දැනට රෑගතවෙමින් පවතින ටෙලිනාට්‍ය දර්ශන තලයක අපූරු කතාවක් අහන්නට ලැබුණා. ප්‍රවීණ නළු නිළියන් මෙන්ම නව පරපුරේ නළු නිළියනුත් මේකෙ රඟපානවා. මේ කතාබහ ඇතිවෙන්නෙ නව පරපුරේ නළුවෙක් හා නිළියක් අතර. මේ නළුවා නිතරම අර නිළියගේ අඩුපාඩු හොයනවලු.
කෙල්ලත් අරින්නෙ නැහැයිලු. කෙල්ල මොනව හරි අඩුවක් හොයාගෙන එයාව බයිට් එකට ගන්නවලු. ඔන්න දවසක් දෙන්නා අතර ලොකු ඡන්දයක්ලු, දෙන්නගෙන් කාටද හොඳට රඟපාන්න පුළුවන් කියලා. කොල්ලා කියනවලු ඔහු රඟපාලා තියෙන ඩිරෙක්ටර්ලගෙ නම්, ප්‍රවීණ නළු නිළියන්ගෙ නම්. කෙල්ලත් දෙවෙනි වෙන්නෙ නැහැලු. එයා වැඩ කරපු නමගිය ශිල්පිනියන්ගෙ නම් කියාගෙන කියාගෙන යනවලු. අර නළුවා එක පාරටම කියනවලු, හරි ඔයා රංගනය ගැන ඔච්චර දන්නවනම් කියනවා බලන්න "සතර අභිනය" කියන්නෙ මොකක්ද කියලා?"
කෙල්ල මෙහෙම උත්තර දුන්නලු, "අයියෝ ඉතිං ඇයි ඔයා ඕක මගෙන් අහන්නෙ. මම බුඩිස්ට් නෙවෙයි නෙ. මම කතෝලිකනෙ. ඔය දෙබසට ඇහුම්කම්දීපු හැමෝටම හිනාලු. රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණයක්නෙ "සතර අභිනය" කියන්නෙ. ආංගික අභිනය, වාචික අභිනය, ආහාර්ය අභිනය හා සාත්වික අභිනය ගැන රංගන ශිල්පීන් අනිවාර්යයෙන් දැනගෙන ඉන්න එපායැ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉතිං මම කතෝලිකනෙ ළමයෝ