IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඉන්දියානුවෝ හතරක් රන් බිත්තර 28ක් දමති

අධිකරණ නියෝග මත මීගමුව රෝහලේ රඳවා සිටි  ඉන්දියා  ජාතිකයින්   හතර දෙනා ගිල දමා තිබී පිටතට ගත් රත්තරන් බෝල 28 හි  රේගු පරික්ෂණය අද  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී  සිදු කැරිණි.

රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ පසුගිය සැප්තැම්බර් 23 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී  ඔවුන්  අත්අඩංගුවට ගෙන රෝහල් ගත කළ  බවයි.

දින  18 ක් තිස්සේ  මීගමුව රෝහලේ නේවාසිකව සිටි ඔවුන් එහිදි   වැසිකිලි යාමට සලස්වා අවස්ථා කිහිපයකදී මෙම රන් බෝල ඉවත් කරගෙන ඇත.

රත්තරන් ගුලි උපත් පාලන කොපුවල බහා එක් අයෙකු  2,5,6,15 වශයෙන් ගිල තිබූ අතර  රේගු නිලධාරීහු  ගුවන්තොටුපොළේදී  නාස් වසාගෙන ඉවතට ගෙන පිරිසිදු කර බර කිරා වටිනාකම තක්සේරු කළහ.  එය ඔවුන්ට ඉතා අසීරු කටයුත්තක් විය.

මෙම රන් ගුලිවල  බර ග්‍රෑම් පන්සීයක්  හා   එහි වටිනාකම  රුපියල් ලක්ෂ විසි පහක්  බවට රේගුව  ගනන් බලා ඇත.

මේ පිලිබඳ විමර්ශන කටයුතු  ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ  රේගු නිලධාරීහු සිදු කරනු ලබති.

 

 



අදහස් (0)

ඉන්දියානුවෝ හතරක් රන් බිත්තර 28ක් දමති

සෑම් Friday, 11 October 2013 03:29 AM

මම හැමදාම බලනවා රත්තරන්ද කියලා, ආඝ්‍රාණයේ ප්‍රශ්නයක් මිසක් වෙන දෙයක් නැහැ (නි)

:       0       0

කුෂාන් Friday, 11 October 2013 04:01 AM

මටත් මෙහෙම දෙතුන් දෙනෙක් හොයාගන්න පුළුවන් නම්...? (නි)

:       0       0

රාමා Friday, 11 October 2013 07:02 PM

මහේෂ්, මම යෝජනා කරනවා විරේක වෙන්න බේත් දෙන්න ඕන කියල මේ අයට (අ)

:       0       0

මර්වින් Friday, 11 October 2013 07:04 PM

රේගු වැඩෙත් බලාගෙන යනකොට පුදුම වැඩක් නේද? (නි)

:       0       0

සත්‍යයා Friday, 11 October 2013 05:16 AM

රත්තරන් බිත්තර බඩේ රුවාගෙන මෙහෙට එන අය නැහැ. ඒ වෙනුවට ඉන්නේ කුඩු හොරෙන් ආනයනය කරන පව්කාර අය. එහෙම කුඩු ගෙනවිත් අපේ තරුණ පරපුර විනාශ කරලා මේ රටේ සම්පත් (මැණික්, රත්තරන්, පෞරාණික වස්තු) පිටරටට ඇදගෙන යාමයි ඔවුන් කරන්නේ. රටේ නීතිය දුර්වල වීමේ ඍජු ප්‍රතිපල තමයි මේවා. (නි)

:       0       0

මහේෂ් Friday, 11 October 2013 07:26 PM

රාමා, මුන්ට විරේක බෙහෙත් දුන්නහම උන් මේ ජාවාරම නවත්වයිද ? මේ ඉන්දියන් ජාවාරම්කාරයෝයි මේ රටේ ඉන්න මුස්ලිම් ජාවාරම් කාරයොයි එකතු වෙලා අපේ රට හරහා ජාවාරම් කරමින් රටේ විදේශ විනිමය සහ රන් රටින් පිටකරන ගමන් මුන් දෙගොල්ලොම එකතුවෙලා මේ රටට කුඩු ගේනවා. මේ අයගේ ගැනුත් මේ වැඩේට හවුල්. (අ)

:       0       0

අමිල කටුනායක Friday, 11 October 2013 06:35 AM

ගුවන් තොටුපළේ වැසිකිළි පිරිසිදු කරන අය පොහොසත් මේ හේතුව නිසා වෙන්න ඇති (නි)

:       0       0

උපාලි ගුණසේකර Friday, 11 October 2013 07:00 AM

මේ ටිකේ රජයට සෑහෙන රත්තරන් ආදායමක් හොයල දුන්න නේද? දවස ගානේ මෙවැනි පුවත් දකින්න සලස්වන පැරණි සුහද මිතුරු ධර්මේ ඇතුළු රේගු හිතවතුන්ට සුබ පැතුම්! (නදී)

:       0       0

මහේෂ් Friday, 11 October 2013 02:31 PM

අධෝ මාර්ගය - ජීවන මාර්ගය කර ගත්ත මේ වැඩේ පටන් ගත්තේ ලංකාවේ මුස්ලිම් ජාවාරම් කාරයෝ. දැන් මේ ක්‍රමය ඉන්දියනුවොත් කරන්න පටන් අරන්. වහාම නීතියක් ගෙනල්ලා දඬුවමක් හැටියට මේ ජාවාරම් කාරයන්ගේ අධෝ මාර්ගය මහල සීල් තියන්න කියල මම යෝජනා කරනවා. (ස)

:       0       0

නිමල් Friday, 11 October 2013 08:38 AM

නිර්මල බුදු දහම ලැබුනේ ඉන්දියාවෙන් බව ඇත්ත. එයත් ලැබුනේ උතුරු ඉන්දියාවේ. මේ දකුණු ඉන්දියානුවන්, සොලින් වශයෙන් එදත් අපිට වින කළා ,අදත් කරනවා. මේ දකුණු ඉන්දියානුවනුත්,මේඅයට උදව් දෙන මෙහෙ සිටින ද්‍රෝහියන්ටත් දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.යමෙක් මේ ගොල්ලන්ට අනුකම්පා කර ගළවා ගැනීමට ඉදිරිපත් වෙනවා නම් ඔවුන්ටත් ශාප වේවා! (නි)

:       0       0

වනිගසේකර Friday, 11 October 2013 03:09 PM

ලංකාවේ රේගු නිලධාරින්ට විශේෂයෙන්ම මේ ඉන්දියානු අධෝ මාර්ගයෙන් මුදල් සහ රන් ගෙනයන ඒවා අල්ලන විශේෂ දීමනාවක් දිය යුතුයි. (නි)

:       0       0

ගජමන් Friday, 11 October 2013 09:42 PM

ලොකු තැන් වලින් ඔය දේවල් වලට සහයෝගය දෙනවා කියලා ඔය මිනිස්සු කියන කතා ඇත්තද? (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 11 October 2013 03:25 PM

අපේ ලංකාවේ උන් තමයි ඔක්කොම කරන්නේ. තවත් රට පවා දෙන්න යන්නේ අපේ දේවල් මොකටද කටවත් දෙන්නෙ..... (ස)

:       0       0

අභේ Friday, 11 October 2013 10:01 AM

මම දැන් දැනගත්තේ ඉන්දියානු කුකුළන්ට රත්තරන් බිත්තර දාන්න පුළුවන් කියලා. ලංකාවේ කුකුළන්ට වඩා ඉන්දියානු කුකුළෝ දක්ෂයි (නි)

:       0       0

කුමාරි Friday, 11 October 2013 10:45 AM

හැමදාම එසැණින් මේ වගේ ප්‍රවෘත්ති පළකළත් හැමදාම මෙහෙම අහුවෙනවා කියන්නේ කොහොමහරි රේගු දැලින්‍‍ මිදිලා යන අයත් ඇති නේද? (නි)

:       0       0

සෑම් Friday, 11 October 2013 10:50 AM

රටේ නීතියේ පිරිහීම මනාව පෙන්නුම් කරයි. ඇයි ඉන්දියානුවන්ට වීසා ලබාදීමේදී මීට වඩා නීති දැඩි කරන්න බැරි?? (නි)

:       0       0

සේරම් පැරිස් Thursday, 10 October 2013 10:29 PM

ලංකාදීප පුවත් මගින් දෙන දිනපතාම දැනුවත් කරන . ඉන්දියානුවන්ගේ රත්රන් හොරකම . මෙයත් දැන් මත් කුඩු ජාවාරම වෙනි ලංකාවට කරදරයක් .(දිල්)

:       0       0

ජනිනානි Thursday, 10 October 2013 11:39 PM

රත්‍ත්තරං ගුලි ගිලපු අයටම කියල එලියට දාපුවා සුද්ද කර ගන්නයි තිබුනේ. (දිල්)

:       0       0

සමන් Friday, 11 October 2013 12:42 AM

අරගොල්ලන්ව වැසිකිළියට යැවුවා නම් තව රත්තරන් බිත්තර හොයාගන්න තිබුනා. (නි)

:       0       0

ගයාන් Friday, 11 October 2013 12:47 AM

මම දන්නේ නැහැනේ ඉන්දියාවේ කුකුලෝ රන් බිත්තර දානවා කියලා. (නි)

:       0       0

ශාන්ති Friday, 11 October 2013 01:31 AM

අපේ ගෙදර කිකිළියෝ බිත්තර දමන්නේ නැහැ. මොකද බැලුවම දැන් ඉන්දියන් කුකුලෝ ඒ වැඩ බාර අරගෙන (නි)

:       0       0

සෑම් Friday, 11 October 2013 02:00 AM

මොවුන් මේ රටට ගෙන්නා ගන්න හොඳ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 472 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 499 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10924 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3101 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3907 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6154 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19531 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site