(යොහාන් භාසුර)
ඉදිකිරීම් ක්ෂේත්රයට අවශ්‍ය භාණ්ඩ රැසක් ආනයනය කිරීම අත්හිටුවීමෙන් එම ක්ෂේත්රය කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය.
ඉදිකිරීම් කර්මාන්තයට අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඇලුමිනියම් වැහිපීලි, ජලනල සහ ටයිල් ඇතුළු භාණ්ඩ රැසක් මේ වන විට ආනයනය තහනම් කර ඇති බවත් එක ව්‍යාපාරිකයකුගේ මැදිහත්වීමෙන් ටයිල් ආනයනය තහනම් කර දේශීය වශයෙන් මිල වැඩි කර ටයිල් හිඟයක් නිර්මාණය කරමින් ටයිල් මාෆියාවක් පවත්වාගෙන යන බවත් ලියනාරච්චි මහතා වැඩිදුරටත් කීය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉදිකිරීම් ක්ෂේත්රයටත් කණ කොකා
කිරි පුතා Friday, 26 August 2022 11:09 AM
මේවා අපේ රටේ හදාගන්න පුලුවන් දේවල්නේ. ලෝකෙ හොඳම ටයිල් වර්ගයක් ලංකාවෙ තියෙන්නෙ. වැහි පීලි අපේ රටේ හදගන්න බැරිද? පුරුදු ක්‍රමය අත හැරලා ස්වාධීනව නැගිටින්නයි අප උත්සහා කළ යුත්තේ.
AnuraFriday, 26 August 2022 12:15 PM
ඉතින් ඔයා හදන්නකෝ? ලංකාවේ මිනිස්සු දන්නවා ලංකාවේ නිපදවනවා කියලා ටයිල්වලට පහුගිය කාලේ වුනේ මොකක්ද කියලා, දැන් ගෙදරකට ටයිල් අල්ලන පුළුවන් කොටිපතියන්ට විතරයි... මේ තහනම් කරපු භාණ්ඩවලට වෙන්නෙත් ඕකම තමයි... රනිල්ගේ හිතවතුන් කිහිපදෙනක් විතරක් ඕවා ලංකාවට ගෙන්වලා ගිනිගණන් වලට විකුණයි...
Perera Friday, 26 August 2022 11:35 AM
මොනවා කරන්නද? පොල් අතු, මැටි, කබොක් වලින් ඉදිකිරීම් පුළුවන් විදියට කරන්න බලමු නේද.
pradeep Friday, 26 August 2022 12:15 PM
අලුතෙන් කඩා වැටෙන්න දෙයක් නෑ. දැනටම 95%ක් විතර කොන්ත්‍රාත් නවතලා තියෙන්නේ...
de silva Friday, 26 August 2022 03:38 PM
පිට රටින් ලංකාවට ටයිල් ගෙන්වන්න දෙන්නේ නැතිනම් ලංකාවේ නිපදවන ටයිල් වලට උපරිම පාලන මිලක් දමන්න. ලංකාවේ තිබෙන ටයිල් ආයතන දෙකම අයත් වන්නේ එක පුද්ගලයෙක්ට. ඔහු හිටපු පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු මහා පරිමානයෙන් ටයිල් මිල වැඩි කරමින් ගසා කෑවා. ඉදිකිරීම් සහ සංචාරක ශ්ත්රෙය සම්පූර්ණයෙන්ම අනාථ කරනවා. රනිල් ඔබතුමා වැඩකාරයෙක් නම් මේ දේශ ද්‍රෝහියට පාඩමක් උගන්වන්න. ඔහු ඔබටත් බැන්නා.