IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඉන්දියාවටත් ආධාර කපයි?

ඇමරිකාව ඉන්දියාවට දෙන ආධාර ද සියයට 16කින් අඩු කිරිමට පියවර ගෙන තිබේ. ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි එරට පාර්ලිමේන්තුවට නිර්දේශ කර ඇත්තේ 2014 වසර සඳහා ඇමරිකාව ඉන්දියාවට දෙන ආධාර මුදල සියයට 16කින් අඩු කළ යුතු බවයි.
ඒ අනුව 2014 දී ඉන්දියාවට ලැබෙන ඇමරිකා ආධාර මුදල ඉන්දියානු රුපියල් කෝටි 500යි ලක්‍ෂ 50ක් වන බවත් එය 2013 වසර මෙන් සියයට 16ක අඩුවීමක් බවත් ඉන්දියාව පවසයි.
ඇමරිකාව ලංකාවට දෙන ආධාර ද සියයට 20න් අඩු කිරිමට ඔහු යෝජනා කර තිබේ.

 



අදහස් (0)

ඉන්දියාවටත් ආධාර කපයි?

උදය Tuesday, 16 April 2013 11:57 PM

ඇමෙරිකාවට හැමදාම හංගගෙන ඉන්න බැහැ එහෙ තියෙන ප්‍රශ්න. ණය කපන්න වෙලා තියෙන්නේ ලැජ්ජාව පැත්තකට දාලා (නි)

:       0       0

දේවින්ද බ්‍රෙෂියා Wednesday, 17 April 2013 02:43 AM

ඉන්දියාවටත් කපලා නිසා යාන්තම් ලාංකිකයන්ටත් හිත හදා ගත හැකියි (නි)

:       0       0

ජ.හේරත් Wednesday, 17 April 2013 06:14 AM

අයියෝ, මම නම් හිතුවේ ඉන්දියාව විදෙස් ණය ඔක්කොම පියවලා ඉවරයි කියලා. ලැජ්ජාවෙ බැහැ අප්පා මේවට. (නි)

:       0       0

ගාමිණී Tuesday, 16 April 2013 05:32 PM

ඔව් ඉතින් පොඩි එකා සමග යුද්දයකට පැටලුනොත් එහෙම ඉදිරියේදී එහෙන් මෙහෙන් පුපුරන්න පටන් ගත්තොත් වියදමට සල්ලි තියෙන්න එපායැ.(නදී) .

:       0       0

සදරුවන් Tuesday, 16 April 2013 05:44 PM

ඇමෙරිකාව ලෝකය සුරකලා ලෝකෙට නයට දෙනවා.(නදී)

:       0       0

සුගත් Tuesday, 16 April 2013 05:49 PM

මට පෙනෙන්නේ අමෙරිකාව බංකොලොත් වෙලා වගෙයි. දැන් අපිට තමයි ඇමෙරිකාවට ආධාර දෙන්න වෙන්නේ :) (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 16 April 2013 06:41 PM

ඇමෙරිකාව ඔය වගේ ලෝකයේ හැම රටකටම දෙන ආධාර ප්‍රමාණය යම් ප්‍රතිශතයකින් කපලා හැරියා නම් ඇමරිකාවට නැවත තමන්ගේ ආර්ථිකය ගොඩගන්න එක හරිම ලේසියි. මෙයාල ඉතින් ලෝකයේ තියෙන රටවල් 150 කට විතර ආධාර කරනවනේ. (නි)

:       0       0

ජෙෆ් Tuesday, 16 April 2013 06:47 PM

ඇමරිකාව වෙනුවෙන් අත ඉස්සුවත් නැතත්, කාටත් එකම හැන්ද තමා. ඔවුන්ට ප්‍රතිපත්තියක් තිබෙනවා. එම නිසයි ඔවුන් අද ලෝකයම පාලනය කරන්නේ. (නි)

:       0       0

කුමාර Thursday, 18 April 2013 09:47 PM

ලලිත් , ඇමරිකාව බිහිවූ හැටි සහ ලෝකයේ සම්පත් ඇති රට වලින් ඇමරිකාව සිදුකරන සුරා කෑම් පිළිබඳව ඔබට සාමාන්‍ය දැනීමක් හෝ නැති බව පෙනේ .(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 16 April 2013 06:50 PM

ඔයිට වඩා කෙරුම්කාරයො ඉන්නවා තමිල්නාඩුවේ. (නි)

:       0       0

ජෙෆ් Tuesday, 16 April 2013 07:48 PM

කින් බෙනට්, ඇමරිකාව දෙන ආධාර ණයක් මිසක් පිනට නොවෙයි. නැවත ගන්නේ පොලියක් සමගින්. එම එකතු වන පොලී මුදල් ඇමරිකාවේ ඉදිරි ආර්ථිකයට දියුණුවක්. (නි)

:       0       0

සරත් Tuesday, 16 April 2013 08:15 PM

ඉන්දියාව ගැන කියන්නේ ලංකාවට 20% කපපු එක දැක්කේ නැද්ද?(නදී)

:       0       0

චන්දු Tuesday, 16 April 2013 08:24 PM

ජෙෆ් හරි, අපේ ආණ්ඩු චන්දෙ ගන්නකොට එක ප්‍රතිපත්තියක් දිනුවට පස්සේ තව එකක්. බඩවල් ලොකු කරගන්න වාසියට කරන වැඩ මිසක් රටේ අනාගතය වෙනුවෙන් දුප්පත් මිනිහට ආදරය කරන ආණ්ඩුවක් තාම මේ දසක 3-4 ඇතුලත ඈවිල්ලා නැහැ.(නදී)

:       0       0

ජෙෆ් Wednesday, 17 April 2013 12:39 PM

මම නැවක (ටග් යන්ත්‍රාවක) කපිතාන් වරයෙක්. ඇමරිකාව තවමත් ඉරාකයෙන් මංකොල්ල කන එක නවත්තල නැහැ. ඉරකයෙ තේල් ඉක්මනට අදින්න "ඛව්ර් අබ්ඩ් අල්ලාහ්" නම ඇති ගග දිගේ රට තුල සිට ඇත මුහුදේ තියන "අල් බකර් ටෙර්මිනල්" එකට විශාල නල මාර්ගයක් සවි කලා. හේතුව විශාල නැව් වලට එම ගග දිගේ ඇතුලට යා නොහැකි නිසාත් ඇතුලට යාම අනතුරු සහිත නිසාත්.(ප්‍රහාරයකට ලක්විය හැකි නිසා) හැම සතියකට වරක් හෝ දෙවරක් විශාල ටැන්කර (තේල් ගෙනියන නැව්) අල් බකර් ටෙර්මිනල් එකේ සිට ඇමරිකාව බලා පිටත් වෙනවා. සම්පත් ඇති රටවල් වලට තමයි ඇමරිකාව අතයි, කකුලයි,ඔලුවයි දමන්නේ. සම්පත් නැති වෙළුන රටවල් වල මොන මානව හිම්කම් නොවෙයි මොන දෙයක් උනත් ඒ දිහා හැරිලා බලන්නේ නැහැ. අමතක කරන්න එපා. අපගේ රට හොද නාවික මධයස්ත්නයක් බව. ලෝකය පුරහා ඔවුන්ගේ යුද මධයස්ථාන ස්ථාන ගත කර තියනවා. ඔවුන්ට අප අවනත නොවන නිසා තමයි අපට මෙතෙරම් කෙකනහිලි කම් කරන්නේ. මගේ රටට මම ආදරෙයි. රට පාවා දෙන ප්‍රතිචාර දමන්න එපා. ඔබට ස්තුතියි. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 16 April 2013 09:05 PM

ඇමෙරිකාවේ ආණ්ඩුව අයවැය පියවන්නේ නය අරන් . ඒ මදිවට පිටරටවලටත් ආධාර දෙන්වා. , විකාර කරන්නේ නැතුව ඉස්සෙලා ඇමෙරිකාවේ අයවැය පියවා ගන්න බලන්න.(නදී)

:       0       0

විහග Tuesday, 16 April 2013 10:39 PM

ඇත්ත. මෙකී ලෝකයේ ලොකුම ණය කාලා තියෙන්නේත් ඇමෙරිකාව. (නි)

:       0       0

මාටින් Tuesday, 16 April 2013 11:08 PM

ඇමරිකව චීනයෙන් ණය ගන්නේ. අනිත් රට වලට දෙන්ට සල්ලි නැහැ. ඩොලර්වල වටිනාකම එන්න එන්න බහිනවා. අද රත්තරන් වල මිළ හොදටම බාල්දුවෙලා. (නි)

:       0       0

ලලිත් Tuesday, 16 April 2013 11:24 PM

ඇමරිකාව පොහොසත් වුණේ වැඩකරලා මිසක් කාගෙන්වත් පිනට ඉල්ලලා කාලා නෙමෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 97 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1353 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2809 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1756 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2957 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38549 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site