IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ වැඩි වාසි තිබෙන්නේ ශ්‍රීලනිපයටයි

(ඩයනා උදයංගනී)

රටේ පවතින තත්වය අනුව ළඟදීම කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමේ ලකුණු ඇති බවත් ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩිම වාසිය ඇත්තේ ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ සන්ධානයකට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 42 දෙනෙකුට විපක්‍ෂයේ අසුන්ගැනීමට හා ස්වාධීනවීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය රට වෙනුවෙන් එකතු වී වැඩකිරීමට සූදානම් නැති නිසා යැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

වාම ප්‍රගතිශීලී දේශපාලන කඳවුර සමඟ සන්ධානයක් ගොඩනගා ආණ්ඩුවක් පිහිටුවීම ඉදිරියේදී අනිවාර්යයෙන් කරන බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා කළකිරී සිටින පොහොට්ටු සාමාජිකයන් ද එක්කරගනිමින් වහාම ප්‍රතිසන්ධාන කටයුතු අරඹන්නැයි පක්‍ෂ සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව ද කීවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අද (2) පැවති එම පක්ෂයේ 71 වන සංවත්සරය සැමරුම් උත්සවය අමතමිනි.

‘අපේ කමට පණ දෙමු - අභියෝගය අතට ගමු - යුග මෙහෙවරට උර දෙමු’ යන තේමාව යටතේ මෙවර පක්ෂ සංවත්සර සැමරුම සංවිධානය කර තිබිණි.

බින්දුවට වැටී සිටි රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති විය හැකි නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යළි නැගී සිටීමේ නොහැකියාවක් නැතැයි කී හිටපු ජනාධිපතිවරයා නැවත ජයග්‍රහණය කරායාමේ හැකියාව තිබෙන බව ද පැවසීය.



අදහස් (20)

ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ වැඩි වාසි තිබෙන්නේ ශ්‍රීලනිපයටයි

මටම වාසි බලන මගේ 'අත' Friday, 02 September 2022 07:36 PM

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 42 දෙනෙකු විපක්‍ෂයේ අසුන්ගැනීම සිදුකලේ රට වෙනුවෙන් කියලද ඔබතුමා හිතන්නේ ..? තම වාසිය තකා රට ගැන නොහිතන ඔබටවත් ඔය අත පක්‍ෂයටවත් ඉදිරි සටන දිනන්නට බැරිය. ඔබතුමාම බලන්න ඔබතුමාගේ කොට්ඨාශයේ පාසල් යන දරුවෝ මේ දිනවල විඳින දුක.. ඔබ ගමට සේවයක් කලානම් අද එහෙම වෙයිද? ඔබගේ මල්ලී එම කොට්ඨාශයේම කෝටිපති සහල් ව්‍යාපාරිකයෙක් ! නමුත් සහනාධාරයක්වත් දෙනවද ඒ ලමුන් වෙනුවෙන් අඩුම වශයෙන් පාසලට යන්න බස් සේවයක්වත් සපයලා..!

:       0       21

de silva Friday, 02 September 2022 07:46 PM

ඔබතුමාට මොලේ අමාරුවක් තියනවද? අපි බයියෝ කියලා හිතුවද? ඉහල බලපු මල්ල නැවත ඔබල බලන්න ඕනිද? රටේ බහුතරයක් එකතුවෙලා ඔබතුමා ජනාධිපති කරේ. ඒකෙන් කිසිම ඵලක් වුණාද? දැන් ඇති කරුණාකරලා දේශපාලනයෙන් විශ්‍රාම යන්න.

:       0       22

Bishan Friday, 02 September 2022 07:47 PM

ඊලග ඡන්දෙදි ජ. වී. පේ තරම්වත් චන්දෙ ගන්නේ නෑ. ඕන ඔට්ටුවක්.

:       2       23

sriyal Friday, 02 September 2022 09:25 PM

මම නම් දෙන්නෙ නෑ කවුරු දුන්නත්.

:       0       30

සිල්වා Friday, 02 September 2022 09:46 PM

ඔබතුමාට ජනාධිපති කම දීල කරගත්තු ටික මදැයි.

:       0       28

chandima Friday, 02 September 2022 10:32 PM

මුන් ආණ්ඩු පිහිටුවන්න කෙළ හලනව. රට ගොඩ ගන්න එකෙක්වත් නැහැ. අපේ කරුමෙට අර අරගල කාරයන්ට මේ 225ම ආයෙත් නොඑන්න පන්නගන්න බැරි වුණානෙ.

:       4       17

Saman Saturday, 03 September 2022 12:44 AM

අනේ හිටං, උඹල කරන්නේ නරියගේ මොකක්ද වැටෙනකල් බලන් ඉන්න එකනේ. සහයෝගය දීලා රට වැටිලා තියන අගාධයෙන් බේරගන්න සහයෝගය දීපල්ලා.

:       0       20

දාස Saturday, 03 September 2022 05:54 AM

මේ රට කාපු මිනිහෙක් නේ මේ කියන්නෙ. ඊයෙ පෙරෙදා මේක පුතාවත් දා ගත්ත සංවිධායක කමට , මොකද මේක තමයි සැපගන්න තියෙන එකම තැන. මිනිස්සු මේ සැරේ වත් මේ හොරු රැල එලවයි කියල හිතනව.

:       0       27

ruwan Saturday, 03 September 2022 07:01 AM

මුන්ට ඕනි රට හදන්න නෙවෙයි. ආණ්ඩු හදන්න.

:       0       21

Bamunuarachchi Saturday, 03 September 2022 07:15 AM

අපිත් ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෝ. බණ්ඩාරනායක මැතිතුමා සහ එම මැතිනිය නැතිවීමත් සමගම ශ්‍රීලනිපය අබාවයට ගියා. දැන් ශ්‍රීලනිපයක් නැහැ අපි ඔහෙලව මායිම් කරන්නේ නැහැ.

:       3       20

මරිසිපාලSaturday, 03 September 2022 10:32 AM

බමුණෝ කවුද කෙනෙක් පසුගිය දිනක කියලා තිබුණා ප්‍රභාකරන්ට වඩා රටට හානියක් ඔහේ කියන නායකයින් කළා කියලා... කල්පනා කරලා බැලුවාම ඒකත් ඇත්ත කියලා හිතෙනවා.. ඔහේගේ නායකයින් රටේ ඉහළින්ම සිටි ධනවත් අය. ඉතින් ඔවුන් සාමාන්‍ය ජනතාව දියුණුවට පත්වෙලා ඉන්නවා දකින්නට අකැමැතියි.. ඒ නිසා කළේ පුද්ගලික ව්‍යාපාර රජයට පවරා ගත්තා. මෙයින් වුනේ ජනතාව කර්මාන්ත හා ව්‍යාපාර නොකර සිටීමයි. එයින් රජයට ලැබුණු ආදායම් අහිමි වුණා... මිනිස්සු නිෂ්පාදන අත් හැරියා. එදා පටන්ගත් දේශපාලන පළිගැනීම් නිසා තමයි මේ රට මෙතරම් ප්‍රපාතයට වැටුණේ. මොළයක් යාන්තමින් හෝ තියේනම් සිතා බලන්න හැකිවේවා..!

:       4       4

BamunuarachchiSaturday, 03 September 2022 06:24 PM

ඒ කතාව හරිනේ මරිසියෝ. අනුරම කියන විදිහට එයා මහවැලියේ දවසේ කුලියට කාණු කැපුවාලු. එහෙව් ගොයියා අද ළමයි ස්විට්සර්ලන්තේ තියාගෙන පිටරට ගෙවල් තියාගෙන, ලැබෙන එකම වැටුප පක්ෂෙට දීලා සැපට ඉන්න තරම් පොහොසත් වුනේ කොහොමද?

:       2       2

BamunuarachchiSaturday, 03 September 2022 06:46 PM

මම කියන නායකයින් 1956 ඒ විප්ලවය නොකළා නම් අදටත් රටේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දෙමල්ලු, බර්ගර්, මැලේ ජාතිකයෝ. සිංහල දරුවන්ට ඉංග්රීසි නැතුව රජයේ සේවයට එන්න බැරුව ගොයම් පැල සිටෙව්වා. ඔහේගේ සීයා රජයේ සේවයට ගියානම් ඒ බණ්ඩාරනායකලා නිසා. සිංහලයින් හමුදාපතිලා වුනේ බණ්ඩාරනායකලා නිසා. ඔහේගේ තාත්තා ගමේ ඉස්කෝලෙන් රජයේ රැකියාවකට ගියේ ඒ පාලකයින් නිසා.. මැතිණිය පාසල් ජනසතු කරලා එක සමාන අධ්‍යාපනයක් දුන්නු නිසයි අද ඉගෙන ගත්තු පාසල ගැන උනන්දු නැත්තේ. ඉස්සර රැකියාවකට ඉදිරිපත් වුණාම අහන්නේ මොන පාසලේද ඉගෙන ගත්තේ කියලා.. අක්කර දහස් ගණනක තම ඉඩම් රජයට නොමිලේ දීලා ඉඩම් සීමා පනත ගෙනාවේ ජෙප්පො නොවෙයි ඒ දර්මිෂ්ට පාලකයෝ. නොදන්නා දේවල් කතා නොකර ඉන්න. දන්නේ නැතිනම් සීයාගේ අහගන්න. මම රජයේ සේවයට ඇතුල් වුණාම සිටිය සෙක්ෂන් හෙඩ් බර්ගර් ජාතිකයෙක්. තමන්ගේ පරම්පරාව හිටිතැන නොදන්නා හාදයෙක් මට රටේ ඉතිහාසය කියලා දෙන්න එනවා...

:       3       4

කිරි පුතා Saturday, 03 September 2022 08:56 AM

හැම කෙනෙකුට ම ඕන තමන්ගේ ආණ්ඩුවත් පිහිටවගන්න. කවුද එකතු වුණේ පළමුව රට මේ තත්ත්වයෙන් ගොඩ දාගන්න ඕන කියන අරමුණ ඇතිව. කිසිවෙකුත් නෑ රටට ආදරය කරන. පක්ෂ බදාගෙන අන්ධ භක්තිකයන් ලෙස තම තම සුළු ලාබ තකා ඡන්දය පාවිච්චි කරන ජනතාවක් ඉන්න තුරු හරි පාලකයින් බිහි කරගන්ක බෑ.

:       0       14

nika Saturday, 03 September 2022 10:38 AM

සිහින විමානෙන් එහා මා පැතූ පැතුම්... මෙයා රටට හොඳට කරලද... මේ වගේ ගජමෑන් කතා කියන්නේ... අනේ මන්දා..!

:       0       4

ගමේ එකාලා Saturday, 03 September 2022 08:17 PM

ඡන්දයක් තිබුණා නම් බලාගන්න පුළුවන්. යහපාලන ආණ්ඩුවක් ගෙනැල්ලා අන්තිමට කරපු හරිය ලෝකෙම දන්නවා. තවමත් තියෙන්නේ බල තණ්හාව. ජනතාව රවට්ටපු එකයි ඔය කවුරු කවුරුත් කෙරුවේ...!

:       0       2

Saththaya Saturday, 03 September 2022 08:45 PM

මෙතුමා බලයට ආවොත් නම් තව කී දෙනෙක් අවීචී මහා නරකාදියට යවයිද දන්නේ නැහැ. ප්‍රශ්නය තියෙන්නේ පස්සේ මෙතුමාත් ඒ කට්ටිය එක්කම යයිද කියන එකයි.

:       0       4

alosia Saturday, 03 September 2022 09:59 PM

සිරිසේන අයියා ළඟ මඩුවලිගයක් තියෙනවලු... පරිස්සමෙන්....

:       0       5

BamunuarachchiSunday, 04 September 2022 05:17 PM

මඩු ව්ලිගේ කොහොම උනත් කඩුල්ලේ වාඩිවෙලා අමුඩේ ගහගෙන දුවන්න හදපු හැටි මතකයි.

:       0       1

ජයලත් Sunday, 04 September 2022 04:09 AM

හිටන් මහත්තයට දවල් හීන පේනව.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 262 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1446 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 512 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1539 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 170 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1040 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site