IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඉදිරියේ සියලුම මැතිවරණ වලට එනවා - පොහොට්ටුවේ සභාපති ජී.එල්

(කාංචන කුමාර ආරියදාස)
 
ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙලුම් පොහොට්ටුව යටතේ තරග කරන බව එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.


ජනාධිපති මැතිවරණය පාර්ලිමේන්තු මහ මැතිවරණය පළාත් සභා මැතිවරණය ආදී සියලුම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙලුම් පොහොට්ටු යටතේ තරග කරන බවත් ඒ සඳහා එක්වන ඕනෑම අයකුට ඒ සඳහා එකඟතාවයට එළඹිය යුතු බව ද කිසිදු ආකාරයෙන් එම පක්ෂය දියාරු කිරීමට ඉඩ ලබා නොදෙන බවද හෙතෙම සඳහන් කළේය .

එකම නායකත්වය යටතේ තම පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගත යුතු බවත් ඒ ඕනෑම කෙනෙකුට එහි දොරටු විවෘත බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.


මහාචාර්ය ජී .එල්. පීරිස් මහතා  සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර අඹගස්වැවේ රාහුල නාහිමියන්  බැහැදැකීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ මේ බව සඳහන් කළේය.


රටේ වර්තමාන තත්වය පිළිබඳවත් ගොවීන්ට සිදුව ඇති හානිය පිළිබඳවත් මහා සංඝරත්නය දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර නාහිමියන් බැහැදැක පිරිස් මහතා උන්වහන්සේ සමඟ කියා සිටියේ රටේ සියලු සංවර්ධන කටයුතු අතරමග නවතා රාජ්‍ය නිලධාරීන් දඩයම් කිරීම සහ හොරකම් කිරීම පමණක් රජය සිදුකරගෙන යන බවයි.


මෙහිදී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක  රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර අබගස්වැව රාහුල නා හිමියන් කියා සිටියේ රට ගමන් කරන ආකාරය පිළිබඳව බරපතල ප්‍රශ්න ගැටලු රැසක් තමන් වහන්සේ ද දකින බවත් බුද්ධ ශාසනයට එය විශාල වශයෙන් බලපා ඇති බව ද උන්වහන්සේ සඳහන් කළහ.


මේ අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ ජි . සෝමතිලක යන මහත්වරු එක්ව සිටියහ.



අදහස් (12)

ඉදිරියේ සියලුම මැතිවරණ වලට එනවා - පොහොට්ටුවේ සභාපති ජී.එල්

sanath Sunday, 27 May 2018 07:12 AM

වැඩිය උඩුබුරන්න එපා මහත්තයෝ! 2020 මහින්ද මහත්තය ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සභාපතිකම අායෙමත් ගත්තට පස්සේ ඔබතුමාගේ පොහොට්ටුව දියවෙලා යනවා.

:       744       736

Chanak Los angeles Sunday, 27 May 2018 11:07 AM

අනේ හාමුදුරුවනේ බුදුදහමට ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ සමහර භික්ෂුන් දේශපාලනය බදා ගැනීමත් ...............

:       73       137

ase Sunday, 27 May 2018 11:08 AM

දීපු අත හපාකන එක ලොක්කට අලුත් දෙයක් නොවේ නේද ?? ඕක ඔය පක්ෂයේ අයගේ පුරුද්ද නේ !!

:       117       175

tommy Sunday, 27 May 2018 11:55 AM

මේ පක්ෂයේ පැවැත්ම අද තනිකරම තිබෙන්නේ මහින්ද රාජපක්ෂ සාධකය මත පමණයි. මෙම පක්ෂය අනාගතයේත් පවත්වාගෙන යාමට නම්, එයට ශක්තිමත් දෙවන පෙළ නායකත්වයක් අවශ්‍යයි.

:       3       7

Lapaya Sunday, 27 May 2018 01:06 PM

මහින්ද ජනාධිපතිතුමා ආයිත් ශ්‍රීලනිපයට එකතු වෙන්නේ නැහැ. ඒක සහතිකයි. මේ හවුල් පාලනෙත් එක්කම ලගදීම ශ්‍රීලනිපයත් වැළලිලා යනවා.

:       0       28

vidya Sunday, 27 May 2018 03:16 PM

චානක් කියන එක හරියටම හරි.

:       0       0

Siri Sunday, 27 May 2018 07:53 PM

ඔය නෙලුම් පොහොට්ටුව ඡන්ද ලකුණකට දීපු එක වැරදි නේද. ඒක පුජනීය වස්තුවක්. බුදුන් උපන් හැටියේ පියුම් පිට වැඩියා.

:       15       0

sirimal Sunday, 27 May 2018 08:51 PM

දැන් ඔය පක්ෂයේ සාමාජිකත්වයවත් නැති කෙනෙක් නේද නායකයා කියලා සියලුම දෙනා කියන්නේ. එතකොට පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න පක්ෂ සාමාජිකත්වය අවශ්‍ය නැද්ද? ඔය මොන දේ දෙඩෙව්වත් මහින්ද රාජපක්ෂගේ ඉලක්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ආපසු ලබා ගැනීමයි.

:       12       0

ජගත් ලියනගේ Sunday, 27 May 2018 11:58 PM

දැන් යන විදියට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයකට පොහොට්ටුවට එන්න වෙයිද දන්නේ නැහැ .

:       0       3

C.K.Lankaputhra Monday, 28 May 2018 01:47 AM

එන්නකෝ! අපි දෙන්නන් නියමෙටම.

:       128       3

Saththaya Monday, 28 May 2018 02:15 AM

ඉදිරියේදී ලංකාවේ සියලුම උගතුන්ගෙන් රටට සේවයක් වන විදියේ ක්‍රමවේදයක් ගෙනාවොත් යහපත් පුරවැසියන් බිහිවී, මේ රට ශිෂ්ටාචාර රටක් ලෙස පරිවර්තනය කල හැකියි.

:       0       1

Soma dubayi Monday, 28 May 2018 04:26 AM

2020 පොහොට්ටුවට ඇපත් නෑ.......2030 වෙනකම් යහපාලන රජය යනවා.......

:       147       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය හන්දියේ නිවසක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 25 28 0

අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස


යතුරු පැදි හොරෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 25 4 0

අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග


මිලියන 100ක බැඳුම්කරයක් මත සුජීවගේ V8 රිය මුදා හරියි
2024 නොවැම්බර් මස 25 482 0

අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප


ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 1312 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


නිධන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 113 0

වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය


පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 25 147 0

පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍ හිට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 516 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2050 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site