IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඉන්දියානුවෝ 3 - 0 කින් ශී‍්‍ර ලංකාව පරදවති

කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී ඊයේ (05) පැවැති ලෝක කුසලාන වොලිබෝල් තරගාවලියට (2014) සුදුසුකම් ලැබීමේ මධ්‍යම ආසියානු කළාපීය වොලිබෝල් තරගාවලියේ තරගයකදී ඉන්දියානු පිල ශී‍්‍ර ලංකාව පරදවා තරග වට 3-0 ක ජයක් ලබාගත්තේය. ශී‍්‍ර ලංකා පිල මෙම තරගයෙන් පරාජය වීම නිසා දෙවැනි වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිවිය.

මධ්‍යම ආසියානු කලාපයෙන් ඉන්දියාව සහ පාකිස්තානය දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ.
ආරම්භයේ සිට තියුණු තරගයක් බවට පරිවර්තනය වූ මෙම තරගයේ පළමු වටය 25-20 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය පිල සමත් විය. එහිදී ඉන්දීය පිලේ ලකුණු 25 න් ලකුණු 10 ක් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ අසාර්ථක පන්දු පිරිනැමීම් 8 කින් සහ පන්දුව ලබා ගැනීමේ දුර්වලතා 2 කින් ලැබුණි.

ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් දෙවැනි වටයේ ආරම්භයේ සිටම තරගකාරි ක‍්‍රීඩා විලාසයකට අවතීර්ණ වෙමින් පළමු කෙටි විවේකය වන විට ලකුණු 13-7 ක් ලෙස පෙරමුණේ පසු වූහ. ශ්‍රී ලංකාව දෙවැනි සහ තෙවැනි කෙටි විවේක වන විට ද පිළිවෙළින් ලකුණු 16-12 ක් සහ 22-16 ක් ලෙස පෙරමුණේ පසු වුවද ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ පන්දුව ලබා ගැනීමේ දුර්වලතා හේතුවෙන් පිට පිටම ලකුණු 4 ක් ලබාගත් ඉන්දීය පිල ලකුණු පුවරුව 22-20 ක් බවට පත්කරමින් ශ්‍රී ලංකාව සමීපයට පැමිණියේය. ලකුණු 23-23 ක් ලෙස සමවී තියුණු සටනකින් පසු ඉන්දියාව ලකුණු 28-26 ක් ලෙස විශිෂ්ට ජයක් ලැබීය.

තෙවැනි වටය 25-19 ක් ලෙස පහසුවෙන් ජය ගත් ඉන්දීය ක‍්‍රීඩකයෝ තරගාවලියේ පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් වූහ. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ පන්දු පිරිනැමීම සහ පන්දුව ලබා ගැනීම මීට වඩා හොඳ තත්ත්වයක තිබුණේ නම් ප‍්‍රබල ඉන්දීය පිල පරාජය කිරීමේ අවස්ථාව තිබුණි.

ශ්‍රී ලංකා පිලේ උසින් වැඩිම ක‍්‍රීඩකයා වන හිරන්‍ය කේසරට වැඩි කාලයක් ක‍්‍රීඩා කිරීමට අවස්ථාව නොදීම මෙහිදී ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් බවට පත්විය. මෙහිදී කේසර වැඩි වේලාවක් බංකුවේ අසුන්ගෙන සිටීම දැකගත හැකිවිය.
ජනිත් සුරත්, දීප්ත රණවක සහ නිලංග සංජීව ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූහ.

 

(ඡයාරූපය: සංජීව නිරෝෂණ)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

හිරන්‍ය කේසරගේ වේගවත් ඩෑෂ් පහරක් ඉන්දීය ආවරණය බිදගෙන යයි...
 

 



අදහස් (0)

ඉන්දියානුවෝ 3 - 0 කින් ශී‍්‍ර ලංකාව පරදවති

සුපුන් Saturday, 06 July 2013 08:58 AM

කෝ ඉතින් වැඩක් නැහැනේ. මහා ලොකුවට ටීවී එකේ පෙන්නන්නේ සමස්ත ලංකා,අරවා මේවා කියලා. ලස්සනට විස්තර විචාරයත් දෙනවා.කෝ ප්‍රතිපල නෑනේ (නි)

:       0       0

දිල්රුක් Friday, 12 July 2013 12:55 PM

ලංකවේ වොලිබෝල් සෙල්ලම් කරන අයට බැනලා වැඩක් නැහැ,කට්ටිය දන්නවද අපේ වොලිබෝල් කණ්ඩායමේ සෙල්ලම් කරන කෙනෙක්ට පඩිය කියද කියලා? (දී)

:       0       0

ජගත් Friday, 05 July 2013 10:41 PM

මේක නිසා තමයි තවමත් ක්‍රකට් ජනප්‍රිය.(නදී)

:       0       0

සනත් Saturday, 06 July 2013 01:09 AM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 117 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 139 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2519 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 923 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 524 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1562 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site