IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ඉන්දියාවම කුලප්පු කළ රැජිනි කාන්ත්ගේ කබාලි

 maxresdefault

 

සියවසක් සපුරන ඉන්දියානු සිනමාව ඒ සියවස ඇතුළත භාෂා 52කින් චිත්‍රපට නිර්මාණය කර ඇත. ලොව වැඩිම චිත්‍රපට ගණනක් වාර්ෂිකව නිපදවන රට වන්නේද ඉන්දියාවයි. අවම වශයෙන් ලොව පුරා රටවල් අනූවක දිනකට අවම වශයෙන් එක් ඉන්දියානු චිත්‍රපටයක් හෝ තිරගත වෙයි. ඉන්දීය සිනමාව එතරම්ම ප්‍රබලය. එකී ඉන්දීය සිනමාවේ ආධිපත්‍ය දැරෑ අයෙක් වේද නිතරගයෙන්ම ඒ තැන හිමි වන්නේ රුජිනි කාන්ත්ටයි. දශක ගණනක් පුරාවට තමන්ටම ආවේණික රංග ශෛලියකින් ඉන්දීය සිනමාවේ ආධිපත්‍ය පතුරාගෙන සිටීමට සමත් ඔහු නළුකම හැරැණු විට ඉන්දියාවේ පමණක් නොව මුළු දකුණු ආසියාවේම තම අණසක පතුරැවාගෙන ප්‍රබල බලපෑමක් කළහැකි පුද්ගලයන් අතරින්ද කෙනෙක් වෙයි. දශක ගණනාවක් පුරා දකුණු ඉන්දීය දෙමළ සිනමාවේ අසහාය වීරයා ලෙස රිදී තිරයේ නම බබළන මේ හැටපස් හැවිරිදි නළුවාට බටහිර හොලිවුඩ් සිනමාවේ රංගන ශිල්පියෙකු සතු සුකුමාල කඩවසම් පෙනුමක් නොතිබුණත් කෝටි සංඛ්‍යාත රසික ජනතාවක් ඇඳ බැඳ තබා ගැනීමේ වාසනා ගුණයක් නොඅඩුවම තිබිණි. 1949 දෙසැම්බර් 12 වැනි දින ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ බැංගලෝරයේදී ඉතාම දුප්පත් පවුලක සිව්වැනි දරැවා ලෙස උපත ලැබූ රුජිනි කාන්ත්ගේ මුල් නම සිවාජි රාඕ ගයක්වාඩ්ය.

Kabali-1

ජිවිතයේ අසීමිත දුක්විඳි මේ තරැණයා වරක් කසළ ශෝධකයෙක් ලෙසද රුකියාව කළේය. කොන්දොස්තරවරයෙක් ලෙස රුකියාවක් හිමි වූ සිවාජිගේ ජිවිතයේ සුවිශාල වූ වෙනස්කම් ඇතිවන්නේ ඉන්පසුවය. 1975 වසරේ දකුණු ඉන්දියානු සිනමා අධ්‍යක්ෂකවරයකු වූ කේ. බාලචන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ මවුන රාගංගල් චිත්‍රපටයේ දුෂ්ඨයාගේ චරිතයට පණ පොවමින් සිවාජි නම් වූ මොහු පසුව රුජිනි කාන්ත් නමින් දකුණු ඉන්දීය සිනමාවට පිවිසුණේය. මේ වනවිට චිත්‍රපට 200කට අධික ප්‍රමාණයක රඟපා ඇති රුජිනි කාන්ත් චරිතාංග නළුවකු කළේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ඒ.පී මුත්තුරාමන්ය.


බොලිවුඩ් චිත්‍රපටයක් වූ ඩොන් චිත්‍රපටය දෙමළ බසට පරිවර්තනය කරමින් නිපදවූ බිල්ලා චිත්‍රපටය හරහා නැවත සිනමාවට පිවිසි රුජිනි කාන්ත් රඟපෑ සෑම චිත්‍රපටයක්ම සාර්ථක විය. 90 දශකයේ ඔහු රඟපෑ චිත්‍රපට අතුරින් තලපති, මන්නන් ,අන්නා මෙලෙ, වීර, භාෂා, මුත්තු වඩාත් සාර්ථක චිත්‍රපට විය. 2005 වසරේ චන්ද්‍ර මුවි 2007 වසරේ සිවාජි යන චිත්‍රපට රුජිනි කාන්තගේ දිවියේ අතිසාර්ථක කඩ ඉම් තැනූ චිත්‍රපට විය. 1984 ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ පළමු වතාවට හොඳම දෙමළ නළුවාට හිමි සම්මානයත් 2007 ඉන්දියාවේ හොඳම ප්‍රාසාංගික නළුවාට හිමි සම්මානයත් 2010 වසරේ විජය සම්මානයත් රුජිනි කාන්ත් විසින් හිමි කර ගනු ලැබිය. 


ඔහුගේ සිනමා ජීවිතයේ ඉතාම උද්වේගකාරී මෙන්ම තීරණාත්මක වසරක් බවට මේ වසර පත් වනු නොඅනුමානය. රුජිනි කාන්ත් ගැන මේ සා කතාවක් කියන්නට මුල පිරැවේ පසුගිය 22 වැනිදා තිරගත වීම ආරම්භ වූ කබාලි චිත්‍රපටයත් සමඟින්ය. පී.රංජිත්ගේ අධ්‍යක්ෂණයෙනුත්, කලයිපුලි එස්.තානුගේ නිෂ්පාදනයෙනුත් තිරයට ආ කබාලි චිත්‍රපටයේ ඇති සුවිශේෂී කාරණාවක් වන්නේ ප්‍රධාන චරිතය රඟපාන රුජිනි කාන්ත් ගේ සැබෑ වයස මෙම චිත්‍රපටය තුළින් දැකිය හැකි වීමයි. කබාලි එළි දැක්වීමට ප්‍රථම මෙම චිත්‍රපටයේ පෝස්ටර් සහ ප්‍රචාරක කටයුතු විශාල වශයෙන් සිදු කොට තිබේ. ඒ අතරින් එයාර් ඒෂියා ගුවන් සමාගමේ එක් ගුවන් යානයක්ද බැංකොක් රටේ ඇති ලැම්බෝගිනි මෝටර් රථයක්ද ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගනු ලැබීය. කබාලි තිරගත වූ දින ඇතැම් ව්‍යාපාරික ආයතන විසින් සිය සේවකයන්ට නිවාඩු ලබාදීමටද පියවර ගෙන තිබිණි. අසනීප නිවාඩු ගැනීම, ජංගම දුරකථන ක්‍රියා විරහිත වීම වැනි හේතු නිසා රුකියා ස්ථාන වල ගැටලු ඇතිවීම වැළකීමට මේ පියවර ගත් බව ඔවුහු කියති. එමෙන්ම ඇතැම් ආයතනවල හිමිකරැවන් සිය සේවකයින්ට කබාලි නැරඹීම සඳහා ටිකට් පත් ලබාදීමට පවා පියවර ගෙන තිබිණි. එයාර් ඒෂියා ගුවන් සේවය විසින් බැංගලෝර් නගරයේ සිට චෙන්නායි නුවර දක්වා කබාලි නමින් විශේෂ ගුවන් ගමනක් යොදවා තිබු අතර ගුවන් ගමන අතරතුර මගීන්ට පිළිගන්වා ඇත්තේද රුජිනි කාන්ත්ගේ ප්‍රියතම ආහාර බවද සනාථ විය. මෙම ගුවන් යානයේ එක අසුනක් සඳහා ඉන්දීය රැපියල් 7800ක මුදලක් අය කර තිබිණි. ඉන්දීය සිනමා ලෝලීන් පවසන ආකාරයට කබාලි සිනමා නිර්මාණය එළි දැක්වීම ඉන්දීය සිනමාවේ වසරේ උත්කර්ෂවත්ම මොහොත බවට පත් වී ඇත. මෙතෙක් බිහිවූ කිසිදු ඉන්දීය සිනමා තරැවකට රුජිනි කාන්ත්ට තරම් රසික උන්මාදයක් නොමැත. කබාලි බැලීම සඳහා ප්‍රවේශ පතක් ගැනීමට ගොස් එය නොලැබුණු මැලේසියා දෙමළ තරැණයකු එම ප්‍රවේශ පත් මිලට ගන්නට තිබු ස්ථානයෙන්ම බිමට පැන සිය දිවි නසාගන්නට තරම් එම උන්මාදය කෙතරම් බලවත්ද යන්න අපට වටහා ගත හැකිය.


ඉන්දියා ටයිම්ස් පුවත්පත වාර්තා කරන අන්දමට පසුගිය 21 වැනිදා මධ්‍යම රාත්‍රී 12ට රිදී තිරයට පෑයූ කබාලි චිත්‍රපටය පළමු දිනයේම ඉන්දීය රැපියල් කෝටි 250ක මුදලක් උපයා ඇත. ඉන්දියාවේ සිනමාහල් දොළොස්දහසකත් ලෝකය පුරා සිනමාහල් 8000ත් 10000ත් අතර තිරගතවෙන කබාලි මේ වන විට බ්ලොක් බස්ටර් වාර්තා අභිබවා ගොස් ඇත. ඉතා විශාල ප්‍රමාණයෙන් කබාලි චිත්‍රපටය සම්බන්ධ පණිවුඩ පළවීමෙන් ඇතිවූ තදබදය නිසා ට්විටර් ඉන්දියා වෙබ් අඩවියට පිවිසිය නොහැකි ලෙස ක්‍රියා විරහිතව තිබුණි. ඉන්දීය ජම්බෝ ජෙට් යානා කබාලි වෙනුවෙන් සිය ගුවන් යානා පින්තාරැ කරගෙනද තිබිණ. චිත්‍රපටය එළි දැක්වීමට ප්‍රථම අලෙවි කරන ලද ටිකට්පත් වලින් පමණක් මේ වනවිට කබාලි උපයා ඇති ආදායම අමෙරිකාව ඩොලර් කෝටි තුන ඉක්මවයි. කබාලි තිරගත වූ පළමු දිනයේ රටවල් හතරක බොක්ස් ඔෆිස් වාර්තාද අලුත් වී ඇත. ඒ අ‍ෙමරිකාව, මැලේසියාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශයයි.‍ අමෙරිකාව කබාලි නිසා ඉපයූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන දෙකකි. පවුම් 93835ක් ඉපයූ බ්‍රිතාන්‍යයේදී දෙමළ චිත්‍රපටයක් ලැබූ වැඩිම ආදායම ලෙසින් කබාලි බ්‍රිතාන්‍යයේ වාර්තා අතරට එක වේ. ප්‍රංශයේ යුරෝ මිලියන 41280ක ආදායමක් ඉපයීමට කබාලි සමත්ව ඇත.


දැනට දමිළ සිනමාවේ වැඩිම පිරිසක් නැරඹු ටීසර් එක වී ඇත්තේ කබාලි ටීසර් එකය. පැයක කාලයකදී යූ ටියුබ් හරහා ලක්ෂ 10 සීමාව පසු කළ කබාලි පැය 75ක් ගතවෙද්දී කෝටියකගේ නැරඹුමට පාත්‍ර වී ඇත. විනාඩි විස්සක් වැනි කෙටි කාලයක් තුළ ලයික් 50000ක් හිමි කරගත් කබාලි මේ වනවිට තමිල්නාඩුවම උඩු යටිකුරැ කළ චිත්‍රපටයක් ලෙස ඉතිහාසයට එක්ව ඇත. ඉන්දියාවේ වැසිකිලි ප්‍රශ්නය 2020 වනවිට තුරන් කිරීමට ඉන්දීය රජය මැදිහත් වී ඇත. එහෙත් කබාලි චිත්‍රපටය වෙනුවෙන් ඇති වී තිබෙන මේ දැඩි උනන්දුව හේතු කොටගෙන ඉන්දියාවේ පුදුච්චේරි ප්‍රාන්තය විසින් අලුත්ම වැඩපිළිවෙළක් දියත් කර ඇත. එනම් යම්කිසි කෙනෙක් තමන්ගේ නිවසේ වැසිකිළියක් සාදා ගතහොත් එම නිවසට කබාලි නැරඹීම සඳහා නොමිලේ ප්‍රවේශ පත්‍ර හතරක්  ලබාදීමයි. රුජිනි කාන්ත් කබාලි චිත්‍රපටය හරහා පණ පොවන්නේ චෙන්නායි නගරයේ ජිවත් වූ සැබෑම පාතාල නායකයකුගේ චරිතයකි. කබාලි, මහා දේවා වැනි නම් වලින් ආමන්ත්‍රණය කරන්නේ ශිව දෙවියන්ට බව ඉන්දීය පිළිගැනීමයි.


මේ වන විට ශ්‍රී ලංකාවේද කබාලි තිරගත වේ. සමහර විටක මේ වන විටත් ඔබ එය නරඹා ඇතුවාට සැකයක් නොමැත. මේ සා කතාබහට ලක් වූ කබාලි නරඹන්නට නොහැකි වූ ඔය දෑස් කුමටදැයි ඔබේ මිතුරන් අසන්නට ඉඩ තිබෙන බවත් සඳහන් කළ යුතුය.

 තනූජා ලුම්බිණි



අදහස් (0)

ඉන්දියාවම කුලප්පු කළ රැජිනි කාන්ත්ගේ කබාලි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 341 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 445 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 801 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 934 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 695 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 664 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39138 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site