ඉන්දුනීසියාවේ ආපන ශාලාවක පාරිභෝගිකයන් සඳහා වැසිකිළි බඳුන්වල ආහාර පිළිගැන්වීමේ අලුත් තේමාවක් හඳුන්වා දී ඇත.
සෙමරන්ග් හි ජම්බාන් ආපන ශාලාවේ එසේ සිය පාරිභෝගිකයන් සඳහා කුඩා වැසිකිළි බඳුන්වල හොදි, සුප්, කොක්ටේල් ආදිය දමා ඒවා මේස මත තබා උණුසුම් ලෙස පිළිගැන්වේ. ආහාර ගැනීම සඳහා අමුත්තන්ට මේස වටා වාඩිවීමට තබා ඇත්තේ ද වැසිකිළි පෝච්චිය. සිත්ගන්නාසුලු පුටු ආකාරයට ඒවා සකසා ඇත.
එම ආපන ශාලාව විශාල මුදලක් ගෙවා කලින් වෙන් කරගත් සුළු පිරිසක් පමණක් සඳහා වෙන්කර ඇතැයි ද කියති.
ආපන ශාලාවේ හිමිකරු බුඩි ලක්සෝනෝ උත්සාහ කරනුයේ සනීපාරක්ෂාව හා වැසිකිළි පාවිච්චි කිරීමේ වටිනාකම කියා දීමට බව පවසා ඇත. ඉන්දුනීසියාවේ වැසියන් ඉහළ දරිද්‍රතාවයකින් පෙළෙන අතර බොහෝ පිරිසක් එළිමහනේ මළ පහ කිරීමට පුරුදුව සිටිති.
ඉස්ලාම් ආගමික නායකයන් පවසන්නේ එම ආපන ශාලාව නුසුදුසු හා ඉස්ලාම් නීතියට පටහැනි එකක් බවයි. එහි ඇති ආහාර පාන ඉතා පිරිසිදු තත්ත්වයේ ඒවා බව ආපන ශාලා හිමිකරු පවසයි.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්දුනීසියාවේ කෑම මේසයට වැසිකිළි පෝච්චි
අසෝකා Thursday, 28 July 2016 01:44 PM
ඉස්සර මිනිසුන් කුඹුරු වැඩ කරනකොට බත්, හොදි මාළු උයාගෙන කුඹුරට ගෙනියනවා. ඉතින් ඒ ගොවියෝ නියරට හරි කමතට හරි ඇවිත් කනවා. එකට කියන්නේ ඇඹුල කියලා. දවසක් ඒ ගෙදරට අලුතෙන් පිස්පොච්චියක් ගෙනවිත්. පරිප්පු දාලා යවන්න එකක් නැතුව, අනේ මේක අලුත් එකක්නේ කියලා හොඳට සෝදලා එ්කට දාලා යැව්වලු. කවුරුත් අනිත් ජාති මිසක් පරිප්පු නම් කෑවේ නැතිලු. (නි)
අනුර Friday, 29 July 2016 08:44 AM
අසුචි අසුබ ලකුණක් නොවේ මේවා කාල පුරුදු වෙලා ඉන්න එක කෝකටත් හොඳයි (ම)
රාධා Thursday, 28 July 2016 01:01 AM
අපේ රටේ හෝටල් බොහොමයක ආහාර සකසන්නේ වැසිකිළිය අසළ බව රහසක් නොවේ. (නි)
සනත් ගුනවර්දන ස්විස් Thursday, 28 July 2016 04:41 PM
මම නම් මෙහි වරදක් දකින්නේ නැහැ. මෙහි තිබෙන්නේ අලුත් දෙයක්. මෙහි කෑම පිරිසිදු බැවින් පාරිභෝගිකයන් යනවා. ලංකාවේ කොළඹ සහ ජනාකීර්ණ නගරවල හෝටල් වල කෑම සාදන්නෙත් බොන්න දෙන්නෙත් වැසිකිළි මිශ්‍ර වතුර බව පසුගිය දිනක මම දැක්කා (නි)
යසපාල Thursday, 28 July 2016 06:09 PM
මට නම් හරිම අප්‍රසන්නයි (නි)
ලංකාසිරි Thursday, 28 July 2016 06:14 PM
බඩගින්නේ මැරුනත් මම නම් මේකෙන් බෙදාගෙන කන්නේ නැහැ (නි)
ප්‍රියානි වීරකෝන් Wednesday, 27 July 2016 02:07 PM
ලෝකෙට මොනවා වෙලාද ? (බ)
ඉන්දික Thursday, 28 July 2016 05:31 AM
හොඳ අලුත් අත්හදා බැලීමක් (නි)
බමුණු ආරච්චි Saturday, 30 July 2016 07:49 AM
අනුර, පාර්සල් කරලද නැත්නම් ටින් වල දාලද එවන්න ඕනෑ? (නි)
ජෙනී Thursday, 28 July 2016 01:28 PM
අනේ! අසරණ සතුන්ව පණපිටින් පුච්චන අයට වැසිකිළි පෝච්චියේ කෑම නොවෙයි අසුචි වුණත් කයි (නි)