM

ඊපීඑෆ් එක ගන්න බැරුව පොරොත්තු ලේඛන වල ඉන්න වුණාම මිනිසුන්ට තේරෙයි ර‍ඟේ. (නි)

:       0       0

අනුර පනාගොඩ Saturday, 19 December 2015 10:44 AM

මෙහෙම අයවැයකින් හරි ඉතිහාසයට එක්වෙන්න ලැබීම ගැන ආඩම්බර වෙන්න ඕනෑනේ (නි)

:       0       0

ජනරංජන Saturday, 19 December 2015 11:01 AM

ලෝකෙට ණයවී, වැඩි පොළියට ණය අරගෙන ලංකාවේ ඉන්න කම්මැලියන්ට සොච්චමක් දී වැඩි හරියක් ගසාකෑම වැඩ පෙන්වීමක්ද? රාජ්‍ය සේවකයෝ තමන්ගේ යුතුකම් හරියට කරනවද? (නි)

:       0       0

ගයාන් Saturday, 19 December 2015 11:30 AM

පන්සල් ගිහිල්ලද දන්නේ නැහැ (නි)

:       0       0

කුමාර් Saturday, 19 December 2015 11:40 AM

යහපාලනය යටතේ දැන් ඉතින් ගොවියත් හාන්සි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 919 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 58 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1064 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 211 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 5199 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1674 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31165 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23746 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site