IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ඉතිහාසයේ වැලලෙන්න ගිය උඩගබඩා නිලමේ වලව්ව

(පාලිත මඩුගල්ලේ)

ඉංග්‍රීසීන් 1818 නොවැම්බර් 26 වෙනිදා හිස ගසා දැමූ මඩුගල්ලේ උඩගබඩා නිලමේට අයිති දේපළක් ඉතා නිවරැදිව සොයා ගන්නට විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකුට හැකි වී තිබේ.

එම දේපළ සොයාගෙන ඇත්තේ කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතාය.

මඩුගල්ලේ නිළමේට අයිති දේපළක් සාක්ෂි සහිතව ඉතා නිවරැදිව සොයා ගත් ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

ඉතිහාසයට අලුතෙන් එක් වන එම දේපළ සම්බන්ධ විස්තර කථිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා පැවසුවේ මෙසේය.

1817 - 1818 දී ඉංග්‍රීසීන්ගේ පාලනයට විරුද්ධව සිංහලයන් කළ සටන පිළිබඳ තොරතුරු මම පර්යේෂණ නිබන්ධනයක් සඳහා එක් රැස් කරනවා.

මඩුගල්ලේ උඩගබඩා නිළමේ ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් කළ එක් ප්‍රධාන නායකයෙක්. මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩිස්පත්තුව ගම්මානයේ තිබී නිළමේට අයිති වළව්වක් මම හොයා ගත්තා. ඒ වලව්වේ නම පේරදෙණියේ වලව්ව.

එම වලව්වේ හිමිකරු මට පැරණි ලිපියක් පෙන්නුවා. මම ඒ ලිපියේ තියෙන දේවල් දැඩි අවධානයකින් කියෙව්වා.

මඩුගල්ලේ උඩගබඩා නිළමේ 1817 - 1818 කැරැල්ලට සම්බන්ධ වුණා කියලා ඉංග්‍රීසීන් නිළමෙගේ දේපළ රාජසන්තක කළ විස්තරයකුත් පසුව ඒ දේපළවලින් කොටසක් නිළමෙගෙ දරුවන්ට ලබා දුන්න බව දැක්වෙන විස්තරයකුත් එහි සඳහන්ව තිබුණා.

කෙවුල්ගම ගම්මානයේ මඩුගල්ලේ උඩ ගබඩා නිලමේට අයිති කැලියැල් කොටුවේ සහ පුස්වැල් අමුනේ කුඹුරු රාජ සන්තක කළ බවත්, පසුව 1820 මැයි 16 වෙනිදා එම කුඹුරු ලොකු බංඩා මඩුගල්ලේ, ටිකිරි බංඩා මඩුගල්ලේ , මැද්දුම බංඩා මඩුගල්ලේ යන මඩුගල්ලේ නිළමෙගෙ පුතුන් තිදෙනාටත් ඩිංගිරි අම්මා නමැති නිළමෙග දියණියටත් ලබා දුන් බව ලිපියෙ සඳහන් වී තිබුණා.

මම කෙවුල්ගම ගම්මානයට ගිහිල්ලා කැලියැල් කොටුවේ කුඹුරත් පුස්වැල් අමුන කුඹුරත් ඉතාම නිවරැදිව හොයා ගත්තා. ඒ කුඹුරුවල වර්තමාන හිමිකරුවන්ද හොයා ගත්තා. ඔප්පු පරීක්ෂා කිරීමේදී ඉතාම නිවරැදිව තහවුරු වුණා එම කුඹුරු මඩුගල්ලේ නිළමේට අයිතිව තිබූ විත්තිය.



අදහස් (6)

ඉතිහාසයේ වැලලෙන්න ගිය උඩගබඩා නිලමේ වලව්ව

නිලන්ත Monday, 01 January 2024 06:24 PM

ඉතින් ඊට පස්සේ..!

:       15       44

Eros Monday, 01 January 2024 07:25 PM

ජාතියක් ජම්මයක් නැති ගොබ්බයින්ට ජෝක් වුණාට විද්‍යාර්ථීන්ට මේවා වටිනවා...!

:       0       2

සමන් Monday, 01 January 2024 08:16 PM

විකාර වෙන්නැති, මෙච්චර වටිනා සොයා ගැනීමක් සමච්චලේට ගන්නේ... ජෙප්පෙක් හරි, පෙරෙට්ටෙක් හරි වෙන්නත් පුළුවන්..

:       1       1

G. K. Ekanayake Monday, 01 January 2024 09:08 PM

මේවා ගැන හොයලා විතරක් මදි. මඩුගල්ලේ පරම්පරාවට දියයුතුයි...

:       0       1

Nihal Tuesday, 02 January 2024 02:58 AM

රටවලට ආයුධ බලය පෙන්වා බලහත් කාරයෙන් ඇතුල්වී රටවල ජාතික වීරයින් මරපු පාපයේ ශාපය නිසාමයි... මොවුන්ගේ පවුල් සීසීකඩ...

:       0       2

iks chandrasiri Tuesday, 02 January 2024 08:20 AM

මෙම සොයාගැනීමට හුඟාක් වෙහෙසක් අරන් ඇති බව පෙනෙනවා .ටිකිරි හේරත් මහත්මයාට ස්තුතියි .මේවා පාලකයන්ට වැදගත් නෑ

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 65 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 233 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 522 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 406 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3526 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 509 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site