සමුදුරු පරීක්ෂක යාත‍්‍රා දෙකක් ඇතුළු තවත් යුධෝපකරණ තොගයක් ශී‍්‍රලංකාවට සැපයීමට ඉන්දියාව තීරණය කර තිබේ.
මෙම තීරණය අසල්වැසි රටවල් හා යුධමය අතින්ද සබඳතා තර කරගෙන චීනයෙන් එල්ලවෙමින් තිබෙන තර්ජනයට මුහුණදීමේ මූලෝපායික පියවරක් ලෙස ඉන්දියා විචාරකයින් හදුන්වාදී තිබේ.
ඉන්දියාව මීට පෙර අවස්ථාවකද යුධෝපකරණ තොගයක් ශී‍්‍රලංකාවට ලබාදුන් අතර රේඩාර් උපකරණ,බිම් බෝම්බ වලින් ආරක්ෂා වන පරිදි සැකසූ රථ, ආදිය එහි විය.
පසුගියදා ශී‍්‍රලංකාවට පැමිණි ඉන්දියා ආරක්ෂක අමාත්‍ය අරුන් ජෙට්ලි, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දෙරට අතර ද්විපාර්ශවීය සංග‍්‍රාමෝපායික සබඳතා තවදුරටත් වර්ධනය කර ගත හැක්කේ කෙසේදැයි සම්බන්ධයෙන් සාකච්ඡුාවක්ද පවත්වා ඇතැයි සඳහන්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත
ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්දියාවෙන් නැව් දෙකක්
චන්ද්‍රා Thursday, 23 October 2014 08:58 AM
චීනය අපට ලං වෙනවාට බොහෝ රටවල් බියක් තිබෙනවා , ඉන්දියාව අපට දුන් රේඩාර් පද්දතිය ඉතා පැරණි 2 ඩි වර්ගයේ එකක්.(හේ)
ජයත් Friday, 24 October 2014 10:50 AM
අනුර ගල් අඟුරු බලාගාරවල වැරදි කියන්නේ ඒවායේ අටෝරසියක් වැරදි තියන නිසා. අපි මොනම දෙයක්වත් හදන්න දන්නේ නැති අය කියන කතාවට මම එකඟ නැහැ. නව නිර්මාණ අලුත් දේවල් කරපු, කරන්න පුළුවන් අය එදත් හිටියා අදත් ඉන්නවා. නමුත් මේ ක්‍රමය තුල එයාලට ඉඩක් නැහැ. (නදී)
සුජිත් Thursday, 23 October 2014 09:37 AM
නොබියව චීනය සමග සම්බන්ධකම් පවත්වන නිසා අනෙකුත් රටවල් අප සමඟ කෙසේ හෝ සම්බන්ධකම් පවත්වමින් තමන්ගේ අනන්‍යතාවය තහුවුරු කරන්නට දරණ උත්සහයක්. එකෙන් අපිට ලොකු වාසීයක්.(හේ)
ලලිත් ගුණදාස Thursday, 23 October 2014 09:37 AM
තර්ජන එල්ල වෙමින් තිබෙන්නේ ඉන්දියාවට ශී‍්‍රලංකාවට චීනයෙන් තර්ජනයක් දැනට ඇතැයි සිතා කටයුතු කිරීම ද්විපාර්ශවීය සබඳතා පලුදුවන්නේය.(හේ)
රූපවති Thursday, 23 October 2014 09:40 AM
අපේ අයව රවට්ටා ගන්න තියන එකම තුරුම්පුව තමයි ඔය.(හේ)
නලින් Thursday, 23 October 2014 09:59 AM
අපි චීනයට යනවට ඉන්දියාව කැමති නෑ. ඉන්දියාව දෙසට යනවට චීනය කැමති නෑ. අනාගත බල තුලනයේදී දෙගොල්ලන්ටම අපව වැදගත්. මේක හරියට යොදාගත්තොත් අපට දියුණු වෙන්න පුළුවන්. (තායිවානය ,ඊශ්‍රයාලය ,දකුණු කොරියාව වගේ (නදී)
වයිකෝ Thursday, 23 October 2014 10:08 AM
චීනය අපේ මිතුරා. චීනය අත අරින්න එපා (නදී)
විකුම් Thursday, 23 October 2014 10:35 AM
චීනය සමග ගිවිසුම් අත්සන් කර හමාරවේදැයි බයයි (නි)
ජයාත් Thursday, 23 October 2014 10:49 AM
චන්ද්‍රා, ඒ "ඉන්ද්‍රා" කියන 2 ඩී රේඩාර් පද්ධතිය එයාලා අපට දුන්නේ චීනයෙන්. ඒ විතරක් නෙමෙයි, දැන් දෙන්න හදන සාම්පුර් බලාගාරයත් පරණ එකක්.ඊට අමතරව එයාලගේ ගල් අඟුරු වලත් තාක්ෂණික ප්‍රශ්න තිබෙනවාලු. මොනවා කරන්නද? අසල්වැසියානෙ.... (නි)
සමීර සාලින්ද Thursday, 23 October 2014 10:51 AM
චීනය අපේ මිතුරකු වේවි. හැබැයි ඒ ස්වභාවික සම්පත් තිබේනම්ය.... (නි)
සමන්ජය Thursday, 23 October 2014 11:09 AM
ඉන්දියාව නම් සත පහකටවත් විශ්වාස කරන්න එපා. කොහොමත් බලාගෙන ඉන්නේ අවස්ථාව ලැබුණු ගමන් අපිට රිදවන්න. (හේ)
වසන්ත Thursday, 23 October 2014 11:11 AM
ඇත්තටම හොදයි.(හේ)
ජනක ජයසිංහ Friday, 24 October 2014 03:11 AM
ඉන්දියාව මෑත ඉතිහාසය පුරාම අපේ රටට විරුද්දව වැඩ කරා. ඔවුන් විනාශකාරි රටක්. මේ ආදාර අලුත්ම උපකරන නම් විතරයි බාරගත යුතු වන්නේ. පැරණි උපකරණ නම් සියල්ල පිටුදැකිය යුතුයි. (නදී)
ඉසුරන්දි Thursday, 23 October 2014 12:03 PM
ඇමෙරිකාව උනත් අපේ දිහා වපර ඇහෙන් බලන්නේ චීනයත් එක්ක තියෙන ප්‍රභල සමබදතාවය නිසයි.මොන වුණත් චීනය රුසියාව වගේ ප්‍රබල රටවල් තමයි තවමත් අපේ පිහිටට පිටිපස්සෙන් හිටියේ අපිට කරදරයක් වෙද්දී.මොන දේ වුණත් ඒ සම්බදකම් පලුදුකර ගැනීම හොදමදී අනාගතයට.(හේ)
විමල් Thursday, 23 October 2014 12:19 PM
අතීතයේ ඉඳලම සමස්තයක් හැටියට ඉන්දියාව අපිට කර තිබෙන්නෙම කුහකකම්. කවුරු මොනවා කිව්වත් චීනය අපිට කල්පැවැත්මක් තිබෙන ආර්ථිකයට වාසිවෙන දේවල් (ඔරුවල වානේ) දුන්නා. කෙසේවෙතත් රජයේ විදේශ පිළිවෙත හොඳයි කියන එක පිළිගන්න වෙනවා අපිට (නි)
විකුම් Friday, 24 October 2014 05:38 AM
නලින්, ඉන්දියාවට හා චීනයට ලංකාව වැදගත්. චීනය අපිට බොහොම උදවු කළ රටක්. ඉන්දියාව ඊට වෙනස්. දැන් කෙරෙන්නේ ගින්දර සමඟ සෙල්ලම් කිරීමක් වගෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
හිෂාන් Thursday, 23 October 2014 03:37 PM
අපි ඇමරිකාවට සහයෝගය දෙන්න ඕන.(හේ)
විකුම් Thursday, 23 October 2014 06:24 PM
දොන් නම් දොන් - ජුවන් නම් ජුවන්. දොන් ජුවන් දෙකක් බැහැනේ. ඉන්දියාව එක්ක ගිහින් වැඩ වරද්දාගන්න නම් එපා. (නි)
චන්ද්‍රා වීරසිංහ Thursday, 23 October 2014 07:50 PM
ඉන්දියාව ප්‍රභාකරන්ට උදව් කරලා අහසින් කෑම ගෝනි දාලා ගිය හැටි අමතකද? චීනයේ ටී -56 නැත්නම් අපි කොහොම යුද්ධය දිනන්නද? (නි)
චමිලා Friday, 24 October 2014 10:01 AM
ඉන්දියාව අතේ දුරින් තියා ගත්ත තරමට තමා ඇගට ගුණ. (ර)
අනුර Thursday, 23 October 2014 09:40 PM
ගල් අඟුරු බලාගාර වල වැරදි කියන්න අපි හරි දක්ෂයෝ. නමුත් කිසිම දෙයක් නිෂ්පාදනයට දන්නේ නැති කයිවාරු ජාතියක්. අපි සුද්දන්ටත් ඉංග්‍රීසි උගන්වන කට්ටියනේ! (නි)
අනුර Thursday, 23 October 2014 09:46 PM
කොහෙම වුණත් අපේම ජාතිය බාල්දු කරන්න අපිට බැහැ. හැබැයි අපි මොනම දෙයක්වත් හදන්න දන්නේ නැති අය (නි)
ධම්ම Thursday, 23 October 2014 08:30 AM
අපි චීනය දෙසට හැරෙද්දී කවුරු කවුරුත් ඒ දෙස බලාගෙන ඉන්නේ.(දිල්)
ඩිලාන් Thursday, 23 October 2014 10:46 PM
හෙට වෙනකොට පරිප්පුත් උඩින් ගෙනල්ලා මාළුන්ටත් එක්කම හලයිද දන්නෙ නැහැ. යූ.එන්. එකේදී අපිට විරුද්ධව අත උස්සන එක නොකරයි කියලා මම නම් හිතන්නෙ නැහැ. දවල් වැටුන වළේ රෑ වැටෙන්න ඕනෑ නැහැ අපි (නි)