IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඉන්දියාව එරෙහි වෙයි

ඇමෙරිකාව ගෙන ආ යෝජනාවට ඉන්දියාව ජිනීවා නුවරදී  ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද දුන්නේය. ඇමෙරිකා යෝජනාවේ හරය වනුයේ කොටි සංවිධානය සමග 26 වසරක් පැවැති යුද්ධයේදී සිදු වි යැයි කියන අපරාධ නිසි ලෙස විභාග කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීමයි. චීනය හා රුසියාව ඇමෙරිකා යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ රටක අභ්‍යන්තර ගැටළුවලට ඇඟිලි ගැසිමෙන් සංහිඳියා ක්‍රියාවලිය අවහිර වන බවයි. බංගලිදේශය, කියුබාව, තායිලන්තය, පිළිපීනය හා නයිජිරියාව ද යෝජනාවට විරුද්ධවු අතර කිර්ගිස්ථානය  ඡන්දය දීමෙන් වැළැකි සිටියේය. උරුගුවේ රාජ්‍යය ඇමෙරිකාව සමග ඡන්ද දුන්නේය.



අදහස් (0)

ඉන්දියාව එරෙහි වෙයි

කලණි Thursday, 22 March 2012 04:53 PM

භාරත දේශයට අපගේ භක්ති ප්‍රණාමය

:       0       0

විලියම් Thursday, 22 March 2012 05:06 PM

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට උපත දුන්නේ ඉන්දියාව. ඔවුන් අපේ රටේ සාමයට කැමති නැහැ. ඉන්දියාව විශ්වාස කළ නොහැකියි. දැන්වත් අපි මේ බව තේරුම් ගනිමු.

:       0       0

ලංකා පුතා Thursday, 22 March 2012 05:11 PM

අපරාදේ සල්ලි හැට හුටාමාරක් රට යවන්නයි. අනිත් සෙට් එක කඩේ යවන්නයි වියදම් කරපුවා.

:       0       0

කමල් Thursday, 22 March 2012 05:16 PM

ඉන්දියාව ලංකාවට විරුද්ධ වුනේ, තමිල්නාඩුවේ පීඩනයටත් වඩා ඔවුන්ගේ හමුදාව ලංකාවේ හිටපු කාලයේ කරපු වැරදි අහුවෙයි කියලා බයට.

:       0       0

කපිල Thursday, 22 March 2012 05:18 PM

මගේ රටට දළදාහිමි සරණයි........... එකමුතුව ජය ගනිමු.

:       0       0

නුවන් Thursday, 22 March 2012 05:30 PM

ජය, පැරදුම දෙකම අපට අමුතු දේවල් නෙමෙයි ....නොසැලී , ඉදිරියටම යමු ලක් මෑණියනි....!!!!

:       0       0

කපිල සිල්වා Thursday, 22 March 2012 05:30 PM

අපේ දේශපලානය කරන මහත්වරු දැන්වත් දැනගත්තොත් හොදයි ඉන්දියාව කියන්නේ මොනතරම් බලු රටක් ද කියලා. උන් කවදාවත් කැමති නැහැ අපේ රට දියුණු වෙනවට.

:       0       0

නියම සිංහලයා Thursday, 22 March 2012 05:32 PM

ගියදේ ගියා, දැන් තියෙන්නේ අපේ අසල්වැසි කරපු බලු වැඩේ ගැන හොදින් හිතන එක. බලමු අපි බලන් ඉමු

:       0       0

hussey Thursday, 22 March 2012 05:35 PM

මේ පරාජයේ වැඩිම වගකීම විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් භාර ගත යුතුය. ඔහු ලංකාවේ බිහිවූ අදක්ෂම විදේශ ඇමැතිවරයෙකි. ජී. එල්. පීරිස් මහතා වහාම ඉල්ලා අස්විය යුතුය ...!

:       0       0

මරුවින් Thursday, 22 March 2012 05:37 PM

අපි ඉන්දියන් භාණ්ඩ වර්ජනය කරමු

:       0       0

කුමාරි Thursday, 22 March 2012 05:42 PM

තුණුරුවන්ගේ සරණින් මගේ රටට අනවශ්‍ය කෙනෙහිලිකම් කිරීමට නොහැකි වේවා ! සාමය සමගිය සාමය සමගිය ජාතිවාදයකින් තොරව සුරැකේවා. අසුන්දර මතකයන් යළි කොතනකවත් නොම වේවා.

:       0       0

රාගම කීර්ති Thursday, 22 March 2012 05:43 PM

එකතු වී ජයගන්නවාද ? වෙන්වී වැනසෙනවාද කියන දේ සියළුම දේශපාලකයෝ දැන්වත් සිතා ගන්න. ඉන්දියාවට දත නියවන එක දැන්වත් නවත්වන එක හොදයි.

:       0       0

නිමල් Thursday, 22 March 2012 05:45 PM

ජනාධිපතිතුමා යුරෝපා රටවල් සමග සුහද වීම හොදයි. අපේ රටට සංවර්ධනය ඕන නිසා

:       0       0

ජැකී චූන් Thursday, 22 March 2012 06:39 PM

මම නම් කියන්නේ අපි මෙකෙන් ඉන්දියාවට ෂොට් එක දෙමු. උන් කොච්චර අපරාධ කලාද සාම සාධක හමුදාවෙන් ඇවිත්

:       0       0

w.ajith---dubai Thursday, 22 March 2012 06:46 PM

පුරුදු වෙයල්ල සිංහලුනේ අපේ දේ අගය කරන්න,තෙල් ගහපල්ලා සිපෙට්කෝ ශෙඩ් වලින්,කාලකණ්නි ඉන්දියන් කාරයගෙ ICO ශෙඩ් වලින් නැතුව,කෑම කාපල්ලා සිංහලයන්ගෙ කඩවල් වලින්,ඉන්දියන් සාරි ගන්න එක පුලුවන් තරම් අඩු කරපල්ලා,ඇල්ටෝ,මරුටි නැතුව ගනින් මයික්‍රෝ ! අපේ සල්ලි මොකටද මේ වගේ ඉන්දියන් කාරයන්ට දෙන්නෙ අපිට අපේම ආදේශක තියෙද්දි, දැන් වත් තේරුම් ගනින් තමාගෙ හිසට තම අතමය හෙවනැල්ල! කියල. නල්ලමලේ අසල්වැසිය!

:       0       0

w.ajith---dubai Thursday, 22 March 2012 06:47 PM

ශ්‍රී ලංකා මාතාවට ජයෙන් ජයම වේවා.ඒ බව ස්ථිරයි. දළදා සමිදුන් වැඩ සිටින රටේ ශ්‍රී මහ බෝ සමිදුන්ගෙ සෙවණ ලබන රටේ අපි බිය විය යුතු නැහැ. මහ සෑ රන් කොත මුදුනේ ඝන රන් කිරණයි සිරි මා බෝ මැඩ සෙවනේ සිහිලැල් පවනයි දළදා හිමි රැදි විමනේ බුදු රැස් දහරයි සැමදා සැම දුක් දුරලා පුතු සිත සනසයි —-මහගමසේකර——-

:       0       0

suresh Thursday, 22 March 2012 07:23 PM

මේක මම දන්න සිද්ධියක්. ලංකාවෙ හදපු පරිගණක මෘදුකාංගයක් ඉන්දියානු සමාගමක් විසින් මිලට අරගෙන ඒක ඉන්දියාවේ පාවිච්චි කරන්න ගිය වෙලාවක ඉන්දියානු බලධාරීන් ඒකට ඉඩදුන්නෙ නැහැ. මේක අවුරුදු දෙක තුනකට කලින් වෙච්ච දෙයක්. මුන් හැමදාම අපිව හූරගෙන කාපු එකයි කළේ. දැන්වත් අපි හරියට මේක තේරුම් අරන් වැඩ කරන්න ඕනේ. මදුරාසියට යන අපේ වන්දනා නඩ වලට ගහද්දි, අපේ එවුන් හින්දි, දෙමළ චිත්‍රපටි බලන්නෙ පෝලිමේ ගිහින්!

:       0       0

චමින්ද Thursday, 22 March 2012 07:28 PM

කලණි, භාරත මාතාවට භක්තිප්‍රණාමය දෙන්නේ මේ රටේ ඉදගෙනද ? ඔයාලා වගේ අය නිසා තමයි පිටරට අය මේ රටට අත දාන්නේ. ඩුබායි අජිත්ගේ කථාව සහතික ඇත්ත. ඒකට තව යතුරුපැදි, ත්‍රී රෝද රථ, එකතු වෙන්න ඕනේ. එක සිංහල අවුරුද්දකට මුළු ලංකාවේම සිංහල අය සිංහල කඩවලින් විතරක් බඩු ගත්තොත් අනිත් කඩ වහන්න වෙනවා කියලා සිංහලයන්ට මතක් දෙන්න ඕන කාලයක් මේ. මේ රට වටින්නේ අපට දැන් සිංහලයන්ට රට නැතිවෙලා තියෙන්නේ.

:       0       0

නිරෝෂ් Thursday, 22 March 2012 09:10 PM

විමල් වීරවංශ, අපි ඉන්දියාව් භාණ්ඩ වර්ජනය කරමු. ගූගල් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 565 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 204 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 581 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 435 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2485 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 2383 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37073 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24421 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 605 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site